මහින්දගේ හිත හදන්න ඉන්දියාවෙන් යෝග උපදේශ

monson

Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    මහින්දගේ හිත හදන්න ඉන්දියාවෙන් යෝග උපදේශ

    මහින්දගේ හිත හදන්න ඉන්දියාවෙන් යෝග උපදේශකයකු ගෙන්වයි

    මහින්ද රාජපක්ෂ මහතා මේවන විට බරපතල මානසික වියවුලකට ලක්ව සිටින බව වාර්තාවේ. ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ තත්වය හට ගෙන තිබේ. මේවන විටත් ඔහුගේ මානසික තත්වය සංසුන් කිරීම සඳහා මනෝවෛද්‍ය උපදේශකයකු ඔහු සමඟ මේ මොහොතේත් සිටින බව දැන ගන්නට තිබේ.

    කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ තීරණයක් මත මානසිකත්වය පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ඉන්දියානු යෝග භාවනා උපදේශකවරයකු වහාම ගෙන්වා ගැනීමටද නියමිතය.

    ජනාධිපතිවරණය පරාජය වූ දිනවලදී ද මෙලෙසම මානසික වෛද්‍යවරු කිහිප දෙනෙකු රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කළ අතර එවරද. මෙම යෝගී භාවනා උපදේශකවරයා ගෙන්වා ගැනීමට කටයුතු සිදු කළත් නැවත රාජපක්ෂ මහතාට දේශපාලනයට එක්වීම සඳහා ඉඩක් විවර වීමෙන් ඔහුගේ මානසික සෞඛ්‍ය තත්වය යතා තත්වයට පත්ව තිබීමෙන් ඒ අතහැර දමන ලදී.

    මේ බව අපට අනාවරණය වූයේ වත්මන් දේශපාලන තත්වය ගැන රාජපක්ෂ මහතාගේ අදහස දැන ගැනීම සඳහා ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකුගෙන් අද උදෑසන කළ විමසීමේදීය. මේ මොහොතේ රාජපක්ෂ මහතා පත්ව සිටින තත්වය ඔහු විසින් අනාවරණය කළ අතර, කිසිදු ප්‍රකාශයක් කල හැකි මට්ටමක ඔහු නොමැති බවත් පවසන ලදී.

    කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදි ඔහු සන්ධානයේ ප්‍රධානින් සමඟ කළ සාකච්ඡාවේදීද නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව අප මීට පෙර වාර්තා කළෙමු.


    - http://lankadaily.com/latestnews/item/8194-2015-07-15-07-39-35

    මහින්දගේ සෙනසුරු ඒරාෂ්ටකට උච්ච වෙයි: සන්ධානය දෙදරයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ ඊයේ කල ප්‍රකාශය හේතුවෙන් මහින්ද රාජපක්ෂගේ සමස්ත මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියම බිඳ වැටී තිබේ.

    ඒ, මෙවර මැතිවරණයේදී තමන් කිසිසේත් මහින්ද රාජපක්ෂට සහය නොදෙන බවත්, මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා නොදෙන බවත් මෛත්‍රීපාල සිරිසේන පැවසූ හෙයිනි.

    මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනේ ‘අගමැති මහින්ද’ යකුවෙන් සඳහන් වන පෝස්ටර් ව්‍යාපෘතියකිනි. ඊට අමතරව විමල් වීරවංශ ඇතුලු පිරිස මෛත්‍රී – මහින්ද එක්ව නව ගමනක් යන බවට පාරම් බෑහ.

    ඇතැම් රැස්වීම්වලට සෙනග රැස් කිරීම සදහා මෛත්‍රීපාල සිරිසේන ඊට සහභාගි වන බවට අසත්‍ය ප්‍රචාර ද ගෙන ගියේය. මේ සියල්ල ඊයේ කතාවෙන් ප්‍රතික්ෂේප විය.

    මෙයට කෝපාවිෂ්ට වූ මහින්ද රාජපක්ෂ ඊයේ (අප පෙර ලිපියේ දැක්වූ පරිදි) Black Lable විස්කි බෝතලය අතට ගෙන හොඳට සප්පායම් වී කී දේ පහත දැක්වේ.

    “මෛත්‍රියා ………………(අසභ්‍ය වචන පළ කල නොහැක) මගේ මුලු කැම්පේන් එකම කෑව. මූව එලවන්න ඕනෙ කොහොමහරි”

    ඊට පිලිතුරු දෙමින් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කලේ “ඒක ලේසි වැඩක් නෙවේ” යනුවෙනි.

    අනතුරුව රාත්‍රී ආහාරය නොගෙනම නිදාගත් මහින්ද රාජපක්ෂ අද උදෑසනම මිරිහානේ නිවසට ළගා විය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂට අවාසි වූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

    1. මහින්දට නාමයෝජනා දීමට තවමත් විරුද්ධ බව.
    2. මහින්දට අගමැතිකම නොදෙන බව.
    3. මහින්ද මෙවරත් පරාජයට පත් වන බව.
    4. මෙවර මහ මැතිවරණයේදී කිසිසේත් මහින්දට සහය නොදෙන බව.

    මෙම කරුණු නිසා මහින්දට මහ මැතිවරණයේදී ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට සටන් පාඨයක් නැති අසරණ තත්ත්වයක් උද්ගත වී තිබේ.


    - http://lankaleaks.info/2015/07/15/මහින්දගේ-සෙනසුරු-ඒරාෂ්ටක/

    මහින්ද නාම යෝජනා මණ්ඩලයට කුණු හරුපෙන් බැණ වැදී සුසිල්ට පහර දීලා!

    පෙරේදා (12) රාත්‍රී කොළඹ 05, කැප්පෙටිපොල මාවතේ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ සුපුරුදු කුණු හරුප භාෂාවෙන් බැණ වදිමින් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරියේ යකා නටා ඇති බව එවේලෙහි එම ස්ථානයේ උන් පුද්ගලයෙක් ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.



    තමා දුමින්ද සිල්වාගේ නාම යෝජනාවට එරෙහි වුනු බව දුමින්දගේ සොයුරු රේන සිල්වාට ආරංචිවීම නිසා ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට පහරදීමට හිරු මාධ්‍යජාලය තීරණය කර ඇති බව දැනගෙන ඇති මහින්ද රාජපක්ෂ මෙම රැස්වීමට පැමිණ වහාම දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදිය යුතු බවට නාම යෝජනා මණ්ඩලයට නියෝග කොට තිබේ. එවිට සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ ‘තමුන්නාසෙම නේද දුමින්දව කපන්න කිව්වෙ රේන යූඑන්පී කාරයෙක් කියල. දැන් මොනවද මේ කියවන්නෙ? අපි දැන් ලැයිස්තු ෆයිනලයිස් කරල ඉවරයි. මීට එහාට මොකුත් කරන්න බෑ' කියාය.

    එසේ පවසත්ම මහින්ද රාජපක්ෂ විසින් ඔහු ළඟට ගොස් මුහුණට පාරවල් කීපයක් එල්ල කොට තිබේ. සුසිල් ප්‍රේමජයන්ත අත තිබුණු ෆයිල් බිම අතහැර දමා දෑතින් ඔලුව බදාගෙන වාඩිවී ඇත. පසුව කීප දෙනෙකු හිටපු ජනාධිපතිවරයා පලමු මහලේ සිට බිම් මහලට කැඳවා ගෙන ඇවිත් පිලියන්දල ප්‍රදේශයේ රැස්වීමක් කරා පිටත් කොට තිබේ. පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ තත්වය අසතුටුදායක හෙයින් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුළත් කොට ඇත.

    මෙසේ එක්සත් සන්ධානයේ මහලේකම්වරයා නවලෝක රෝහලට ඇතුලත් කළ බව දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබේ. පිලියන්දල ප්‍ර දේශයේ රැස්වීම් වේදිකාවේ සිටි මහින්ද රාජපක්ෂ තක්කුමුක්කු වී වහා නවලෝක රෝහලට පැමිණ ඇත්තේ වැඩේ දුරදිග ගියොත් තමා අමාරුවේ වැටෙන බව දන්නා හෙයිනි. නවලෝක රෝහලට පැමිණි හිටපු ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත අසලට ගොස් සමාව අයැද ප්‍රශ්නය අමතක කරන ලෙස බැගෑපත් වී ඇත. සුසිල් ඊට කිසිවක් කියා නොමැත. හිටපු ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත ළඟ සිටි පුද්ගලයෙකුට පවසා ඇත්තේ ‘මේ යකාව නම් කවදාකවත් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. මැදමුලන මූකලානට වෙලා ඉන්න දෙන්නැතුව මූට නොමිනේෂන් අරන් දීලා අපි කර ගත්ත කරුමයක්' කියාය.


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17733-2015-07-14-11-40-32

    ශිරන්ති රන්වල දෙවියන්ගේ පස්සේ (ජායාරූප) Featured
    15 July 2015

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබේ.



    RanwalaD1_600px_15_07_15.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    ‘ලොක්කට ආතතිය. ඒකයි මහත් වෙන්නෙ' - එලියන්ත වයිට් කියයි!

    මේ වන විට අන්තර් ජාලයේ මෙන්ම මූණු පොතේද සීග්‍රයෙන් සංසරණය වන මහින්ද රාජපක්ෂගේ මෑත කාලීන ඡායාරූප පිළිබඳව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට්ගෙන් ඔහුගේ හිතවතෙකු කරුණු විමසූ කල ඔහු පවසා ඇත්තේ ‘ලොක්කට ඩිප්ප්‍රෙෂන්. හැම වෙලාවෙම කන එකමයි වැඩේ. කොච්චර එපා කිව්වත් අහන්නෑ. උදේට හොඳට මුං ඇට කිරිබත් කාලා ඒ ගමන්ම පෑන් කේකුත් ඉල්ලනවා. ඩිප්ප්‍රෙෂන් වැඩිවුනාම මිනිස්සු කනව වැඩියිනෙ. ඒකයි දැන් අවුට් ඔෆ් ෂේප් ගිහිල්ලා ඉන්නෙ. ආයිත් අගමැති වෙලා ඇගට මසාජ් වැටෙනකොට බැහැලා යයි' කියාය.

    මෙම ඡායාරූප කීපය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න විසින් ඇගේ මූණු පොතට එක් කිරීමෙන් අනතුරුව එය වෛරසයක් මෙන් මූණු පොත පුරා පැතිරෙන්නට විය. එය දුටු මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය ඔලුවේ අත ගසා ගනිමින් පවසා ඇත්තේ ‘මේ වගේ එක මිතුරියක් හිටයහම ඇති ආයිත් හතුරො ඕන්නෑ' කියාය. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය පවසන්නේ මෙය හිටපු ජනාධිපතිවරයාට අපහාස කිරීම සඳහා හොඳ යූඑන්පී කාරයෙක් වන හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ සියුම්ව සැලසුම් කර ඇති දෙයක් බවයි. හිටපු ජනාධිපතිවරයා අප්සාරි සිංහබාහු තිලකරත්න වෙත මෙතරම් ආසක්ත වී ඇත්තේ ඇය දේවාරූඨයෙන් සාස්තර කියන තැනැත්තියක් වන බැවිනි. පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන බව ඇය පේන කියා තිබිණ.


    IMG_4423.JPG


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17778-2015-07-16-13-35-06