මහින්දත් අජාසත්ත වගේ !!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මහින්දත් අජාසත්ත වගේ !!!!!!!!!!!!!!!!!

    ලිච්ඡවි රජු දැහැමින් රාජ්‍ය පාලනය කරන විට එම රාජ්‍ය තුළ අර්බුද ඇතිකිරීමට අජාසත් රජු ක්‍රියාකළාක් මෙන් රාජපක්ෂ ආණ්ඩුවද එජාපය තුළ ප්‍රශ්න ඇති කරමින් පක්ෂය විනාශ කරන බවත් මේ නිසා මහින්ද රාජපක්ෂත් අජාසත් රජු වැනි පාලකයෙකු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති එම පක්ෂයේ 55 වැනි මහ සම්මේලනය අමතමිනි.

    මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් එජාප සමුළුව ඇරඹුණු අතර පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමියන් විසින් එහිදී රැස්ව සිටි පිරිස පංච ශීලයේ පිහිටුවන ලදී.

    එක්සත් නායකත්ව මණ්ඩලයට බලය ලබාදීම ඇතුළු යෝජනා 4ක් එහිදී ඒකමතිකව සම්මත විය.

    එම යෝජනා 4 වන්නේ,

    01 - එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා නව යාන්ත්‍රණයක් ගොඩනැඟීම.

    02 - විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම.

    03 - නාස්තිය හා දූෂණය නවතා, ජීවන වියදම් පහල දැමීම.

    04 - ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිකිරීමට එකම මතයකින් එකම හඬකින් නැඟී සිටීම.

    එම යෝජනා 4 සම්මේලනයේදී ඒකමතිකව සම්මත වී ඇත.

    එහිදී සම්මේලනය ඇමතු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අඬනවා නම් ඇඬිය යුත්තේ තමන් බවයි.

    යුද්ධය පැවැති කාලයට වඩා අද වන විට ජීවත්වීමට අපහසු බවද ජනතාවගෙන් සියයට 1ක් පමණ සැප විඳිද්දී ඉතිරි පිරිසට "හයිවේ එකේ පලයන්" යැයි රාජපක්ෂ රෙජිමය කියන බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

    නැව් නැති වරායවල් මෙන් ක්‍රීඩකයින් නැති ක්‍රීඩාංගණ ද ඇති බවත් තව අවුරුදු 3කින් කැසිනෝ තුනක් තියෙනවා බලාගනින් යැයි කියා රෙද්ද උස්සනු ඇති බවත් ඔහු පැවසීය.

    චන්ද්‍රිකා ජනපතිනියගෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය ප්‍රමාණය වැඩි වී පිටරටට අපේ ර‍ට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.

    මේ රටේ ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක් බවත් එකක් එක්සත් ජාතික පක්ෂය බවද අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද පැවසූ විපක්ෂනායකවරයා දැන් ජනතාව ඉල්ලා සිටින්නේ එජාප ආණ්ඩුවක් යැයිද අවධාරණය කළේය.

    ලිච්ජවි රජු දැහැමින් පාලනය ගෙන යන විට එම රාජ්‍යය තුළ ගැටුම් ඇවිලීමට නොහැකි බව දැනගත් අජාසත් රජු කළේ එම රාජ්‍යය භේද භින්න කිරීමේ වැඩපිළිවෙළ බව පෙන්වාදුන් විපක්ෂනායකවරයා දැන් රාජපක්ෂ ආණ්ඩුව එජාපයට කරන්නේද එය ටිකම බැව් කියා සිටියේය.

    එජාපය තුළ අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමට රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කරන බවත් මාධ්‍යය පවා ඒ සඳහා එවන බවත් ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා අජාසත් රජු හා සමාන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එජාප 55 වැනි සම්මේලනයට, මහලේකම් තිස්ස අත්තනායක, කරු ජයසූරිය, ජෝසප් මයිකල් පෙරේරා, රවී කරුණානායක, සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් ඊට එක්ව සිටියහ.

    source ada derana
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද එල කොල්ලෙක්.. අපි මහින්දට.. මහින්ද කැමරන්ට, කැමරන් ආයේ අපිට.. so මහින්ද 2X
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පට්ට Talk එක. සම්පූර්ණ ඇත්ත කතාව. ඔහොම කතා කරනවනම් හැමදාම ආණ්ඩුව වට්ටන එක ගෙමක් නෙමෙ.
     

    Similar threads