මහින්ද ආබාධිත රණවිරුවන්ට පහර දෙයි
මහියංගණයේ නිදහන්ගල ප්රදේශයේ ප්රජාතන්ත්රවාදී පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී අහසට වෙඩි තැබූ ප්රහාරකයන් කාර්යාලයේ සිටි පුද්ගලයන්ට පහර දී එහි තිබුණ රථ වාහන සහ යතුරු පැදි ආදිය විනාශ කර දමා ඇති බවයි වාර්තා වන්නේ.
‘ප්රහාරයට ගොදුරු වූ හිටපු කර්නල්වරයා ආබාධිත රණවිරුවෙක්. ඔහුට තියෙන්නේ එක කකුලයි. ඔහුගේ ඉතිරි හොඳ කකුලත් කඩා ඔහු මරා දැමීමට උත්සාහ කළ ප්රහාරකයන් බොරු කකුල අර ගෙන ගිහින්’ ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.







