මහින්ද කියන්නේ පාතාලය මෙහෙයවන, ගොඩ් ෆාදර&#3530

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද කියන්නේ පාතාලය මෙහෙයවන, ගොඩ් ෆාදර&#3530

Body01.jpg
Body02.jpg




ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශවයේ නායක මංගල සමරවීර,


මේ රාජපක්ෂ ආණ්ඩුව සිල් රෙදි පොරවගෙන ජනතාව නොමඟ යවනව. ඊයේ තංගල්ලේදී සිදුවූ සිදුවීමෙන් රාජපක්ෂගේ සැබෑ මුහුණ නැවත වරක් දකින්න ලැබුණා. අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනවලින් ගිහින් අද උදේ බලපෑම් කරල තියෙනව මේ දේහයේ අවසන් කටයුතු කරන්න කියල. අද මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගිහින් කියල තියෙනව ජනාධිපතිතුමා සමාව ඉල්ලනව කියල. ඒකෙන් පේනව මේක රාජපක්ෂගේ වැඩක්, ඔහු ඒක පිළිගන්නව කියන එක.

අද මුළු රට පුරාම ජරාජය ඉදිරියේ සැලසුම්සහගත භීෂණයක් වපුරන්න ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මර්වින් සිල්වා කියන කණ්ඩාම විසින් කමිටුවක් මෙහෙයවනව. ඒක මම වගකීමෙන් කියනව. මේ වෙනුවෙන් මාතර ප්‍රදේශයට පමණක් කොළඹින් කණ්ඩායම් තුනක් දැනට ගිහින් තියෙනව. මේ සියල්ල මෙහෙයවන්නේ රදම්පොල සමර‍සේකර පුද්ගලයගේ නිවසෙ. ඔහු ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයගේ කිට්ටු ඥාතිවරයෙක්. මේ නිවසේ STF කියල අඟවල හමුදාවෙන් පැනල ගියපු පිරිසක් එකතු කරගෙන ඉන්නව.

ඒ විතරක් නෙමෙයි අකුරැස්සේ චන්ද්‍රා රාජපක්ෂ කියන්නෙ ජනාධිපතිවරයගේ කවුරුත් නොදන්න සහෝදරය. බැසිල්, චමල්, ගෝඨාභය, ඩඩ්ලි කියන සහෝදරයින්ට අමතරව චන්ද්‍ර දකියල සහෝදරයෙක් ඉන්නව. මේ සහෝදරය මානසික අපහසුතාවයකින් ඉන්නෙ. එවැනි කෙනෙක් ඉන්නව කියල මේ අය අඟවන්න අකමැතියි. මේ කෙනා ජනාධිපති උපදේශකයෙන් විදියට පඩි ලබනව. මේ අයගේ ගෙදර මේ වෙන කොට වාහන 6 ක් 7ක් නිතරම නවත්තල තියෙනව. ඊට අමතරව අපිට පැහැදිලි තොරතුරු තියෙනව ඒ නිවසෙත් මැර කණ්ඩයමක් නවත්තගෙන ඉන්නව.

ඒ විතරක් නෙමෙයි මාතර නගරයේ සිලෝන් පෙට්‍රෝලියම් එකේ සර්කිට් බංගලාවේ හමුදාමය ලක්ෂණ තියෙන පිරිසක් නවත්තල ඉන්නෙ. අපිට වාර්තාවෙන විදිහට දකුණු පළාතේ සියලුම මැරකම් මෙහෙයවන්නේ මේ පිරිස. මේ පිරිස සංවිධානය කරන්න මහින්ද රාජපක්ෂගේ කිට්ටුම ඥාතියෙක් වන පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න, ඒ කියන්නෙ ජෝර්ජ් රාජපක්ෂ මහත්තයගේ පුතා තමයි යොදවල තියෙන්නේ. මාතරට විතරක් නෙමෙයි අනෙකුත් දිස්ත්‍රික්වලටත් මේ විදියටම යොදවල තියෙනව.

මේ සම්බන්ධයෙන් අපි පොලිසියට තොරතුරු ඉදිරිපත් කළා. නමුත් පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් කරල නැහැ. අපි කියන්නේ මේ ක්‍රියාවන්ට විරුද්ධව රටේ ජනතාව පෙරමුණ ගන්න ඕනෙ. අද අපේ රටේ ඉන්නෙ රජෙක් නෙමෙයි. අර ඇමෙරිකාවෙ ඉන්නව වගේ "ගෝඩ් ෆාදර්" කෙනෙක්. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පාතාලය මෙහෙයවන, මැරවරයො මෙහෙයවන ගොඩ් ෆාදර් කෙනෙක්. ඔහු විසින් විශේෂයෙන්ම තමන්ගේ ජයග්‍රහණය සඳහා මේ කණ්ඩායම මෙහෙයවනව. මේ වෙනුවෙන් අපි අපේ විරෝධය දැක්විය යුතුයි.

මෙම අවස්ථාවේදී අවසාන වශයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා "අවසාන වශයෙන් මම එකක් කියන්න කැමතියි. නිල් බලකාය අයිති තරුණයාගේ හෙට කියන ව්‍යාපාරයට. තරුණයාගේ හෙට කුසුමාවතීගේ හෙට නැති කළා. ඒ නිසා තරුණයාගේ හෙටට දැන් කුසුමාවතීගේ ලේ ගෑවිලා" යනුවෙන් පැවසීය.

press04.jpg
Godfather_PK_3-RR-Xsm.jpg


 
Last edited: