මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ.
මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. -

Code:
http://www.infosrilankanews.com/2014/10/gotabaya.html