මහින්දගේ අත ඇඹරීම
මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.
දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ

Last edited: