'අනේ අපට සල්ලි නෑ
රාජපක්ෂලා ආර්ථිකය කාලා'
නොකඩවා ඇසෙන නොහැකියාවේ අඳෝනාව
ශ්‍යාම් නුවන් ගනේවත්ත
වත්මන් යහපාලන ආණ්ඩුව සිය ආර්ථික කළමනාකරණයේ අසමත්කම දිනෙන් දිනම ප්‍රදර්ශනය කරමින් සිටී. දින සියයේ යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැය ද අසාර්ථක එකක් විය. ඉන් පසු මුදල් ඇමති රවී කරුණානායක ඉදිරිපත් කළ අයවැයට සිදු වූ දෙයක් නැත. අයවැයට පෙර අගමැතිවරයා ආර්ථික ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කළේය. අයවැය හැදෙන්නේ එම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව බවද කියවිණි. ඒ අනුව මුදල් ඇමතිවරයාට, මුදල් අමාත්‍යංශයට සිදු වුයේ එම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව අයවැය හදන්නටය. එසේ ඉදිරිපත් කළ අයවැයට දසතින්ම ඉමහත් විරෝධතා ගලා ආවේය. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් වූ විට එහි හොඳ නරක සම්බන්ධයෙන් විවිධ අදහස් පළවීම සුපුරුදු දෙයකි. එහෙත් මෙවර සාමාන්‍ය ජනතාව, විද්වතුන් පමණක් නොව රජයේ ඇතැම් ඇමැතිවරුන් පවා අයවැය තුළ ඇති අසාධාරණ සහ අහිතකර යෝජනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කළ බව අපට මතකය. රජයේ අය නම් කිවේ මෙය ආණ්ඩුව තුළ තිබෙන ප්රජාතන්ත්රවාදය බවය. අපට නම් හැගුණේ එය ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව බවය. එසේම මුලදී සිදු කළ දහසකුත් එකක් සංශෝධන මදිවාට පෙරේදා (08) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ ප්‍රකාශයක් කරමින්, මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැයේ බදු යෝජනාද වෙනස් කළේය. මෙලෙස ආණ්ඩුවේ මංගල අයවැය මේ සංශෝධන හමුවේ හිස්, අවලංගු සහ නොවැදගත් ලේඛනයක් වී හමාරය. එම ඉතිහාසගත අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී, පෙරේදා අගමැතිවරයා අයවැයේ බදු යෝජනා සංශෝධනය කරන විට පාර්ලිමෙන්තුවේවත් නොසිටියේය. ඔහු එදින පාර්ලිමේන්තුවට නොපැමිණියේ වෙනත් වැඩක් තිබුණු නිසාද, තමන් ඉදිරිපත් කළ මංගල අයවැයට අත් වූ ඉරණම ගැන සිත් වේදනාවෙන්දැයි අප හරියටම දන්නේ නැත.
මෙවර අයවැයට මෙතරම් සංශෝධන ඉදිරිපත් කිරීමට සිදු වුයේ ඇයි? එයට හේතුව අයවැයට පෙර අගමැතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇති රාමුවට අනුව මුදල් අමාත්‍යාංශය අයවැය සකස් නොකළ නිසාද? එහෙත් මේ ඇඩ්රස් නැති වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව ද මුදල් ඇමැතිවරයා කීවේය. අගමැතිවරයාද අමාත්‍ය මණ්ඩලය තුළ සිටී. ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයට පටහැණි යමක් තිබුනේ නම්, එය සංශෝධනය කර ගත හැකිව තිබුණි. එහෙත් එවන්නක්ද සිදු නොවීය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බැවින් අයවැයට අමාත්‍ය මණ්ඩලයේ සාමුහික එකඟත්වය ලැබුණු බව අපගේ අදහසය. එසේ වුවත් අයවැය කතාව ඉදිරිපත් වූ පසු කැබිනට් මණ්ඩල සාමූහික එකඟත්වය ද බිඳිමින් ඇතැම් අමාත්‍යවරුන් ඊට විවේචන ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තුළ ඇති අහිතකර යෝජනා විවේචනය කිරීම හොඳ දෙයක් වුවත්, යහපාලන රජයේ මේ අමාත්‍ය මණ්ඩලය තුළ කැබිනට් මණ්ඩල සාමූහික එකඟත්වය යන්න විහිළුවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. අයවැයට රජය ඇතුළෙන්ම තිබු එම ප්රතිවිරෝධයට අමතරව බොහෝ වෘත්තීය සමිති, වාණිජ මණ්ඩල සහ ඇතැම් විද්වතුන් ද අයවැයේ ඇති අහිතකර යෝජනා සම්බන්ධයෙන් බොහෝ අදහස් ඉදිරිපත් කර තිබුණි. මෙසේ ඉදිරිපත්ව ඇති අදහස් අනුව නව රජයේ මංගල අයවැය ලේඛනයේ ඇති අයවැය යෝජනා, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට රජයට සිදුවනු ඇති බව අප ඒ අවස්ථාවේ කියා සිටි කරුණකි. ඒ නිසාම රජය අඩි කිහිපයක්ම පසුපසට ගනිමින් බොහෝ අයවැය යෝජනා සංශෝධනයට ලක් කළත්, රජයේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් නොමැතිකමේ ගැටලුව දිගටම වර්ධනය වෙමින් තිබුණි. ඒ හැම ආර්ථික අර්බුදයටම මේ ආණ්ඩුවේ අය කරන්නේ 'රාජපක්ෂ මන්තරය' ජප කිරීමයි. එනම් මේ ආර්ථික ප්‍රශ්න හැම එකක්ම ඇති වී තිබෙන්නේ පසුගිය රාජපක්ෂ පාලනයේ වරදින් බව කියා සිටීමයි. තමන්ගේ නොහැකියාව වසාගන්නට, ඒ මන්තරය කාලයක් ජප කරමින් සිටිය හැකි නමුත් එය දිගින් දිගටම කළ හැක්කක් නොවේ. තමන් ඉදිරිපත් කළ අයවැයම කපා කොටා දිගින් දිගටම සංශෝධනය කරන්නට සිදු වී ඇත්තේ පසුගිය රජයේ වරදින්ද, එසේත් නැත්නම් මේ රජයේ ආර්ථිකය කළමනාකරණය කරන අයට රටේ ආර්ථික ගමන් මග ගැන නිසි ඉදිරි දැක්මක් නැති නිසා ද? මේ ප්රශ්නය අපට මතු කරන්නට තිබේ.
මේ යහපාලන රජයට ලැබුණේ නරක ආර්ථීsකයක් නම්, එය හොද තත්ත්වයට පත් කර ගත යුතු වන්නේ, මේ රජයේ අයමය. දැන් මේ අය රජය භාර ගෙන සැළකිය යුතු කාලයක් ගත වී ඇත. එහෙත් ආර්ථිකය ඔය කියන නරක තත්වයෙන් අඩියක් හෝ ඉදිරියට ගැනීමට, මේ රජය සමත් වී තිබේද? යහපාලන රජයේ ආර්ථික බලධාරීන්ට එවැන්නක් හැකි වී ඇති බවක් පෙනෙන්නට නැත. රජයේ ආර්ථික කටයුතු වලට උපදෙස් දීමට ආර්. පාස්කරලිංගම්ලා සහ චරිත රත්වත්තේලා වැනි අයද පසෙකින් සිටින බවක් පෙනේ. එහෙත් තවමත් ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ඇති කර ගැනීමට මේ යහපාලන රජය සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. පසුගිය රාජපක්ෂ පාලනයේද දහසකුත් එකක් වැරදි තිබුණි. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන්ද බොහෝ අඩුපාඩු තිබුණි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ ද රජයේ බදු අදායම දිගින් දිගටම අඩු විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම, දකුණු ආසියාවෙන් අඩුම රට බවටද ශ්‍රී ලංකාව පත් විය. මේ සම්බන්ධයෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු ගැන මේ ලියුම්කරු කොතෙකුත් කතා කර ඇත. එහෙත් එම විවේචන සම්බන්ධයෙන් ඒ කාලයේද දක්නට ලැබුණේ නෑසුන්කන්ව නිහඩව සිටින ප්රතිපත්තියකි. පැවති වැරදි නිවැරදි කර නොගනිමින් තමන් පමණක් හරියි කියා සිතමින් ගමන් කළ ප්රතිපත්තියකි. එම අහිතකර ප්‍රතිපත්ති රටට මෙන්ම ඒ අයගේ දේශපාලන පැවැත්මටද අහිතකර ලෙස බලපෑ බව රහසක් නොවේ. එහෙත් දැන් මේ රජයට සිදු වී ඇත්තේ කුමක්ද? අපට නම් පෙනෙන්නේ මේ රජයේ අයට, එම වැරදි නිවැරදි කරගනිමින්, රට ඉදිරියට ගෙන යාමට නොහැකිව අසරණ වී, 'අනේ අපට සල්ලි නෑ - රාජපක්ෂලා ආර්ථිකය කාලා' යයි කියමින් ආර්ථික කළමනාකරණයේ නොහැකියාවේ අඳෝනාව නගමින් සිටින බවකි.
ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි ක්‍රියාත්මක කරන බව කියමින් අගමැතිවරයා කියන්නේ සමාජයේ ඉහළ ස්ථරය තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අති විශාල වර්ධනයක් පසුගිය දශකයේදී දක්නට ලැබූ බව සහ ඉඩම් මිල, කොටස් මිල ඉහළ යෑම මෙසේ විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකි බවයි. මේ ප්‍රකාශයෙන් රාජපක්ෂලා ආර්ථිකය විනාශ කළ බවට නගන චෝදනාවට ඇති කරන්නේ විසංවාදයකි. වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරමින් අගමැතිවරයා කීවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු නොපනවන බවත්, තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැට් බදු පනවන බවයි. එහෙත් ඒ කතාව වලංගු නොවන්නේ රු. 146 දක්වා පසුගිය කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මස්ත බාල්දු වී ඇති නිසා සියලු ආනයනික භාණ්ඩ වලට දැන් වැඩි මිලක් ගෙවීමට අපට සිදුව ඇති බැවිනි. එනම් දැන් රුපියල විශාල වශයෙන් පිරිහී ඇති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ වලටද වැඩි මිලක් ගෙවීමට සිදුව ඇති බැවින් එම භාණ්ඩ වල මිල ගණන් දැනටමත් ඉහළ ගොස් තිබීමයි. මේ පසුබිම තුළ. අපට අවසාන වශයෙන් කීමට තිබෙන්නේ තමන්ගේ බැරිකමට රාජපක්ෂ මන්තරය ජප කිරීමට වඩා රටේ ආර්ථිකය හොද තත්වයට ගැනීමට වහාම නිසි වැඩපිළිවෙලක් අවශ්‍යව පවතින බවයි.
මුදල් ඇමතිගේ බදු යෝජනාවලට
අගමැති සිදු කළ සංශෝධන
යහපාලන ආණ්ඩුවේ පළමු අයවැයෙන් ඉදිරිපත් කළ බදු යෝජනා කිහිපයක් සංශෝධනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (මාර්තු 08 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී කීවේය. දැනට පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇතිවිය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගෙන 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග යළි සලකා බැලිය යුතු නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති මෙලෙස සංශෝධනය කරන බව අගමැතිවරයා කීවේය. ඒ අනුව සිදු කළ බදු සංශෝධන මෙසේය.
* වැට් බද්ද
එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 15 දක්වා නැංවීමට අගමැතිවරයා යෝජනා කළේය. එය යහපාලන ආණ්ඩුවේ පළමු අයවැයෙන් එනම් 2016 අයවැයෙන් සියයට 8 සහ සියයට 12.5 ක් යන අනුපාත දෙක යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරිණි. වර්තමානයේ ලෝක ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා නිසා සියයට 15 ක තනි අනුපාතයක් යටතේ එය පවත්වා ගැනීම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් බවද සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා මත ලබා දුන් වැට් බදු සහන ඉවත් කරන බවයි. එසේම අගමැතිවරයා කීවේ වැට් බද්ද ඉහළ දැමීමෙන් අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු නොපනවන බවද තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැට් බදු පනවන බවද අගමැතිවරයා කීවේය.
* ජාතිය ගොඩනැගීමේ බද්ද
සියයට 2 සිට සියයට 4 දක්වා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දැමීමට පසුගිය අයවැයෙන් යෝජනා කළ ද එය දැනට පවත්නා සියයට 2 ප්‍රතිශතයේම නොවෙනස්ව පවත්වා ගනු ලබන බව අගමැතිවරයා කීවේය. මෙම බද්ද වැඩි කළොත් ආර්ථිකයේ සෑම අංශයකටම බලපාන නිසා පවත්නා ප්‍රතිශතයෙන්ම එය පවත්වාගෙන යන බව ද විදුලි සැපයීම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබා දී තිබූ ජාතිය ගොඩනැගීමේ බදු සහනය ඉවත් කිරීමට අයවැයේදී කළ යෝජනාව එලෙසින්ම ක්‍රියාත්මක බව ද කී අගමැතිවරයා, කාර්තුවක් සඳහා රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් වූ අවම සීමාව රුපියල් තිස් ලක්ෂය දක්වා පහත හෙළීමටද යෝජනා කළේය.
* ප්‍රාග්ධන ඉපැයීම් බද්ද
ප්‍රාග්ධන ඉපැයීම් මත බදු යළි ක්‍රියාත්මක කරන බව ද එය 1987 වසරේ සිට මෙරට ක්‍රියාත්මක නොකළ බවද අගමැතිවරයා කීවේය. සමාජයේ ඉහළ ස්ථරය තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අති විශාල වර්ධනයක් පසුගිය දශකයේදී දක්නට ලැබූ බවද ඉඩම් මිල, කොටස් මිල ඉහළ යාම මෙසේ විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකි බවද අගමැතිවරයා කීය.
* ආදායම් බදු
ව්‍යවස්ථාපිත ආදායම් බදු ප්‍රතිශතය සියයට 15 ක සිට සියයට 17.5 දක්වා ඉහළ දමන බව කී අගමැතිවරයා, සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු ප්‍රතිශතය සංශෝධනය කරමින් පසුගිය අයවැයේදී කළ යෝජනාව වසරකට අත්හිටුවන බවත් මේ අංශ දෙක සඳහා 2015 වසරේ බදු ප්‍රතිශතයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවතත් කීවේය.

ආර්ථිකේ කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙල මිනිහ පැරදුනේ උගේම වාසනවාට