රනිල්ගෙ මල්ලි.....

ananthaya123

Member
Apr 4, 2017
43
6
0
රනිල්ගෙ මල්ලි.....

රනිල්ගෙ මල්ලි

රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...

-කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.-
-JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා.-

ශාන් වික්‍රමසිංහ / සභාපති - TNL

ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි...

මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.

ඒ තරම් රෑ වෙනකල් සභාපතිවරයෙක් ආයතනයේ රැඳිය යුතු ද...

ඒ මගේ හැටි. ට්‍රාන්ස් මීටර්ස්, රෙකෝඩර්ස්, වීඩියෝ කැමරා වගේ උපකරණ කැඩුණොත් ඒවා හදන්න තමයි රාත්‍රි කාලය මං වැඩිපුර වැය කරන්නේ. ප්‍රායෝගික මනුස්සයකුට, වැඩකරන්න පුළුවන් කොයි වෙලාවත් එකයි. TNL කියන්නෙ කණ්ඩායමක් නම් මං ඒ කණ්ඩායමේ මඟ පෙන්වන්නා. ජපන් ඉන්ජිනේරුවන් පරදන දැනුමක් ඇති තරමට ‍ගෝල පිරිසක් බිහිකරන්න මට පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා.

ඔබ හඳුන්වා දුන් රූපවාහිනි කලාවට දැන් මොකද වෙලා තියෙන්නෙ...

අයාලෙ ගිහින්. උගන්වන හරි තැනක් නැහැ. උගන්වන්නෙ ශිල්පය දන්න අය නෙවෙයි. තම තමන්ම අංක එක කිය කියා හැම චැනල් එකක් ම කෑගහනවා. ඔවුන්ට ම අයිති රිචර්ච් ආයතනවලින් වාර්තා හදාගෙන ‘අපියි ජනප්‍රිය’ කියනවා. මං ඉතින් ඔය හැම දේ දිහා බොහොම කනගාටුවකින් බලා ඉන්නවා.

ඒත් මේ රටේ රූපවාහිනි තාක්ෂණ ශිල්පය උගන්වන ආයතන තිබෙනවනේ...

ලොකුම එක තමයි පදනම් ආයතනය. දැන් උගන්වන සමහර අයත් තාක්සණය දන්නෑ. මේ ආයතනය හැදුවෙම රූපවාහිනී තාක්ෂණය සඳහා ශිල්පීන් බිහි කරන්න. දැන්වත් මේවා හරි අතට යන්න ඕනේ.

ප්‍රභූ පවුල්වල උදවිය මොකටද මේ ව්‍යාපාරත් එක්ක වද විඳින්නේ...

TNL කියන්නෙ මට බිස්නස් එකක් ම නෙවෙයි. මම රස්සා ටිකක් හැදුවා. අලුත් මාවතක් හැදුවා. උපයන මුදල හොඳටම ඇති.

මොනවද ඔබට පරම්පරාවෙන් ලැබුණේ...

කොල්ලුපිටියේ පර්චස් නවයක්. ඒක මං දූට දුන්නා. TNL එක හදපු මේ ඉඩම මායිමෙන් ම අම්මා මට අක්කර බාගයකුත් අරන් දුන්නා. ගෙයක් හදාගෙන මං පදිංචි වෙලා ඉන්නෙ එතැන. මගේ දූ ඉෂිණි ඉන්නෙ කොළඹ. මේ ගෙදර මාත් එක්ක බල්ලො දහනව දෙනෙක් ඉන්නවා. මරණින් බේරා ගත්තු හරක් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මගේ චර්යාව, ගෙදරින් TNL එකට. TNL එකෙන් ගෙදරට.

දේශපාලනික බලය තිබෙන මොහොතක්. ඇයි ප්‍රයෝජන අරන් TNL එක මීට වඩා ජනප්‍රිය සහ ලාභ ලබන තැනක් නොකරන්නේ...

මොකටද....? මං මගේ වැඩ, රනිල් එයාගෙ වැඩ. මල්ලි අගමැති වුණා කියලා එයාගෙ බලය මට අවශ්‍ය නැහැ. අපිට ඇඩ්ස් ලැබෙනවට වඩා අහිමි වෙනවා වැඩියි මේ කතාව නිසා. ‘අනේ අපි TNL එකට ඇඩ් දුන්නොත් කියයි ෆේවර් කළා කියලා....’ කට්ටියක් එහෙම කියනවා. ඇඩ් වැඩිවුණොත් ‘ආ ඔය මල්ලිගෙ බලය පාවිච්චි කරලනේ....’ තව කට්ටියක් එහෙම කියනවා. ඒ නිසා මේ යන මධ්‍යම ප්‍රතිපදාව මට හොඳයි.

එතකොට ව්‍යාපාරික සාදවලදි වැඩිය ඔබ නොදකින්නේ...

මම ඒවට යන්නැති නිසා. අත්‍යාවශ්‍යම දේකට හැර වෙන කිසිම පාටියකට මම යන්නෑ. වෙනකක් තියා මට දැන් පාස් පෝට් එකක්වත් නැහැ. මං දැන් ලෝකෙ වටේ ගිහින් ඉවරයි. මගේ පාස්පෝට් එක අයින් කරලා අවුරුදු විස්සක්.

අගමැතිතුමාගේ සහෝදරයා, මාධ්‍ය ආයතනයක ප්‍රධානියා. කෝ සෙකියුරිටි...

රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මේ රබර් වතු මැදින් කඩේට යන, ඕනෙ වුණොත් පාන් ගෙඩියකුත් සිලි මල්ලෙ දාගෙන එන මං වගේ මනුස්සයකුට මොන සිකුරුටිද... සමහරුන්ට නම් වැසිකිලි යන්නත් සිකුරිටි ඕනේ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ.

අඩුම තරමෙ රියැලිටි ෂෝ එකක්වත් නොකරන්නෙ ඇයි...

ඕවා කරන්න ගියාම බංකොලොත් වෙන්නෙ අනුග්‍රාහක ආයතන. අද එහෙම වෙලා තියෙනවා. අනිත් අතට ඕවා බලන සහ සහභාගි වන මිනිස්සුන්ගෙ මනසත් බංකොලොත්. මගේ දැක්ම, රූපවාහිනිය යනු, යහපත් මාධ්‍ය භාවිතාවක් පමණයි කියන එකයි.

සභාපතිගේ නම රූපවාහිනි චැනල් එකේ නම වෙච්චි, එකම අවස්ථාව මේකද...

අපේ ‍රටේ නම ඔව්. අම්මා තමයි නම දැම්මේ. ශාන්තිලාල් නිල් කාන්ත මගේ නමින් භාවිත වන, ‘ශාන්’ කොටස අරන් තමයි අම්මා ඒක දැම්මේ.

TNL රේඩියෝ හැදුවෙත් ඔබ. හැබැයි ඒ ආයත‍නයේ සභාපති, ඔබේ සහෝදරයා...

ලේක් හවුස් එක පවරා ගැනීමේ නරක අත්දැකීම් (Bad Experience) අපේ පවුල් විඳලා තිබුණා. මොන ආණ්ඩුවක් ආවත් ආයේ එහෙම දෙයක් නොවෙන්නයි TNL රූපවාහිනි හා රේඩියෝ ආයතන දෙක, දෙකක් ලෙස වෙන් කළේ.

මොකක්ද ඔබේ මුල් ම Business එක...

1970 ‘සංගීතා’ නමින් තැටි නිෂ්පාදන සමාගමක් ඇරැඹීම. මුල්ම තැටිය කළේ ජිප්සීස් සුනිල් පෙරේරා වෙනුවෙන්. සූර්යා ලේබලයෙන් වෙළෙඳපොලට ආ තැටි නිෂ්පාදනය කළෙත් අපි. ඇත්තට ම 1969 අපි මේ ඉඩම ගත්තෙ ම ඒ වෙනුවෙන්. අම්මට මං කිව්වා ප්ලාස්ටික් උණු කරන්නයි, හදපු තැටි කූල් කරන්නයි දවසකට වතුර ගැලුම් හය හත්දාහක් යනවා. ඒ නිසා හොඳට වතුර තියෙන ඉඩමක් හොයන්න කියලා. වතුර තියෙනවා කියලා ගත්තට හාරද්දි තමයි තේරුණෙ ගල් කියලා. අන්තිමේ අඩි තිහේ ළිං දෙකක් හාරන්න වුණා. මොකද සමහර කාල තිබුණා මාසෙට තැටි තිස් හතළිස් දාහක් හදපු.

ළිං වතුරෙන් ද තැටි කූල් කළේ...

ඔව්. ඒකට පිරිසුදු වතුර ඕනෑ. අදත් අපි බොන්නෙ ඒ ළිංවතුර. කබොක්වලින් පෙරිලා එන ඒ ළිං වතුර මිස අවුරුදු තිහක් වන මේ TNL පරිශ්‍රයේ ටැප් වතුර නැහැ.

ඇයි ඔබ ඒ තැටි බිස්නස් එක අත්හැරියේ...

තැටි වලින් පස්සෙ කැසට් පට ආවා. මං කැසට් නිෂ්පාදනයත් කළා. CD, DVD යුගවලට එද්දි මං ඒක අතෑරලා දැම්මා.

රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...

කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

‍ෙකාළඹ රෝයල් එකේ. ඉස්කෝලෙ මං ආසා කරපුම විෂය ‘මෙට්ල් වර්ක්’. ඉගැන්නුවේ ආර්.ටී. අලස් මහත්තයා. කොහොමටත් ඉස්කෝලෙ උත්සවවලදි බිග්මැච්වලදි මට හුඟක් ඉලෙක්ට්‍රොනික වැඩ පැවරුණා. ඒවට මට නමක් හැදිල ම තිබුණා.

ඉගෙන ගත්තෙත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද...

සිංහලෙන්. ගෙදරදිත් සිංහලෙන් කතාව අම්මා නියම කරලා තිබුණා. ඒ වගේ ම කුස්සියට ගිහින් උයන්න, තේ හදන්න, කේක් හදන්න හැම වැඩක්ම ඉගෙන ගත යුතු වුණා. මං තමයි මේ දේවල් වැඩියෙන් ම ඉගෙන ගත්තෙ.

ඔබ පවුලේ කී වැනියද...

වැඩිමලා. මං ළඟට රනිල් මල්ලි. ඊළඟට ශානිකා නංගි. එයා තමයි TNL එකේ නීති අධ්‍යක්ෂවරිය. ඊළඟට නිරාජ්. TNL රේඩියෝ එකේ සභාපති. බාලයා චන්න මල්ලි. එයා තමයි තාත්තගෙ රත්මලානේ ‘වර්ණා’ ප්‍රින්ටින් ප්‍රෙස් එක කරන්නේ.

පවුලෙ වැඩියෙන් ගුටි කාපු දරුවත් ඔබද...

ගෙදරට වඩා ඉස්කෝලෙන්. මාව හැමදාම අහුවුණේ කෑගහනවා කියලා. මගේ කට සැරයි - සද්දයි කියලා තමයි ගුටිකෑවේ. සමහර දවස් තිබුණා ඒ ලේබල් එක නිසා පන්තියේ හිටියේ නැතත් ගුටිකන්න සිද්ධ වුණු. තිරාජ් මල්ලිව නම් බිග් මැච් ඉවර වුණාම හැමදාම වගේ තාත්තට පොලිසියට ගිහින් අරන්න එන්න වුණා. මොකද එයා තමයි ගෝරිවලට පැටලුණේ. රනිල් මල්ලි එහෙම නැහැ. එයා දන්නවා බේරිලා ඉන්න.

පුංචි කාලෙ ඔබේ දක්ෂතා අම්මා තාත්තා හඳුනා ගත්තද...

තේරෙන කාලෙ පටන් මං කළේ රේඩියෝ කඩපු එකයි හදපු එකයි. අම්මා මට කාඩ්බෝඩ් පෙට්ටිවලින් ග්‍රැමෆෝන් හදන හැටි කියලා දුන්නා. තාත්තා මාව ඉස්කෝලෙ රේඩියෝ ක්ලබ් එකට දැම්මා. ඔක්කොම ලොකු අයියලා. හිටපු පොඩිම ළමයා මං. වයස දහයක් ඇති. අම්මා වැඩ කරන වෙලාවට මං කුස්සියේ තියාගෙන වයර් හයි කරනවා. ඉලෙක්ට්‍රික් බවුත් නැති නිසා ගෑස් එකෙන් පාස්සනවා. මේ හැමදේටම ඒ දෙන්නා ඉඩ දුන්නා සහ උදව් කළා.

ඒ කියන්නෙ යහමින් මුදල් දෙන්නත් ඇති...

මාසෙට ම එක රුපියලක් පොකට් මනි දුන්නා. හැබැයි ආච්චි රුපියල් දහයක් දුන්නා. අම්මගෙන් තව කීයක් හරි ගන්න නම් වැඩ කරලා දෙන්න ඕනෙ. රේඩියෝ බඩු ගන්න ඕනෙ වුණාම මං වත්ත සුද්ද කළා, පේන්ට් කළා, අතුපතු ගෑවා... මහන්සියෙන් උපයාගන්න කියලා තමයි අම්මා කිව්වෙ. තව මදි වුණොත් රනිල් මල්ලිගෙ පොකට්මනි වලින් ණයටත් ගත්තා.

එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනි වික්‍රමසිංහ කියන රටේ පිළිගත් යුවළගේ වලව්කාර පවුලක දරුවෝ. රෝයල් සංස්කෘතියෙන් එහා ලෝකයක් දැකලා තිබුණද...

මොකද නැත්තේ. ඒ කාලෙ පළවෙනි හරස් වීදියේ මං හොඳ පුරුදු කාරයෙක්. මං රේඩියෝ බඩු කෑලි හොය හොයා ඇවිදිනවා. දවසක් පියානෝ ටීචර් පරක්කු වුණා. පන්තිය පැත්තක දාලා මායි රනිලුයි ඩ්‍රයිවර්ට කියලා බංගසාල වීදියෙන් බස්සවා ගත්තා. එදා ‘මොරිස් රෝච්’ කොම්පැනියෙන් ‘Philips Data Book’ කියන ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සම්බන්ධව වටිනා පොත නොමිලේ දුන්නා. අපි දෙන්නා ගියේ ම ඒක ගන්න. ඒ වෙනකොට මං පිටකොටුවෙ මුදලාලිලත් අඳුනනවා.

ඔබ වගේ ම මල්ලි ආසා කළෙත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවටද...

නැහැ. අවුරුදු දහය වෙනකොට එයාට ඇමරිකන් ඉතිහාසය ගැන පුදුම දැනුමක් තිබුණා. ක්ලේ වලින් එයා ඒ ඉතිහාසය අඹනවා. ඒබ්‍රහම් ලින්ක් වගේ චරිත හදලා ලේබල් ගහලා අපිටත් පෙන්වනවා. අපිත් ඇමරිකන් ඉතිහාසය ඉගෙන ගත්තෙ එයාගෙන්.

එතකොට ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ....

එංගලන්තයේ ෆැරඩේ සහ North London Polytechnic උසස් අධ්‍යාපන ආයතනයේ. විෂය Television සහ Audio Engineering. ඒ කාලෙ මම තමයි එහෙ රූපවාහිනි මාධ්‍ය ඉගෙන ගත් එකම ශ්‍රී ලාංකික සිසුවා.

රටේවත් නොතිබුණු ටෙලිවිෂන් ගැන මේ විදියට ඉගෙන ගන්න හිතුවෙ ඇයි...

අපේ රටට මේ මාධ්‍ය ගේන්න ඕනෙ නිසා. ටෙලිවිෂන් ගැන පොත් වලින් කියවලා දැනගෙන තිබුණා. ඇමරිකන් එම්බසියෙන් කරපු ප්‍රදර්ශනවලදි රූපවාහිනියක් දැකලා තිබුණා. එංගලන්තෙ ඉන්නකොට ජීවත් වෙන්න සල්ලි මදි වුණාම මං කළේ කැඩුණු TV හදපු එක. මොකද ලංකාවෙන් සල්ලි යවන්න පුළුවන් උපරිම පවුම් තුනයි. ඒ කියන්නෙ රුපියල් තිහයි. TV හදලා සාප්පුවල වැඩකරලා තව ගාණක් හොයා ගත්තා. මං ලංකාවට ආවෙ ඒ තාක්ෂණය පිළිබඳ දැනුම සහ ආසාව හිතේ තද කරගෙන.

ඉතින් ඔබ මොකද කළේ...

1967 මං ගියා ඩඩ්ලි සේනානායක මහත්තයා මුණගැහෙන්න. ‘මං කිව්වා අපි මේක පටන් ගමු...’ කියලා. ‘අපි කල්පනා කරලා බලමුකෝ...’ කිව්වා. එතුමා මිය ගියා. යෝජනාව එතුමගෙ ලාච්චුවේ ම තිබුණා. ඊළඟට සිරිමා මැතිනියගේ සමුළුවකදි පොඩි ට්‍රාන්ස්මීටර් එකක් හදලා එහෙන් ගෙනාපු මගේ TV සෙට් එක දාලා කොළඹ වටේ විතරක් ලයිව් පෙන්නුවා. ඒකෙනුත් මුකුත් වුණේ නැහැ. ඊට පස්සෙ ටික කාලයක් ලේක් හවුස් එකේ Technician කෙනෙක් හැටියට වැඩ කළා. ඒ එක්කම තැටි නිෂ්පාදනය ආරම්භ කළා.

එතකොට ඇයි ඒ යෝජනාව අත්හැර දැම්මේ...

අත්හැරියම නෙවෙයි, ඒ කාලය තුළ මං ඔබ්සවර් හරහා මේ පිළිබඳ රටේ මතයක් ඇති කළා. මේ මාධ්‍ය පිළිබඳ සමාජය තුළ උනන්දුවක් ඇති කළා. හැබැයි ගුවන් විදුලියේ හිටපු බුවල් මහත්තයා එක හෙලා මේක ප්‍රතික්ෂේප කළා. අපි ගුවන් විදුලිය දියුණු කරමු කියලා එයා උතුරු නැ‍ඟෙනහිරට අනවශ්‍ය ලෙස ටවර් හැදුවා.

ඒත් ඔබ උත්සාහය අත්හැරියෙ නැහැනේ...

ඔබ්සවර් පත්තරේ හිටපු අර්නස්ට් කොරයා මහත්තයා හොයාගත්තා ගුවන් විදුලි පණතේ තියෙන වගන්තියක් අනුව පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනි චැනල් දෙන්න පුළුවන් කියලා. ඒ අනුව JR ට ඉල්ලීම ලිඛිතව දුන්නා. ටික කාලෙකට පස්සෙ එයා ඒක ගැසට් කළා. හතළිස් දෙනෙක් ඉල්ලුම් කළා. තේරුණේ මොරිස් රෝච් සමාගමයි අපියි. අවසාන අවස්ථාව වෙන‍කොට ඒ අයත් බැහැ කිව්වා.

ඉතින් ඔබ ඉලක්කයට ආවා...

නැහැ, ඊළඟට ඇප්ලිකේෂන් එක අරන් ගුවන් විදුලියේ බුවල් ළඟට ආයේ ගියා. ‘ඕගොල්ලන්ගෙ කරදරේ හින්දා ටෙලිවිෂන් පටන් ගන්න යනවා...’ කියලා බුවල් මගේ ඇප්ලිකේෂන් එක ඉරුවා. තව සැරයක් Audio Engineering part II කරන්න ඇමරිකාවට යැවිය යුතු සල්ලි බඳින්න, අපේ විනිමය හුවමාරුවට ගියාම එතැන හිටපු ‘පාලක’ ත්, ‘මේවා ලංකාවට ඕනෙ නැහැ’ කියලා මගේ ඇප්ලිකේෂන් එක ඉරුවා.

වද විඳගෙන ලංකාවට රූපවාහිනි ගෙන්වන එකෙන් මොනවද ඔබ බලාපොරොත්තු වුණේ...

ඇ‍ඟේ උණ තමයි. කොහොම හරි අන්තිමේ 30 දා කිව්වා පළමුවැනිදාට කලින් රුපියල් ලක්ෂ්‍යක් ලයිසන් ගාස්තුව ගෙවන්න කියලා. අම්මා මට පණස් දාහක් දුන්නා. මගේ මාමගේ පුතා අනිල් විජේවර්ධන ඉතිරිය දුන්නා. ITN නම දැම්මේ අනිල්. අනිල්ගෙ පන්නිපිටියෙ ගෙදර ගරාජ් එකෙන් තමයි ITN විකාශය අපි පටන් ගත්තෙ.

එතකොට කොහොමද ඔබට ITN අහිමි වුණේ....

සති අටක් කරගෙන ගියා. දවසක් JRගේ ගෙදර පාටියක් තිබුණා, පිටරට ඇමතිලා වගයක් ඇවිත් හිටපු. ඒක විකාශය කරන්න කිව්වා. එදා මහරගම ලයිට් නැහැ. ලයිට් එනකොට වෑල්ව් එක පිච්චුණා. කොහොමද විකාශය කරන්නේ පහුවෙනිදා එළිවෙන්නත් කලින් JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා. චෝදනාව තමයි හිතා මතා වෑල්ව් කඩලා, මේක විකාශය නොකළාය කියන එක.

ඉතින්, දීලා පැත්තකට වෙන්න නම් ඇයි ඔය තරම් මැරීගෙන රූපවාහිනි කලාවක් හැදුවේ...

ඒ යුගයේ ව්‍යාපාර පවරා ගැනීමේ පනත හදලා තිබුණෙ නඩුවක්වත් යන්න බැරි විදියට. ශිල්පයක් ඉගෙන ගෙන තමන්ගෙ රටට ඒක හඳුන්වලා දීලා අමාරුවෙන් ආණ්ඩුවට ලොකු ගාණකුත් ගෙවලා, රට අනාගතයට ගෙනියන්න වෑයම් කරපු මනුෂ්‍යයකුට අවසානයේ ලැබුණෙ අහිමි වීම පමණයි. හොඳම දේ මං පුහුණු කරපු ශිල්පියො හා මගේ ම දැනුම අරන් තමයි ඔවුන් මුල් කාලෙ ITN එක ඇදගෙන ගියේ.

විශ්‍රාම ගිය දවසට ඔබ මොනව කරයිද...

ලබන මාසෙට මට හැත්තෑවයි. විශ්‍රාම යෑමක් ගැන මට කවදාවත් හිතිලා නෑ. දැන් මේ වැඩ කළා ඇතියි කියලා හිතෙන අවස්ථාත් නැතුවා නෙවෙයි. ඒ වෙලාවට මං කරන්නෙ තව තවත් වැඩිපුර වැඩ කරන එක. මොකද වයසට යද්දි කල්පනා ශක්තිය පවතින්නේ නිතර වැඩක යෙදීමෙන්.

ආගමත් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

තාත්තා ඇන්ග්ලිකන් වුණාට අපි වැඩිපුර හැදුණෙ වැඩුණෙ අම්මා වගේ බෞද්ධ පරිසරයේ. අද මට තියෙන්නෙ බුදු දහම හා ගැඹුරින් බැඳුණු ජීවිතයක්.

අන්තිමට කියන්න ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය...

මොනවා තිබුණත් කෙනකුට වැඩක් නැහැ සරල ජීවිතයක් ගත කරන්න දන්නෙ නැති නම්. තමන්ට නැති දේවල් ගැන පිම්බෙන්නත් එපා. අනිත් අය තමන්ව පුම්බන්න හදන තරමට පිම්බෙන්නත් එපා.

- සිළුමිණ-
සටහන - ඉනෝකා පෙරේරා බන්ඩාර
ජායා - විමල් කරුණාතිලක
06.11.2016

(ප.ලි - ශාන් වික්‍රමසිංහයන් විසින් මෙරටට රූපවාහිනිය සම්ප්‍රාප්ත කිරීම සහ ඔහුගේ ජීවන ශෛලිය මිස රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනය අදාල නොවේ)
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒකට මහින්දයා ගෙ සෙට් එක
    ජොබ්ලස් අනාථයන්ට ජොබ් ලැබුනෙත් මහින්දයා රජ උනාම :rofl:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොනවා තිබුණත් කෙනකුට වැඩක් නැහැ සරල ජීවිතයක් ගත කරන්න දන්නෙ නැති නම්. තමන්ට නැති දේවල් ගැන පිම්බෙන්නත් එපා. අනිත් අය තමන්ව පුම්බන්න හදන තරමට පිම්බෙන්නත් එපා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙ ජීවිතේ දැකපු නිහතමානීම චරිතයක්. (ශාන්ගේ මල්ලිගේ දේශපාලනය අදාල නොවේ ) අදටත් මිනිහව අයිටීඇන් එකේ උන් පුම්බන්න හදනවා රනිල්ගේ සහොදරයා නිසා, නමුත් මිනිහා ඒවට නැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශාන් වික්‍රමසිංහ කියන්නේ මම දැකපු ටෙලිවිෂන් තාක්ෂනය හා සම්බන්ධ ලංකාවේ අංක 1කේ විද්වතා....
    ඔහු රනිල් ගේ අයියා කතාව අදාල ම නෑ....
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ශාන් වික්‍රමසිංහ කියන්නේ මම දැකපු ටෙලිවිෂන් තාක්ෂනය හා සම්බන්ධ ලංකාවේ අංක 1කේ විද්වතා....
    ඔහු රනිල් ගේ අයියා කතාව අදාල ම නෑ....

    :yes::yes::yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Edit Tags Tags
    ! proud gay ෆැමිලි, අම්මලාගේ සල්ලි, ටෙම්පරි බයි ආතල්, තවත් පොන්නයෙක්ද?, මහින්ද පඩයා, රනිල් මහතා, වැඩක් නැති නුල්, ranilta ගල් කැපුවද?

    elakiriye ඉන්න සමහරු මහ කාලකන්නි. රනිල් ගැන පැහැදිලි විවේචනයක් හැමෝටම තියනවා. ඒත් රනිල් නිසා මේ මනුස්සයට බනින එක හරිද​? මෙයා ගොඩ ක් නිහතමානි මනුස්සයෙක්. සිරිසේනට වඩා සරලයි. මනුස්සයෙක් ගැන හරියට නොදැන මඩ ගහන්න එපා.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    844
    458
    63
    Dan TNL ekata moko wela thiyenne?
    TNL radio network eke sinhala, english fm channels thibba ne..
    ewata moko une
    channels wahalada?
    sewakayanta moko une
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    Dan TNL ekata moko wela thiyenne?
    TNL radio network eke sinhala, english fm channels thibba ne..
    ewata moko une
    channels wahalada?
    sewakayanta moko une
    TNL එක දැන් සුප්‍රිම් එකෙන් අරගෙන නේද? ලෝගෝ දෙකම චැනල් එකේ වැටෙනවා. ජෙරම්ගේ ප්‍රෝගෑමුත් යනවා බන්.
    ASPපැදුරු පාටිය වගේ ආතල් එකක් තිබ්බ ප්‍රෝග්‍රෑම් යන්නෙත් නෑ. :P සුප්‍රීම් , ලෝගෝ දෙකම දැම්මට පරන එකේ ගිය ප්‍රොගැම් මේකේ යන්නෙ නෑ.
    https://tvsupreme.lk/live/
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    844
    458
    63


    TNL එක දැන් සුප්‍රිම් එකෙන් අරගෙන නේද? ලෝගෝ දෙකම චැනල් එකේ වැටෙනවා. ජෙරම්ගේ ප්‍රෝගෑමුත් යනවා බන්.
    ASPපැදුරු පාටිය වගේ ආතල් එකක් තිබ්බ ප්‍රෝග්‍රෑම් යන්නෙත් නෑ. :P සුප්‍රීම් , ලෝගෝ දෙකම දැම්මට පරන එකේ ගිය ප්‍රොගැම් මේකේ යන්නෙ නෑ.
    https://tvsupreme.lk/live/
    samahara parana ewa yanawa.. eth confusing..
    parana ewa yanne e style ekatamai..