මහා සඟ සමුලුව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    251799_505416226142632_56883477_n.jpg


    "ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව......"

    ඉතා සැකෙවින් මෙසේ දක්වන්නේ අපගේ සිව්වනක් පිරිස සහිත බොදු බල සේනා සංවිධානයේ මෙහෙවර ප්‍රකාශය යි.

    මෙහි "ස්ව-සමය" යනු තම තමන් ගේ ආගම, ලබ්ධිය, විශ්වාසය, ඇදහීම, ධර්මය යන අරුත යි. බොදුනුවන් වන අප එයින් අර්ථවත් කරනුයේ අප ගේ ආගම-ධර්මය වන බුද දහම හෙවත් බුදු සමය යි. එහි දියුණුව, වර්ධනය, අභිවෘද්ධිය යි. ඒ උදෙසා "පටිසෝතගාමීව" සැරි සැරීම හෙවත් උඩු ගං බලා පිහිනීම" යනු විමුක්තිය, සැනසීම, නිවීම සදහා අවශ්‍යම කාර්යයෙකි. බෞද්ධයාගේ වගකීමකි. අනුසෝතගාමී වීමෙන් හෙවත් ගලන අතට ම ගසා ගෙන යාමට ඉඩ හැරීමෙන් නිවනට නිවනට යා නොහැකිය. සත්‍යය ධර්මය සාක්ෂාත් කළ නො හැකිම ය.

    බෞද්ධ නොවන අන් සියලු ම ආගම් අනුසෝතගාමී පිළිවෙත අනුවම ගමන් කරයි. බ්‍රහ්ම, දේව හෝ මාර විසින් මැවීම සිදු කෙරුණ අතර එකී මැවුම්කරු විසින් අප යා යුතු මග ද පෙන්වා දී ඇත. එය අනුගමනය කිරීමෙන් පමණක්ම බ්‍රහ්මන්, දෙවියන් හෝ මාර දිව්‍ය රාජ ළගට යා හැකිය. එය ඔවුන්ට අනු විමුක්තියය. ගැලවීමයි. ඒ නිසා ඔවුහු සියල්ලෝම මැවුම්කරු විසින් වෙන්වූ මග ඔස්සේම යන හෙයින් අනුසෝතගාමී වෙයි. එහෙත් ඒ මග අනුව ගොස් ඔවුන් අදහන ගැලවීම කෙසේ වෙතත් නිවනක් නැති හෙයින් ඊට වෙනස් වූ මාවතක් සොයා සිදුහත් බෝසතාණන් වහන්සේ "කිං සච්ච ගවේෂීව" (සත්‍ය කුමක් දැයි සෙවීම) ආර්ය පර්යේෂණ මාවතට පිවිසුණහ. එය එතෙක් මෙතෙක් කිසිවකුත් නොගිය මගක් වන හෙයින් එය "පටිසෝතගාමී" යනුවෙන් හැදින්විය.

    එසේ සිදුහත් බෝසතුන් මීට වසර 2600 කට පෙර සම්බුද්ධත්වය සාක්ෂාත් කලේ "පටිසෝතගාමී" වීමෙනි. දැන් එයින් වසර 2600 කට පසු සිදු වෙමින් පවතින්නේ කුමක්ද? සමහරු කහකඩයක් පමණක් ඇති ව "සම්තභද්‍ර" වෙති. තවත් සමහරු අනාගතයේ දී පහළ වන මෛත්‍රී බුදුන්ගේ වත්මන් ජන්මය තමන් යැයි කියති. මේ ලෙසින් වැඩි කල් නොයා දී ළගදීම කහකඩ කෙසේ වෙතත් ඉණකඩක්වත් නැති ව "තීර්ථංකර බුද්ධ" නමින් ද යමෙක් පෙනී සිටිය හොත් එයද ආශ්චර්යයෙක් නොවෙනු ඇත.

    අනුසෝතගාමීව පාවෙන බැතිමතුන් කිහිප දෙනෙක් "අහෝ! නූල්පටක තරම්වත් දේකට ආශාවක් නැතිව උග්‍ර තවුස් දම් රකින මහා ඉරිසිවරයෙක්" යැයි කියා තමනුත් නිරුවත්ව එවන්නකු පසු පසින් ගමන් කරතොත් එයත් පුදුමයක් නොවනු ඇත. එසේම අසූචි අත්ලට ගෙන ඒ සැනින්ම තලු මරමින් කා දමන "පරම හංස" නිකායක් පහළ වීමට ද බැරි නැත. ඒ තරමට සැගවී අසූචි බුදින්නන් බහුලව ඇති යුගයෙකි මේ.

    ඒ නිසා අද "පටිසෝතගාමී" මාවත අවිද්‍යාන්ධකාරයෙන් වැසී තණ්හා, මානථ දිට්ඨීන්ගෙන් ව්‍යාකූල වී ඇත. ඉරිසියාකාර දෙවියන්ගේ අණ පනත් වලින (Jealousy God) සමාජ භීෂණය ව්‍යාප්ත වී ඇත. මාධ්‍යකාලීන යුරෝපය වසා ගත් ආගමික භීෂණයේ ගිනි සිළු අප මව්බිම තුලත් මතු වීමට පන් ගෙන ඇත.

    මේ නිසා බුදු සසුනේ දියුණුව අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බෞද්ධයන් මෙන්ම ඒ මග ගැන පැහැදීමෙන් සිටින හැම අයෙකු ගේම වගකීම වනුයේ එදා බුදුන් වහන්සේ ගිය මග යමින් පටිසෝතගාමීව ස්වසමයාභිවෘද්ධිය උදෙසා බුදු පිළිවෙත වැඩීමයි. සදහම් චාරිකාවට පිවිසීමයි. සිව්වනක් පිරි ගෙන සමන්විත බොදු බල සේනා සංවිධානය කැප වී සිටින්නේ ඒ උත්තම අරමුණට බෞද්ධ ප්‍රජාව පෙළ ගැස්වීම වෙනුවෙනි.

    අප පටන් ගත යුත්තේ කොතැනින්ද? දිට්ටඨ විශුද්ධිය සම්පාදනය කර ගැනීමෙනි. මීට වසර 2600 කට පෙර සිදුහත් බෝසතුන් බුදු බව පතා බෝමැඩ වැඩ හිදිමින් පහළ කරගත් ත්‍රිවිද්‍යාවෙන් සිදු කෙරුණේ දිට්ඨි විශුද්ධිය සම්පාදනය කර ගැනීමයි.

    එදින උන්වහන්සේ අග්ගඤ්ඤය නිවැරදිව සාක්ෂාත් කැර ගැනීම මගින් මිනිසාගේ තිරිසන් සම්භවය සාවද්‍ය බොල් මතයක් බව ප්‍රත්‍යක්ෂ කර ගැණිනි. මිනිසාගේ තිරිසන් සම්භවය එවකට පිහිටුවා තිබුණේ පසු කාලීනව යුරෝපයේ බිහි වූ "වානර න්‍යාය" මත නොව විෂ්ණු ගේ දශ අවතාරයෙන් පළමු වැන්න වූ "මත්ස්‍ය න්‍යාය" මත ය. එකී තිර්ස්චීන විද්‍යාවලින් සිත නිදහස් කරගෙන දේවත්වය අභිබවා යන උත්තරීතර මනුෂ්‍යත්වය සම්මා සම්බුද්ධත්වය මගින් ලොවට සහල කළ සේක් යළි ආපසු ගමනක් යාමට නොව සැඩ පහර කපාගෙන නිවන් මග ඔස්සේ යමින් සසර කෙළවර කිරීම උදෙසාය. එනම් පටිසෝතගාමී පිළිවෙතයි. ස්වසමයාභිවෘද්ධීය පිණිස පටිසෝතගාමී පිළිවෙතට අද අපි එළඹිය යුතුය. පටිසෝතගාමී නො වන බෞද්ධයා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධයකු නොවේ. ස්ව සමයේ දියුණුව අභිවෘද්ධිය උදෙසා කැප වූවෙකුද නොවේ. දෙවියන් පසු පස යමින් ආත්ම විමුක්තිය උදෙසා යදින්නෙකි. දිට්ඨි විශුද්ධිය කෙළෙසා ගත්තෙකි. ප්‍රශ්නයක ඇතුළත-පිටත නොහදුනන්නෙකි. බුදුරදුන් වැඩ සිටි සමයේ විවිධ ආගම් මගින් විවිධ දෙවිවරුන් කරා මිනිසුන් මෙහෙයවිනි. තමතමන් ‍ගේ ප්‍රශ්න ගැන, ගැටළු පිළිබද කීමට දෙවියන් අබිමුවට යැවිණ. අනේකවිධ ප්‍රශ්නවලින් හා ගැටළු වලින් පෙළෙන මිනිසුන් තම දුක්ගැනවිලි ගැන දෙවියන්ට පැමිණිලි කළහ.

    දෙවියන් කුමක් කරන්නද? මිනිසුන්ගෙන් පුද පූජා ලබන දෙවියන් මිනිසුන්ට පිහිට විය යුතුය. එහෙත් ඉදිරියට එන පැමිණිලිවල අග-මුල පැහැදිලි කර ගැනීමට තබා අවුල ලිහා ගැනීමට පවා දෙවියන්ට නොහැකිය.

    එකකුට අවශ්‍ය අනෙකා වශී කර ගැනීමටය, අනෙකාට අවශ්‍ය තව කෙනෙකුට වින කිරීමටය, එකෙකුට රාජ වරප්‍රසාද අවශ්‍යය. තවත් කෙනෙක් සතුරා රාජ උදහස යදිති. එකෙකුට යුද්ධයෙන් දිනීමට උවමනා වී දේව පිහිට පතයි. අනෙකා ද තමන්ට ජයග්‍රහණය අත්කර දෙන්නැයි දෙවියන්ට පවසයි. දෙවියා අන්ද-මන්ද වෙයි. සියලු දෑ එකට පැටලී ඇත. කළ හැකි දෙයක්ද නැත. ඒ දෙවියා බුදු රදුන් හමුවට එයි. දෙවියා තමන් හමුවේ ඇති සියලු ප්‍රශ්න එකට කැටිකර සැකෙවින් මෙසේ කියයි.

    "අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
    තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයේ ජටං"
    (විසුද්ධි මග්ග)

    "ඇතුළතත් ගැටළු, පිටතත් ගැටළු - ප්‍රජාව මේ ගැටළු වලින් වෙලී පැටලී ඇත. ගෞතමයන් වහන්ස, ඒ ඒ දේ ගැන ප්‍රශ්න කරමි. මෙය විසදන්නේ කවුරුන් ද?"

    බුදු රජාණන් වහන්සේ අතිශය ආකර්ෂණීය වූ ද, නිරවද්‍ය වූ ද, පටිසෝතගාමී වූ ද පිළිතුරක් දුන් සේක.

    "සීලේ පතිටිඨාය නරොසපඤ්‍ඤ්‍‍‍‍‍ා
    චිත්තං පඤ්‍‍‍‍‍ඤ්‍‍‍‍‍ං ච භාවයං
    ආතාපි නිපකෝ භික්ඛූ
    සො ඉමං විජටයේ ජටං"

    "සීලයේ පිහිටි ප්‍රඥාවන්ත පුද්ගලයා දමනය කළ සිතින් යුතු වූයේ වැරදි තැවීමේ ස්ථාවර ප්‍රඥාවෙන් යුතුව ගැටළු විසදයි" යනුවෙනි.

    ඒ දේවතාවාගේ ප්‍රශ්නය තුළ වර්තමාන සියලුම ලාංකිකයන් මුහුණ දී ඇති ගැටළු සියල්ලම මතු කර ඇත.

    එහෙත් බහුතර දෙනා විසදුම ලෙස ක්‍රියාවට නගන්නේ බුදු හිමියන් පෙන්වා දුන් මග නොවේ. යන්නේ වෙන මගකය. මතුවන හැම අපරාධයක්ම, අපරාධ රැල්ලකට හේතු වෙයි. හොරකම, වංචාව, මංකොල්ලය, දූෂණය, රැවටීම රැලි පිට රැලි නගමින් සිදු වෙයි. කාම අපරාධ එක පිට එක නැගී එයි. බොරුව ඇත්ත කිරීමේ කලාව මගින් එකිනෙකා රවටා ගන්නේ එය බොරුවක් ලෙස සිතා ගැනීමටවත් බැරි ලෙසිනි. මතට තිත තැබීම කෙසේ වෙතත් මත් වතුර ඉහටත් උඩින් ගලා යයි. අතීතයේදී බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ අපට යළිත් බුදු මහ හෙවත් "විශුද්ධි මාර්ගය" මතු කර දුන්නේද බුද්ධ - දේව සංවාදය යළි පනගැන්වීමෙනි.

    සිංහල බෞද්ධ චින්තන ඉතිහාසයේ මහා දාර්ශනික සංවාදය තවත් අදියරකින් ඔසවා තැබූ ඒ අනගි නිබන්ධනය අනුව ගිය අපි ලොව හමුවේ අපරාජිත ශිෂ්ටාචාරයකට හිමිකම් කීවෙමු. පසු කලෙක කෝට්ටේ යුගයේදී වීදාගම මහ මෛත්‍රෟය හිමියන් විසින් බුදුගුණාලංකාරය සම්පාදනය කරමින් බොදු දන නැවතත් බොදු මගට එක් කළේය.

    සීලයෙහි පිහිටි අපි ලොව නිවැරදිව දැකීමේ ඇස පහළකර ගත්තෙමු. සත්‍ය ගවේෂණයෙහි යෙදුණ අපි ඥානය ලබා ගත්තෙමු. යථාභූත ඥාණ ද්සසනය ලබාගත් අපි ග්‍රඥාව හදුනා ගත්තෙමු. සතර අගතියෙන් මිදුණ අපි විද්‍යාව පහළකර ගත්තෙමු. මේ ඇසුරින් බුදු දහමේ මුල් ඉගැන්වීම් නොපිරිහෙළා රැකගත් හෙයින මුළු ලොවටම දහම් එළිය පතුරවාලීමේ හැකියාව සපුරා ගැනීමෙන් ආලෝකය පහළ කරගතිමු. එපමණක්ද නොව දේශාන්තරයන්හී ථෙරවාද සම්ප්‍රදාය රැක ගත් භූමිය හා ජාතිය ලෙසද ප්‍රකට වුනි.

    මේ අපේ ඉතිහාසයයි, ගාම්භීර වූ යටගියාවයි. මේ සසුනේ මහේශාක්‍ය යටගියාව යටකර දමා ඇති අපි අද අවිද්‍යාවේ නමින් අවිද්‍යාන්ධකාරයට වැද ආ මගට පිටු පා සිටින්නෙමු. ගෝලීයකරණය හැර නවීකරණයට වෙනත් මං නැතියි සිතමින් අනුසෝතගාමීව එහිම ඇලී ගැලී ධනවාදයේ හා කාමවාදයේ සැඩ පහරට හසුව පහළටම ගසාගෙන යාමට ඉඩ දී ඔහේ ජීවත් වෙමු.

    නැගීසිටිවු සජ්ජනයිනි, අපි මේ යන්නේ යා යුතු මග නොව නොයා යුතු වල්මත් වූ මගකය.

    ස්ව-සමයාභිවෘද්ධිය හා පටිසෝතගාමීවීම යනු නිවරදි මගට පිවිස හරි මග යමින් රට හැම තැන හතු පිපෙන්නා සේ ගොඩනැගෙන රැලි වලට හසු නොවී තම අක්මුල් නොනසාගෙන මේ සංකීර්ණ වූ සමාජයේ තම දහමේ දියුණුවට වැඩ කිරීමයි.

    මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් (මග නො මග දැන ගැනීමේ විද්‍යාවෙන්) නිවැරදි මග ගිය අපි අද මහමග අතරමං වූවන් ලෙස කල්‍ ගෙවමු. යායුතු මගක්, කතෘකයක්, නායකත්වයක් නොමැතිව ඉබාගාතේ සැරි සරමින් සිටිමු.

    එහෙත් බටහිර සංකල්ප නමැති කළු කම්බිලි පොරවාගෙන ආචාර්ය උපාධි ඔසවාගෙන විත් මුලා කොට ඇති ජාතිය, වෙලාගෙන ඇති බිය, සංත්‍රාසය ලොමුදැහැ ගැනීම නවතාලිය නොහැක. බිය, ත්‍රාසය ලොමු දැහැ ගැනීම නවතාලන අපි දැකියයුතු විජයග්‍රාහී ධජග්ගය විය යුත්තේ කළු කම්බිලි ලෝගුව නොවේ. සම්මා සම්බුද්ධත්වය මගින් ප්‍රඥාවේ ධජය බවට හැරවූ අර්හත් ධජයයි. එය අඩකුඹු කර ගත්දා පටන් අපි පරිහානියේ මාවතට පිවිසුණෙමු. අනුසෝතගාමී වූයෙමු. රැල්ලට ගසාගෙන ගියෙමු.

    ඒ නිසා නිරතුරුවම බියෙන්, ත්‍රාසයෙන් ලොමුදැහැගැන්වීමෙන් යුතුව අසරණව සිටිමු.

    භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා යන සව්වණක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගැස්වීමට බොදු බල සේනා අපි අදිටන් කර ගත්තේ ඒ අසරණ බව දුරලා බියෙන් ත්‍රාසයෙන් තොරව නැගීසිටීමට යි.

    අපි අන්‍යආගමිකයන්ට හෝ කිසිදු ආගමකට එරෙහි වන්නෝ නොවෙමු. බෞද්ධකම යනු ප්‍රතිවාදී මත ඉවසීමයි. අන්මත වලට ඇදහිලිවලට ගරු කිරීමයි.

    අපගේ බල ගැන්වීම කිසිසේත් අන්‍යාගමිකයන්ට තර්ජනය කිරීමක් නොවේ. අද තර්ජනයට ලක්වී ඇත්තේ ද අපිමය. බෞද්ධයෝය. බෞද්ධයන්ගේ මත ඉවසීම දුබලකමක් සේ සලකන ඇතැම් අන්‍යාගමිකයෝ අපගේ ධජය බිම හෙළීමට තැත් කරති. මෙය සැබැවින්ම කණගාටුදායකය, සංවේග ජනකය.

    වසර 2600ක ඉතිහාසය පුරාම බෞද්ධයන් කිසි‍විටෙකත් අන්‍යාගමිකයන් පීඩාවට පත්කර නැත. බෞද්ධයන්ට අන් ආගම් ඉගෙනීම තහනම් කර ඇත්තේද නැත. දෙවියන් ඇදහීම ගැන තරගයක්, සටනක් අපට කවදාවත් තිබුණේද නැත. ඒ වෙනුවෙන් කුරුස යුද්ධ, ජිහාඩ් යුද්ධ, ශුද්ධ යුද්ධ හෝ ඊනියා ධර්ම යුද්ධ බෞද්ධයන් අතින් කිසිදා සිදුවී නැත.

    ඒ අනුව ස්ව-සමයාභිවෘද්ධිය යනු බෞද්ධයන්ට අපගේ සසුන උද්දීප්තියට පත් කිරීම යි. ඒ ගැන විවාදයක් තිබිය යුතු නැත. එමෙන්ම බෞද්ධ සංවිධාන අතරද තරගයක් ඇවසි නැත.

    එය ම සියලු ආගමිකයන්ගේ අයිතීන් සුරැකීමට මග පෙන්වීමකි පසුබිම සැකසීමෙකි.

    අනෙක් අතින් ස්ව-සමයාභිවෘද්ධියෙන් තොරව ජාතිකාභිවෘද්ධියට ද පත්විය නොහැකි බව අපගේ පිළිගැනීමයි. ස්වසමය කුමක් හෝ වේවා එය ජාතිකත්වය සමග බැදී ඇති අයුරු ඕනෑම රටක සමාජයක දැක්නට හැකිය. අප රට තුළ ජාතිකත්වයේ පසුබෑමක් දක්නට ඇතිනම් එයට ප්‍රමුඛ හේතු කාරකයවී ඇත්තේද සාමයික පරිහානිය බව විස්තර කළ යුතු දෙයක්‍ නොවේ.

    එහෙයින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සව්වනක් පිරිස අධිෂ්ඨානයෙන් එක් අරමුණකට පෙළ ගස්වන බොදු බල සේනා සමග පෙළ ගැසෙමු. "කතිකාවතක ඇරඹුම" බොදු බල සේනා මහ සග සමුළුව මුළු දෙන්නේ ඒ පිවිතුරු ප්‍රාර්ථනාවෙනි.

    මේ මස 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන "කතිකාවතක ඇරඹුම" මහ සග සමුළුවට ලෝ සසුන් වැඩ කැමති සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

    සමගි වෙමු!
    මාර බලවේග පරාජය කරමු!
    නොනැවතී ඉදිරියටම යමු!

    (මා නිවත්ත අභික්කම)

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
    මහ ලේකම් - බොදු බල සේනා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sinhalaya wenuwen bauddhaya wenuwen idiripathwena obathumanlata ape asheerwadaya labenawa.... :)