මහින්ද ග ආගිය කතා
මහින්ද ගේ ආගිය කතා
නේපාලේ - තේ පානේ
අම්මා පුංචි පුතාට ඉතිහාස කතාවක් කිය කියා හිටියා. අම්මා කිව්වේ ධාතුසේන රජතුමා ගැන යි. ඔහොම කිය කියා ඉන්න කොට අම්මට එක පාරට ම නින්ද ගියා.
”අම්මේ අම්මේ ධාතුසේන රජ්ජුරුවො කරුණ මිස් හම්බ වෙන්න ගියාද” පුතා ප*්*රශ්න කළා. ධාතුසේන රජ්ජුරුවොයි කරුණ මිසුයි අතරෙ සම්බන්දෙ අම්මටත් පුදුමයි. හිතාගන්න වත් බෑ.
”ධාතුසේන රජ්ජුරුවො හම්බ වෙච්ච කරුණ මිස් කෙනෙක් නෑ පුතා. දැන් නිදාගන්න.” අම්මා කිව්වා.
පුතා ගේ අපබ*්*රංශ කතාව වගේ තවත් කතාවක් ආණ්ඩුවේ කන්තෝරුවකින් ඇහෙනවා. ඔය ආයතනවල සෙකියුරිටි කට්ටියටත් එක එක රාජකාරි.
සෙකියුරිටි කට්ටිය කන්තෝරුව ඇතුළට යන හා එන අය ගැන ලොග් සටහන් තියනවා.
සෙකියුරිටි කට්ටිය එළියට යනවා නම් වෙලාව දාල ඒ ගැනත් සටහනක් දානවා. දවස අවසානයේ ලොක්කා ඒවා චෙක් කරනවා.
ඔන්න එක දවසක් ලොක්ක ලොග් පොත චෙක් කළා. එක සටහනක් තිබුණා ඒක තේරෙන්නෙම නැති විකාර සටහනක්. සටහන මේකයි.
”පස්වරු හතරයි තිහට නේපාලයට ගොස් පස්වරු 4.50 ට නැවත පැමිණියා.”
”මේක ලිව්වෙ තමුසෙද” ලොක්කා ගාඩ්ගෙන් ප*්*රශ්න කළා.
”ඔව් සර්” ගාඩ් උත්තර දුන්නා.
”තමුසෙ කොහොමද 4.30 ට නේපාලෙට ගිහින් විනාඩි විස්සෙන් ආපහු එන්නේ” ලොක්කා ඇහැව්වා.
ගාඩ් - එහෙම නෙවෙයි සර් මම ලිව්වේ 4.30 ට තේ පානයට ගොස් 4.50 නැවත පැමිණියා කියලයි.
දැන් මා මිත*්*ර කඩවත සමන්තගෙ කතාව.
ජෑම් සමඟ සීනි
මැයිගහමුල හන්දියෙ සිල්ලර කඩේ කරන දවස්වල සමන්තට වෙච්ච වැඩක් මේක. සිල්ලර කඩ කිරීමත් යකෙක් බැඳගත්ත වගේ ම දෙයක්. අනිවාර්යයෙන් අරින්න ම ඕනෙ.
එක දවසක් හරි වැහුවොත් පාඩුයි.අනික ණයට බඩු ගත්ත මිනිස්සු කඩේ වහපු දවසක් බලලම තමයි ණය සල්ලි දෙන්න එන්නෙත් මොකද? ආපහු පහුවදාට කියන්න පුළුවන්නෙ ඊයෙ ණය සල්ලි දෙන්න ආවත් කඩේ වහල තිබුණ කියල.
ඉතිං ඔන්න සමන්තගෙ කඩෙන් බඩු ගන්න අයත් සමහර දවස්වල එහෙම වැඩ කරනව. හැබැයි නියමිත දවසට ණය මුදල් දුන් අයත් හිටිය.
ඔන්න දවසක හැන්දෑවෙ ලොකු බඩු ලිස්ට් එකක් ගත්ත මහවත්තෙ මනුස්සයෙක් පැය බාගෙකට විතර පස්සෙ කඩාගෙන ඇවිත් මහ මරුමුස් බැල්මක් එහෙම දාල ඇස් දෙක ලොකු කරල සමන්තට කියනව,
”ඈ සමන්ත මල්ලි අපි දවසක් දෙකක් ණය සල්ලි පරක්කු කළාම තමයි ඔයාගෙ මූණ හොඳ නැති වෙන්නෙ... ඒ වුණාට අපිට බඩු ගන්න කොට නොමිලෙ දෙන දේවල් සේරම ඔයා යටිමඩි ගහගන්නව... ඒක හරිද?... කැත වැඩ කරන්න එපා මල්ලි...”
මේ මොන හෙණගෙඩියක් ද යකෝ... සමන්ත බැලුව. කඩේ තවත් සෙනගත් ඉන්නව ලැජ්ජාවෙ බැහැ.
”දැන් මොකක් ද අයියෙ වෙලා තියෙන්නෙ” සමන්ත ඇහුව.
”වෙලා තියෙන්නෙද? කෝ... මේ ජෑම් බෝතලෙත් එක්ක නිකන් දෙන සීනි පැකට් එක?” කඩේ ඉන්න අනික් සෙනග දිහා ආඩම්බරෙන් බලන ගමන් ම මිනිහ ඇහුව.
”යකෝ ජෑම් කොම්පැනිකාරයොත් මාව අමාරුවෙ දාන්න හදනවනෙ!” කියල තරහින් අර මනුස්සයගෙ අතේ තිබුණ ජෑම් බෝතලේ අරගෙන බලපුවම ඒකෙ ලොකුවට ලියල තියෙනව ”SUGAR FREE” කියල.