ලංකාවේ මහා කුඩු රජවරු දුමින්ද , මහින්ද බාලසූරිය - වෙලේ සුදා හෙළිකරයි
duminda-and-mahinda-ba
PREV1 of 2 NEXT
මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේපොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු පොලිස්පති මහින්ද දේශප්‍රිය ඇතුළු පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලීසිය විශ්වාසය පළ කරයි. දුමින්ද මන්ත්‍රීවරයාගේ, ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.
මෙම තොරතුරු පදනම් කොට ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණ දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සදහන් කර සිටියේ අදාළ විශ්‍රාමික පොලිස්පතිවරයා මේ වන විට පවුල පිටින් රටින් පිටව ගොස් ඇති බව ත් ඔහු රටින් පිටව යාමට දින දෙකක් ප්‍රමාදවූයේ නම් එම ගමන වළක්වන්නට තිබුණු බවයි.
අදාළ විශ්‍රාමික පොලිස්පතිවරයාට බස්නාහිර පළාත තුළ සුවිසල් නිවසක් ඇති බවත් මාලිගාවක් බදු එම නිවස ලැබි ඇත්තේ වෙලේ සුදාගෙන් ත්‍යාගයක් ලෙස බවත් සඳහන්ය. එම නිවස රුපියල් ලක්ෂ 300 කට අධික වටිනාකමක් ඇති එකක් බව පැවසේ. ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. එහෙත් දේපොළ සම්බන්ධයක් හිටපු පොලිස්පති සහ වෙලේ සුදා අතර අනාවරණය වන බව ඔහු කීය.