මහින්දගේ යෝජනා රට ‌බෙදන්න

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්දගේ යෝජනා රට ‌බෙදන්න

DSC_1625.jpg


බලය ‌බෙදීම ගැන දැන් සාකච්ඡා කරන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයේ සර්ව පාක්ෂික සම්මේලනය මගින් ඉදිරිපත් කළ ‌යෝජනා ගැන නමුත් මහින්දගේ කාලයේ ඒවා ‌දේශප්‍රේමීයි දැන් ඒවා ‌ද්‍රෝහී යි කියනවා. ඒවා ද්‍රෝහී යෝජනා නම්, රට බෙදන යෝජනා නම්, රට බෙදීමට ගියේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂයි. අපේ ජන මාධ්‍යයත් මේ කිසිවක් සොයා බලන්නේ නැතිව රට බෙදනවා, රට බෙදනවා කියමින් ප්‍රචාර ගෙන යනවා. යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊ‌‌යේ යාපනයේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊ‌යේ (14) වීරසිංහම් ශාලාවේ පැවති නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් විසින් මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ නිල සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් කතා කළ අගමැතිවරයා ‌මෙසේද පැවසීය.

"අපි දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට උත්සාහ කරනවා. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. එහෙත් ඇත්ත වශයෙන්ම අපි ව්‍යවස්ථා කෙටුම්පතක් තවම සකස් කර නැහැ. සමහරු කියනවා අපි මේ රට බෙදන්න යනවා කියලා. බලය බෙදීම ගැන එක්සත් ජාතික පක්‍ෂය කිසිම ලියවිල්ලක් දී නැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි මොකද්ද එහෙනම් ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කරන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සර්ව පාක්‍ෂික සම්මේලනය මගින් ඉදිරිපත් කළ යෝජනා ගැනයි. ඒ සර්ව පාක්‍ෂික සම්මේලනයට අපි ගියේ නැහැ. නමුත් ඒ සම්මේලනයේ වාර්තා පදනම් කරගෙන අපි ද්‍රවිඩ සංධානය සමග සාකච්ඡා කරනවා.

ඒ යෝජනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හොඳයි. මේ සංහිඳියාව ඇති කරන කාලයේ මේක ද්‍රෝහීයි. ඒවා ද්‍රෝහී යෝජනා නම්, රට බෙදන යෝජනා නම්, රට බෙදීමට ගියේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂයි. අපේ ජන මාධ්‍යයත් මේ කිසිවක් සොයා බලන්නේ නැතිව රට බෙදනවා, රට බෙදනවා කියමින් ප්‍රචාර ගෙන යනවා. ඔය මාධ්‍යවලින්ම තමයි එදා කිව්වේ මේ තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ, එයා ගේන යෝජනා වලින් රට එකතු කරන්න පුළුවන් කියා. ඒ යෝජනා ගැන අද අපි කතා කරද්දී ඒ ජන මාධ්‍යයම වෙන තාලයක් වාදනය කරනවා.



අද මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දේශපාලන වශයෙන් බංකොලොත් වුන කණ්ඩායමක්. අද මේ රටේ ඇති කළ ආර්ථික ප්‍රශ්නය අපි විසඳමින් යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලා තිබෙනවා. නිදහස ලබා දී තිබෙනවා. මේ අය තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය පෙන්වා දීමට රට බෙදන බවට ආරංචි පතුරනවා. රට බෙදනවා නම් කරුණාකරලා ගිහින් මහින්ද රාජපක්ෂ සමඟ කතා කරන්න. මේ යෝජනාව හොඳ නැතිනම් එයාට කියන්න සර්ව පාක්‍ෂික සම්මේලන යෝජනා ඉවත් කරගන්න කියලා. අපිට කියලා වැඩක් නැහැ.

සියලූ දෙනා සමගම එකතු වී මේ රටේ ජනතාවට එකට ජීවත් වීමට හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි මේ රජයේ අපේක්ෂාව.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව තිබෙද්දි මම දන්නවා 2015 ට පෙර සිටම මේ ද්‍රවිඩ ජනතාවගෙන් අපිට ලැබුණ සහයෝගය එහෙනම් උතුරේ ජනතාවට අනිත් ජනතාවට වගේ අයිතිවාසිකම් තිබීමට අවශ්‍යයි. ජීවත් වෙන්නට අවස්ථාව තිබිය යුතුයි. ඒවා ලබාදීමට අවශ්‍යයි. ඒවායින් ඇත්වීමට බැහැ. එය රට බෙදීමක් නෙවෙයි. ද්‍රවිඩ ජනතාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දුන් සහය අගයමින්, ඔවුන්ගේ ගැටළු විසඳීමට අප ක්‍රියා කළ යුතුයි.

ඩී.එස් සේනානායක මැතිතුමන් එදා කිව්වා ජාතික ගීය දෙමළෙන් ගයන්න කියලා. ඉන්පසු ලඟදී ජාතික ගීය දෙමළෙන් ගායනා කරද්දී එය අපරාධයක් බව ඇතැම් අය පැවසුවා. අපි නැවතත් ඉඩ දුන්නාම කීවේ රට පාවලා දෙනවා කියලා. අද සෑම දෙනාම එකට එකතු වී ජාතික ගීය සිංහලෙනුත් දෙමළෙනුත් ගායනා කරනවා. සිංහලෙන් වෙන්න පුළුවන් දෙමළෙන් වෙන්න පුළුවන් අපි සියලූ දෙනාම එක මවකගේ දරුවන් කියලා කීම වැරැද්දක් ද?



යුද්ධයෙන් විනාශ වුන මේ උතුර දියුණු කිරීමට අපගේ විශේෂ වගකීමක් තිබෙනවා. අද ඇමතිවරුන් ගණනාවක් සමග මම යාපනයට පැමිණියේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න කැමතියි අපි උතුරේ තිබෙන ප්‍රශ්න විසඳන්නට සීග්‍රයෙන් ක්‍රියා කරනවා කියලා. ඒ ගැන කිසිම සැකයක් තබාගත යුතු නැහැ. " වික්‍රමසිංහ මහතා කීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය කාර්ය මන්ඩල ප්‍රධානී හා වරාය හා නාවික කටයුතු සහ දක්ෂණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. සුමන්තිරන්, එස්. ශ්‍රීධරම්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් ද සහභාගිව සිටියහ.
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Mahinda keruwe Demallu,India wa & Europe rawattapu eka. Oya eka eka yojana,kamitu,comissions dala prashna maga harinawa. Mahinda gen kisima deyak demallunta lebenne na.


Ranil la eththatama deshapalana wisdum denna hadanawa kiyala man hithanne.

Me rate uddayak karala laskha ganak merila demallunta ganna beri wechcha dewal api den udde dinala denne mokatada?


Mama nan kiyanne Palath Sabath ahosi karala danna ona. Lanka we hema kotasak ma 'Sinhalu' witharak palanaya karanna ona. Sinhalunta thienne me rata witharai ne.
 
Last edited:

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Kawda LTTE we*sige puthek , Awajathaka ker*i pon*nayek mage rep kapala.


Umbala udda karala ganna beri wuna de, Andukrama wiyawasthawakin denna Sinhalayo moda na.