මහින්දට ලියුමක්...

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මහින්දට ලියුමක්...

    මුලින්ම කියන්න ඔන මේක ටිකක් පරනයි.. google search පාරක් දාන වෙලාවක අහම්බෙන් වගේ අහු උනේ. ලිපිය ටිකක් දිගයි. කොටස් වශයෙන් දාන්නම්..

    ’පුත්‍ර ප්‍රේමය වනාහි හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තෙක් කිඳා බැස එහි රැඳී සිට නිබඳ දුක් දෙන්නකි. අද මට උපන්නාවූ දරු ශෝකය දරුවන් වැදූ සියලු දෙමවුපියන්ට නොවනු කැමැත්තෙමි.’’


    ආදරණීය ජනාධිපතිතුමනි,



    මහාවග්ග පාලියේ එන මේ වදන් පවසන තාත්තාගේ දරු ශෝකය හට ගත්තේ තම පුතුන් දෙදෙනාත් මුණුපුරාත් තමා අතහැර ගිහි ගෙයින් නික්ම යාම නිසාය.වැඩිමහල් පුතණුවන් නික්ම ගියේ සංසාර සාගරයෙන් එතෙර විය හැකි මාවතක් සොයනු පිණිසය.අනෙක් දෙදෙනා නික්ම ගියේ ඒ මාවත ඔස්සේ පා නඟනු පිණිසය.මේ තාත්තා සුද්ධෝදන රජතුමාය.තමන්ගේ තාත්තා මේ වේදනාවෙන් පරිපීඩිත වදන් පවසනු අසා සිටි වැඩිමහල් පුතණුවෝ මාපියන්ගෙන් නොවිමසා දරුවන් පැවිදි නොකළ යුතු බවට වන සඟ සසුනේ එන සුප්‍රකට නීතිය පැණවූහ.


    පුතෙකු ලොව්තුරා බුද්ධත්වයට පත් වීමට වුව තමන්ගෙන් වෙන් වූ විට තාත්තා කෙනෙකුගේ හද තුළ මෙවැනි වේදනාවක් හට ගන්නේ නම් දරුවෙකු මිය ගිය විට මොන විදිහේ වේදනාවක් හට ගන්නේදැයි මට යාන්තමින් හිතා ගත හැකිය.ඔබේ වැඩිමහල් පුතණුවන්ට වඩා අවුරුදු හතර පහකින් වැඩිමහල් වයසේ සිටින මම දරුවෙකුගේ මරණයක් අත් විඳ නැත.ජනාධිපතිතුමනි, ඔබ යන්තමින් මට දැනෙන ඒ දේ මුළුමනින්ම දන්නා තාත්තා කෙනෙකි.මා මෙතුවක් කල් සිතා සිටියේ විසිපස් වසරකට පෙර නික්ම ගිය බිළිදියකගේ මතකයන් දැන් ඔබව අතහැර ගොස් ඇතැයි කියායි.ඒත් පසු ගිය දිනක බාලිකාවියන් පිරිසක් ඉදිරියේදී සිංහබාහු නාටකයේ තනි වූ සිංහයා ‍ගයන ‘ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ’ ‍වදන් බිදුණු හඩින් පවසද්දී ඇට මිදුළු තෙක් කිඳා බැස දුක් දෙන දරු ශෝකය තවමත් ඔබව අත හැර ගොස් නොමැති බව මට වැටහුණි. සමහරවිට මැරෙන තෙක්ම ඒ වේදනාව ඔබේ හිත තුළ රැදී තිබෙනු ඇත.ජනවාරි විසිහයවැනිදා ජනරාල්වරයාට පැරදී විසිහත්වැනිදා රාත්‍රියේ පටන් එතෙක් ඔබ වටා සිටි මිනිසුන් සිය දහස් ගණනින් එකවර රහත්වන්නට පටන් ගනිද්දී නම් දියණිය නැති අඩුව සිංහයා පරිද්දෙන්ම තව තවත් ඔබට වැටහෙන්නට ඉඩ තිබුණි.ඒත් ඔබේ ජීවිත කාලය තුළ කිසිදා ඒ අත්දැකීම නොලබනු ඇති බවට මම විශ්වාස කරමි.

    තනි වුවත් නැතත් පසුගිය කාලයේ ගෙවී ගිය ඔබේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවලදී පවා මේ වෙලාවේ දූත් හිටියා නම් කොච්චර හොඳද කියා හිතෙන්නට ඇත.ඔබ එදා පැවසූ සිංහබාහු නාටකය ලියැවී ඇත්තේත් සුද්ධෝදන රජතුමා පවසන මේ වදන් වටාය.නාටකය ලියන්නට දශකයකට පමණ පෙර සිට සරච්චන්ද්‍රයන්ගේ හිත පුරා මහාවග්ගපාලියේ එන මේ වදන් රැව් දුන්නේය.සිංහයා ඊතල පහරක් හදවතටම වැදී මියැදෙත්දී ගැයෙන ‘පුතු සෙනේ මස් නහර හම සිඳ’ ගීතය යටින් ගලන්නේත් දාරක වියෝගයේ මේ සදාතනික වදන් පෙළමය.


    ජනාධිපතිතුමනි, මා මේ කියන්නට හදන්නේ ඔබේ දරු ශෝකය ගැන නොවේ.මවකට හෝ පියෙකුට විදිය හැකි ඉහළම ශෝකය අත්විදින දෙමාපිය පිරිසකගේ දරු ශෝකය ගැනය.අප දෙදෙනාම ඒ මහා වේදනාව අත් විද නොමැති නමුත් මේ දීර්ඝ ලිපිය ලියන්නේ ඒ දරු ශෝකය අනාගතයේ දෙමාපිය පිරිසකට අත් නොවිදීම සඳහා ඔබේ මීළඟ ධූර කාලය තුළ දෙයක් කරන්නැයි ඔබෙන් ඉල්ලනු පිණිසය.

    ජනාධිපතිතුමනි,දරුවෙකු සිය දිවි නසා ගැනීම තරම් වේදනාවක් ඒ දෙමාපියන්ට තවත් ඇත්තේ නැත.ඔබෙන් වෙන්ව ගිය බවෝදනී සකුන්තලා දියණිය තාත්තේ කියන්නටවත් තරම් කාලයක් ජීවත් වූයේ නැත.ඒත් සිය දිවි නසා ගන්නේ දෙමාපිය හදවත් පිරී ඉතිරී යන තරම් දේ කියූ කෙරූ දරුවෝය.මේ දරුවෝ බොහෝ විට පිරී ඉතිරී ගලා හැලෙන තරමේ ජීවයකින් ද යුක්ත නීරෝගී අය වෙති.මියුසියස් විදුහලේදී සිය දිවි නසා ගත් අනුත්තරා කාවින්දි දියණිය රෝහල් ගත කළ පසු ඇගේ හදවත තාවකාලිකව පණ ගන්වා ගැනීමට සමත් වූ වෛද්‍යවරුන් ඉන් අනතුරුව දෙමාපියන්ට පවසා ඇත්තේ තමන්ට ලැබුනේ සම්පූර්ණ මළකඳක් වුවත් එසේ හදවත පණ ගන්වා ගත හැකි වූයේ ඇගේ සිරුරේ රැදී තිබූ ශක්තිය නිසා බවයි.

    අනුත්තරා කාවින්දිගේ මරණයත් සමඟම ළමා සිය දිවි නසා ගැනීම් රැල්ලක් සේ පැතිර යන ආකාරයක් ඔබටද පෙනෙන්නට ඇත.‍‍එසේම ඒවා මේ වන විට වාර්තා නොවන බැවින් ඒ රැල්ල දැන් නොමැති බවද ඔබට සිතෙනවා වන්නට ඇත.සිය දිවි නසා ගැනීම් වර්තා නොකළ යුතු බවට වන මනෝ විද්‍යාත්මක සත්‍යය මත මේ වන විට ඒවා වාර්තා නොවූවද අදටත් ළමා සිය දිවි නසා ගැනීම් මෙරට තුළ එලෙසම සිදුවෙයි.

    ජනාධිපතිතුමනි, කාවින්දි නැඟණිය මිය ගිය පසු මේ ගැන ලියන්නට සිත් වී මම වාර්ෂික පොලිස් දත්ත සටහන් පිරික්සා බැලුවෙමි.පසු ගිය වසර ගණනාව පුරා වසරකට පාසැල් යන වයසේ සිටින දරුවෝ දෙසිය පනහකට ආසන්න ගණනක් සිය දිවි නසා ගෙන තිබුණි.ඔබේ දරු තිදෙනාට වඩා බාල වයසේ දරුවන්ද මේ ගණනට එක් කළහොත් දාහකට ආසන්න පිරිසක් වසරකට සිය දිවි නසා ගෙන තිබුණි. මරණයන්ට හේතුව පවුලේ අය විසින් වසන් කිරීමත් මරණය සිදු වූ ආකාරයේ වන සංකීර්ණතා නිසාත් තවත් විවිධ හේතූන් නිසාත් සමහර සිය දිවි නසා ගැනීම් මේ දත්තයන්ට ඇතුළත් වන්නේ නැත.සම්මත වාර්තා අනුව වුවත් පසු ගිය කාලය පුරා සෑම දිනකට හෝ දෙකකට වරක් කොහේ හෝ පාසැල් දරුවෙකු සිය දිවි නසා ගෙන ඇත. තරුණයෙකු හෝ තරුණියක සෑම පැය කිහිපයකටම වරක් සිය දිවි නසා ගෙන ඇත.සිය දිවි නසා ගනිමින් පවතී. වසරකට දහස් ගණනක් දරුවෝ සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන අතර ඉන් බොහෝ දෙනෙකුගේ අනාගත ජීවිත අඳුරු වී යයි.

    ජනාධිපතිතුමනි, කාවින්දිගෙන් පටන් ගත් අමුතු සිය දිවි නසා ගැනීමේ රැල්ලක් තිබුණේ නැත.සිදු වූයේ ඇය කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක සිසුවියක වීමත් මරණයට පත් වූ වටපිටාවේ තිබූ මහා ඛේදජනක ස්වරූපය නිසාත් මාධ්‍ය හා අප බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වීමය.ඇය මිය යාමට පෙර දිනයේදීම මීට ගැළපෙන ආකාරයේ මරණ දෙකක් පොළොන්නරුවේ පාසලකින් වාර්තා වීමත් නිසා රට පුරා සිදුවන ළමා සිය දිවි නසා ගැනීම් දෙස මාධ්‍යයන්ගේත් සමාජයේත් අවධානය යොමු විය.පිට පිට මේවා වාර්තා කිරීමෙන් වන අවදානම මනෝ වෛද්‍යවරුන් පෙන්වා දීම නිසා ජනමාධ්‍ය මේ වන විට සිටින්නේ ඒවා වාර්තා නොකරන තැනකය.


     
    • Like
    Reactions: flag au:

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    නමුත් ජනාධිපතිතුමනි, ඒවා නොපෙන්නුවාය කියා චිත්‍රයේ සිදුවන තීරණාත්මක වෙනසක් ඇත්තේ නැත. අපචාරයන් වැනි බරපතළ කාරණාවන් හා මානසික රෝගයන්ගේ පටන් සුළු සිත් වේදනා දක්වා විවිධ හේතුවලට දරුවෝ සියදිවිනසා ගනිති.පුංචි හිත් වේදනාවකට දිවි තොර කර ගත්තද වරද ඇත්තේ ඒ පුංචි උන්ගේ අතේ නොව ජීවිත විභාගයට මුහුණ දෙන්නට උගන්වනු වෙනුවට කටපාඩම් විභාගවලට උන්ව තල්ලු කරවන මේ ක්‍රමයේය.දරුවන්ව කඩදාසි විභාගවලින් පාස් කරවන්නට ලක්ෂ කිහිපයක පිරිස් බලයකින් හෙබි මහා යාන්ත්‍රණයක් අපට ඇත.ලක්ෂ ගණනක් වූ දරුවන්ගෙන් වසරකට විසි තිස් දහසකට හැර අන් අයට ඒ ක්‍රමයෙන් මහ ලොකු වැඩක් නැති බවත් තියෙන ක්‍රමයද තුට්ටුවට දෙකට ඇද වැටී ඇති බවත් වෙනම කතාවකි. නමුත් අපචාරවලින් දරුවන් දහස් ගණනක්ද මානසික අසමතුලිතතා නිසා දරුවන් ලක්ෂ ගණනක්ද ජීවිත අඳුරු කර ගනිද්දී ඒවා වළක්වන හා ඒවාට දරුවන් ලක් වූ පසුව ඔවුන්ව ඉන් ගලවා ගන්නා හරිහමන් යාන්ත්‍රණයක් අපට ඇත්තේ නැත.

    විපක්ෂය අද මේ සියලු පව් ඔබේ පිටින් යැව්වද මේවා කාලයක් තිස්සේ තිබූ ඒවාය.ඔබේ වරද එල්ටීටීඊයට එරෙහිව කළ මට්ටමේ සටනක් මේ ඛේදවාචකයට එරෙහිව තවම ආරම්භ නොකිරීමය.මා ඔබෙන් ඉල්ලන්නට හදන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්ණය සම්බන්ධයෙන් අනුන්ගේ පව්වලට කර ගැහුවාක් මෙන් මේ දෙය සම්බන්ධයෙන්ද සටනක් කරන ලෙසයි.

    ජනාධිපතිතුමනි, මේ සමාජයේ බොහෝ දෙනෙකු සිය දිවි නසා ගන්නා දරුවන් දෙසත් පොදුවේ සිය දිවි නසා ගන්නා සියලු දෙනා දෙසත් බලන්නේ මැරෙන්න හදන එකා මැරිලම පලයන් වැනි ඇසකිනි.සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ වුන් රෝහල් ගත කළ විට පවා සමාන්‍ය රෝගියෙකුට වඩා වෙනස් සැළකිලිවලට සමහර අවස්ථාවලදී ලක් වෙති.ඔවුන්ගේ සිරුරුවල අයිතියවත් ඔවුන්ට නැතුවාක් මෙන් රෝහල් කාර්ය මණ්ඩල අතින් වන ලිංගික අතවරයන්ට පවා ඇතැම් විට ඔවුහූ ලක් වෙති.ඒත් ජනාධිපතිතුමනි, සිය දිවි නසා ගන්නා අයගෙන් වැඩි කොටසක් කිසියම් පවිත්‍රත්වයක් හදවතේ ඇති අය වෙති.මරා ගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ජීවිත දෙස පවා එබී බැලුවොත් මැකී නොගිය පවිත්‍රත්වයක සේයාවක් දිස් වනු ඇත.කලකට පෙර රාජගිරියේදී තම ඉලක්කය වැරදී ගිය බෝම්බකාරියක ගෙවත්තක මුල්ලකට ගොස් තමාව පුපුරවා ගත්තේ අනතුරක් විය හැකි හෙයින් තමා සමීපයට නොඑන ලෙසට එහි සිටි සිංහල නිවැසියන්ට දැනුම් දෙමිනි.

    ජනාධිපතිතුමනි, සිය දිවි නසා ගන්නා මේ දරුවන් නම් සියලු දෙනාම පාහේ පවිත්‍ර කාරුණික හදවත් ඇති අය වෙති.අනුත්තරා කාවින්දි දියණිය ඇගේ අම්මාට පැවසූ දෙයක් මම ඔබට කියන්නම්.ඇය බළල් පැටවෙකුට මාළු කෑල්ලක් දී ‘අම්මෙ අපි සතෙකුව සතුටු කරන්න දෙන්නෙ තව සතෙකුගෙ මස් නේද’ කියා අසා ඇත.අප බොහෝ දෙනෙකුගේ සත්ව අවිහිංසාවට හුස්ම හිරවී මැරෙන මාළුවන් අයත් වන්නේ නැත.මස් නොකා මාළු කන ‘නිර්මාංශභක්ෂකයෝ’ මේ සමාජයේ කොතෙකුත් සිටිති. ඒත් කාවින්දිගේ පුංචි හදවතේ ඒ අතහැර දැමූ සතා ගැන පවා අනුකම්පාවක් තිබුණි.

    ජනාධිපතිතුමනි,තවත් සමහරෙකු හිතන්නේ මේ දරුවන් වැඩකට නැති මූසල පිරිසක් කියාය.නමුත් මහා මිනිසුන් දෙදෙනෙකු වූ වින්ස්ටන් චර්චිල් හා මහත්මා ගාන්ධි යන දෙදෙනාම සිය දිවි නසා ගැනීමේ අත් දැකීම්වලට මුහුණ දුන් අය වෙති.ගාන්ධිතුමා ළමා වියේ එක්වරක් සියදිවි නසා ගන්නට හැදූ අතර චර්චිල් මනසේ වූ අසමතුලිතතාවයක් හේතුවෙන් මුළු ජීවිත කාලය පුරාම සිය දිවි නසා ගැනීමේ සිතුවිලි හා පොර බැදුවේය.නමුත් තමන්ගේ ජාතීන් මුහුණදුන් දුෂ්කරම කාලවලදී ඒ ජාතීන්ට සිටි ශක්තිමත්ම මිනිසුන් වූයේත් මේ දෙදෙනාමය.මේ අය නොසිටින්නට මහා බ්‍රිතාන්‍යය හා ඉන්දියාව ජාතීන් ලෙස සිය දිවි නසා ගන්නට ඉඩ තිබුණි.

    වැඩි දුරක් යන්නට අවශ්‍ය නැත. කාවින්දිගේ සිදුවීමෙන් දින කිහිපයකට පසු කොළඹින් ඈත පෙදෙසක පාසැල් සිසුවියකගේ බෑගයේ තිබී ජංගම දුරකථනයක් ඇය නවාතැන් ගෙන සිටි බෝඩිම හිමි යුවළට හසු විය.එය පිරික්සූ යුවළ ඇයට පෙම්වතෙකු සිටින බව සොයා ගත්හ.ඉන් පසුව කරනු ලැබූ බැණවැදීමේ තීව්‍රතාවයට ඇය සිහිසුන්ව වැටුණාය.දෙවැනි දිනයේත් පිරිමි ළමයාගෙන් ඇමතුමක් දුරකථනයට එනු දුටු මේ අය කළේ රාත්‍රී එකොළහේ පටන් පාන්දර තුන පමණ වන තෙක් නොනවත්වා ඇයට බැණවැදීමය.සිසුවිය කළේ සිය දිවි නසා ගන්නට හැදීමය.ඉන්පසුව රෝහල් ගත කරන ලද ඇයගේ ජීවිතය ගැළවුණි.

    කතාව ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.බෝඩිම අයිති යුවළගේ දියණිය මේ සිසුවිය උගත් විදුහලේ පරිඝනක විද්‍යාගාරයේ සේවය කළාය.ඇගෙන් මේ සිද්ධිය විදුහල්පතිනිය දැන ගත්තාය.ජංගම දුරකථන ගැන ඒ වන විට සමාජයේ වූ ආන්දෝලනයෙන් ප්‍රයෝජන ගත් විදුහල්පතිනියගේ ඔළුවට ආවේ මින් වාසියක් ගන්නා ආකාරයකි.සුවය ලබා ‍රෝහලින් පිටව ගිය වහාම සිසුවියව තම කාර්යාලයට කැදවූ විදුහල්පතිනිය ඇයට අස්වීමේ ලියුම දුන්නාය.ලියුම දී ඒ වන විට දිග වුමක් ඇද සිටි ඇයට කොට ගවුම් ඇදගෙන ආවා වැනි හේතු කියා නොසෑහෙන්න බැණ වැදුනාය.කෙළින්ම නොපෙනුනද අස් කිරීම පිටුපස බොහෝ විට තිබෙන්නට ඇත්තේ අල්ලස් මුදල් ගැනීමට ඉඩක් පාදා ගැනීමේ උවමනාවය.විදුහලේ උසස්පෙළ පන්ති සම්පූර්ණයෙන්ම පීරී තිබුණ අතර පුරප්පාඩු නැතැයි විදුහල ඉදිරියේ දැන්වීමක්ද ගසන්නට සිදුව තිබුණි.වහා ක්‍රියාත්මක වූ විදුහල්පතිනිය සිසුවියගෙන් හිස් වූ පුරප්පාඩුවට එදිනම වෙනත් සිසුවියක ඇතුළත් කර ගත්තාය.

    ඇය හඩා වැළපෙද්දීත් විදුහලේ කිසිදු ගුරුවරයෙකු මේ සිසුවියගේ පිහිටට ආවේ නැත.එතැනින් අනුකම්පාවක් නොමැති තැන ඇය තම දුක් ගැනවිල්ල කියන්නට පළාත් අධ්‍යාපන කාර්යාලයට ගියාය. පැමිණිල්ල එල්ලවන්නේ පළාත් මහ ඇමතිවරයාගේ සමීප හිතවතියක වූ විදුහල්පතිනියට විරුද්ධව බව දුටු නිලධාරීන් ඇගෙන් ඇසුවේ අදාළ නගරයටම පාසැල් ආවේ ලොකු කමටද කියායි.එතැනින්ද ඇය වින්දේ අවමන්ය.

    ඇය ඊළඟ වසරේදී උසස් පෙළ විභාගයට මුහූණ දිය යුතුව තිබුණි.ඈත ගමකින් ශිෂ්‍යත්වය සමත්වී මේ විදුහලට පැමිණි ඇය අන් පිහිටක් සොයා ගත නොහැකි වූ විට තම දුක් ගැනවිල්ල ජනමාධ්‍යයට කීවාය.ජනමාධ්‍ය ඔස්සේ සිද්ධිය හෙළිවෙත්දී මහ ඇමතිවරයාත් පෙනී සිටියේ තමාගේ සමීප ආධාරකාරියක වූ විදුහල්පතිනිය වෙනුවෙනි.ඇතැම් විට පුරප්පාඩුව පිරවූයේ මහ ඇමතිවරයාගේම කොන්ත්‍රාත්තුවක් මත වන්නටත් පුළුවන.මේ සිද්ධිය පළාත් සභා රැස්වීමේදී මතු වූ විට මහ ඇමතිවරයා සිසුවිය මානසික රෝගයකින් පෙළෙන්නියකැයි කීවේය. මේ අය මානසික රෝගවල පටන් ඇගේ පෙම්වතාගෙන් තර්ජන ඒම දක්වා විවිධ කතා කියමින් දිගින් දිගටම පාසැල ලබාදීම ප්‍රතික්ෂේප කළහ.නමුත් ජනාධිපතිතුමනි, මේ දුප්පත් දැරිය තම අධ්‍යාපන පරිසරයේ ඉහළ සිට පහළට සිටි සෑම අයෙකුගෙන්ම ආ අනේක විධ අවමන් මැද මාසයක් තිස්සේ සටන් කොට තම අධ්‍යාපන අයිතිය නැවත දිනා ගත්තාය.‍
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මේ දරුවන් සමාජ ඛේදවාචකයේ තරම පෙන්වන දර්ශක වැනි ඉතාම සංවේදී පිරිසකි.මේ දයාවෙන් පිරුණු හදවත් ඇති සමහර පැතිවලින් සාමාන්‍ය අයට වඩා ඉතාම ශක්තිමත් දරු පිරිසේ නික්ම යාමෙන් පෙන්නුම් කරන්නේ කොතරම් ගැඹුරට මේ ක්‍රමය පිරිහී ඇත්ද කියායි.සමාජයක පිරිහීම සම්පූර්ණයෙන් නතර කරන්නට ඔබට තබා බුදු පියාණන්ටවත් නොහැකිය.නමුත් උපරිම නිර්මාණශීලීත්වයකින් කැපවීමකින් හා මනුස්සකමකින් කටයුතු කළහොත් පරිහානිය අවම කරන්නටත් ඒ පරිහානියෙන් පීඩිත ජනතාවගෙන් වැඩි පිරිසකට සැනසිල්ලක් අත් කර දෙන්නටත් හැකිය.

    ජනාධිපතිතුමනි, මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ළමා සියදිවි නසා ගැනීම් නැවැත්වීමේ යාන්ත්‍රණයක් පමණක් නොවේ.පාසැලකට ශිෂ්‍ය උපදේශකයෙකු පත් කර අත පිහදා ගන්නා ක්‍රමයක්ද නොවේ.ළමයින් සම්බන්ධයෙන් වන මේ මුළු ක්‍රමයම වෙනස් නොකොට එවැනි යාන්ත්‍රණයක් සාර්ථක වන්නේ නැත.ඔබෙන් ඉල්ලන්නේ දරුවන් පිස්සු වට්ටන මේ අමනුස්ස අධ්‍යාපන ක්‍රමය එල්ටීටීඊය කුඩු කර දැමුවාක් මෙන් කුඩු කොට මනුස්සකම උඩ රැදුනු නව ක්‍රමයක් ගොඩ නගන්නටය.දරුවන්ගේ මනස් තුළ ඇති වන අසමතුලිතතාවයන් හදුනා ගෙන ඒවා සමනය කිරීමට ගත හැකි උපරිම පියවර ගන්නා ක්‍රමයක් ගොඩ නගන්නටය.

    ජනාධිපතිතුමනි, මීට අවුරුදු එකහමාරකට පෙර තම පියා අතින් අපචාරයට ලක් වූ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ දොළොස් හැවිරිදි දැරියක් තම සිරුරට ගිනි තියා ගත්තාය.ඇය කොළඹ ජාතික රෝහලේදී මහා දුකක් විඳ මියගියාය.ඇගේ මවට ඉතිරිවූයේ ඒ තාත්තා අතින්ම අපචාරයට ලක් වූ මන්දබුද්ධික දරුවෙකු පමණි.අර දරුවා සියදිවි නසා ගත්තේ තමා මෙන්ම නැඟණියත් අපචාරයට ලක්ව ඇති බව දැනගත් පසුය.අවුරුදු දොළහක දරුවෙකු ගිනි තියාගෙන මැරෙන්නට ඒ පුංචි හදවතේ මොන විදිහේ ගින්නක් ඇවිලෙන්නට ඇත්දැයි ඔබට හිතා ගත හැකිද? ජනාධිපතිතුමනි, යන්තම් අම්මේ තාත්තේ කියන්නට හැකි වයසේදී පටන් අපචාරයන්ට ලක්වෙමින් ළමා දිවියම කාළකණ්නි වී ගොස් අන්තිමේදී ගණිකාවන් ලෙස මහමඟට බැස සිරුර පිරිහී යද්දී දිවි ගැට ගහ ගන්නට අන් මඟක් නොදැන සියදිවි නසා ගත් සියදිවිනසා ගන්නට නියමිත දරු පැටවුන් පිරිසක් මේ රටේ සිටිති සිටියහ. මා ඔබෙන් ඉල්ලන්නේ දරුවන් ඛේදවාචකයෙන් ඛේදවාචකයට ගිල්වන මේ අපචාර පුළුවන් උපරිමයෙන් වැළැක්වීමටත් අපචාරයකට ලක් වුනු පසු එය හදුනාගෙන දයාබර මවක මෙන් බලා කියා ගන්නා උන්ට ජීවිතයට මුහුණ දෙන්නට උදව් කරන ක්‍රමයක් ගොඩ නඟන්නටය.මා ඉල්ලන්නේ අවුරුද්දකට දහස් ගණනක් දරුවන්ට සියතින් හුස්ම හිර කරගැනීමට බල කරන තවත් ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකට ආත්මාර්ථකාමී වැඩිහිටියන් වන්නට බල කරන මේ ක්‍රමය සුන්නද්දූලි කරන්නටය. එල්ටීටීඊයට එරෙහිව ගොඩනැඟූ යුධ පෙරමුණ මෙන් මහා එක් යුධ පෙරමුණක් මුළු ශ්‍රීලාංකික ජාතියම එක් කොට ගෙන දරුවන්ට එරෙහි හෑම බලවේගයකටම එරෙහිව ගොඩ නගන්නටය. නූතන ලෝකය අත් දැක ඇති සංවිධානාත්මකම යුද්ධයකට නායකත්වය දුන්නාක් මෙන් දරුවන් සම්බන්ධයෙන් ලෝකයේ පවතින හොදම දයාබරම හා සංවිධිතම ක්‍රමය ගොඩ නගන්නට නායකත්වය දෙන්නටය.

    ඒ සදහා වන යෝජනා කිහිපයක් මම මගේ ලිපියේ දෙවැනි කොටසින් ඉදිරිපත් කරන්නෙමි.එම යෝජනා එලෙසම ක්‍රියාත්මක නොකළාට කම් නැත.එත් පුරවැසියෙකු හා ඔබට ඡන්දය දෙන්නෙකු ලෙස මා සතු අයිතිය උඩ හිදිමින් ඔබතුමාගෙන් මම එක දෙයක් ඉල්ලමි.ඒ ‘මම දරුවන් සම්බන්ධයෙන් ලෝකයේ පවතින හොදම ක්‍රමය බිහි කරන්නෙමි’ය යන අධිෂ්ඨානයෙන් යුතුව සටනට එලඹෙන්නට කියායි.


    නමුත් මේ දෙයට ඒමට පෙර ඔබට විරුද්ධව භූමියෙන් සොයා ගත හැකි ප්‍රබලතම සටන්කරුවා මුළුමහත් ඒකාබද්ධ විපක්ෂය හා එක්ව සටනට පිවිස සිටින මේ මොහොතේ සම්පූර්ණයෙන්ම වෙනත් දිශාවකට මේ සටහන හැරවීමට අදහස් කරමි.

    දැන් ජයග්‍රහණ‍යේ තාත්තා කවුදැයි සොයමින් මහා විවාදයක් ඇරඹී තිබේ. මේ විවාදයට ඇතුළු වීමේ උවමනාවක් මට ඇත්තේ නැති නමුත් එක් දෙයක් කිව යුතුය.ප්‍රභූ ඝාතන විෂයෙහිලා එල්ටීටීඊය සැළකිය යුත්තේ ලොව මෙතෙක් බිහි වූ දක්ෂතම සංවිධානය වශයෙනි.රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයෙන් පසු මෙරට බොහෝ නායකයින් එල්ටීටීඊය විසින්ම යුද්ධ ප්‍රකාශ කර ගහන තෙක් ඔවුන් හා සටනට නොයාමට එක් ප්‍රධාන ඓහෙත් නොකියන හේතුවක් වූයේ තමන්ගේම පණට වූ ඇල්මය.ඔවුන් එල්ටීටීඊය හා සටන් වැදුනේ සටන් කිරීම හැර අන් විකල්පයක් නොමැති වූ විටය.ජනාධිපතිවරුන් මහපාරේ මැරී වැටෙද්දී ඇස් අහිමි වී යද්දී ඒ අයගේ පැත්තෙන් එය අසාධාරණ දෙයක් ලෙසද සැළකිය හැකි නොවේ. පරාජය කළ නොහැකි ගුප්ත සංවිධානයක් තම ඇස් පනා පිට පෙනෙද්දී තමාගේත් තම වැසියන්ගේත් ජීවිත ගැන සිතා නායකයෙකු සටනට නොයාමට තීරණය කිරීම ස්වාභාවික දෙයකි.

    හතර වන ඊළාම් යුද්ධයේ ආරම්භක මොහොත දෙස දැන් බලද්දී පෙනෙන්නේ එල්ටීටීඊය අන් හැම පැත්තකින් මෙන්ම ප්‍රභූ ඝාතන හැකියාවෙන්ද අන් කවරදාකටවත් වඩා ශක්තිමත්ව සිටි බවයි.චිත්‍රපටිවල කෙතරම් පෙන්නුවද ස්නයිපර් වෙඩික්කරුවන් ලවා අතිවිශේෂ ප්‍රභුවරයෙකු ඝාතනය කිරීම ඉතාම දුෂ්කර දෙයකි.ඉලක්කය ලබා ගත්තද බේරී පලා යාම දුෂ්කරය.කමාන්ඩෝ භටයන් එකසිය පණහකගේ ආරක්ෂාව ඇතුව සිටි කදීර්ගාමර් මහතා ඝාතනය ‍කරමින් එල්ටීටීඊය එයත් කළ අතර මා දන්නා තරමින් වෙඩික්කරුවන් වන්නියට පලා ගියේ ස්නයිපර් අවියත් රැගෙනය.


     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    වඩා භයානක දෙය වූයේ එය නොවේ. එල්ටීටීඊය රජයේ සන්නද්ධ සේවාවල ඉහළ පහළ මට්ටම් විශ්මිත ලෙස විනිවිද තිබුණි.දැනට දන්නා තොරතුරුවලට අනුව හමුදාවේ කර්නල් හා ඇතැම්විට මේජර් ජනරාල් නිල දක්වාත් පොලිසියේ පොලිස් අධිකාරී නිල දක්වාත් එල්ටීටීඊය රිංගා තිබුණි.ඇතැම් විට මින් එහාටත් එල්ටීටීඊ‍යේ අත් විහිද තිබෙන්නට පුළුවන.ජනාධිපතිතුමනි,මෙවැනි අවස්ථාවලට කියන්නේ ඉරණමට සීල් තබනවා කියාය. ඉලක්ක ගත ප්‍රභූවරයා‍ට වාසනාව හැර අන් පිහිටක් ඇත්තේ නැත.ඔහු දේශපාලනඥයෙකු වූ විට තර්ජනය තවත් ප්‍රබලය.යුද්ධයේ ඔබ හැරුණු විට වැදගත්ම මිනිසුන් දෙදෙනා වූ සරත් ෆොන්සේකා මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිටියේ සන්නද්ධ සේවා තුළට වූ එල්ටීටීඊයේ මේ රිංගා යාම නිසාම තම තමන්ට එල්ලවූ පළමු ප්‍රහාරවලින් පසුව තදබල ලෙස හුදෙකලා වූ ජීවිත ගත කරමිනි.එහෙත් දේශපාලන නායකයෙකුට එහෙම ඉන්නට නොහැකිය.ඔබ වැන්නෙකු එහෙම ඉන්නේත් නැත.ඔබතුමා ක්ලේමෝ බෝම්බවලට අසුවී මියගොස් සිටියවුන්ගේ නෑසියන් අතරට ගොස් ඔවුන්ව සනසන්නට හැදුවේය.ජනතාවට තියෙන ආරක්ෂාව මටත් ඇතියැයි කියමින් දැයට කිරුළේ පෝලිම් අස්සේ රිංගන්නට හැදුවේය.ඊලඟ දැයට කිරුළට අර කර්නල්වරයා හමුදා ඇදුමින් සැරසුනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු රැගෙන ආවේය.ඔවුන් දෙදෙනා ප්‍රදර්ශන භූමියට ඇතුළුවන්නට මොහොතකට පෙර දොරටු ආරක්ෂකයන්ට අස්වාභාවික ලෙස ලැබුණු දුරකථන ඇමතුම නොවන්නට ඔබතුමා මේ වන විට මළවුන් අතර ඉන්නට ඉඩ තිබුණි.මේ තර්ජනය යුද්ධයෙන් අනතුරුවත් පහව ගියේ නැත.බදුල්ලේ ඔබ රැස්වීමට පැමිණෙතැයි අනුමාන කළ තැන පොළව යට පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කොට තිබුණි.බදුල්ල නම කියූ විට අප කවුරුත් දන්නා නිතර රැස්වීම් පවත්වන වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේ එදා ඒ රැස්වීම නොපවත්වා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ එය පැවැත්වූයේ ඇයි?හොදට තෙම්පරාදු වූ මිනිසෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාවත් රැවටූ පොලිස් අධිකාරීවරයාත් එල්ටීටීඊ බුද්ධි අංශයේ ඉතිරිව සිටි පිරිසත් නිගමනය කළේ වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේ රැස්වීම පවත්වතැයි කියාය.නමුත් එසේ නොවූයේ ඇයිද කියා හරිහැටි උත්තරයක් දීමට රැස්වීමේ සංවිධායකයන්ටවත් හැකිදැයි යන්න සැක සහිතය.පැහැදිලිවම ඔබේ පණ බේරුණේ ආරක්ෂක අංශවල සුවිශේෂී දක්ෂතාවයකටවත් එල්ටීටීඊයේ සුවිශේෂී අදක්ෂකමකටවත් නොව හුදු වාසනාව නිසාය.

    ප්‍රභාකරන් මෙරටින් පළා නොගියේ කුමන හේතුවක් නිසාදැයි මට දැනෙන හැටියට කියන්නට කැමැත්තෙමි.වෙරළ තීරය හමුදාව විසින් වසා දමන තෙක්ම ඔහුට පළා යාමේ හැකියාව පැහැදිලිව තිබුණි.නාවික පවුරක් බැදීමේ කතා හුදු මිථ්‍යා පමණි.යුද්‍ධයේ අන්තිම වෙලාවේදී පවා මේ පවුර විනිවිද ඉන්දියාවට හා නැගෙනහිර ආසියාවට මිනිසුන් පළා ගියහ.නමුත් මේ දෙය නාවික හමුදාවේ දුර්වලකමක් නොව නාවික ආරක්ෂාවේ ස්වභාවය නිසා ඇති වන තත්වයකි. ප්‍රභාකරන්ට තම මරාගෙන මැරෙන යාත්‍රා සමූහයට මුවා වී ඒ ගමන වඩා පහසුවෙන් යාමේ හැකියාව තිබුණි.නමුත් ඔහු ඒ සඳහා යම් අවදානමක් දැරිය යුතුවිය.ඔහුගේ තක්සේරුව වන්නට ඇත්තේ ඒ අවදානමට වඩා වැඩි අවදානමක ගෙවී යන මොහොතක් පසා ඔබ සිටින බවයි.යුද්ධය කල් ඇදෙන්නට ඇදෙන්නට ඔබව බිල්ලට ගැනීමේ ඉඩ වැඩි වන බවත් ඔබව මරා ගත් පසු හමුදාවේ බිංදුවටම බසින මොරාල් එකත් තම සෙබලුන්ගේ අහස උසට නඟින මොරාල් එකත් මත හිදිමින් යුද්ධය ආපස්ස‍ට හරවන්නට තමන් භූමිය තුළ සිටිමින් අණ දීම අත්‍යාවශ්‍ය බව ප්‍රභාකරන් තේරුම් ගෙන සිටින්නට ඇත.ඔබ මුහුණ දුන්නේ එවැනි අවදානමකටය.

    නමුත් ඔබතුමා මට දේවාරක්ෂාව ඇතැයි කියමින් එහෙ මෙහෙ රිංගන්නට ගොස් රටම අනාථ කරන්නට ඉඩ ඇති හෙයින් දෙයක් කියන්නට උවමනාය.ඝාතන ප්‍රයත්න දොළහකින් ගැළවුනු ‍චෙච්නියානු ජනාධිපතිවරයා 2004 වසරේදී ඝාතනය වූයේ බදුල්ලේදී ඔබව ඉලක්ක කොට එල්ටීටීඊය කළ පරිද්දෙන් රැස්වීම් බිමේ කල්තබා වැළලූ බෝම්බයකට හසුවීමෙනි.

    ජනාධිපතිතුමනි, ඔබතුමා ජීවිතය ඔට්ටුවට තබා දිනා දුන්නේ මොන විදිහේ දෙයක්දැයි කියන්නට උවමනාය.එල්ටීටීඊය 2005 වසර අවසාන වන විට හිටියේ අන් කවරදාකටත් වඩා ශක්තිමත්වය.කරුණාගේ කැඩී යාමෙන් ඔවුන් මදක් දුර්වලව සිටි නමුත් ගතවූ වසර කිහිපය තුළ එම පිරිස් බලයත් නැවත ලබා ගෙන තිබුණි. 3000කට අඩු සෙබළුන් පිරිසක් සමඟ වාකරේට මුහුදෙන් ගොඩබැස්ස එල්ටීටීඊය 6000ක සෙබළුන් පිරිසක් සිටි කරුණාට දුවන්නට ගැසූ ආකාරය මතක මම කරුණා සාධකය මහ ලොකු දෙයක් කියා විශ්වාස කරන්නේද නැත.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    කවර මට්ටමින් ගත්තත් ගරිල්ලා සංවිධානයක් ලෙස එල්ටීටීඊය අත් කර ගෙන සිටි ශක්තිය සමහරවිට දෙවැනි වන්නේ වියට්නාම් ගරිල්ලන්ට පමණක් විය හැකිය.ඊට පිළිතුරු ලෙස රජයේ හමුදා සිටියේ තම මූලස්ථානයේදීම හමුදාපතිවරයාට එල්ටීටීඊය අතින් පහරකන්නට සිදුවන තත්වයකය.ජනාධිපතිතුමනි, ඒ වෙලාවේ එල්ටීටීඊය කවුරු කොළඹ බලයේ සිටියත් සටනට එළඹෙන්නේය.දුර්වල නායකයෙකු හිටියා නම් එල්ටීටීඊය යාපනයත් ත්‍රිකුණාමලයත් අල්ලා ඊළම පිහිටුවන්නට සෑම අතින්ම ඉඩ තිබුණි.

    අපේ සමහරෙකු හිතන්නේ ඉන්දියාව කවදාවත් ඊළමක් පිහිටුවන්නට ඉඩ නොදෙනු ඇති බවයි.නමුත් ඉන්දීය සාධකය පිළිබද විශේෂඥයෙකු සේ සැළකිය හැකි මලිත් ජයතිලක මහතා මීට වසර කිහිපයකට පෙර ලියා තිබූ දෙයක් මෙහි කිව යුතුව තිබේ.එල්ටීටීඊය 2000 වසරේදී යාපනයට කඩා වදිද්දී එවකට පැවති රජය ඉන්දියා‍වෙන් යුධ ආධාර ඉල්ලුවද ඔවුහූ එය ලබා දීම ප්‍රතික්ෂේප කළහ.ඔවුන් එකඟ වූයේ භට පිරිස්වලට නැව් මඟින් යාපනයෙන් පසු බැසීමට උපකාර කිරීමට පමණි.ඒ වෙලාවේ යාපනය වැටුනා නම් ඊළමේ සියයට හැත්තෑ පහක් සම්පූර්ණ වන්නේය. ඊළම ඉන්දියාවට තර්ජනයක් වුවද එය බිහිවනවාට ඉන්දියාව අකමැති වුවද තම මිලිටරි හා ආර්ථිකමය ශක්තිය මඟින් තමිල්නාඩුවට ඊළමෙන් වන බලපෑම අවම කර ගන්නට හැදීම නැවත ලංකාවට ගොඩ බැස සටන් කරනවාට වඩා ඵලදායක බව ඉන්දියාවේ තක්සේරුව වන්නට ඇත.තලේබාන් පාලනය හා සුහදත්වයෙන් කටයුතු කළ පාකිස්තානය මෙන් ඉන්දියාවත් අලුත උපන් ඊළාම් රාජ්‍යය හා ගනුදෙනු කරන තැනකට යන්නට ඉඩ තිබුණි.

    දැන් ජනරාල්තුමාගේ පිරිසට එදත් අදත් ඊළම පිහිටු වීම නැවත් වූයේ සරත්යැයි කියා තර්ක කළ හැකිය.ජනරාල්තුමාගේ කඳවුරට ඔබතුමා සම්බන්ධයෙන් කළගුණ අමතක වුවද අපට ජනරාල්තුමා සම්බන්ධයෙන් කළගුණ අමතක කළ නොහැකිය. ඔහු දැන් ගෙන තිබෙන මඟ මා විවේචනය කරන්නේ වුවද තිස් අවුරුදු යුද්ධය පුරාවට ඔහු කළ කාර්යභාරය අවතක්සේරු කරන්නට නොකමැත්තෙමි.අනික් අතට වඩා ශ්‍රේෂ්ඨ සේනාධිනායකයාද සෙන්පතියාද වැනි විවාදවලට සාර්ථක පිළිතුරු ඇති තරම් පහුගිය කාලයේ වෙනත් අය දී ඇත.ඒ කඳවුරේ අය ඕනෑ දෙයක් කියා ගත්තාවේ.

    ජනාධිපතිතුමනි, එල්ටීටීඊයත් රජයේ හමුදාත් එදා සිටි තත්වය දෙස බලද්දී නිසැකවම කිව හැක්කේ ඊළමක් බිහිවීමට සෑම අතින්ම ඉඩ තිබූ බවයි.එය වැළැක්විමට ඉන්දියාව හෝ වෙන කවුරුවත් අපේ මව් බිමට හිටියේ නැත.තිබුණේ මව් බිමේ දරුවන්ගේම හයිය පමණි. එහෙත් සිංහලයන්ගේ හැටි දන්නා බැවින් එදා ඊළම බිහිවුනත් එය ස්ථාවර එකක් වනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැත.නිසැකවම සිංහලයන් ඊළමට පහර දෙනු ඇත.නමුත් එවිට අපේ දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට නොව ත්‍රස්තවාදී රාජ්‍යයකටය.එවැනි රාජ්‍යයක් බිහි වූ පසුව ප්‍රභාකරන් මත නොව ස්වාධීනව පැවැත්ම තහවුරු කර ගන්නට ඊට හැකියාව ලැබේ. ජනාධිපතිතුමනි, එදා ඔබතුමා ඒ බිහිසුණු මොහොතේ කටයුතු කළ බුද්ධිමත් හා නිර්භීත ආකාරය නිසා නොවන්නට සියවස් ගණනක් පුරාවට සිංහල දෙමළ දරුවන්ගේ ලේ මේ රට පුරා ගලන්නට ඉඩ තිබුණි.

    ඔබතුමා එදා කළ කිසිවක් මේ අයට දැන් වැදගත් නැත.ඒ අයට අනුව ඔබතුමා දුන් උණ්ඩයක්වත් යුද්ධයේදී භාවිතා වී නැත.ඔබතුමා කරපු දේවල් එකක්වත් මා මෙහි කියන්නට යන්නේද නැත.නැවතත් කියන්නට ඇත්තේ ඒ අය ඕනෑ දෙයක් කියා ගත්තාවේ කියායි.

    මා කෙළින්ම කියන්නේ ඔබතුමා මුළු ලංකා ඉතිහාසය පුරාවටම බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයන් කිහිප දෙනාගෙන් කෙනෙකු බවයි.නිදහසින් පසු බිහිවූ අන් කිසිම නායකයෙකුට වඩා ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙකි.‍නොගැඹුරු දේශපාලන වාසි වෙනුවෙන් සහෝදර දෙමළ ජනතාවගේ පුරවැසි හා භාෂා අයිතීන් නැති කිරීමේ පටන් දෙමළ ජනතාවගේ සාධාරණ වේදනාවන් කොල්ලකා ගත් එල්ටීටීඊයට හිතූ හිතූ හැටියට නටන්නට ඉඩ දීම දක්වා මේ අය කළ පවුවලට කර ගහන්නට වූයේ ඔබටය.

    ඔබට සම කළ හැකි නායකයෙකු මේ රටේ මීට වසර දාහකට පමණ පෙර සිටියේය.ඒ නායකයාත් ඔබත් අතරතුර කාලයේ සිටි මහා පරාක්‍රමබාහු රජතුමා පවා ඔබ දෙපළට දෙවැනි වන්නේය. මහා පරාක්‍රමබාහු රජතුමා මෙතරම් තීරණාත්මක මොහොතකට මුහුණ දුන්නේ නැත.තවත් කාරණයක් ඇත. එතුමා පෙර නොවූ විරූ බලසම්පන්න තැනකට ලංකාව ගෙනආවද අපේ සම්ප්‍රදායට නොගැ‍ලපෙන ලොකු අතු අල්ලන්නට යෑම හේතුවෙන් රජතුමාගේ මරණින් පසුව මහා පිරිහීමක් ඇතිවිය.රජරට ශිෂ්ටාචාරය බිදවැටීමට එක් හේතුවක් ලෙස ඇතැම් ඉතිහාසඥයන් දක්වන්නේ පරාක්‍රමබාහු රජතුමා ‍ සීමාව ඉක්මවා බලය හා ධනය හඹා යෑමට රටට බලකිරීමය.

    මා මේ කියන්නට හදන නායකයා මහා විජයබාහු රජතුමාය.පරණවිතානයන් කියන්නේ එතුමා නොසිටින්නට සිංහල ජාතියක් පවා නොතිබෙන්නට ඉඩ තිබූ බවයි.එතුමා සටන් වැදුනේ ඉන්දුනීසියානු දූපත්වල සිට ගංගානම් ගංගාව දක්වා බලය විහිදුවා සිටි මහා චෝළ අධිරාජ්‍යයට විරුද්ධවය.නමුත් ඔහු පොළොන්නරුවට තම සේනාංක මෙහෙයවද්දී ඔහුට මුහුණ දෙන්නට දෙමළ ජාතිය එතෙක් බිහි කළ දක්ෂතම රණශූර නායකයන් දෙදෙනා වූ රාජ රාජ චෝළ හා රාජේන්ද්‍ර චෝළ අධිරාජවරුන් දෙදෙනා ජීවතුන් අතර හිටියේ නැත. රාජේන්ද්‍ර චෝළ විජයබාහු කුමරා සටන්බිමට ඒමට දශක දෙක තුනකට පෙර මිය ගියේය.නමුත් වන්නියට කඩා පනින්නට ඔබේ හමුදාවට ඔබ අණ දෙද්දී ඊට මුහුණ දෙන්නට දෙමළ ජාතිය එතෙක් මෙතෙක් බිහි කළ දක්ෂතම රණශූරයා වූ ප්‍රභාකරන් ජීවත්ව සිටියේය.නමුත් ජනාධිපතිතුමනි මේ සටන නිමා කිරීමට ඔබට ගත වූයේ වසර තුනක් පමණක් වුවද චෝළයන්ට විරුද්ධව දහනව අවුරුද්දක් තිස්සේ සටන් කරන්නට රජතුමාට සිදුවිය.පහළොස් වන වියේ පටන් ඔහුගේ මුළු තරුණ කාලයම ගත වූයේ සටන් වෙනුවෙනි. ඔබේ ස්වර්ණමය සළකුණ වන ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍යයක් සතු ශක්‍යතා ඔබට තිබුණි.එහෙත් විජයබාහු රජතුමාට අධිරාජ්‍යයක් සමඟ සටන් කරන්නට තිබුණේ පරණවිතානයන්ගේම වචනයෙන් කිවහොත් නිර්භීතකමත් අධිෂ්ඨානයත් පමණි .මට විජයබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය උදුරා ගත නොහැක්කේ එහෙයිනි.

    අනන්ත වේදනා මැදින් ගලා ගිය රජතුමාගේ ජීවිතය ගැන පුංචි දෙයක් ඔබට කිව යුතුය.ජනාධිපතිතුමනි මීට වසර හැටකට පමණ පෙර මැදමුලනට ටිකක් උඩහින් වන පනාකඩුව ගමෙන් තඹ සන්නසක් හමු විය.ඒ සන්නස සැළකෙන්නේ අප රට සතු වටිනාම ලේඛන කිහිපයෙන් එකක් ලෙසය.එතරම්ම එය වටින්නේ ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම නායකයායැයි පරණවිතානයන් හදුන්වන විජයබාහු රජතුමා තමන්ගේ වචනයෙන්ම තම වේදනාබර අතීතය ගැන පවසන නිසාය.ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙකුගේ හඬක් එතරම් සංවේදී ලෙස ඇසෙන්නේ නැත.තමන්ව ළමා වියේ පටන් රැක බලා ගත් රුහුණේ දණ්ඩනායක සිත්නරුබිම් බුදල්නාවන්ට කළ ගුණ සැළකීම පිණිස දෙන මේ ලියවිල්ල පුරාම චෝළ හා තමන්ගේම සිංහල ජාතියේ ඝාතක කණ්ඩායම්වලින් පණ බේරා ගන්නට රුහුණේ වනාන්තරයෙන් වනාන්තරයට යමින් වන මුල් ආහාරයට ගනිමින් දිවි රැක ගත් දරුවෙකුගේ කතාව ගලා ගෙන යයි.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හදවතටම වදින්න ලියලා තියනවා
    ඒත් මචන්,, ජීවිතයේ අපිට අපිමවත් නැති තරමට දාට
    දිවි නසා ගන්නවා හැර වෙන මොනවා කරන්නද
    ඒකට බැනලා වැඩක් නෑ
    මගේ අදහස තමන්ගේ ජීවිතය නැති කර ගන්නත් හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියන එක
    ඒත් අපරදේ ඒ ශක්තිය ප්‍රයෝජනවත් වැඩකට යොමු කලා නම් කොච්චර රටට වැඩදායීද................:(
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ජනාධිපතිතුමනි, ජීවිතයේ අත් විඳි වේදනාවන්ගේ පරිමාව ගතහොත් ඔබතුමා විජයබාහු රජතුමාටත් වඩා දුක් විඳ ඇත.යන්තම් තරුණ වියට එද්දී ජන්දයෙන් පැරදී ණයබරින් මිරිකී සිටි තාත්තා මිය ගියේය.ජීවිතයේ ලස්සනම දවසයැයි ඔබතුමා කියන්නේ දියණිය උපන් දවසයටය.ඒ ලස්සනම දවසින් පස් මාසයකට පසු අඳුරුම දිනය උදා කරමින් දියණිය යන්නට ගියාය.ඒ සිදුවීමෙන් අවුරුද්දකට පසු බොහෝ කාලයකට පෙර අහිමි වී තිබූ බලය ආපසු ගන්නට හැදූ වෑයම කොල්ලකන්නට පැමිණි මැර හමුදාවක් සමඟ හැප්පීමේ වරදට හිරේ යන්නට සිදුවිය.හිරේදී පිරිහී ගිය සිරුරින් යුතුව සිටි තම පුතණුවන් දුටු අම්මා ලය පැළී මියගියාය.අන්තිම මොහොතේ අම්මා ලඟ ඉන්නට මාංචු පිටින් දුවද්දී අම්මාගේ හුස්ම ටික ගොස් තිබුණි.මහ පාරේ ටයර් මත අවසන් ගමන් යැවූවන් වෙනුවෙන් සටන් කරද්දී අත දරුවෙකු අතින් ගත් ඔබේ බිරිඳට බෝම්බ හා වෙඩි වරුසාවන්ට මුහුණ දෙන්නට සිදුවිය.කියන්නට ඔවැනි දේ නම් ඇති තරම් ඇත.

    ජනාධිපතිතුමනි, පනාකඩුව සන්නස තුළ එන ලස්සන දෙයක් සන්නස සොයා ගැනීමට දායක වූ කඹුරුපිටියේ වනරතන මහනාහිමියන් නිරීක්ෂණය කොට ඇත.විජයබාහු රජතුමා තමාව එහි හදුන්වන්නේ නිකම්ම නිකම් ‘වැඩිතැන’ කියාය.වර්තමාන වහරින් ගත්තොත් ‘මහතා’ යන වචනයට ටිකක් සමානය.‍චෝළ අධිරාජ්‍යයේ ගෙදරටම ගොස් ගහලා එන්නට තරම් හැකියාවක් තිබූ ඔහුට අවශ්‍යතාවයක් තිබ්බා නම් සෝබන නම් වැලක් තම නමට ඈදා ගන්නට තිබුණි.නමුත් බොරු අහංකාරකම් රජතුමා තුළ තිබුණේ නැත.ඔබතුමාට ද දිව උලුක්කු වෙන වර්ගයේ නම් තොගයක්ම ඇත.නමුත් යුද්ධය දිනූ දවසේ සැණකෙළි බලමින් යද්දී දෙහිවල පැත්තේදී මෝටර් රථයේ වීදුරුවෙන් අත වනද්දී තරුණයෙකු ‘අන්න මහින්ද මහත්තයායි’ කියද්දී ‘ඒ නම් බෙලිඅත්තෙ කොල්ලෙකි’යි කියමින් ඔබතුමා කුල්මත් වුනේය. ඔබව මරණයෙන් බේරා ‍ගන්නට ගොස් වෙඩි වැදුනු හිතෛෂියෙකු ඔබේ අත් දෙක මතම මියයද්දී අන්තිමට කියූ ‘මහින්ද මහත්තයා’ යන වචන දෙකට ඔබ තවමත් ආදරේ කරන්නේය.දියේ ගිලෙන්නට ගිය තමන්ව බේරාගත් හීන කුලයක තරුණයෙකු රාජකීය දේහයට අත තිබ්බායැයි කියා මරා දැමූ රජවරුන් හිටි මේ රටේ ඔබතුමන්ලා විජයබාහුලා වැනි මහා නායකයන්ගේ පිරුණු වී කරළක වැනි නිරහංකාරකම බලන්නට ලස්සනය.

    නායකයන් දෙදෙනාගේ ජීවිතයේ අනිත් පැත්තත් එලෙසමය.ගහන්නට හිතූ විට යක්ෂයාටවත් නතර කරන්නට බැරිය.විජයබාහු රජතුමාගේ එක් ප්‍රබල සේනාංකයක් ඔහුට විරුද්ධව කැරළි ගැසුවේය.රජතුමා අගනුවර අතහැර පසු බැස්සේය.ටික දිනකට පසු කැරැල්ල සුණුවිසුණු කරමින් රාජකීය සේනාව අගනුවරට කඩා වැදුනු අතර රජතුමා කෝපයෙන් දිලිසෙමින් සිංහාසනයේ අසුන් ගත්තේය.ඉන්පසුව සටනේදී මිය ගිය තම සෙන්පතීන් දවන සොහොනටම කැරළි නායකයන් විසි කර දැම්මේය.මුල්කිරිගල අතුරු මැතිවරණයේදී කුලබේදය අවුස්සමින් හාමුදුරුවරුන්ට පිහියෙන් අනිමින් පොලිස් රැකවරණ ඇතිව ජන්දය කොල්ල කන්නට පැමිණි මැර හමුදාවේ දෙදෙනෙකුට මැරුම් කන්නට සිදුවූ අතර හම්බන්තොට දිස්ත්‍රික් සීමාව තෙක් එළවාගෙන ගොස් කොටු කරනු ලැබූ කල්ලි නායක ගෝනවල සුනිල් යන්තම් කොළඹට බඩ ගා ගත්තේ පණ බේරා දුන්නාට පොලීසියට දහ අතේ පින් දෙමිනි. එල්ටීටීඊය කෑවේත් ඒ පෝරියල් එකමය.

    තවත් දෙයක් ඇත.ඔබ මෙන්ම ඔහු තුළද තුට්ටු දෙකේ ජාතිවාදයක් තිබු‍ණේ නැත.ළමා හා තරුණ කාලය පුරා ශිව භක්තික චෝළයන් වෙතින් බැට කෑවද බලයට පත් වූ විට තම නමින්ම ශිව දේවාලයක් කරවූයේය.ඔහු දළදා වහන්සේගේ ආරක්ෂාව භාරදුන්නේද දෙමළ සේනාංකයකටය.අද සුළු ජන ප්‍රේමීන් වී සිටින විපක්ෂයේ අයගෙන් ඇතැමෙකු කළු ජූලියේ බලකණු වී සිටියහ.පහුගිය කාලයේ මේ අයගෙන් ඇතැමෙකු හරි හෝ වැරදි හෝ වේවා තම වෙනස් වූ මතයේ දැඩිව පිහිටමින් අවංකව ඒ සහෝදර ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බව ඇත්තය.නමුත් ජීවිතයේ කිසි දිනක අන්ත ජාතිවාදය පස්සේ නොගිය ඔබට හිමි අතීතය ඔවුන්ට ඇත්තේ නැත. ඒ අයට අලුතෙන් එක්ව සිටින කෙනෙකු නම් මේ සහෝදර ජාතීන් සුළු විදිහට සිටිය යුතුයැයි කියමින් යුද්ධය දිනා ගෙන එද්දී තර්ජනය කළේය.මේ අය අතරින් සමහරෙකු ‍ඔබ සිටින තැන සිට යුද්ධය කළා නම් අහිංසක දෙමළ ජනතාවගෙන් විසි තිස් දහසක‍ට මැරුම් කන්නට ඉඩ තිබුණි.මේ අය අනුකම්පා විරහිතව ජේවීපී කැරැල්ල මර්ධනය කළේත් දහයක් මැරුවොත් එක ජේවීපීකාරයෙක් හිදීවිය යන අනුපාතයට අනුවය.කොයි යුද්ධයත් අමානුෂිකය.මානුෂික යුද්ධ ඇත්තේ නැත.නමුත් සාධාරණ යුද්ධ ඇත.එවන් යුද්ධයක් සඳහා මනුෂ්‍ය ස්පර්ෂයක් තිබිය යුතුය.බොහෝ අඩුපාඩුකම් මැද්දේ වුවත් ඒ ස්පර්ශය වූයේ ඔබතුමාය.

    ජනාධිපතිතුමනි, ඔබ හා විජයබාහු රජතුමා අතර තැබිය හැකි තවත් නායකයෙකු හම්බන්තොට තැනිතලාවේ විජයබාහු රජතුමාටත් වසර දාහකට පමණ පෙර සිටියේය. ඔබ හා විජයබාහු රජතුමා මුහුණ දුන් සතුරු බලවේගයන්ගේ ප්‍රබලත්වය මේ නායකයා මුහුණ දුන් බලවේගයට වඩා ප්‍රබලය. නමුත් මේ නායකයා ඔබ දෙපළට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ඔබ දෙදෙනා ලබා ගත් ජයග්‍රහණයන්ට මූලය වූ මනුෂ්‍යත්වයේ ස්පර්ශයකින් හෙබි අපරාජිත සිංහල මිලිටරි සම්ප්‍රදාය එතුමා විසින් ආරම්භ කිරීමත් ඒ ඔස්සේ ජාතියේ පදනම දැමීමත් නිසාය.උදාරත්වය අතින් ඔහු ඔබවත් විජයබාහු රජතුමාවත් අභිබවා යයි.ලංකා ඉතිහාසයේ පමණක් නොව මනුස්සකම හා උදාරත්වය අතින් ඔහුගේ මට්ටමේ නායකයන් ලෝක ඉතිහාසයේ පවා හිටියේ දෙතුන් දෙනෙකි. මේ නායකයා අන්තිම හුස්ම හෙලුවේ තමා මහත් සේ ඇලුම් කළ ගොඩනැඟිල්ලක් දෙස බලා ගෙනය.ෂාජහන් අධිරාජ්‍යයා අන්තිම හුස්ම හෙලුවේත් එවැනි ගොඩනැඟිල්ලක් දෙස බලා ගෙනය.ප්‍රේමයේ අමරණීය සංකේතය වන ඒ ටජ්මහලේ කිරිගරුඩ පුවරු යට වහලුන් සේ වැඩ ගත් මිනිසුන් දහස් ගණනකගේ ලේ කදුළු හා දහඩිය තැවරී තිබුණි.ටජ්මහල් නිර්මාණ ශිල්පියා තවත් එවැන්නක් හදතියි බිය වී ඔහුගේ ඇස් අන්ධ කරන ලදී.ලෝක ඉතිහාසයේ බොහෝ අමරණීය නිර්මාණ යට සාමාන්‍ය ජනයාගේ මහා වේදනා රැදී ඇත.නමුත් අපේ නායකයා මේ ගොඩනැඟිල්ල හදන්නට පෙර මහාවංශ වචනයෙන්ම කිවහොත් ජනයා නොපෙළා මහසෑය හදාගන්නේ කොහොමදැයි සිතුවේය.මේ රත්තරන් නායකයා තම ගොඩනැගිල්ලට හොරෙන් ගඩොලක් තැබූ හිමිනමක් පස්සේ පවා එළවා ගෙන ගොස් ඊට ගැළපෙන ප්‍රති උපකාරයක් කළේය.තමන්ට හිමි පින් අඩු වෙතැයි අරවා මේවා කියමින් විවිධ හේතු දක්වමින් කාගෙන්වත් නිකම් වැඩක් ගත්තේ නැත.

    ගරු නොකළ යුතු තැන තමන්ගේ තාත්තාටවත් ඔහු ගරු කළේ නැත.ගරු කළ යුතු තැන ළමා වියේ සිටම පරාජය කළ යුතුයැයි අධිෂ්ඨාන කොට ගෙන සිටි තමන්ගේ හතුරාටත් ගරු කළේය.කෝප වූ විට ඔහුගේ කෝපයේ තරම දන්නා සොහොයුරා පණ බේරා ගත්තේ පන්සලක ඇදක් යටට රිංගා ගැනීමෙනි.ජනාධිපතිතුමනි ඒ නායකයා කවුදැයි ඔබ දන්නේය.යුද්ධය දිනා පැවැත්වූ ජයවර්ධනපුර උත්සව වේදිකාවේදී අර මහලු මාතාව ඒ නායකයා නැවත උපන් ඔබමයැයි කියද්දී ඔබතුමා ලැජ්ජාව මුසු ආඩම්බරයකින් හිනාවුනේය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ලංකා ඉතිහාසය බිහි කළ ශ්‍රේෂ්ඨතම නායකයන් තිදෙනා අඩු වැඩි වශයෙන් එකම ගතිගුණ ඇතිව එකම භූමියක උපන්නේ කෙසේද කියා කියන්නට මට හරියටම නොහැකිය.මුල් දෙදෙනාට තිබූ හම්බන්තොට මූලයන් අපි මඳකට අමතක කරමු.මුළු ජාතියම බිත්තියට හේත්තු කර සිටි මේ අන්තිම තීරණාත්මක මොහොතේ ජාතිය ගලවා ගත් නායකයා සංවර්ධිත බස්නාහිර පළාතෙන් හෝ මහනුවරින් හෝ වෙන කොහෙන් හෝ බිහි නොවුයේ ඇයි? දුප්පත්කමින් හෙම්බත් වී ගිය කදුළේ හා රුධිරයේ බිමෙන්ම මේ නායකයා බිහිවන්නේ කොහොමද? වර්ග කිලෝමීටර් හැටපන්දහසක් විශාල මේ රටේ වෙන කොහෙන්වත් බිහි නොවූ නායකයා සියවස් ගණනක් තිස්සේ අතහැර දැමූ වර්ග කිලෝමීටර් දෙතුන් දාහක බිමකින් තම අතීත පූර්වගාමීන් දෙදෙනා මෙන්ම බිහිවන්නේ කොහොමද?

    මේ නායකයන් තිදෙනාගේම ප්‍රධානතම දුර්වලකම ගැනද යමක් ඔබට කිව යුතුය.ඊට පෙර මහාවංශයේ පනස්නව වන පරිච්ඡේදයට කියන නම ඔබට දැක්විය යුතුය.’විජයබාහු රජුගේ ඥාති සංග්‍රහ’.එකසිය එකක් වූ මහාවංශයේ පරිච්ජේද හා සියගණනක් වූ අනු පරිච්ඡේද මොකකටවත් එහෙම නමක් ඇත්තේ නැත.දුටුගැමුණු රජතුමාට ‍ලොකු නෑදෑ පිරිසක් හිටියේ නැති නමුත් පරපුර ගැන ලොකු හැඟීමක් ඔහුටත් තිබුණි. තමා මෙන්ම නිර්භීත තීරණ ගත් සාලිය කුමරුට රජ්‍යත්වය නොදී පරපුර ගැන හිතමින් යුද්ධයේ දුර්වල සද්ධාතිස්සයන්ට එය පැවරීමේ වක්‍ර ප්‍රතිඵලය වූයේ දශක කිහිපයකට පසු රට නැවතත් විදේශ ආක්‍රමණයකට ලක් වීමය.

    ඔබ තිදෙනාම තමන්ගේ සොහොයුරන් ඉතාම ඵලදායී ලෙස ප්‍රධාන සටන වෙනුවෙන් භාවිතා කළ අතර ඒ සටනින් අනතුරුවද රටට වැඩදායී ලෙස භාවිතා කළහ. විජයබාහු රජතුමාට පසු කාලයේ මුහුණදීමට සිදුවූ කැරළි පවා මර්ධනය කළේ ඔහුගේ බාල සොහොයුරාය.පනස්නව වන පරිච්ඡේදයට ඥාති සංග්‍රහ යැයි නම් දුන්නද එහි සඳහන් වන රටේ ධනය කොල්ල කන ඥාති සංග්‍රහයක් ඇත්තේ නැත. පරිච්ඡේදයේ වැඩි කොටසක ඇත්තේ කැරළි ආදිය ගැන විස්තර විනා ඥාති සංග්‍රහ ගැන විස්තර නොවේ.විජයබාහු රජතුමාට වඩා කීප ගුණයකින් ඥාති සංග්‍රහයේ යෙදෙමින් රටට කිසිවක් නොකළ නායකයෝ මහනුවර යුගයේ අවසානය තෙක්ම සිටියහ. විජයබාහු රජතුමා අතින් සිදු වූයේ රජයේ ඉහළ තනතුරුවලට ඥාතීන් පත් කිරීමය.තමන් සමඟ සිටියවුන්ම කැරළි පිට කැරළි ගහද්දී රජතුමා ගත් ඒ පියවරේ මහලොකු වැරැද්දක් ඇත්තේත් නැත. නමුත් රජතුමාගේ මරණයෙන් පසුව මේ ඥාතීන් එකිනෙකා මරා ගැනීමට පටන් ගත් අතර අන්තිමේදී දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධයකට රට තල්ලු වී ගියේය.

    ඔබේ අවශේෂ ඥාතීන් කොහොම වුනත් සොහොයුරන් සම්බන්ධයෙන් ගතහොත් නම් හානිය සිදු වන්නේ රටට නොවෙ ඔබතුමාටමය.මේ අයගෙන් රටට වුනේත් වන්නේත් සේවයක් මිස හානියක් නොවේ.ඔබෙන් පසුව පවා මේ අයටම හානියක් වනු විනා රටට විය හැකි මහලොකු හානියක් නැත.‍‍‍‍ මේ වන විට ආණ්ඩුව තුළ සිටින කාර්යශූරම මිනිසුන් දෙදෙනා වන්නේ ඔබේ බාල සොහොයුරන් දෙදෙනාය.ගෝඨාභය රාජපක්ෂ කොතරම් දක්ෂයෙක්දැයි පෙනෙන්නේ මොසාඩ් හා සීඅයිඒ මට්ටමේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කරන විටය.නමුත් මාස කිහිපයකට පෙර නිදහසින් පසු අන් කිසිදු නායකයෙකු නොසිටි තරම් බලසම්පන්න තැනක සිටි ඔබට මෙතරම් ප්‍රබල ප්‍රහාරයක් කෙටි කලක් තුළ එල්ල කිරීමට විපක්ෂය සමත් වූයේත් මේ දෙදෙනාත් සොහොයුරන් හා පුතුන් නොවන හැටහුටාමාරක් වූ වෙනත් නෑයනුත් නිසාය.

    අද වන විට අයිතිය අවිනිශ්චිත මධ්‍ය හා මහා පරිමාණ දේපළ සියල්ලම පාහේ රාජපක්ෂවරුන්ට අයත්යැයි කියන තරමට මේ ප්‍රහාරය ප්‍රබල වී තිබේ.ඔබ කළ හැම සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළකටම දූෂණයක් පටලවමින් තිබේ.ගසා කෑවායැයි කියන සමහර මුදල් කන්දරා දෙස බලද්දී ඒ සංවර්ධන යෝජනා ක්‍රම මිහිපිට තියෙන්නට බැරිය.ඉදිකිරීමට යන මුදලින් සියයට හැත්තෑපහකට වඩා කොල්ලකා ඉදිකිරීමත් අඩුපාඩුවකින් තොරව නිම කරන්නට ඔබලා මාර වැඩකාරයන් විය යුතුය.එක කොළ කෑල්ලක් හරියට නොපෙන්වද්දීත් මිනිසුන් මේ කතා පිළිගන්නවා පමණක් නොව විපක්ෂයේ මෙහෙයවීමක් නොමැතිවම තමා දන්නා දේපළවල අයිතිය රාජපක්ෂලාට ලියා දෙති.

    මට ඔබත් ඔබේ නෑයනුත් හම්බකරනවාය කියාත් හම්බ නොකරනවාය කියාත් සහතිකයෙන් කියන්නට බැරිය.ඔබ දූෂණයට විරුද්ධව සටන් කළේ නැති අතර රජය තුළ සිටින දූෂිතයන් ගැන කිසිදු පියවරක් ගත්තේ ද නැත.නමුත් පහුගිය කාලය පුරා යුද්ධයට මුවා වී ඉතාම පහසුවෙන් ජාතික දේපළ විකුණා හත් මුතු පරම්පරාවටම හරියන තරමේ කොමිස් මුදල් අත මිට මොළවා ගන්නට හැකියාව තියෙද්දීත් ඔබ ඒ එකම එක දේපළකටවත් අත තිබ්බේ නැත. මිහින් ලංකා හා හෙජින් වැනි අසාර්ථක කළමනාකරණ හා මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ඇද වැටුනු ආයතනයන් හා ක්‍රමයන් දූෂණ සිද්ධීන්ට පටළවනවා විනා ඔබට විරුද්ධව විකුණා ගෙන කෑවාය කියන්නට හෝ මහා වංචාවක් කළාය කියන්නට හෝ හරි හැටි චෝදනාවක් මේ අය ලඟ නැත.ඔබට මෙන් මුවා වෙන්නට මෙවැනි සාර්ථක යුද්ධයක් නොතිබියදීත් ඔබට පෙර සිටි නායකයන් තුට්ටු දෙකට මේ දේපළ හතළිහ පනහ විකුණු හැටි අපට අමතක නැත. එහෙම තියෙද්දීත් මෙහෙම වන්නේ ඇයිද කියා ඔබ හිතා බැලිය යුතුය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    නාධිපතිතුමනි, බණ්ඩාරනායක මහතාට වෙඩි වැදුනු වෙලාවේ ළමා වියේ සිටි ඔබත් ටැක්සි රියදුරෙකුත් අතර ඇතිවූ සංවාදයක් ගැනත් ඉන්පසුව එතුමා කෙරේ වූ ජන මනස වේගයෙන් වෙනස් වූ ආකාරයත් ගැන ඔබතුමා පැවසූ දෙයක් දුටු මම ඔබ දේශපාලනික වශයෙන් කොතරම් සංවේදී උපක්‍රමිකයෙක්දැයි වටහා ගතිමි.නමුත් ඔබතුමා සමහර වෙලාවට කටයුතු කරන්නේ ඔබේ ඒ හැකියාව පසෙක ලමිනි.තවම හරියට ගෙදරක්වත් පාලනය කොට නැති මම පණ්ඩිත කතා කියමින් ඔබතුමාට රට පාලනය කරන හැටි උගන්වන්නට යන්නේ නැත. ‍ඔබතුමා වැන්නෙකු අවුරුදු හයක් නොව තව කාලයක් මේ රටට වැඩ කළ යුතු හෙයින් ඔබතුමාම කල්පනා කොට ඥාතීන්ගේ විශේෂයෙන් බාල සොහොයුරන් දෙදෙනාගේ හැකියාවන් හා විශ්වාසවන්තභාවයන් තුළින් ඔබටත් රටටත් වැඩක් ගන්නා අතරේ විපක්ෂයට ආයුධ සපයා නොදෙන රටටත් හානිදායක නොවන උපක්‍රමයක් ගැන හිතා බලන්න.

    ජනාධිපතිතුමනි, දරු පරපුර වෙනුවෙන් මා ඔබෙන් ඉල්ලන්නට හදන සටන ගැන වන යෝජනා කිහිපයක් මේ ලිපියේ ඊළග කොටසින් ඔබට ඉදිරිපත් කරන්නට පෙර අන්තිම වශයෙන් දෙයක් කියන්න‍ට උවමනාය.‍මම පාසැල් වියෙන් පසුව ලියා ඇත්තේ මේ ලිපියත් තවත් එක් ලිපියකුත් පමණි.ඒ ලිපිය ලියුවේ අනුත්තරා කාවින්දි නැඟණිය මිය ගිය පසු ඇය වෙනුවෙනි.ඇය මිය ගිය ගිය බව දැන ගත් මොහොතේ ජීවිතයේ කවදාවත් අත් නොවිඳි තරමේ වේදනාවක් මගේ හිත පුරා හට ගත්තේය.මා කිසිදාක දැක නැති ඇය වෙනුවෙන් එහෙම වේදනාවක් හට ගන්නට ඇත්තේ ඇයිද කියා කියන්නට හරියටම නොහැකි මුත් ඒ මීට දශකයකට පමණ පෙර නිමා වූ මගේ පාසැල් ජීවිතය හා සම්බන්ධ පුංචි ලස්සන මතකයක් ඇගේ පාසැල හා බැදී තිබූ නිසා වන්නට ඇත.මගේ ජීවිතයේ ලස්සනම කාලයේ වූ සිදුවීම් කිහිපයක් ඇගේ මුහුණ පරිඝනක තිරයේ දිස් වද්දී මට මතක් විය.ඒ කුමක් වුවත් මාස කිහිපයකට පෙර ලියූ ඒ ලිපිය මමවත් හරිහැටි නොදන්නා හේතුවකට මම අදවන තෙක් පළ කළේ නැත.මේ ලියන අතිශය දීර්ඝ ලිපිය පවා කී දෙනෙක් කියවාවිද ඔබතුමාට කියවන්නට ලැබෙයිද වැනි අවිනිශ්චිත හැඟීම් මා තුළ ඇත.මුල් ලිපිය පළ කළේ නැති නමුත් පහුගිය කාලය පුරා දරුවන්ට වන මේ ඛේදජනක ඉරණම ගැන වූ ‍කම්පිත හැඟීම් මගෙන් ඉවත්ව ගියේ නැත.මේ දෙය නැවැත්වීමට ඔබතුමාගෙන් ඉල්ලීමට සිත් වුනේත් ඒ අනුව මේ දෙවැනි ලිපිය ලියන්නේත් මළ සිරුරවත් මා දැක්කේ නැති ඒ පුංචි නැඟණිය නිසායැයි කීම නිවැරදිය.

    මා ඒ මුල් ලිපිය ලියද්දී ඇය ගැන ලියා තිබූ සිය ගණනක් වූ අන්තර්ජාල අදහස් දැක්වීම් සියල්ලම පාහේ කියවීමි.ඒ අතර තිබූ සටහන් බොහොමයක් ඇය ගැන වූ අනුකම්පාවෙන් හා ආදරයෙන් පිරී තිබුණි.නමුත් සමහරුන් ඇයට බැණ වැදී තිබුණේ බැල්ලිය,කුඩු ගැසූ ගණිකාව වැනි වචනවල සිට මෙහි දැක්විය නොහැකි වචන යොදා ගනිමිනි.තමාගේ ජංගම දුරකථනය පාසැලට ගෙන යා නොහැකි වූ පාසැල් දරුවෙකු ඇය අපායේ පිළිස්සිය යුතුයැයි කියමින් ශාප කර තිබුණේ මෙසේය. bcus of tht kavindi frm mc, we arent allowed to brng phones to schl.burn in hell kavindi dont r.i.p.,,, rest in agony,මේ වදන් ලියා තිබුණේ මරියතුමියගේ වැනි මහා කරුණාව රැදි හිනාවකින් සැරසී ගෙන සිටි ඇගේ ඡායාරූපයක් යටිනි.මගේ මිතුරෙකු මෙය ලියූ පුංචි සිසුවාට ඒ ගැන කාරුණිකව පහදා දුන් විට ඔහු විසින්ම එය මකා දමා තිබුණි.ජනාධිපතිතුමනි, ශාප කළ යුතුව තිබුණේ ඔබට මිස ඒ මියගිය දරුවාට නොවේ. ජංගම දුරකතන තහනම් කිරීමේ ඒ වැඩකට නැති තීරණය ගත්තේ ඔබය.මා පුදුම වූයේ ඒ ගැන නොවේ මෙ‍ය ලියූ සිසුවා කාවින්දිට උපහාර පිණිස facebook පිටුවක් හැදූ අයෙකු බව මගේ මිතුරා මට කියූ විටය.

    මිනිසුන් පුංචි හේතුවලට මෙහෙම වෙනස් වන්නේ ඇයිදැයි කියන්නට මට නොහැකිය. මිය ගිය දරුවෙකුව ඔබ වෙනුවෙන් කඩේ යවනවායැයි කවුරුන් හෝ කිව හැකි වුවද මට මේ දේ නොකියා බැරිය.‍විපක්ෂයට ඡන්දය දෙන මේ රටේ සිටින ලක්ෂ ගණනක් වූ මිනිසුන් සියලු දෙනාම පාහේ සිටින්නේ ඔබ කෙරේ වූ මහා වෛරයකිනි. ජනරාල්වරයාට සහය දෙන අයෙකුට ඔබේ මිනිසුන් තර්ජනය කළේයැයි කියන අන්තර්ජාල ප්‍රවෘත්තියක් යටින් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙකු ලියා තිබූ වැකියක් ඔබට දක්වන්නෙමි.’මේ මහින්දයා වගේ පාදඩ නායකයෙක් මේ රටේ බිහි වුනෙත් නැහැ ආයි කවදාවත් බිහි වෙන්නත් නැහැ’.මේ අයව වධකාගාරගත කරන්නට ඇදගෙන යද්දී මේ අයගේ දෙමාපියන් ‘මහින්ද මහත්තයෝ මගෙ දරුවා උස්සගෙන ගියා’ කියමින් දුවගෙන ආවා නම් ඔබතුමා පුළුවන් දෙයක් නොකර ඉන්නේ නැත. දැන් විජේදාස ලියනාරච්චි මහතාව මැරුවේ ඔබතුමායැයි පක්ෂ සාමාජිකයන්ට කියමින් ඒ කාලයේ ඔබේ දරුපවුල බෝම්බ පහරවල් කද්දී දහඩිය කදුළු වගුරා ඔබතුමා මේ අය වෙනුවෙන් කළ දේවල් සියල්ලම තුට්ටුවට දෙකට දමා කතා කරමින් වධකාගාර හිමියන් සමඟ වූ තමන්ගේ සන්ධානය සාධරණීකරණය කොට ගනිති.

    ඔබතුමා පාද යාත්‍රාව යන කාලයේත් මම පුංචි ළමයෙකි.එහෙයින් ඒ කාලය ගැන මම වැඩිය කතා කරන්නට යන්නේ නැත.නමුත් වයඹ ජන්දයේදී ඔබේම පක්ෂයේ අය හැසුරුණු ආකාරය මට අමතක නැත. 2001 වසරේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාලනයේ මුල් මාස කිහිපයේදී පමණක් විරුද්ධ පක්ෂ සමාජිකයන් හැටකට වැඩි පිරිසක් මරා දැමූ ආකාරයත් මට අමතක නැත.ඒ එක් මිනිසෙකුගේ මරණය ම‍ට තවම මතකය.තර්ජනවලින් බේරෙන්නට කැළෑවැදී සිටි ඔහුව කපා කොටා මරා දමා තිබුණේ දරුවන්ට කෑම ටිකක් හොයන්නට යද්දී දරුවන් ඉදිරියේමය. මේ අයට දැන් මහ පොළොව නුහුළන අපරාධ වී ඇත්තේ ජනරාල්ගේ කටවුට් කැඩීමත් අරලියාගහ මැදුරේ කන්නට දෙන එකත්ය.

    මේ අය මහ ලොකු දුෂ්ටයන්යැයි මම කියන්නේ නැත.විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අයගේ මුදලට යට නොවන උදාර ගතිය මේ කාලයේ කොච්චර දුර්ලභ දෙයක්ද?ඔවුන් තරහ මරහ අමතක කොට එජාපය සමඟ එක අරමුණකට එක් වීමද ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් හිතකරය. ඒත් හොද විපක්ෂයක් හදනු වෙනුවට ඔබටත් පවුලටත් හෙණ ගැහී යන්නයැයි පතමින් ඔබ කෙරේ ඇති මොකක් නිසා හටගත්තාද කියා ඒ අයවත් හරියටම දන්නේදැයි සැකසහිත වෛරයක් වෙනුවෙන් පමණක් එක් වීමට මේ රටටත් ඔවුන්ටත් ඔබ කළ වරද මොකක්ද?

    ඔබේ අඩුපාඩු බොහෝ ඇති බව ඇත්තය.මේ ලිපිය පටන් ගනිද්දී කියූ මහ ඇමැතිවරයාත් ඔබේ පක්ෂයේම අයෙකි.දරුවන්ව සියදිවි නසා ගන්නට තල්ලු කරන්නන්ගේ පටන් ප්‍රශ්නපත්‍රවල කුණුහරුප මුද්‍රණය කරන්නන් දක්වා නුසුදුස්සන්ගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පිරී ඇත.මා පෙර කීවාක් මෙන් මේවා කිසිවක් අද ඊයේ අලුතින් ඇති නොවූවද ඔබත් මේවාට වග කිව යුතුය.විපක්ෂයේ අය ඔබට එරෙහිව මේ චෝදනා සාර්ථක ලෙස යොදා ගන්නේ වුවද මේ සිදුව ඇත්තේ ඒ අය ඇතුළු හැම දෙනාම එක්ව ආරම්භ කිරීමට දායක වූ දුර්වලතාවයන් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නුසුදුස්සන් සම්බන්ධයෙන් ඔඩු දිවීමය. ඔබ වග කිව යුත්තේ ඔබට පෙර කාලයේ සිට පැවති දුර්වලතාවයන්ට එරෙහිව සටනක් ආරම්භ නොකළ නිසාය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    එලෙසම මට කිව හැක්කේ ජනරාල්තුමාටත් මේ සටනින් කොටසක් කරන්නට පුළුවන් බවයි.ඔහු යටතේ ඔය නුසුදුස්සන්ට තැනක් නැති වනු ඇත.නමුත් සටන එතනින් එහාට ඇදී යාම සැක සහිතය.නුසුදුසු අය ඉවත් කළායින් පමණක් මේ පරිහානිය නතර වන්නේ නැත.

    මම මේ සටන කරන්නටයැයි ඉල්ලන්නේ ඔබගෙන්ය. මා ලියුවාය කියූ අර මුල් ලිපිය මා පටන් ගත්තේ සිංහබාහු නාටකයේ එන ‘සුරතල් දියණිය මොළකැටි වදනින් මා සනසන්නිය’ වදන් පෙළෙනි.ඒ ලිපියේ ලස්සනම ‍වචන පෙළ ලෙස මා දුටුයේත් ඒ ගීත ඛණ්ඩයයි.අන්තිමේදී මාස කිහිපයකට පසුව ඔබතුමා කදුළු පිරි දෑසින් යුතුව ඒ වදන්ම පවසනු මම බලා සිටියෙමි.මේ අයට අනුව ඔබතුමා දරුවන් වඩා ගන්නේ ඔබතුමාගේ තියෙන තක්කඩිකමටය.නමුත් රැකවරණය අහිමි දරුවන් කිහිප දෙනෙකුට ඔබතුමා කාලයක් තිස්සේ පෞද්ගලිකවම රැකවරණය සළසන බවත් කවදාවත් ඒවා මාධ්‍යයට පෙන්වා ලකුණු දා ගන්නට ගියේ නැති බවත් මේ අය කියන්නේ නැත.



    මෙවැනි සටනකට අවශ්‍ය ඔබ වැනි හදවතේ නායකයෙකු මිස යාන්ත්‍රික නායකයෙකු නොවේ. ඩඩ්ලි සේනානායකයන්ගෙන් පසුව මෙරට රාජ්‍ය නායකයෙකු තුළ ජීවත්වූ සංවේදීම මනුස්සයා ජීවත් වන්නේ ඔබ තුළය.සමහරෙකුට බැලූ බැල්මට දේශපාලන වාසි ගන්නට කරනවායැයි පෙනී ගියද කරන බොහෝ දේවල් පිටුපසින් දයාව ගලා ගෙන යයි.අනික් අතට කවර බලවේගයකටවත් නතර කරන්ට දුෂ්කර අතිශය නිර්භීත සිංහයෙකුද ඔබ තුළම ජීවත් වෙයි.ජනරාල්තුමා තුළ ජීවත් වන්නේ සිංහයා පමණි. මේ සටන ඔබේ සටනයැයි මා කියන්නේ එහෙයිනි. මේ සටනට නොව අන් ඕනෑම සටනකට ඔබ සුදුසුය.


    ජනාධිපතිතුමනි, ඔබතුමා ක්‍රිකට් ලෝක කුසලානය බලන්නට ගිය පසුව මේ අය කීවේ තරඟය පැරදුනේ ඔබේ මූසලකමට කියායි.යුද්ධය යන්තම් ගැස්සී ගියා නම් අහන්නට සිදුවන කතාවල පරිමාව ඉන් හිතා ගත හැකිය.එල්ටීටීඊය අතින් ඔබතුමා මැරුම් කෑවා නම් කලු ගලේ ඔළුව හප්පා ගන්නට ගිහින් බල්ලෙක් වගේ මහ පාරේ මැරුම් කෑවායැයි කියා කුණු කතා අහගන්නට ඉඩ තිබුණි.ඔබතුමා මීට කලකට පෙර කියූ දෙයක් මට තවම මතකය.’දින්නොත් අපි ඔක්කොම පැරදුනොත් ඉන්නෙ මං විතරයි.’ඔබතුමා මේ රට බේරා ගත්තේ පැරදුනානම් මළ සිරුරට පවා අවමන් විදීමට සිදුවන තත්වයක හිදිමිනි. ජීවිතය පමණක් නොව මුළු ගෞරවයම ඔට්ටුවට තබා දිනා දුන් ජයග්‍රහණයට දැන් තාත්තලා බොහෝ දෙනෙකි.ඔබ අනුන්ගේ ජයග්‍රහණයක් කොල්ල කා ගත් කටවුට් වීරයාය. සරත්ට කොහොමදැයි නොබලා මට නින්ද යන්නැහැයි කියමින් මහ රෑ රෝහලට ගොස් මම සරත්ව කොහොම හරි බේර ගන්නවායැයි කියා දෙන්නට පුළුවන් ප්‍රතිකාර උපරිමයෙන් ලබා දී දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතාවන් ඉටු කිරීමේ පටන් යුද්ධය නිමා වූ පසුව එම මැතිනියටත් ඉහළ තනතුරු දීම දක්වා කළ හැකි සියල්ල කළ පසුත් අන්තිමේදී විපක්ෂයේ අයට ඔබතුමා කළගුණ නොදන්නා මිනිසෙකි.දැන් ඒ අයම සරත්ට බයේ ඔබතුමාට නින්ද යන්නැහැයි කියමින් සතුටු වෙති.


    ජනාධිපතිතුමනි ඔබතුමා පෙර මෙන් නිතරම හිනාවක් මුහුණේ රදවා ගන්නට හැදුවත් දුකක් හිත තුළ තියා ගෙන ඉන්න බව දැන් කාටවත් රහසක් නොවේ. ඒත් ජනාධිපතිතුමනි අර මැරිච්ච පුංචි දරුවාට බැල්ලියක් යැයි බැණ වැදුනු මිනිසුන් සිටි මේ සමාජයට ඔබ වැනි අඩු පාඩු තියෙන,වැඩුනු මිනිසෙකුට ඕනෑම දෙයක් කිව හැකිය.ඕනෑම දෙයක් කළ හැකිය. යුද්ධය දිනූ පසු බොහෝ දෙනෙකු හිතා හිටියේ මේ පාරවත් ඔබතුමා නිවිහැනහිල්ලේ සටන දිනා ගනු ඇති බවයි.ඒත් එහෙම වූයේ නැත.ඔබතුමා ඇදවැටෙමින් තිබූ දේශපාලන පවුලක උපත ලැබීම හැර ජීවිතයේ වෙන කිසිම දෙයක් නිකම් දිනා ගත්තේත් නැත.සමහරවිට මරණය තෙක්ම ඔබට නිවිහැනහිල්ලේ ඉන්නට මේ අය ඉඩ දෙන එකක්ද නැත.කමක් නැහැ ජනාධිපතිතුමනි ගිහින් සටන දිනා ගෙන එන්න.ඔබට වෛරකරන්නන් කොච්චර සිටියද ඔබට ආදරය කරන්නෝ මිලියන ගණනක් මේ රටේ සිටිති.ඔබ නියතයෙන්ම මේ සටන ජය ගන්නේය.ඒ ඔබ ජය ගත යුතු නිසාය.අපේ මිනිසුන් සියවස් ගණනක් තිස්සේ එන තෙක් මඟ බලා ගෙන සිටි අපේ නායකයා ඔබතුමා නිසාය.ඔබට ජය පතා මට කියන්නට ඇත්තේ හුණුවටයේ කතාවේ එන පුංචි ගී පදයකි.


    ’යෙහෙන් ගොස් යළි එනුව යහතින්


    මඟ නොමඟ දෙව් සරණ ලබමින්’.



    මීට


    ********
     
    • Like
    Reactions: Kookka

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    matanum kiyanna thiyenne wate enna dhushitha wanchaakaari mithuru rela ewath karana kan methumaata oya kiyana satana karanna beriyaa...


    tharuna kaale edala ekata hitapu mituranwa ratajaathiya wenuwen amathaka karanna wenawa obata..obaTa janathawa balaya deela thiyenne..thiranaya oba sathuya...

    jenaral thanathuru deemedi mithurukamata wadaa beluwe sudusukamaya..oba ehi anithpaththaya....:(
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    matanum kiyanna thiyenne wate enna dhushitha wanchaakaari mithuru rela ewath karana kan methumaata oya kiyana satana karanna beriyaa...


    tharuna kaale edala ekata hitapu mituranwa ratajaathiya wenuwen amathaka karanna wenawa obata..obaTa janathawa balaya deela thiyenne..thiranaya oba sathuya...

    jenaral thanathuru deemedi mithurukamata wadaa beluwe sudusukamaya..oba ehi anithpaththaya....:(

    :yes::yes:
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    bohodenekuta amathaka woo dewal mathak kara dun watina lipiyak.eheth godak gal mul wadimata bohose ida atha
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සියදිවි නසා ගත් පසු ඒ අය ගැන දැඩි අනුකම්පාවකින් සහ ඔවුන් එම තත්වයට ඇද දැමුවායයි කියමින් අනෙක් අයට චෝදනා කරමින් මෙවැනි ලිපි ලිවීම ඉතා අනතුරුදායක බව බොහෝ දෙනා පිළිගත් දෙයකි.

    මාධ්‍යවේදීන්ට මෙම කරුණ ගැන නොයෙකුත් ආකාරයෙන් දැනුවත් කිරීම්ද කර ඇත.

    සියදිවි නසා ගැනීමෙන් තමා වෙත අනුකම්පාව දිනා ගැනීම, අවට සිටින්නන්ගෙන් පළි ගැනීම ආදිය බලාපොරොත්තු වන බොහෝ දෙනා මෙවන් ලිපි කියවීමෙන් ධෛර්යමත් වේ.

    කිසිදු සියදිවි නසා ගැනීමකට අනවශ්‍ය ප්‍රචාරයක් නොදිය යුතුය.

    සියදිවි නසා ගැනීම වරදක් බව පුන පුනා ප්‍රකාශ වන අයුරින් ලිපි ලිවීම තරමක් දුරට සාර්ථකය. විසේශයෙන්ම සිය දිවි නසා ගැනීමෙන් බලාපොරොත්තු වූ දෙය කුමක්ද, එය ඉටු නොවුනේ කෙසේද යන්න පැහැදිළි වන සේ ලිවීම වැදගත්ය.

    උදා- සියදිවි නසා ගැනීම වරදක් බව පුන පුනා උගන්වන මුස්ලිම් ජන කොටස අතර සියදිවි නසා ගැනීම් අල්පය (ඔවුන් කිසිදු හේතුවක් නිසා වත් ඒවා ප්‍රචාරය නොකරති). වැඩිම සියදිවි නසා ගැනීම් ප්‍රමාණයක් පෙන්වන්නේ සිංහල බෞද්ධ පිරිසයි. මෙය ජාතියක් ලෙස බරපතල ගැටලුවකි.
     
    Last edited: