මහින්දට ලියුමක්...
මුලින්ම කියන්න ඔන මේක ටිකක් පරනයි.. google search පාරක් දාන වෙලාවක අහම්බෙන් වගේ අහු උනේ. ලිපිය ටිකක් දිගයි. කොටස් වශයෙන් දාන්නම්..
’පුත්‍ර ප්‍රේමය වනාහි හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තෙක් කිඳා බැස එහි රැඳී සිට නිබඳ දුක් දෙන්නකි. අද මට උපන්නාවූ දරු ශෝකය දරුවන් වැදූ සියලු දෙමවුපියන්ට නොවනු කැමැත්තෙමි.’’
ආදරණීය ජනාධිපතිතුමනි,
මහාවග්ග පාලියේ එන මේ වදන් පවසන තාත්තාගේ දරු ශෝකය හට ගත්තේ තම පුතුන් දෙදෙනාත් මුණුපුරාත් තමා අතහැර ගිහි ගෙයින් නික්ම යාම නිසාය.වැඩිමහල් පුතණුවන් නික්ම ගියේ සංසාර සාගරයෙන් එතෙර විය හැකි මාවතක් සොයනු පිණිසය.අනෙක් දෙදෙනා නික්ම ගියේ ඒ මාවත ඔස්සේ පා නඟනු පිණිසය.මේ තාත්තා සුද්ධෝදන රජතුමාය.තමන්ගේ තාත්තා මේ වේදනාවෙන් පරිපීඩිත වදන් පවසනු අසා සිටි වැඩිමහල් පුතණුවෝ මාපියන්ගෙන් නොවිමසා දරුවන් පැවිදි නොකළ යුතු බවට වන සඟ සසුනේ එන සුප්‍රකට නීතිය පැණවූහ.
පුතෙකු ලොව්තුරා බුද්ධත්වයට පත් වීමට වුව තමන්ගෙන් වෙන් වූ විට තාත්තා කෙනෙකුගේ හද තුළ මෙවැනි වේදනාවක් හට ගන්නේ නම් දරුවෙකු මිය ගිය විට මොන විදිහේ වේදනාවක් හට ගන්නේදැයි මට යාන්තමින් හිතා ගත හැකිය.ඔබේ වැඩිමහල් පුතණුවන්ට වඩා අවුරුදු හතර පහකින් වැඩිමහල් වයසේ සිටින මම දරුවෙකුගේ මරණයක් අත් විඳ නැත.ජනාධිපතිතුමනි, ඔබ යන්තමින් මට දැනෙන ඒ දේ මුළුමනින්ම දන්නා තාත්තා කෙනෙකි.මා මෙතුවක් කල් සිතා සිටියේ විසිපස් වසරකට පෙර නික්ම ගිය බිළිදියකගේ මතකයන් දැන් ඔබව අතහැර ගොස් ඇතැයි කියායි.ඒත් පසු ගිය දිනක බාලිකාවියන් පිරිසක් ඉදිරියේදී සිංහබාහු නාටකයේ තනි වූ සිංහයා ගයන ‘ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ’ වදන් බිදුණු හඩින් පවසද්දී ඇට මිදුළු තෙක් කිඳා බැස දුක් දෙන දරු ශෝකය තවමත් ඔබව අත හැර ගොස් නොමැති බව මට වැටහුණි. සමහරවිට මැරෙන තෙක්ම ඒ වේදනාව ඔබේ හිත තුළ රැදී තිබෙනු ඇත.ජනවාරි විසිහයවැනිදා ජනරාල්වරයාට පැරදී විසිහත්වැනිදා රාත්‍රියේ පටන් එතෙක් ඔබ වටා සිටි මිනිසුන් සිය දහස් ගණනින් එකවර රහත්වන්නට පටන් ගනිද්දී නම් දියණිය නැති අඩුව සිංහයා පරිද්දෙන්ම තව තවත් ඔබට වැටහෙන්නට ඉඩ තිබුණි.ඒත් ඔබේ ජීවිත කාලය තුළ කිසිදා ඒ අත්දැකීම නොලබනු ඇති බවට මම විශ්වාස කරමි.
තනි වුවත් නැතත් පසුගිය කාලයේ ගෙවී ගිය ඔබේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවලදී පවා මේ වෙලාවේ දූත් හිටියා නම් කොච්චර හොඳද කියා හිතෙන්නට ඇත.ඔබ එදා පැවසූ සිංහබාහු නාටකය ලියැවී ඇත්තේත් සුද්ධෝදන රජතුමා පවසන මේ වදන් වටාය.නාටකය ලියන්නට දශකයකට පමණ පෙර සිට සරච්චන්ද්‍රයන්ගේ හිත පුරා මහාවග්ගපාලියේ එන මේ වදන් රැව් දුන්නේය.සිංහයා ඊතල පහරක් හදවතටම වැදී මියැදෙත්දී ගැයෙන ‘පුතු සෙනේ මස් නහර හම සිඳ’ ගීතය යටින් ගලන්නේත් දාරක වියෝගයේ මේ සදාතනික වදන් පෙළමය.
ජනාධිපතිතුමනි, මා මේ කියන්නට හදන්නේ ඔබේ දරු ශෝකය ගැන නොවේ.මවකට හෝ පියෙකුට විදිය හැකි ඉහළම ශෝකය අත්විදින දෙමාපිය පිරිසකගේ දරු ශෝකය ගැනය.අප දෙදෙනාම ඒ මහා වේදනාව අත් විද නොමැති නමුත් මේ දීර්ඝ ලිපිය ලියන්නේ ඒ දරු ශෝකය අනාගතයේ දෙමාපිය පිරිසකට අත් නොවිදීම සඳහා ඔබේ මීළඟ ධූර කාලය තුළ දෙයක් කරන්නැයි ඔබෙන් ඉල්ලනු පිණිසය.
ජනාධිපතිතුමනි,දරුවෙකු සිය දිවි නසා ගැනීම තරම් වේදනාවක් ඒ දෙමාපියන්ට තවත් ඇත්තේ නැත.ඔබෙන් වෙන්ව ගිය බවෝදනී සකුන්තලා දියණිය තාත්තේ කියන්නටවත් තරම් කාලයක් ජීවත් වූයේ නැත.ඒත් සිය දිවි නසා ගන්නේ දෙමාපිය හදවත් පිරී ඉතිරී යන තරම් දේ කියූ කෙරූ දරුවෝය.මේ දරුවෝ බොහෝ විට පිරී ඉතිරී ගලා හැලෙන තරමේ ජීවයකින් ද යුක්ත නීරෝගී අය වෙති.මියුසියස් විදුහලේදී සිය දිවි නසා ගත් අනුත්තරා කාවින්දි දියණිය රෝහල් ගත කළ පසු ඇගේ හදවත තාවකාලිකව පණ ගන්වා ගැනීමට සමත් වූ වෛද්‍යවරුන් ඉන් අනතුරුව දෙමාපියන්ට පවසා ඇත්තේ තමන්ට ලැබුනේ සම්පූර්ණ මළකඳක් වුවත් එසේ හදවත පණ ගන්වා ගත හැකි වූයේ ඇගේ සිරුරේ රැදී තිබූ ශක්තිය නිසා බවයි.
අනුත්තරා කාවින්දිගේ මරණයත් සමඟම ළමා සිය දිවි නසා ගැනීම් රැල්ලක් සේ පැතිර යන ආකාරයක් ඔබටද පෙනෙන්නට ඇත.එසේම ඒවා මේ වන විට වාර්තා නොවන බැවින් ඒ රැල්ල දැන් නොමැති බවද ඔබට සිතෙනවා වන්නට ඇත.සිය දිවි නසා ගැනීම් වර්තා නොකළ යුතු බවට වන මනෝ විද්‍යාත්මක සත්‍යය මත මේ වන විට ඒවා වාර්තා නොවූවද අදටත් ළමා සිය දිවි නසා ගැනීම් මෙරට තුළ එලෙසම සිදුවෙයි.
ජනාධිපතිතුමනි, කාවින්දි නැඟණිය මිය ගිය පසු මේ ගැන ලියන්නට සිත් වී මම වාර්ෂික පොලිස් දත්ත සටහන් පිරික්සා බැලුවෙමි.පසු ගිය වසර ගණනාව පුරා වසරකට පාසැල් යන වයසේ සිටින දරුවෝ දෙසිය පනහකට ආසන්න ගණනක් සිය දිවි නසා ගෙන තිබුණි.ඔබේ දරු තිදෙනාට වඩා බාල වයසේ දරුවන්ද මේ ගණනට එක් කළහොත් දාහකට ආසන්න පිරිසක් වසරකට සිය දිවි නසා ගෙන තිබුණි. මරණයන්ට හේතුව පවුලේ අය විසින් වසන් කිරීමත් මරණය සිදු වූ ආකාරයේ වන සංකීර්ණතා නිසාත් තවත් විවිධ හේතූන් නිසාත් සමහර සිය දිවි නසා ගැනීම් මේ දත්තයන්ට ඇතුළත් වන්නේ නැත.සම්මත වාර්තා අනුව වුවත් පසු ගිය කාලය පුරා සෑම දිනකට හෝ දෙකකට වරක් කොහේ හෝ පාසැල් දරුවෙකු සිය දිවි නසා ගෙන ඇත. තරුණයෙකු හෝ තරුණියක සෑම පැය කිහිපයකටම වරක් සිය දිවි නසා ගෙන ඇත.සිය දිවි නසා ගනිමින් පවතී. වසරකට දහස් ගණනක් දරුවෝ සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන අතර ඉන් බොහෝ දෙනෙකුගේ අනාගත ජීවිත අඳුරු වී යයි.
ජනාධිපතිතුමනි, කාවින්දිගෙන් පටන් ගත් අමුතු සිය දිවි නසා ගැනීමේ රැල්ලක් තිබුණේ නැත.සිදු වූයේ ඇය කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක සිසුවියක වීමත් මරණයට පත් වූ වටපිටාවේ තිබූ මහා ඛේදජනක ස්වරූපය නිසාත් මාධ්‍ය හා අප බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වීමය.ඇය මිය යාමට පෙර දිනයේදීම මීට ගැළපෙන ආකාරයේ මරණ දෙකක් පොළොන්නරුවේ පාසලකින් වාර්තා වීමත් නිසා රට පුරා සිදුවන ළමා සිය දිවි නසා ගැනීම් දෙස මාධ්‍යයන්ගේත් සමාජයේත් අවධානය යොමු විය.පිට පිට මේවා වාර්තා කිරීමෙන් වන අවදානම මනෝ වෛද්‍යවරුන් පෙන්වා දීම නිසා ජනමාධ්‍ය මේ වන විට සිටින්නේ ඒවා වාර්තා නොකරන තැනකය.