මගේ අදහසනම්, අලුත් අය යවන එක හොදයි එක පැත්තකින්. අලුත් අදහස්, දේවල් සාම්ප්රදායික නොවන වෙනස් විදියට වෙනස් පැතිවලින් බලල තීරණ ගන්න ඒව, සැලසුම් හදන ඒව, ප්රශ්න විසදන ඒව වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව පැත්තකින්, අලුත් අය යැව්වම ඒ අය බලයට අලුත් ඒක රසවිදින්ඩ ඉඩ තියෙනව වගෙ හිතෙනව. තව ඒ අයට දේවල් කරන විදිය පුරුදු වෙන්ඩ කාලයක් යයි, අනික මේ වෙලාවෙ පවතින ආණ්ඩුවට උනා වගේ අවුරුදු බර ගානකින් බලය ලැබිල දෙයක් හරියට කරගන්ඩ බැරි උනා වගේ පාලනයට අලුත් අයට ඒතල්ත්රම්වත් අත්දැකීම් නැතුව රට තවත් පහලට වැටෙයි කියල අවදානමකුත් තියෙයි කියල හිතෙනව.
මොනව උනත් සිංහලු අසරණයි. මේ දේශපාලුවොන්ගෙ ශාපෙන් ගැලවෙන්ඩ ඕනෙමයි. ඒ උනාට ඒ වෙනුවට පත් කරගන්ඩ , රටේ පාලනය බාරදෙන්ඩ හරි හමන් විශ්වාසවන්ත එක යකෙක්වත් නෑ. ඕව දන්න හින්දද මන්ද දැන් ඉන්න එවුන් කිසි ගානක් නැතුව ඉන්නෙ. කොහොම දැගලුවත් ඕකුන් චන්දෙ දෙන්ඩ ඕනෙ අපිටනේ.., අපිමනෙ ආයෙත් එන්නේ.. කියල හිතාගෙන උන්ට ඕන ඕන දේවල් කරනවාද කියල හිතෙනව.