මහින්දගේ පොලිස්පති කුඩු ජාවාරමේ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ පොලිස්පති කුඩු ජාවාරමේ

Police.jpg

gotabhaya-retired-igp.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලංකාවේ මහා කුඩු රජවරු දුමින්ද , මහින්ද බාලසූරිය - වෙලේ සුදා හෙළිකරයි

duminda-and-mahinda-ba
PREV1 of 2 NEXT
මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ‍පොලිස්පති මහින්ද දේශප්‍රිය ඇතුළු ‍පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි ‍පොලීසිය විශ්වාසය පළ කරයි. දුමින්ද මන්ත්‍රීවරයාගේ, ‍ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

මෙම තොරතුරු පදනම් කොට ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණ දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සදහන් කර සිටියේ අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයා මේ වන විට පවුල පිටින් රටින් පිටව ගොස් ඇති බව ත් ඔහු රටින් පිටව යාමට දින දෙකක් ප්‍රමාදවූයේ නම් එම ගමන වළක්වන්නට තිබුණු බවයි.

අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයාට බස්නාහිර පළාත තුළ සුවිසල් නිවසක් ඇති බවත් මාලිගාවක් බදු එම නිවස ලැබි ඇත්තේ වෙ‍ලේ සුදාගෙන් ත්‍යාගයක් ලෙස බවත් සඳහන්ය. එම නිවස රුපියල් ලක්ෂ 300 කට අධික වටිනාකමක් ඇති එකක් බව පැවසේ. ඒ ගැන ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. එහෙත් දේ‍පොළ සම්බන්ධයක් හිටපු ‍පොලිස්පති සහ වෙ‍ලේ සුදා අතර අනාවරණය වන බව ඔහු කීය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මේ වන විට එම හිටපු ‍පොලිස්පතිවරයා පවුල් පිටින් මෙරටින් පිටව ගොස් ඇති බැවින් ඉදිරියේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබේදැයි මාධ්‍යවේදීන් අජිත් රෝහණ මහතාගෙන් ප්‍රශ්න කළේය. අනිවාර්යෙන්ම ඔහු අත්අඩංගුවට ගන්නාබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරසිටියේය.
අදාළ දේශපාලනඥයා සහ විශ්‍රාමික ‍පොලිස්පතිවරයා හැරුණු කොට උප ‍පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්ද සැරයන්වරයෙක් ගැනද කරුණු අනාවරණය වන බවත්
ඒ අය වෙ‍ලේ සුදාගෙන් මුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවද අනාවරණය කළේය.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාසිකව වෙ‍ලේ සුදාගෙන් ලක්ෂ 25බැගින් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

‍පොලිස් විශේෂ කාර්ය බළකාය කැලණියේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 84 සම්බන්ධයෙන්ද වෙ‍ලේ සුදා තොරතුරු හෙළි කරන බවත් එම වැටලීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න ගත තත්ත්වයක් ඇති වන බවත් අජිත් රෝහණ මහතා කීය.
වෙ‍ලේ සුදාගෙන් මාසිකව වැටුප් ගත් නිලධාරීන් අතර සිටින උප ‍පොලිස් පරීක්ෂකවරයෙකු විශේෂ කාර්ය බළකායේද සිටින බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. වෙ‍ලේ සුදාගෙන් මාසිකව වැටුප් ගත් බව සඳහන් සෙසු ‍පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට ‍පොලිස් සේවයේ නැති බවත් වැඩ තහනමකට ලක්ව ඇති බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

වෙ‍ලේ සුදාගේ මත්කුඩු මුදල්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයාට පිට රටක අධ්‍යාපනය ලබන්නට ආධාර ලබදී ඇති බවට තොරතුරු තිබේ.
එම මන්ත්‍රීවරයා මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය රජයේ ප්‍රබලයන් දැන සිටියත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ‍පොලීසියට අවස්ථාව ලබාදී නැත.
පාතාලයේ ප්‍රබලයෙක්වූ ඕල්කට් නැමැත්තාව කුරුණෑගල ප්‍රදේශයේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මෙයට වසර කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදීද අදාළ මන්ත්‍රීවරයා හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බව හෙළික‍ලේය.

සුදු ලූනු කන්ටේනර් තුළ සඟවා තමාගේ සහය ඇතුව ඔහු හෙරොයින් තොග වශයෙන් මෙරටට ගෙන ආ බව ඕල්කට් විසින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හමුවේ පවසා ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුරුණෑගල සිට ඕල්කට්ව කොළඹ ගෙන එන අතරතුරදී ‍පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු මරුමුවටද පත්විය.

අදාළ දේශපාලනඥයා සමග වෙ‍ලේ සුදා කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිල්ලකදී පසුගිය කාලයේ හමු වී ඇති බවත් ඒ එක් හමුවකදී විශ්‍රාමික ‍පොලිස්පතිවරයාගේ මාර්ගයෙන් ඔහුව ‍පොලීසියට භාර කිරීමටද දේශපාලනඥයා සූදානම් වී ඇති බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. එකළ ‍පොලිස්පතිධුරය දරා ඇත්තේ එම විශ්‍රාමික ‍පොලිස්පතිවරයාය.

වෙ‍ලේ සුදා පාකිස්තානයේ සිටියදී එරට සිට මෙරටට එවන ලද හෙරොයින් භාරගත් නියෝජිතයන් ලෙස මරදාන සහ කොට්ටාව යන ප්‍රදේශවල සිටි දෙදෙනෙක් කටයුතු කරන බවත් ඔවුන් යටතේ නියෝජිතයන් සිව්දෙනෙක් සිටින බවත් අනාවරණය වී ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.

ප්‍රධාන එක් නියෝජිතයෙක් මේ වන විට රටින් පලා ගොස් මලයාසියාවේ සිටින බවට තොරතුරු ඇතැයිද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පාකිස්තානයේ සිට මෙරටට ට්‍රැක්ටර් කිහපයක් එවීමට වෙ‍ලේ සුදා සූදානමින් සිට ඇති බවත් එම ට්‍රැක්ටර් කිහිපයක රෝදවල අසුරා තිබි හෙරොයින් කිලෝ 185ක් පාකිස්තාන මත්ද්‍රව්‍ය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එරට මත්ද්‍රව්‍ය අංශයට වෙ‍ලේ සුදා කොටුවන්නේ එම මත්ද්‍රව්‍ය සමග බවද අජිත් රෝහණ මහතා කීය.

1993 වසරේ සිට වෙ‍ලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවත්2011 වසරේදී ඉන්දියාවට පළාගොස් කිඹුලා ඇළ ගුනා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එහි ගතකර ඇති බවත් අජිත් රෝහණ කීය. කිඹුලා ඇළ ගුනා එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයෙක් බවද ඔහු කීය.

අනතුරුව 2012 වසරේදී ඉන්දියාවෙන් සිංගප්පූරුවටත් එතැනින් පාකිස්තානයටත් පලාගොස් පාකිස්තාන්, ඩුබායි, සිංගප්පූරුව, ඉන්දියාව කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මත්කුඩු ජාවාරමට අමතරව ත්‍රස්තවාදීන් සහ මිනිස් ජාවාරම්වලටද වෙ‍ලේ සුදා සම්බන්ධ බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා ව්‍යාජ ලෙස සකස් කරලීමේ ජාවාරමකද ඔහු නිරතව සිට ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මේ වන විට වෙ‍ලේ සුදාව මාස 03ක් රඳවා ගෙන පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබාගෙන ඇති බවද අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය
lakbima /edit