මහින්දගේ රැලියකට බෝම්බ
රවිගේ ආධාරකරුවන්ට වෙඩි තැබුවේ මහින්දගේ රැලියකට බෝම්බ ගසා ගෙන ජන අනුකම්පාව ලබාගැනීමේ පළමු පියවරක් ලෙසයි: ගෝඨාගේ නිවසේ ඩලස් විමල් රහසිගත සාකච්ඡාවක -බුද්ධි අංශ ප්‍රධානියෙකු හෙළිකරයි
රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම මහින්ද රාජපක්ෂගේ රැස්වීමකට තමා විසින්ම බෝම්බයක් තබා ජන අනුකම්පාව ලබා ගැනීමේ කුමන්ත්රණයක පළමු පියවර විය හැකි යැයි බුද්ධි අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග පැවසීය. ඉන්පසුව එම බෝම්බ ප්‍රහාරය රවි කරුණානායක විසින් පලිගැනීමට කරන ලද්දක් බව චෝදනා කිරීමේ හැකියාවද ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
මීට අදාල රහසිගත සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පෙරේදා(29) පවත්වා ඇති අතර ඊට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ දෙදෙනාද සහභාගී වී තිබේ. එහිදී කරන ලද කුමන්ත්‍රණ අතර අගෝස්තු 5 - 10 අතර කාලයේදී රටේ තැපැල් රෝහල් සහ ගමනාගමන ක්ෂේත්රවල වර්ජන අවුලුවා කඩා කප්පල් කාරී ක්‍රියා ආරම්භ කළ යුතු යැයි සැලසුම් කරන ලද අතර එහි වගකීම ඩලස් අලහප්පෙරුමට බාර දී තිබේ.
දෙවැන්න ලෙස රටේ ජාතිවාදය ඇවිලවීම සිදුකළ යුතු බවත් ඊට රාවණා බලය යොදා ගැනීමටත් තීරණය කර තිබේ. රාවණා බලය මගින් අත් පත්‍රිකාවක් බෙදීමටත් 12 දා රාත්‍රී නමක් ගමක් නොමැති පෝස්ටරයක් ඇලවීමටත් සැලසුම් කර ඇත. එම පෝස්ටරය මගින් රනිල් රට බෙදීමට යන බවට ජනතාව බියවැද්දීමට තීරණය කර ඇත. පෝස්ටරය මුද්‍රණය කිරීම ඩලස්ගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකුට පවරා තිබේ. ඊට සමගාමීව යාපනය චාවාකච්චේරිය කිලිනොච්චිය ප්‍රදේශ වලින් සිංහල විරෝධී ජාතිවාදයක් ඇවිලවිය යුතු යැයිද එවිට එය පෙන්වා දකුණේ ජාතිවාදය උත්සන්න කළ හැකි යයිද සාකච්ඡා කර තිබේ.
බුද්ධි අංශ නිලධාරියා මේ තොරතුරු හෙලිකෙළේ අදාල අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති නමුත් මාධ්‍ය මගින් හෙලි කිරීමෙන් කුමන්ත්රණකරුවන්ගේ සැලසුම් අඩාල කළ හැකි යයි පවසමිනි.