මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

    වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය ප්‍රකාශ කළ පසුව 2015/08/03 දින මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් මුල් ගලක් තබා විවෘත කළා. එහි මුල් ගල් තබන පින්තූර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මෙලෙසයි.

    ranil-express-way1.jpg

    අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2015/08/03 දින මුල් ගල් තබන ලද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය 2014 නොවැම්බර් 14 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් ගල් තබා ආරම්භ කරන ලද්දකුයි. පහතින් දැක්වෙන්නේ ඒ සඳහා මූලාශ්‍ර.

    President Mahinda Rajapaksa launched construction work today on the first phase of the proposed Northern Expressway, which also has an extension to Kandy. The foundation stones were laid at Senkada interchange… source: hirunews.lk 2014/11/14 Link : http://www.hirunews.lk/97066/construction-northern-expressway-begins

    මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේත් 2014/11/15 දින මේ බව දක්වා තිබෙනවා. (සැයු: ජනාධිපතිවරණය කැඳවූයේ 2014/11/20 වන අතර මෙම මුල්ගල් තැබීම් සිදුවූයේ ඊට පෙරයි. එනිසා මෙහි කිසිදු ආකාරයක නීති උල්ලංඝනය වීමක් සිදුවී නැහැ.)

    colombo-kandy-express-way.jpg

    ඒ බව සඳහන් කරමින් පසුගිය ද මහින්ද රාජපක්ෂ මහතා පළ කළ ටිවිටර් පණිවිඩය.

    colombo-kandy-express-way-m.jpg

    2015 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට තිබූ මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දින නියමයක් නැතිව කල් දැම්මා.

    එසේනම් සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා එදා තැබූ මුල් ගල ගලවා දමා නැවත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල් ගල් තැබීමකුයි.

    [3]. 2015/06/26 දින පාර්ලිමේන්තුව විසුරවා හැර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමෙන් පසුව, මැතිවරණයට සති 2ක් තිබියදී 2015/08/03 දින , ප්‍රධාන අපේක්ෂකයෙක් විසින් “පොදු දේපල” යොදා ගනිමින් විවෘත කිරීමක් සිදුකිරීම, මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මෙය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර නෑ. ඒ වගේම සමහර ඊනියා මැතිවරණ නිරීක්ෂකයින් මේ ගැන කතා නෑ.

    [4]. මේ ගැන එක්සත් ජනතා නිදහස් සංධානය විසින් නගන ලද විරෝධය නිසා යන්තම් මැතිවරණ කොමසාරිස් වරයා ඇහැරී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස ඡන්දයට දින 9 කට පෙර විවෘත කර ලකුණු දා ගැනීමට හැදීම ගැන මෙලෙස නියෝගයක් නිකුත් වුණා.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල – කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. rivira.lk 2015/08/04 Link : http://www.rivira.lk/online/2015/08/04/අධිවේගී-පාර-අරින්න-මහින්/

    [5]. කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නැවතත් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ලබා දුන් China Metallurgical Group Corporation Limited නැමැති චීන සමාගමටමයි.
    (The Metallurgical Corporation of China (MCC) has come forward to construct the highway… ft.lk 2015/08/04 Link : http://www.ft.lk/article/453563/Sri-Lanka-will-be-economic-centre-in-South-Asia--Ranil )

    ranil-wickramsinghe-china.jpg

    ණය ආධාර ලබා ගෙන තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් චීන Exim බැංකුවෙන්මයි.

    එදා චීනය නරකයි කියපු අයට අවසානයේදී නැවතත් චීනයේම සහයෝගය ලබා ගන්න සිදුවී තිබෙනවා. එජාපය විසින් ලෝක බලවතුන් යැයි කියා ගන්නා සමහරුන් අපේ රටට කරන දෙයක් නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා චීනය සහ රුසියාව දෙසට වැඩි නැඹුරුතාවයක් දැක්වීම නිවැරදි ජාත්‍යන්තර කළමනාකරනය බවටත් මීටත් වඩා උදාහරණ ඕන නෑ.

    [6]. එදා මහින්ද රාජපක්ෂ මහතාට එම චීන සමාගම් කොමිස් දුන්නානම් එම චින සමාගම සහ එම චීන බැංකුව ආයිත් එජාපයෙන්ම සම්බන්ධ කර නොගත යුතුයි. එකදු හෝ වංචාවක් සිදුවී තිබුණානම් මාස 6 ක් තුළ අඩුම තරමින් නඩුවක් හෝ දැම්මෙ නැත්තේ ඇයි?. එසේ නොවීමෙන් කොමිස් (මෙගා ඩීල්) කතාව පට්ට පල් බොරුවක් බව යළිත් ඔප්පු වුණා.
    [5]. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, එකී අධිවේගී මාර්ගයට මහින්ද රාජපක්ෂ මහතා ඇස්තමේන්තු කළ වියදමෙන් 50% ක් අඩු කර තිබෙන බවයි.

    vBDe0hS.png

    Link : http://epaper.dinamina.lk/?tday=2015/08/04

    මේකත් පට්ට පල් බොරුවක්. පහත මූලාශ්‍ර බලන්න.

    මහින්දගේ: අධිවේගී මාර්ගය ඩොලර් බිලියන 4.5 ක පිරිවැයකින් ඉදි වෙයි. රුපියල් වලින් බැලුවොත් බිලියන 4.5*132= බිලියන 594. (expressway will be built at a cost of approximately 4.5 billion dollars… source: hirunews.lk 2014/11/14 Link: http://www.hirunews.lk/97066/construction-northern-expressway-begins)

    රනිල්ගේ: රුපියල් බිලියන පන්සිය හතළිහක (540) වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි. dinamina.lk 2015/08/04 Link: http://www.dinamina.lk/?q=2015/08/04/පුවත්/මධ්‍යම-අධිවේගයේ-වැඩ-අගමැති-අතින්-ඇරැඹේ

    එදා මහින්දගේ ඇස්තමේන්තු ගත කළ බිලියන 594 ක මුදල , රනිල් විසින් බිලියන 540 ක් දක්වා අඩු කිරීම 50% ක අඩු කිරීමක්ද? පේන විදිහට රනිල් වික්‍රමසිංහ මහතාට ගණන් බෑ වගේ.

    එම බිලියන 54 ක මුදල අඩු කළේත් මෙලෙසයි. කබීර් හෂීම් මහතා විසින් 2015 අප්‍රියෙල් මසදී අධිවේගී මාර්ගයේ පිරිවැය අඩු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ මෙලෙස සඳහන් වෙනවා. මූලාශ්‍රය: lankaweb.com 2015/08/02 - Link
    : http://www.lankaweb.com/news/items/2015/08/02/ranil-and-highways/

    1. මංතීරු 6 ක් ඉදි කිරීමට සෑදූ අධිවේගී මාර්ගය මංතීරු 4 කට අඩු කිරීම.
    2. පාලම් වල ගොඩබිම තුළට ඇති දිග අඩු කිරීම.
    3. පාලම් වල උස අඩු කිරීම.

    එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.
     
    • Like
    Reactions: nrjayasinghe

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    අමාරුවෙන් ගොඩක් ලිව්වට හයිවේ ප්‍රොජෙක්ට්ස් UNP ආන්ඩුවෙන් සැලසුම් කරපුව.. :lol::lol: වහලෙක් දක්ශිණ අධිවේගෙත් මහින්දගෙ කෙරුවාව කියල හෙන හෑල්ලක් දාල තිබ්බ. අනේ මන්ද උන් දන්නෙ නෑනෙ මේවට ඉඩම් ගත්තෙ 2003 දි කියලවත්.. ටිපිකල් අනාතයො. :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමාරුවෙන් ගොඩක් ලිව්වට හයිවේ ප්‍රොජෙක්ට්ස් UNP ආන්ඩුවෙන් සැලසුම් කරපුව.. :lol::lol: වහලෙක් දක්ශිණ අධිවේගෙත් මහින්දගෙ කෙරුවාව කියල හෙන හෑල්ලක් දාල තිබ්බ. අනේ මන්ද උන් දන්නෙ නෑනෙ මේවට ඉඩම් ගත්තෙ 2003 දි කියලවත්.. ටිපිකල් අනාතයො. :rofl::rofl:
    සැලසුම් කරාට විතරක් මදි බන්... ඉන් එහාට තමයි වැඩ තියෙන්නෙ....
    බලශක්ති අර්බුදය විසදන්න ගල් අගුරැ බලාගාර ඉදිකරන්න සැලසුම් කලේ කොයි කාලේද?. එ්ත් නොරොච්චෝලෙ ඉදිකරල ලංකාවෙ බලශක්ති අර්බුදය විසදන්න කොච්චර කල් ගියාද?. ඒ වෙනකම් හිටපු ආණ්ඩුවල ලොක්කො ඔර්ලෝසුව වෙනස් කලා මිසක් මේ සැලසුම් ක5ියාත්මක කරගන්න පුලුවන් උනාද?
    හයි වේ වලටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි...
     
    • Like
    Reactions: Miami-Vice

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Our company built a lot of highways in Canada, Hong Kong, Malaysia, always used 4 lanes for highways(motorways has more than 4lanes), always try to use earth bunds insted of concreat and other things height of bridge piers increased at ship passes only for the economical construction
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සැලසුම් කරාට විතරක් මදි බන්... ඉන් එහාට තමයි වැඩ තියෙන්නෙ....
    බලශක්ති අර්බුදය විසදන්න ගල් අගුරැ බලාගාර ඉදිකරන්න සැලසුම් කලේ කොයි කාලේද?. එ්ත් නොරොච්චෝලෙ ඉදිකරල ලංකාවෙ බලශක්ති අර්බුදය විසදන්න කොච්චර කල් ගියාද?. ඒ වෙනකම් හිටපු ආණ්ඩුවල ලොක්කො ඔර්ලෝසුව වෙනස් කලා මිසක් මේ සැලසුම් ක5ියාත්මක කරගන්න පුලුවන් උනාද?
    හයි වේ වලටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි...

    well said
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    If anyone has litle bit of brain then can understand what is going on now simply making fool the people don't know how far they can go like this
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    man tiru 2k adu kerela 50% adu kerane puluwanda? ane gon bayyane ahuwenna nathi boru kiyapan kooooo

    thopi mulim O/L or year 8 pass wela hitapalla
     
    KasbaalIkbaal

    Banned
    Aug 5, 2015
    10
    0
    0
    මධ්‍යම අධිවේගය සදහා කටයුතු ආරම්භ කලේ 2003 දී. දක්ෂිණ අධිවෙගයත් එහෙමයි. හැබැයි රනිල් මුලිකවම බැලුවේ පාර හදනවත් එක්කම කර්මාන්ත එහෙම ඒ ඒ ස්ථාන වල, අධිවේගී පිවිසුම් ආසන්නයේ ඇති කරන්න. ඒක කරන්නත් ඕනි. නැත්තන් පාර විතරක් හැදුවට වැඩක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    man tiru 2k adu kerela 50% adu kerane puluwanda? ane gon bayyane ahuwenna nathi boru kiyapan kooooo

    thopi mulim O/L or year 8 pass wela hitapalla

    අපි නෙවේ බන් අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නේ කියන්නේ කලින් ඇස්තමේන්තුවට වඩා 50% අඩුවෙන් ප්‍රොජෙක්ට් එක කළා කියලා... :rolleyes:

    එතුමාට අනුව 594*50/100=540 :nerd:

    කාටද කියන්නේ ඉතිං. :baffled:

    උඹ ඔය සුපුරුදු වචන සෙට් එක ( බයියෝ,සාමාන්‍ය පෙළ, අට පාස් ) ආදිය දාන්න කලින් ආටිකල් එක කියෝලා ඉඳින්. :)

    හරිය?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    අපි නෙවේ බන් අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නේ කියන්නේ කලින් ඇස්තමේන්තුවට වඩා 50% අඩුවෙන් ප්‍රොජෙක්ට් එක කළා කියලා... :rolleyes:

    එතුමාට අනුව 594*50/100=540 :nerd:

    කාටද කියන්නේ ඉතිං. :baffled:

    උඹ ඔය සුපුරුදු වචන සෙට් එක ( බයියෝ,සාමාන්‍ය පෙළ, අට පාස් ) ආදිය දාන්න කලින් ආටිකල් එක කියෝලා ඉඳින්. :)

    හරිය?

    man kiwwe, man thiru 2k adu kerela kohomada 50% adu kere kiyala.

    e kiyane meken comis gahala na kiyalane???? neda?

    supurudu wachana set eka newei machan, gala pena wachana set eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    man kiwwe, man thiru 2k adu kerela kohomada 50% adu kere kiyala.

    e kiyane meken comis gahala na kiyalane???? neda?

    supurudu wachana set eka newei machan, gala pena wachana set eka

    ඔව්, මහින්ද මේ අදිවේගී මාර්ග ව්‍යාපෘති වලින් ගසා කාල නැති බව තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. ජනාධිපතිවරණ කාලේ මඩ ගැහුවේ මහින්ද මේ පාරවල් රත්තරන්වලින් ප්ලේට් කරනවා කියලානේ.. :D දැන්වත් සත්‍ය වටහාගැනීම ගැන සතුටුයි. :) :yes:

    ඔය කියන විදිහට නම් වචන සෙට් එක ගැලපෙන්නේ රනිල් අග්‍රාමාත්‍යතුමාට තමයි. එතුමනේ කියන්නේ මහින්දගේ ඇස්තමේන්තුවට වඩා 50% අඩු කරගත්තා කියලා. :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    :yes: