මහින්දගේ රැලියකට බෝම්බ

Jul 5, 2012
1,773
265
0
මහින්දගේ රැලියකට බෝම්බ

රවිගේ ආධාරකරුවන්ට වෙඩි තැබුවේ මහින්දගේ රැලියකට බෝම්බ ගසා ගෙන ජන අනුකම්පාව ලබාගැනීමේ පළමු පියවරක් ලෙසයි: ගෝඨාගේ නිවසේ ඩලස් විමල් රහසිගත සාකච්ඡාවක -බුද්ධි අංශ ප්‍රධානියෙකු හෙළිකරයි

Place_of_Fire_Blumendal.jpg


රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම මහින්ද රාජපක්ෂගේ රැස්වීමකට තමා විසින්ම බෝම්බයක් තබා ජන අනුකම්පාව ලබා ගැනීමේ කුමන්ත්‍රණයක පළමු පියවර විය හැකි යැයි බුද්ධි අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග පැවසීය. ඉන්පසුව එම බෝම්බ ප්‍රහාරය රවි කරුණානායක විසින් පලිගැනීමට කරන ලද්දක් බව චෝදනා කිරීමේ හැකියාවද ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

මීට අදාල රහසිගත සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පෙරේදා(29) පවත්වා ඇති අතර ඊට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ දෙදෙනාද සහභාගී වී තිබේ. එහිදී කරන ලද කුමන්ත්‍රණ අතර අගෝස්තු 5 - 10 අතර කාලයේදී රටේ තැපැල් රෝහල් සහ ගමනාගමන ක්ෂේත්‍රවල වර්ජන අවුලුවා කඩා කප්පල් කාරී ක්‍රියා ආරම්භ කළ යුතු යැයි සැලසුම් කරන ලද අතර එහි වගකීම ඩලස් අලහප්පෙරුමට බාර දී තිබේ.

දෙවැන්න ලෙස රටේ ජාතිවාදය ඇවිලවීම සිදුකළ යුතු බවත් ඊට රාවණා බලය යොදා ගැනීමටත් තීරණය කර තිබේ. රාවණා බලය මගින් අත් පත්‍රිකාවක් බෙදීමටත් 12 දා රාත්‍රී නමක් ගමක් නොමැති පෝස්ටරයක් ඇලවීමටත් සැලසුම් කර ඇත. එම පෝස්ටරය මගින් රනිල් රට බෙදීමට යන බවට ජනතාව බියවැද්දීමට තීරණය කර ඇත. පෝස්ටරය මුද්‍රණය කිරීම ඩලස්ගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකුට පවරා තිබේ. ඊට සමගාමීව යාපනය චාවාකච්චේරිය කිලිනොච්චිය ප්‍රදේශ වලින් සිංහල විරෝධී ජාතිවාදයක් ඇවිලවිය යුතු යැයිද එවිට එය පෙන්වා දකුණේ ජාතිවාදය උත්සන්න කළ හැකි යයිද සාකච්ඡා කර තිබේ.

බුද්ධි අංශ නිලධාරියා මේ තොරතුරු හෙලිකෙළේ අදාල අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති නමුත් මාධ්‍ය මගින් හෙලි කිරීමෙන් කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් අඩාල කළ හැකි යයි පවසමිනි.
 
Jul 5, 2012
1,773
265
0


ලූමැන්ඩල්හිදී තම ආධාරකරුවන් ඝාතනයට එල්ල කළ වෙඩි ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි මත පටවා විකෘති නොකරන ලෙසත් මෙය සිදු කෙළේ අන් කවරෙක් හෝ නොව පරාජය උහුලාගන්නට බැරි රාජපක්ෂ අවතාරය බවත් ඇමැති රවි කරුණානායක මහතා වෙඩි ප්‍රහාරයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වේදිකාවේ ත්‍රස්තවාදය එනවා යයි කියන මෙම රාජපක්ෂලා මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම සඳහා කරන ලද්දක් බවද ඇමැතිවරයා පැවසීය.

පසුගියදා සිදුවූ සිදුවීම් වන රිමෝට් කන්ට්‍රෝල් බෝම්බයක් වැනි දෙයක් හමුවීම, සුදුවෑන් රථයක් හදිසියේ අල්ලා ගැනීම සහ ඊයේ බෑගයක දැමූ මළ සිරුරක් හමුවීම ආදිය මෙම වෙඩි තැබීමට පෙර සිදු කරන ලද සිදුවීම් ජාලයක් බවත් මේ මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව පෙන්වීමට උත්සාක කරන බවත් පැවසූ රවි කරුණානායක මහතා මේවා පාතාලයට දමන්නට එපා යයිද ඉල්ලා සිටියේ ය.

අද වෙඩි තැබීමට ආ කළු පැහැති වාහනය ඊට පෙර තුන් තැනකදීම තිබූ බවට තම මාධ්‍ය කණ්ඩායම් වල කැමරාවන්ට හසුවී තිබූ බවද හෙලි කෙළේය. මේ තත්ත්වය පෙන්වා ත්‍රස්තවාදය ඇතැයි අඟවා මැතිවරණය කිට්ටු කර ඔවුන්ගේ රැළියක බෝම්බයක් පුපුරුවා ගැනීමට හැකියාවක් ඇතැයිද අනතුරු ඇඟවූ රවි කරුණානායක මහතා මේ නිසා තමන් වැඩි ආරක්ෂාවක් ඉල්ලීමට අදහස් නැති බවද පැවසීය.

රවි කරුණානායක මහතාගේ මාධ්‍ය හමුවේ හඬ පටය සමග ලංකා ඊ නිව්ස් නිමැවූ වීඩියෝවක් මෙහි දැක්වේ
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ලනකාඊනිව්ස්


ලංකා ඊ නිව්ස් = toiaනිව්ස්

Jathiwadaya awussanna epa kiyala ke gahanne snhalayata witharayi.

thambiyintayi,demelluntayi unta ona widiyata wedakaraganna ida deela mun mehe balan innawa.



 
Last edited: