මහින්ද අගමැති කාර්යාලයෙන් පලා යයි
මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි..! ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙයි..!
November 13, 2018 ඒකාබද්ධ/මහින්ද
සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මීට මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත මහින්ද රාජපක්ෂ ලිඛිතව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු රැස්ව ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී අගමැති ලෙස සිරිසේන පත්කර සිටින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවී ඇති බවද දැනගන්නට ඇත.
පවතින තත්වයන් හමුවේ තව දුරටත් වලංගු නැති නිති විරෝධී අගමැතිධුරයක් තබාගෙන සිටිමෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානි වනවා මිසක වාසියක් සිදු නොවන නිසා එයින් ඉල්ලා අස්වීමට රාජපක්ෂ මහතා තීරණය කර ඇත,
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක මහතාගෙන් අප විමසුවද ඔහුගේ දුරකතන සියල්ල ක්‍රියා විරතව පැවැතිනි
මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයන්ද සඳහන්කර ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ගැනීමට අසමත් වුවහොත් එය තම පාර්ශවය ලබන බරපතල පරාජයක් බැවින් මේ මොහොතේ අධිකරණ නියෝගය මත තීන්දුවක් ගැනීම උචිත බවය. එසේම ඒ වෙනුවෙන් පෙර සූදානමකින් සිටිය යුතු බවත් සිරිසේන ජනාධිපති ගැන විශ්වාසයක් නොතබන ලෙසත් එහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයින් අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත