මහින්දගේ යුද්දය
ලංකාවේ යුද්දය අවුරුදු 30 ක් පමණ අතීතයක් සමග පැවතෙන්නේ ....ඉන් විශේෂ සිදුවීම් කිහපයක් ...
1994-1998 දක්වා කාල වල LTTE ය ඉතා අමානුෂික ප්‍රහාර එල්ල කරමින් , ලංකාවේ සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු ජන ජිවිත වලට තර්ජන එල්ල කරමින් සිටියේ ...ඔවුන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමක් පෙන්වන්නයි උත්සහ කලේ ..විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාවට .
නමුත් 2001 පමණ වන විට , ලෝකයෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් වලට දැඩි පිළිකුලක් එල්ල වෙන්න පටන් ගන්නවා . ඇමෙරිකාවට 11/9 සිදු වූ ප්‍රහාර වැනි දේවල් නිසා ඇමෙරිකා ප්‍රජාවත් එවකට ත්‍රස්තවාද ය වෙනුවට දේශපාලනික විසදුම් සෙවීම් ගැන දැඩි අවදානයක් යොදන්න ,අනෙකුත් රාජ්‍යන්ව දිරි ගන්වනවා .
මෙම කාලය තුල ලංකවේ LRRP මගින් දැවැන්ත මෙහෙයුමක් කරමින් ,LTTE ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙක්ට ම ,මරණය ගෙන දෙමින් ඔවුන්ට දැඩි හානියක් ගෙන එමින් සිටියේ ...
රනිල් අගමැති වීම තුලින් 2001 dec LTTE ය සාම සාකච්චා වලට පැමිණෙනවා .
මේ කාලයේ , මෙම සාම ගිවිසුම් වලට එරෙහිව දකුණේ බලවේග තුලින් ජාතික හෙළ උරුමය බිහි වෙනවා .
2002 සාම ගිවිසුම තුලින් , LTTE ප්‍රථම වතාවට වෙනම රාජ්‍යක් වෙනුවට ,ෆෙඩරල් ක්‍රමයකට එකග වෙනවා .
(පසු කාලෙක උතුරේ චන්දෙ වර්ජනයට හේතුවත් මෙය විය හැකි . මන්ද රනිල්ගේ රජය ක් ආවා නම් ...ඔවුන්ට ෆෙඩරල් ක්‍රමයකට යන්න වෙනවා වෙනම රාජ්‍යක් වෙනුවට .මන්ද අන්තර්ජාතික ප්‍රජාවත් මෙම විසිදුම අනුමත කර තිබුනේ )
නමුත් මෙම ගිවිසුමෙන් පසුවත් LTTE ය ඔවුන්ගේ අබ්යන්තර කටයුතු (විශේෂයෙන් කප්පම් ගැනීම් / ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් ) නවතන්නේ නැහැ .
එමෙන්ම අපට මහත් පාඩුවක් ගෙන දුන් මිලේනියම් සිටි සිදු වීම වන්නේ මේ කාලයේ .
2003 දී මෙම සාම ගිවිසුම බිඳ වැටෙනවා ...
මෙම ඇතිවන ප්‍රශ්න තුලින් චන්ද්‍රික ආණ්ඩුව විසුරුවා හරිනවා , නව අගමැති ලෙස මහින්ද පත් වෙනවා ..(සන්දානයේ බිහි වීම )
2004 දී LTTE යෙන් කරුණා වෙන් වෙනවා ....
Dec 26 සුනාමි ව්‍යසනය පැමිණෙනවා . ඉන්පසු රජය විසින් LTTE ය සමග තාවකාලික ගිවිසුමකට එන්න උත්සහ කරනවා .
JVP ය සන්දානෙන් ඉවත් වෙනවා .
2005 දී කදීර් ගාමර් මහතා ගාතනයට ලක් වෙන වා .
මෙම කාලය තුල LTTE ක්‍රියා කාරකම් තුලින් අන්තර් ජාතික වශයෙන් ඔවුන්ට දැඩි අප්‍රියතාවයක් ගොඩ නැගේ මින් තිබෙනවා .
මහින්ද ජනාදිපති වීම .
LTTE ක්‍රියා කාර කම් වැඩි වෙමින් තිබෙනවා .
2006 රාජපක්ෂ ආණ්ඩුව සාම සාකච්චා වලට යනවා . නමුත් LTTE ය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ නෑ .
ඔවුන්ට අවශ්‍ය වන්නේ යුද්දය තුලින් වෙනම , රාජ්‍යක් ලබා ගැනීමයි .
මේ කාලය වන විට LTTE ය ත්‍රස්ත වාදී කණ්ඩායමක් ලෙස හංවඩු ගැසී ඉවරයි ... යුරෝපා සංගමය ඔවුන් තහනම් කරන්නේ මේ කාලයේ .
LTTE අරමුදල් එකතු කිරීමේ කට යුතු වලට මෙය දැවැන්ත කනේ පහරක් වෙන වා .
ඉන් පසු මාවිල් ආරු සටනෙන් ආරම්බ වෙන දැඩි සටන් අවසන් වන්නේ ,2009 මයි 18 ප්‍රබා කරන්ගේ මරණයෙන් .
1994-2005 චන්ද්‍රිකාගේ පාලනය කාලය තුල ...
LTTE අන්තර් ජාතික වශෙයන් ත්‍රස්තවාදී න් ලෙස ,ඔවුන්ගේ අප්‍රසාදය ට ලක් වීම .
දකුණේ බල වේග සාම ගිවිසුම් වෙනුවට , කොටින්ව පරාජය කිරීමට රජයට පිඩනයක් පැටවීම .
එමෙන්ම LTTE ය තේරුම් ගන්නවා සාම සාකච්චා තුලින් ඔවුන්ට උපරිමයෙන් ලබා ගත හැක්කේ ෆෙඩරල් ක්‍රමයක් පමණයි .වෙනම රාජ්‍යකට යා නොහැකි බව .
රජයේ හමුදාව යුද්ද්යක්ට පටලවා ගෙන , දෙමල ජනතාවට සිදුවෙන කරදර තුලින් ....අන්තර් ජාතික අවදානය ගෙන ඔවුන්ගේ වෙනම රාජ්‍යේ සිහින ය සබැ කර ගන්න උත්සහ කල විය හැකිය .
2005 මහින්ද බලයට පැමිණි විට කැමැතෙන් හෝ අකමැත්තෙන් යුද්ද්යක්ට මග පෑදී අවසන් .
LTTE ය තුරන් කිරීමට හෙළ උරුමය වැනි පක්ෂ තුලින් දැඩි බල කිරීමක් ,මහින්දගේ ආණ්ඩුවටත් එල්ල වෙනවා . (නමුත් අද මහින්ද මවා පාන්නේ වෙනම , දෙයක් . රට එක්සේසත් කල රජු ලෙස )
මහින්ද යුද වීරයෙක් වීමට දරන උත්සහය , යම් කරුණු කාරණා අවබෝද කර ගත පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය . විශේෂයෙන් යුද නායකත්වය දුන් සර ත් ෆොන්සේකා ව පාගල ,යට පත් කරලා හදා ගන්න උත්සහ කල එකාදිපති මානසිකත්වය පැහැදිලිය .
අයිය ජනාදිපති වූ වහාම , ලංකාවට හදිසියේ පැමිණෙන අනෙක් යුද වීරයා ගෝටබය . රජයේ ලේකම් වරයෙකුගේ සිමාව ඉක්මවා , වාණිජ වශයෙන් හා රාජ්‍ය බලයෙන් වල් මත් වුන වීරයා .
කොටින්ගේ මුදල් වලට යට වුනු සුළු අන්තර් ජාතික පිරිසක් මෙහිදී දැඩි විවේචන එල්ල කලත්, අනෙකුත් රටවල් යුද්දය නැවත්වීමට රජයෙන් ඉල්ලා සිටියේ , මෙවැනි සිවිල් යුද්ද වලින් සිදු වන ජිවිත හානි ගැන සලක බලා . ඒ අරුණු කොට LTTE ය ගැන ඔවුන් තුල කිසි අනුකම්පාවක් හෝ ශ්‍රී ලංකා රාජ්‍ය කරෙහි වෙන අපරාද මානසිකත්වයක් ඔවුන්ට තිබුනේ නැත .
කාලයේ ඇවෑමෙන් , LTTE යම ඔවුන්ට කපා ගත වල නිසා .....අහිංසක ජනතා ජිවිත් වලින් , වීර යුද සෙබළුන් විසින් විනාශ කල ත්‍රස්තවාදය ....මහින්ද කොල්ල කැවා . ඔවුන්ගේ බලය තහවුරු කර ගන්න , ඔවුන්ගේ පවුලට සහ ඔහුගේ කල්ලියට වාසි ලබා ගන්න , රාජ්‍ය දේපල කොල්ල කන්න , රටේ සාමන්‍ය ජනතාව තුලින් ඔවුන් කෙරෙහි නැගෙන අප්‍රසාදය යට පත් කරන්න ....රාජපක්ෂලා මේ යුද ජයග්‍රහණ මංකොල්ල කෑවා .
අඩුම තරමේ උතුරේ මේ යුද්දයෙන් බැට කාපු ජනතාව ගේ මානසික හා ශාරීරික ....ඔවුන්ගේ සාමන්‍ය ජිවිත ඔසවා තබන්න... සිංහල ජනයා කෙරෙහි ඔවුන් තුල තිබෙන සැකය ,ක්‍රෝදය නැති කරන්න... කිසිම පියවරක් ගත්තේ නැහැ . විවිද වාණිජ සංවර්දන වියාපෘති තුලින් මහ ජන මුදල් කොල්ල කමින් (අද ඒ පුද්ගලයෝ රටෙත් නෑ ) කරපු විනාසයට ඔවුන් අද පිළිතුරු දීල තියෙනවා .
LTTE ප්‍රශ්නය හෝ බෙදුම් වාදී ප්‍රශ්නය,... LTTE යේ අවි බලය නැති කිරීමෙන් ... මුළු මුනින්ම අවසන් නොවෙන්න පුළුවන් . අවුරුදු 30ක් තිස්සේ කොටි පිඩනයට ලක් වුණු එම ජනතාව ,ඉන් පසු රජයේ උවමන්වෙන්.... ඔවුන්ගේ සම්පත් , දෙපළ මංකොල්ල කෑම තුලින්,... ඔවුන්ව සැමදා හිර කර තබා ගැනීමෙන් මෙම තුවාලය කවදාවත් සුව වෙන්නේ නෑ . එහෙම ඒ තුවාලේ සුව කරන්න රාජපක්ෂල්ට ඕන වුනෙත් නැහැ .
දකුණේ ජනතාවට හැමද උතුර පෙන්නමින් , රට වෙන් වෙන්න දෙන්නේ නෑ කියමින් ....බෙදුම් වාදය තව තවත් උග්‍ර කරමින් චන්ද මංකොල්ල කෑමක් පමණයි කලේ.නැති විදුලි පුටු , අදිරාජ්‍ය වාදී බිල්ලෝ පෙන්න මින් යුද ජ්‍යක්ග්‍රහණ ඔවුන් විකුණුව
විනිවිද බාවයක් නැති , ප්‍රතිපත්තියක් නැති , තර්ක විතර්ක ...ස්වයං විවේචනයක් නැති බහුතරයක් තාමත් මේ මුලාවේ වැටී සිටීමයි දුකට කරුණ .
අප මහා බුදු රජාණන් ඉගැන්වූ කරුණාව , දයාව ඔවුන් තුල ඇතිවේවා . නිවරදි දැකීම ඔවුන තුල ඇති වේවා !

(+7)