මහින්දගේ ගැසට් එක රිවස් කලේ ඉහළින් ආ නියෝගයකට

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    d41d8cd98f00b204e9800998ecf8427e.Gota-Mahinda-Basil-2020.12.26.jpg


    අගමැති මහින්ද රාජපක්ෂ විසින් ටයිල් ආනයන තහනම ඉවත් කරමින් නිකුත් කල ගැසට් පත්‍රය පැය කිහිපයක් තුළ අවලංගු කලේ ඉහලින් ආ නියෝගයක් මත යැයි ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති කරුණාරත්න පවසයි.

    “එය මුදල් අමාත්‍යංශයේ ඉහලින් ආ නියෝගයක්. ඒකට හේතු වෙච්ච කාරණා මට මේ වෙලාවේ කියන්න බෑ. කොහොම වුනත් ඒ ගැසට් එක පැය කිහිපයක් ඇතුලත අවලංගු කල නිසා කාටවත් කිසිම වාසියක් වුනේ නෑ.” ආනයන අපනයන පාලකවරිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හා සාකච්ඡාවට එක්වෙමින් වැඩි දුරටත් පවසයි.

    කෙසේ වෙතත් ආනයන අපනයන පාලකවරිය මේ මොහොතේ “හෙලිකල නොහැකි” කාරණාව පසුපස ශ්‍රී ලංකාවට විදේශයකින් මහා පරිමාණයෙන් ටයිල් තොග ආනයනය කල ව්‍යාපාරිකයෙකුට “විශේෂ වාසියක්” සිදුවී ඇතැදැයි සොයාබැලිය යුතු බව රේගු ආරංචිමාර්ග පවසයි.

    ටයිල් අපනයන තහනම ඉවත් කල ගැසට් පත්‍රය නිකුත් කලේ මුදල් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ විසින් වන අතර ආනයන අපනයන පාලකවරිය සඟවන මුදල් අමාත්‍යංශයේ ඉහලම නිළය දරන්නේද මහින්ද රාජපක්ෂ විසිනි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තම්බි ටයිල් කාරයන්ට ගොඩයන්න ගැසට් ගහන මහා ලොකු සිංහල මයිනා සිංහලුන් කවදාවත් මේ වගේ උදව්වක් කරයිද?