මම මේ කියන කතාව ශ්‍රී ලංකාවේ සිංහලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ගොඩක් ෆෝරම් වල, FB එකේ සිරාට බනිනවා, හැබැයි මේ වෙලාවේ සිරා තමයි රට බේරාගත්ත නියම නායකයා. හේතුව මේකයි...
රනිල් 19 වියවස්තා සංශෝදනය ගෙනාවේම UNP නායකත්වයෙන් ඔහුව අයින් කල නොහැකිවා සේම අගමැති මිනුත් ඔහුව ඉවත් කරන්න අමාරු කරන්න. හේතුව ෆෙඩරල් දෙන්න යනකොට රටෙන් අනිවාර්යෙන් එන විරෝධයට ඔහුට මුහුණ දෙන්න වෙනවා. සීමා නීර්ණ වගේ මොකක් හරි ගෙනල්ල චන්ද කල් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉහල උසාවිය එපා කිව්වත් පාලිමෙන්තුවේ 2/3 චන්දෙන් ඕක සම්මත කරන්න පුළුවන්, නීති හදන තැන පාර්ලිමේන්තුව නිසා පාර්ලිමේන්තුව උසාවියට වගකියන්න අවශ්‍ය නැහැ කියන තර්කය මත.. ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් මීට පෙර අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න කාලේ ලැබුනා.
ඉහත මම කියපු කරුණු සැහෙන්න විවාදයට තුඩු දෙන ඒවා. රටේ කැළඹීම් ඇතිවිය හැකි කරුණු. නමුත් අමතක කරන්න එපා රනිල්ට ෆෙඩරල් ගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ බටහිර සහය තියෙනවා කියන එක. විශේෂයෙන් අමතක කරන්න එපා මහින්ද වියවස්තා විරෝදී ලෙස කටයුතු කලාට එන බටහිර විරෝධය රනිල්ගේ වියවස්තා විරෝධී කටයුතු වලට නැගෙන්නේ නැති බව.. හොඳම උදාහරණය අවුරුදු 3 ක් චන්දය කල් දැමීම. ජනතාවගේ පරම අයිතිය පැහැර ගැනීම සම්පූර්ණ නීති විරෝධී. කවුද ඒ ගැන මීක් සද්දයක් දැම්මේ. කවුරුත් නැහැ. හැබැයි රනිල් ඉවත් කළා විතරයි කොහොමද සද්දේ.
ට්‍රැවල් වොර්නින්, fitch රේටින් බස්සනවා, ආධාර හෝල්ඩ් කරනවා වැඩ කෝටියයි.
ඒ වගේම මේ බටහිරයෝ රනිල්ගේ තැනට සජිත් එනවට කැමති නැහැ. මොකද සජිත් කවදාවත් ඔය ෆෙඩරල් දෙන්නේ නැහැ කියල බටහිරයෝ දන්නවා.
දැන් බලමු ගේන්න යන ෆෙඩරල් ක්‍රමය ගැන... සුමන්තිරන් කියන විදියට පළාත් සභාවලට පූර්ණ බලතල ලැබෙනවා ඕනෑම කටයුත්තක් කරන්න වගේම මද්යම රජයට ඒ සම්බන්ධයෙන් කිසිම ලෙසකට මැදහත් වෙන්නට බැහැ වගේම කිසිම කලෙකවත් නැවත පවරා ගන්නටවත් බැහැ. පූර්ණ පොලිස්, ඉඩම් බලතල ලැබෙනවා. ඒ වගේම මහ ඇමති බලතල ඇති විශාලයි... පළාත් දෙකක මහ අමතිලට පුළුවන් කතා වෙලා ඒකාබද්ධ වෙන්න, ඒක දීල තියෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ වගේම ඉඩම් බලතල තියෙන නිසා ඔවුන්ට පුළුවන් හමුදාව පැය 24 න් ඉවත් කරන්න. ඔවුන්ගේම හමුදා, පොලිසි තියාගන්නත් පුළුවන්.
ඒ වගේම වෙනත් සියලුම ෆෙඩරල් රටවල තියෙනවා නීති රීති, යම්කිසි ෆෙඩරල් ප්‍රාන්තයක් ස්වාදීන වෙන්න හැදුවොත් මද්යම රජයට පුළුවන් හමුදා යොදවල එය වලක්වන්න වගේම ඒ ප්‍රාන්තය නැවත මද්යම රජයට සම්බන්ධ කරගන්න. නමුත් රනිල් දෙන්න යන වියවස්තාවේ මේ එකම ආරක්ෂක ක්‍රමයක්වත් නැහැ.. ඒ නිසා තමයි මේක වෙනම රටක් දුන්නා හා සමාන ක්‍රියාවලියක් වෙන්නේ.
ඒ වගේම ශ්‍රී ලංකා කියන නම දෙමල ජනතාවට ආගන්තුක වෙනත් භාෂාවක වචනයක් කියල හේතු දක්වල "TAMIL ඊළාම්" වගේ නමක් උතුරට දාන්නත් පුළුවන්. (ඔවුන් දැනටත් කියන්නේ ඊලාම් කියන්නේ ලංකාව කියන වචනෙට කියන දෙමල නම කියල )... කොහොමද වැඩේ... වෙනම රටක් නේද ....
එතකොට රජය සිරිපාල විසින් නොපවරා ගත්ත නම් රනිල්, මහින්දලාගේ හොරකම් වලට ඔය සෙට් එකම (මේ වියවස්තාව සම්මත කරගන්නකල් වත්) දානවා ඇතුලට. එතකොට මෙහෙ නැගෙන ජනතා විරෝධය ඉදිරියට ගෙනියන්න කිසිම නායකත්වයක් ඉතිරි වෙන්නේ නැහැ.
මේ වගේ වෙලාවට මුළු බටහිරම මේ ක්‍රියාවලියට අනුග්‍රහය දක්වනවා කියන එකත් අමතක කරන්න එපා...
අපේ මිනිස්සුත් දැන් කතාවෙන්නේ වියවස්තා විරෝධී, 113 නැහැ, නීති විරෝධී, මහින්ද හොරා (හොරා තමයි), සදාචාර සම්පන්න නැහැ වගේ කතා.. නමුත් එක වියවස්තාවක් නෙමෙයි 10 කඩලා හරි රනිල්ව ගෙදර යැවිය යුතුමයි මේ වෙලාවේ.
2015 මහින්ද විරෝධීන් උනත් මේ වෙලාවේ රට වෙනුවෙන් එක වියයුතුයි රනිල් විරෝධය වෙනුවෙන්. UNP විරෝධය රනිල් විරෝධයක් වශයෙන් වෙනස් වෙන්නත් ඕනේ. මොකද සිංහල ජනතාවගේ පොදු සතුරා රනිල්.