මහින්ද චන්ද්‍රිකාට කැපූ වලේ ඔහුම ඇද වැටේ!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    මහින්ද චන්ද්‍රිකාට කැපූ වලේ ඔහුම ඇද වැටේ!

    දෛවය දඬුවම් දෙන්නේ විවිධ ආකාරයටය. දඬුවමේ විෂම චක්‍රය මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ගමන් කරමින් සිටී.

    තමන්ගේ ප්‍රභලතම දේශපාලන ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් පලිගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇය වෙනුවෙන් ව්‍යවස්ථාපිතව වාර්ෂිකව වෙන්කරනු ලැබූ රුපියල් කෝටි 27 ක මුදල පසුගිය අයවැයෙන් කෝටි 6 දක්වා අඩුකලේ චන්ද්‍රිකාට රිදවීමටය. එසේ කරන ගමන් ඔහු දවසකට රුපියල් ලක්ෂ 250 ගණනේ වියදම් කලේය.

    ගතවූයේ දෙමාසයකි. මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරය අහිමිවිය. දවසකට රුපියල් ලක්ෂ 250 ගානේ වියදම් කළ ඔහුට දැන් ව්‍යවස්ථාපිතව වාර්ෂිකව හිමි වන්නේ රුපියල් කෝටි 6 ක් පමනි. වල කැපුවේ චන්ද්‍රිකාටය. එහි ඇද වැටුනේ එය කැපූ මහින්දමය. දෛවය දඬුවම් දෙන්නේ එලෙසය. මේ පටන් ගත්තා පමනි. ‘කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ' සුභාෂිත පද මහින්ද රාජපක්ෂට හෙට අනිද්දා හොඳින් තේරුම් යනු නියතය.


    -lankanewsweb