හොර කැබිනට්ටුවක් දිව්රුම් දීමට යයි; “සර් අපි නම් ඔය ආණ්ඩුවට නෑ; යනවා නම් හොරෙන් යන්නෙත් නෑ” -විජයමුණි සිරිසේනට කනේ ඇඟිලි ගහගන්න කියයි
(ලංකා ඊ නිව්ස් -2018.ඔක්.29, ප.ව.7.10) රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩා බහුතර බලයක් අද වන තුරු පෙන්වා ගත නොහැකි හොර අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන අගමැති කාර්යාලයට ගොස් වැඩ බාර ගෙන තිබේ.
අද සවසට හොර කැබිනට්ටුවක් ද පත් කිරීමට යන බව පැවසේ. එහිදී 10 දෙනෙකු මහින්දගේ පාර්ශවයෙන්ද, 10 දෙනෙකු සිරිසේනගේ පාර්ශවයෙන්ද ඉතිරි 10 දෙනා පිල් මාරු කර එතැයි සිතනා කණ්ඩායමක් වෙනුවෙන් ද වෙන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුවක් හදන්නේ නම් කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා විය යුතුය.
බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු කණ්ඩායමට අයත් කිසිවෙකු ඇමැතිධූර බාර ගැනීමෙන් වැළකී සිටී. ඒ අනුව අද රාත්‍රී පත් කරන්නට යන්නේ 10 දෙනෙකු පමණක් යයි දැන ගන්නට තිබේ. කෙසේ වෙතත් මේ කැබිනට් මණ්ඩලය නීති විරෝධී එකකි. මන්ද යත් ඔවුනට බහුතර බලයක් තිබෙන බව මේ මොහොත වන තුරු පෙන්වා ගත නොහැකිව පාර්ලිමේන්තුව කල් දමා තිබෙන බැවිනි.
සිරිසේන මහින්ද හොර දීගය ගැහීමට පෙරමුණු ගත් වීරවංශ, ගම්මන්පිල, තිලංග එස්.බී. වාසු ආදීහු ඇමැතිධූර බාර ගනු ඇතැයි කියති.
විජයමුණි සිරිසේනට කනේ ඇඟිලි ගහගන්න දෙයි
---------------------------------
කෙසේ වෙතත් ඇමැතිධූර ගැන සාකච්ඡා කිරීම සඳහා අද පාන්දර 5 ට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ජනාධිපති වරයා විසින් කැඳවන ලදුව විජයමුණි සොයිසා 6 වන විට ජනාධිපති හමුවී ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබේ.
සර් ඔබතුමා කළ වැඩෙන් අපිට පාරේ බැහැලා යන්නත් බෑ, ගෙදර ඉන්නත් බෑ, ගමට යන්නත් බැරිවෙලා තියෙන්නේ. ඔබතුමා ඔය තීන්දුව ගන්නවා කියලා අපිට කිව්වෙත් නෑ. අපි දන්නෙත් නෑ. එස්.බීලාගේ තිලංගලාගේ, වීරවංසලාගේ ඔ්නැකමට සර් මේක කළා. සර්ම බලන්න මේ ටිකට ඒ කට්ටියගේ හැසිරීම කියලා. නාමල් එෆ්සීඅයිඩියට ගිහින් චන්ඩි කතා කියනවා. අපිට තර්ජනය කරනවා. යෝශිත එම්එස්ඩී ඔෆිසර්ලාට තර්ජනය කරනවා. සංවර්ධන වැඩ වලට ගහලා තියෙන බෝඩ් කඩලා බිඳලා දානවා. ගෙවල් ගිනි තියනවා කඩ ගිනි තියනවා. මැරයො රජයෙ ආයතන වලට පැනලා ගහනවා. අන්ධ මිනිස්සුන්ට හදපු ගෙවල් කඩනවා. සර්ම කියන්න බලන්න මේගොල්ලොත් එක්ක අපි ආණ්ඩු කරන්නේ කියලා. මේගොල්ලො ඒ කාලෙ සර්ට අපිට සැලකුවෙ කොහොමද දැන් ආයිත් ඒකම තමයි කරන්නේ.. අපිට නම් බෑ සර්..” යි විජිත් විජයමුණි දිගටම කියාගෙන ගියේය.
ඔබ යූඇන්පියට යන්නට සූදානම් වෙනවාදැයි එවිට ජනාධිපතිවරයා විමසා තිබේ.
“සර් මං විතරක් නොවෙයි. මාත් එක්ක තව හත් අට දෙනෙක්ම ඉන්නවා. සර් අපි යනවනම් හොරෙන් යන්නෙත් නෑ. කියලා තමයි යන්නෙ. නමුත් අපිට යූඇන්පියට යන්න ඔ්නෙ නෑ. අපි ශ්‍රී ලංකා කාරයෝ නමුත් අපි ස්වාධීනව ඉන්නවා මේගොල්ලො එක්ක නම් ආණ්ඩු කරන්න අපි නෑ සර්” යි විජයමුණි කීවේය
“කවුද දැන් ඔය ස්වාධීන වෙනවා කියන කට්ටිය ?” යි ජනාධිපති යලි විමසීය. විජයමුණි ඔවුනගේ නම් සැඟවූයේ නැත.
“සර් මං ඉන්නවා, දුමින්ද ඉන්නවා, දුෂ්මන්ත ඉන්නවා, බස්නායක ඉන්නවා, මනුෂ ඉන්නවා, පියසේන ගමගේ ඉන්නවා” ආදී නම් තොගයක් විජයමුණි කියාගෙන කියාගෙන ගියේ ය.
පසුව විජිත් විජයමුණි පැජට්පාරේ ජනාධිපති නිවසින් පිටව ගිය අතර අද සවස හදන කැබිනට්ටුවට ඔවුන් එක්වන්නේ නැත. ඒ ආණ්ඩුවකට සහාය දෙන්නේ ද නැත. ඒ අනුව හොර අගමැතිට පක්ෂපාතී 113 ක් සොයා ගැනීමේ ප්රශ්නය තවත් උග්‍ර වී තිබේ.