මහින්දට අකමැති ඇයි?
ඕනෙම දේශපාළණ මැතිවරණයක වගේම, මේ පාරත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඒ, දෙන්නා වටේ සෑහෙන සෙනගක් ඉන්නවා. එළකිරි එකෙත් ඒ වගේම ලොකු පිල්බෙදිල්ලක් තියෙනවා. මේ thread එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෛත්‍රීට කැමති කට්ටිය මහින්දට අකමැති කියලා සදහන් කරන්න අවස්ථාවක් ජනතාවට ලබාදීමයි. මෙතනට ඇවිත් කියන්න ඇයි තමන් මහින්දට අකමැති කියලා.
මම මහින්දට අකමැති මේ නිසයි.
ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
SLT Unlimited නැති කරා
රාජ්‍යය දුෂණය වැඩියි
බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
නාස්තිය වැඩියි
අවුරුදු 12 ක් දුන්නා ,තාම ප්‍රගතියක් නෑ, ඒක නිසා ආයි මම මහින්දට දෙන්නේ නෑ.

මචං මේ ටිකත් ඇඩ් කරපං,
රටේ ආර්ථික මරමස්ථාන ටික චීනට දුන්න.
මහජනතාවගෙ මුදලෙන් පුතාට කාර්, අස්සයො, හෙලිකොප්ටර්, මෙරට සහ පිටරට ගෙවල්, හෝටල්, වතු පිටි, etc අරං දුන්න.
එක ජනාධිපති මන්දරයක් වෙනුවට රටේ හැම තැනම ජනාධිපති මන්දිර හැදුව(මැදමුලන, නුවර, අනුරාධපුර etc) සහ ඒව නඩත්තු කරන්න අති විශාල සේවක පිරිසක් බදව ගත්ත.
කුඩු, එතනෝල්, සහ අනෙකුත් මත්කුඩු ජාවරම් වලට අනුබල දීම සහ ඒව ගෙන්වන්නං සරම අස්සෙ හංගගත්ත.
රට සංවර්ධනය කරන මුවාවෙන් ඉහළ ණය පොළී යටතේ ණය අරගෙන 2000%ක් සාක්කුවට දාගත්ත.
රටේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දළදා වහන්සේ ඉදිරියෙ බාගෙට ඇදගත්තු කෙල්ලොත් තියාගෙන race පැද්ද. (මම කතෝලිකයෙක් සහ මම මේ කරපු දේ තරයේ පිළිකුල් කරනව. මේකම ඇති චන්දෙ නොදී ඉන්න.)
රටේ සොබාවික සම්පත අමු අමුවෙ විනාශ කලා, දළ තියෙන ඇතෙක් පේනන බෑ මූට. තව off-road tower එකක් ගියා රට වටේ කලපු ආශ්‍රිතව, ඒකෙන් ඒ පරිසර පද්ධතියට හදන්න බැරි පාඩුවක් වුනේ.
රටේ යුද්ධය දිනීමට සක්‍රීය දායකත්වයක් දැක්වූ ජනාරාල් ෆොන්සේකාව හිරෙ දැමීම.
රටේ අධිකරණ පද්ධතියට අත තබමින් ශිරානි බණ්ඩාරනායකට නඩු පැවරීම සහ සේවයෙන් පහ කිරීම.
දැනට ජීවත් වෙන කොටි නායකයින් වන කරුණාට පක්ෂයේ උප සභාපතිකම පිරිනැමීම, KP ට සුදුසු දඩුවම් නොදීම, පිල්ලෙයාන් හට මහ ඇමතිකමක් පසුගිය වර ලබාදීම, ජිනීවහී නිත්‍ය නියෝජිත කාර්යාලය අලුත්වැඩියා කිරීම සදහ කොටි සංවිධානයට අයත් ආයතනයකට ලබා දීම සහ ඒ මගින් අප රටේ රහසිගත තොරතුරු අන් පාර්ශවයන්ගේ අතට යාමට ඉඩ හැරීම, යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම.
දවසගානෙ 5000, 6000 අරලියගහ මන්දිරේට රැස්කර උගේ සල්ලි වගේ කට්ටියට බුෆේ දීම.
රටේ වරදකරුවන් වූ නිලධාරින් හට තානාපතිකම් හා අනෙකුත් රාජ්‍ය අංශය වල උසස් නිල වලට පත්කිරීම (eg- හිටපු පොලිස්පති ජගත් බාලසූරිය, පි.බී. ජයසුන්දර)
නිදහස් මාධ්‍යන් වලට පහර ගැසීම
ඔහුගේ ඇම්බැට්ටයින් විදේශ තානපති අංශ වලට පත්කර රටේ විදේශ අංශ අඩපණ කිරීම. රට වෙනුවෙන් කතාකර විශිෂ්ට තානාපතිවරුන් හට පහර දීම (ක්‍රිස් නෝනිස්) සහ පහර දුන් අයවලුන් රැකීම.
තවගොඩක් තියෙනව දැන් වෙලාව මදි බං ඔක්කොම type කරන්න.
Last edited:

man akamethiy ekata