මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ


    සිරිසේනගේ ආණ්ඩුව then unp එකේ ඉන්න හොරු ගසා කනවා ඒක ඇත්ත. මැති ඇමතිවරුන්ගේ සහ ඊට අදාල කොම්පැනි වල ගසා කෑම් වෙනස් වෙන්නේ නෑ දැන් උන් වෙනුවට අලුත් සෙට් එකක් බිහි වෙනවා. එකඟයි උඹේ අදහසට.

    බෙදුම්වාදය - තුර්කිවංශයගේ මොළ සේදීමට ලක් වෙලා වගේ. මහින්දත් මුලින් හිටියේ රනිල ඉන්නවා වගේ මතේක. හෙලරුමේ, ජවිපෙ තමයි ඔය මතය වෙනස් කරල යුද්ද කරන තත්වෙට ආවේ. එහෙම නොව්නා නම් මහින්දත් ඉන්නේ ෆෙඩරල් වගේ එකක. පොර යුද්දේ දිනලා චුන් උන නිසා දැන් අලුත් මතයක ඉන්නේ. so රනිල්ගේ මතය මොකක් උනත් එකට බහුතරය නෑ. හැබැයි දෙමළුන්ට විසදුමක් ඕනා. එහෙම නොව්නොත් සදාකල් උතුරේ හමුදා ස්ථානගත කරන්න වෙනවා, ඩයස් පෝරාව කේස් අදිනව ජාතියන්තරව රටට ගොඩ ඒමක් නෑ (මහින්ද හෝ සිරිසේන හෝ මොකා ආවත්)

    ඔය රට බෙදනවා කියන එකට ඉතිං අහන්න තීන්නේ කොටියාගෙන් රට බේරාගෙන චීනට දුන්නම හරිද කියල. විදේශ බලපෑමට උතුරේ හමුදා අයින් කරයි කියල උඹට චීනයේ බලපෑමට ලංකාවේ ඉඩම් සින්නක්කරව චීන කොම්පැනි වලට විකිණීම, 99 අවරුදු බදු දීම, ලංකාවේ බලශක්ති ජනනය චීනේ අතට පත්වීම පෙන්නේ නැද්ද ? උතුරේ කොටි අල්ල ගට්ට ප්‍රදේශ හමුදාවෙන් අපහු මුදවා ගට්ටට චීනෙට වික්ක ඉඩම් අපහු ගන්න පුලුවන්ද ? ලංකාවේ ආර්ථිකය අල්ලේ නැටවීම මේවා පේන්නේ නැද්ද ? 2000% කොමිස් වලට ණය අරන් ගෙවන්න වෙන්නේ රටේ කෑලි වලින්
    කොටිය රටේ කැල්ලක් ඉල්ලුවා වගේ චීනා ඉල්ලුවම යුද්ද කරන්නද ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. නැතුව මහින්ද යවල සිරිසේන ආව කියල සුරපුරයක් උදා වෙන්නේ වත් දුෂණය වංචාව 0 වෙන්නේ වත් නෑ.

    unp - මම හිතන්නේ උඹ ඉන්නේ රනිල්ට එරෙහිව අරගල කරපු උන්ගේ පැත්තේ. ඒ සජිත් වගේ උන්ගේ පැත්තේ. ඉතිං උනුත් හොරු නෙහ්. සජිත්ට 50000 ගානේ බෙදන්න සල්ලි කොහින්ද ? පොර නිධන් හාරපුවා? ප්‍රේමදාස හොඳ පොරක් නෙවි. රනිල - උට ඉතිං කොටිය කියයි විජාතික ඉත්තා කියයි. උ හොරා කාල නෑ නේ.. මොන්ගලයා unp එකට ආවම කිව්වේ රනිල්ට කොටිය කිව්වේ බොරුවට කියල. මට නම් ඔය එකෙක්වත් වැඩක් නෑ. හැබැයි මහින්දට, රනිල්ට,තුර්කිවංශයට,හම්බයෝන්ට චන්දය නොදෙමි.

    සිරිසේනගේ සෙට් එකේ වික්‍රමබාහු, ගනේෂන්, රාජිත වගේ සොන්නලු මට පේන්නම බෑ. කරන්න දෙයක් නෑ මහින්ද මේ යන විදිහට ගියොත් මේ රටම ඉවරයි. හෙට මහින්ද මේ වැරැද්ද පිලි අරන් එක හදනවා නම් මම චන්දය දෙනව පොරට. හැබැයි දැන් පොරටත් ගොඩ ඒමක් නෑ. ඔය ඉන්න වලේම ඉන්න වෙන්නේ. රට මේ යන විදිහට ගිහිං දියුණු උන කිසිම රටක් නෑ. අන්තිමට අපිට වෙන්නේ ලිබියාවේ වගේ විදේශ ආක්‍රමණයකට ලක් වෙන්න.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.