මහින්දගේ නිලනොවන පොලිස්පති ලොකප් කරලා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ නිලනොවන පොලිස්පති ලොකප් කරලා


හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට
2016 මැයි මස 23 15:14:22 | . , නිරංගි අබේවික්‍රම

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීයේ සාක්කි වසන් කළ බව කියන හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
  • Like
Reactions: monson

monson

Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    තජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායකගෙන් ප්‍රශ්න කරයි: අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝවක් හමුවෙලා

    නියෝග දුන් අය කව්ද කියා බේරෙන්නැයි අනුරගේ දරුවෝ පියාට බල කරති


    (ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.19, ප.ව‍‍.11.30) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ඊයේත් අදත් පැය ගණනාවක් තිස්සේ ප්‍රශ්න කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස පොලිස් පරීක්ෂණ විකෘති කිරීමට උපදෙස් සහ බල කෙළේ අනුර සේනානායක බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන එම පරීක්ෂණය සිදුකළ නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද ඉන්පසුව කට උත්තර දුන් පොලිසියේ තවත් නිලධාරීන්ද රහස් පොලිසියට ප්‍රකාශ කර තිබිණ.

    එවකට රහස් පොලිසියේ ලොක්කෙකු ලෙස කටයුතු කළ ඉහල පොලිස් නිලධාරියෙකුද තමන්ට තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ විකෘති කිරීමට අනුර සේනානායක බල කළ බව ප්‍රකාශ කර තිබේ.

    අඩුම ගණනේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට තජුඩීන් රථය තුල මියගොස් සිටිනවා පරීක්ෂා කරන්නටවත් අනුර සේනානායක ඉඩ දී නැති අතර එහි සේයාරුවක් හෝ පෙන්වා නැත. ඔවුන් මළ සිරුර පරීක්ෂා කර ඇත්තේ මෝචරියට රැගෙන ගියාට පසුව ය.

    මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන්නේ තජුඩීන්ට පහර දී රිය තුලට ඔබා ගන්නා අවස්ථාවේ වීඩියෝවක් පරීක්ෂකයන් වෙත ලැබී ඇති අතර අනුර සේනානායක එහි කොට කලිසමක් හැඳ සිද්ධිය මෙහෙයවනු දක්නට ලැබෙන බවයි.

    මේ අතර තජුඩීන් ඝාතනය නීතියෙන් වසන් කිරීමට තමන්ට නියෝග දුන් රාජපක්ෂ පවුලේ සාමාජිකයා කව්දැයි හෙලි කර බේරෙන්නැයි අනුර සේනානායකගේ දරුවන් අනුර සේනානායකට බල කරන බවද දැනගන්නට තිබේ. ඔවුන් පවසන්නේ එසේ නොවුන හොත් තමන්ගේ දරු මුණුපුරන්ට පවා අනුර සේනානායක වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන බවයි. රාජපක්ෂලා වෙනුවෙන් අපි වන්දි ගෙවන්නේ කුමන කරුමයකටදැයි අනුර සේනානායකගේ දරුවන් පියාගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට තිබේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    අනුර සේනානායක රිමාන්ඩ් : මිනීමැරීමේ චෝදනාවකුත් එන හැඩයි

    2016 මැයි මස 23 17:42:29 | . , ෂෙහාන් චාමික සිල්වා, නිරංගි අබේවික්‍රම, ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

    හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 26 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.

    2012 දී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීමේ සාක්කි වසන් කළැයි අනුර සේනානායක රහස් පොලිසියේ අත්අඩංගුවට පත්විය.

    තාජුඩීන් ඝාතනය සිදුවූ දවසේ අලුයම 2.45ට ත් 3.20 අතර කාලයේ ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මහපාරේ සිටි බවට සාක්කි ඇතැයි රහස් පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

    තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට පරීක්ෂණ කරන ලෙස පොලිසියේ පහළ නිලධරයන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයි ද සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.


    - http://www.lankadeepa.lk/index.php/top_story/418816
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    රාජපක්ෂ යුගයේදී පොලිස්පතිවරයාටත් ඉහලින් නියෝග දුන් අනුර සේනානායක තම පොලිස් බලය යොදවා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත්විය. අගනුවර වටිනා දේපොල තමන් සතු කර ගත්තේය. කප්පම් ගත්තේය. කප්පම් මුදල් එකතු කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යොදවා සිටියේ ය. රාජපක්ෂ මෘගයන්ගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කෙළේය. ජනතාව පැහැරගෙන ගොස් ඝාතනය කළ සුදු වෑන් මිනීමරුවන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දුන්නේය. ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් පසුව තමන් බේරීම සඳහා තමාගේ සීඩී තැටියකින් ලත් ආදායම යැයි පවසා පොලිස් සුබ සාධක අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යාග කර පරීක්ෂණ වලින් ගැලවී සිටීමට සිතුවේය. නමුත් අද දෑතට මාංචු දැමූ අනුර සේනානායක සිරගෙදරට ගෙනයද්දී මුහුණ කළු වී තිබිණ

    ඔහු වෙනුවෙන් හඬා වැටීමට ‘මාගේ කිරිල්ලීවත්‘ සිටියේ නැත.

    මෙම පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පොලිසියේ කීර්තිමත් නිලධාරියා වන ශානි අබේසේකර ය.


    - http://www.lankaenews.com/news/4015/si

    Podi kaale ahapu lassana sindu :(




    anurasena_2016523.jpg
     
    • Like
    Reactions: dgboy

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    DIG-Anura-Senanayake-with-Gotabaya-Rajapaksa-.jpg


    අනුර සේනානායක අත් අඩංගුවට ගැනීමෙන් මැදමූලන පවුල සැලී යයි..! ‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි..!

    - http://www.lankaenews.com/news/4016/si
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    'මාව රිමාන්ඩ් කළොත් වයිෆුයි දුවයි පපුව පැලිලා මැරෙයි'

    'මාව රිමාන්ඩ් කළොත් ඒක උහුලගන්න බැරුව මගේ වයිෆුයි දුවයි පපුව පැලිලා මැරෙනවා. උඹලාට ඒක බලන්න ඕනනං මාව රිමාන්ඩ් කරපල්ලා' යනුවෙන් අද (23) රහස් පොලිස් අත්අඩංගුවට ගත් වහාම රහස් පොලිස් නිළධාරීන් අමතා විශ්‍රාමික, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසා තිබේ.
    එවිට රහස් පොලිස් නිළධාරීන් පෙරළා අනුර සේනානායකගෙන් අසා ඇත්තේ 'එතකොට සර්, තජුඩීන්ගේ අම්මටයි තාත්තටයි පපුවක් තියෙන්න නැතුව ඇති නේද ?' කියාය. එයට කිසිදු පිළිතුරක් දී නොමැති අනුර සේනානායක හඬමින් පවසා ඇත්තේ 'පුදුම කරුමෙකට මං කරගැහුවේ' කියාය.

    රහස් පොලීසිය විසින් අනුර සේනානායකට, ඔහුව අත්අඩංගුවට ගැනීමේ චෝදනාව කියාදීමේදී ඔහු පවසා ඇත්තේ සම්පූර්ණ විමර්ශනයම අගතිදායක එකක් බවයි. රහස් පොලීසියට කටඋත්තර දීමට පැමිණි දින සිටම අනුර සේනානායකගේ කාර්යය වී ඇත්තේ විමර්ශන සිදු කළයුතු ආකාරය පිළිබඳව රහස් පොලිස් නිළධාරීන්ට දේශන පැවැත්වීමය.

    'මම මේ පවසන කරුණු මගේ ආරක්ෂක නිළධාරීන්ගේ සටහන් පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගත හැක'යනුවෙන් පැවසුවද එකී පරීක්ෂා කිරීමේදී සොයාගත හැකි වී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා සිද්ධිය සිදුවූ දිනට කලින් නිවාඩු ගොස් ඇති බවයි. ඊට සති කිහිපයකට පසුව තම සටහන් යෙදූ බව එකී නිළධාරියා රහස් පොලීසිය හමුවේ පිළිගෙන ඇත.

    රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මුදල් පසුම්බිය සොයාගෙන පැමිණි කොස්තාපල්වරයාට අනුර සේනානායක අමුතිත්ත කුණුහරුපෙන් බැනවැදුණු ආකාරය එකී කෙස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරුන් කිහිපදෙනෙක්ම තම පුද්ගලික සටහන්වල යොදා තිබියදී රහස් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    අනුර සේනානායකට එරෙහිව රහස් පොලීසිය විසින් සාක්ෂි සැඟවීම හා මිනීමැරීමට ආධාර අනුබල දීම යන චෝදනා කලින් නගාතිබුණද පසුව සාක්ෂි සම්පිණ්ඩනය කිරීමේදී පෙනීගොස් ඇත්තේ ඔහුට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 294 වන වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනාව එල්ල කළ හැකි බවයි.

    ඒ අනුව රහස් පොලීසිය විසින් අද (23) අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ මිනීමැරීමේ චෝදනාව ඇතුළත් කොට තිබිණ.

    වසීම් තජුඩීන් ඝාතන නඩුව ලබන 26 වැනිදා කොළඹ අංක 03 දරන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිත බැවින් සැකකාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4065-2016-05-23-17-51-30
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔහු වෙනුවෙන් හඬා වැටීමට ‘මාගේ කිරිල්ලීවත්‘ සිටියේ නැත.