ගොබ්බයෙක් වගේ හිතමු. මෙහෙමයි වෙලා තියෙන්නේ
මහින්දගේ ගේ අලුත්වැඩියා කරන්න ඕන කියලා කවුරු හරි අදහස දානවා,
මුදල් අමාත්‍යංශයට පණිවිඩේ යනවා,
චිචීට කෝල් එකක් එනවා මුදල් අමාත්‍යංශයෙන් "සර් සල්ලි කීයක්ද ඕන" කියලා අහලා,
චිචී කියනවා කෝටි 40 ක් වත් ඕන කියලා, එහා පැත්තෙන් හරි සර් දවස් දෙකක් දෙන්න කියලා එහෙන කියනවා,
ඊලග දවසේ කෝල් එකක් එනවා චිචීට සල්ලි හරි ඇවිත් අරන් යන්න කියලා,
චිචී ඊලග දවසේ මුදල් අමාත්‍යංශයට යනකොට කිරි ටොයියා අලුත් 1000 කොළ වලින් කෝටි 40 හදලා බෑග් වලට පැක් කරලා තියෙනවා.
චිචී ඒවා අරගෙන එනවා.
ඊට පස්සේ මැදමුලනෙන් ගෙන්නනවා මේසන් බාස් කෙනෙකුයි ගෝලයෙකුයි, බාස්ට දවසට 3500 යි ගෝලයට 2500 යි,
කොහොම හරි 50000 ක් යනකොට වැඩ ටික කරගෙන දෙන්නව ආයේ පිටත් කරලා "කෝටි 40 - 50000" ඉතුරු ගාන පව්ලේ අය එක්ක බෙදා ගන්නවා.
