රාජපක්ෂලා සොරකම් කළ රත්තරන් ටොන් 40

tintin4

Member
Dec 20, 2017
272
34
0
රාජපක්ෂලා සොරකම් කළ රත්තරන් ටොන් 40

බොම්බයි ලූනු මිල ඉහළයාම හා රාජපක්ෂලා සොරකම් කළ රත්තරන් ටොන් 40

දිනවල ගෝඨාගේ වේදිකාවේ කතා කරන මහින්ද රාජපක්ෂ මහජනතාවගෙන් නිතරම අහන සුලභ ප්‍රශ්නයක් තිබේ.

එම ප්‍රශ්නය වන්නේ දැන් බොම්බයි ලූනු මිල කීයද..? දැන් සනීපද..? කියායි.

බොම්බයි ලූනු හා රත්තරන් යනු එකට ගැළපෙන දෙයක් නොවෙතත්, ඒ දෙකම මහින්දලා දේශපාලනය සමග ගැලපෙන අයුරු මම සිතා බැලුවෙමි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මෙරට සතුව තිබු රත්තරන් ටොන් 40ක් එතෙරට අලෙවි කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවල, ප්‍රවෘත්ති සාකච්ඡාවල මෙන්ම පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ වුවා ඔබට මතක ඇත.

මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වී ඇතැයි කියන විශාලම හොරකම ලෙස සැලකෙන රත්තරන් ටොන් 40 ක් එතෙරට අලෙවි කිරීම තුළින් රාජපක්ෂලා උපයා ඇති මුලු මුදල ඩොලර් මිලියන 1824.6 ක් හෙවත් රුපියල් මිලියන 2,32,788 ක් යැයි එවකට වාර්තා වී තිබිනි. රුපියල් කෝටි වලින් කියන්නේ නම් මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 23,788 කි.

මෙම රත්තරන් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ රාජ්ගෝපාල් කාර්තිපන් නැමැත්තෙකි. ඔහු විසින් තමන්ට හිමි විය යුතු කොමිස් මුදල ලබා දෙන ලෙස ඉල්ලා එවකට මහබැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලිපියක් යවා ඇති අතර වාර්තා වන අන්දමට එහි පිටපතක් මේ වනවිට ‌දේශපාලනඥයන් කිහිප ‌දෙනෙක් අත ද, ලංකා ඊ නිව්ස් කර්තෘ වරයා සතුවද, රාවය කර්තෘ වික්ටර් අයිවන් සතුව ද තිබේ. මට මතක හැටියට ‌මෙය පළමුවරට ප්‍රසිද්ධ කළේ ලංකා ඊ නිව්ස් නමුත් ලංකා ඊ නිව්ස් වාරණය නිසා මට එකී ලිපිය ‌සොයා ගැනීම අපහසු විය. නමුත් ඒ සම්බන්ධව රාවය පුවත් පත විසින් පළ කළ ලිපිය ‌සොයා ගැනීමට හැකි විය.

එම ලිපියෙන් කොටසක් පහත දැක්වේ.
---------------------------------------
.......පසුගිය රාවය මුල් පුවතින් හෙළිදරව් කරන ලද හිටපු ජනාධිපතිගේ අනුදැනුම ඇතිව හා හිටපු මහ බැංකු අධිපතිගේ අනුමැතිය ඇතිව රත්රන් මෙටි‍්‍රක් ටොන් 40ක් හොරට විකිණීමේ සිද්ධිය ගැන තවත් අලූත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. හොර පාරේ විකුණා ඇති රන් තොගයේ වටිනාකම විශ්වාස කරන්නට බැරිතරම් විශාලය. එය මෙතෙක් ලංකාවේ සිදුවී තිබෙන ලොකුම වංචාව ලෙස සැලකිය හැකි අතර විකුණා තිබෙන රන්වල නියමිත ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 39.66 කි. එම ගනුදෙනුවෙන් ලබාගෙන ඇති සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 1824.36 කි. එහි රුපියල් වටිනාකම (2012 හුවමාරු අනුපාතික අනුව) රුපියල් මිලියන 232788කි.

මෙම දැවැන්ත රන් ගනුදෙනුවේදී එය මිලදී ගැනීම සඳහා ජපානයේ Credit Suise Securities Limited නමැති සමාගම, එම සමාගම වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදුකිරීමේ බලය පවරා තිබූ Japuda Holding Company Ltd සමාගම විසින් මහ බැංකුව සමග ගනුදෙනු කිරීම සඳහා පත්කරන ලද රාජ්ගෝපාල් කාර්තීපන්ට ඒ ගනුදෙනුවේ එම සමාගමේ අතරමැදියා ලෙස ක‍්‍රියාකිරීම සඳහා බලය පවරන ලද ලියවිල්ලේ ඡායා පිටපතක් පාඨකයන්ගේ සේ ම දූෂණ ගැන සොයා බැලීමේ වගකීම පැවරී ඇති ආයතනවලද දැනගැනීම සඳහා මෙහි පළ කරමු.

ඊට අතිරේකව සීමාසහිත Japuda Holding සමාගමේ දේශීය අතරමැදියා ලෙස ක‍්‍රියා කළ රාජ්ගෝපාල් කාර්තීපන් හා මහ බැංකුවේ අතරමැදියා ලෙස ක‍්‍රියා කළ සප්පාන් සෝමසේකරන් අතර මෙම රන් ගනුදෙනුව සඳහා 2012 ජනවාරි 27 වැනි දින ඇති කරගත් ගිවිසුමක පිටපතක්ද අප සතුව පවතී. එම ගිවිසුම ලියා සහතික කරන නීතිඥයා ලෙස ක‍්‍රියාකර ඇත්තේ උතුරු තලංගම, කොස්වත්තේ, ප‍්‍රසන්න මාවතේ, අංක 385/5 දරන ස්ථානයේ පදිංචි සම්පත් චමින්ද ගමගේය.

මීට අතිරේකව රාජ්ගෝපාල් මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වෙත 2013 ජූනි 19 වැනි දින යවන ලද ලිපියක පිටපතක්ද අප සතුව පවතී. මෙම ලිපියට ඇතුළත් කරුණු අනුව මොහු මහ බැංකු අධිපතිට මෙම ලිපිය ලියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් වශයෙනි. රත්තරන් තොගයේ අලෙවි කටයුතු අවසන් කර ඇති බැවින් තමන්ට අතරමැදියන් වශයෙන් ලැබිය යුතු කොමිස් මුදල ගිවිසුම් ප‍්‍රකාරව ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවේදී මහ බැංකු අධිපති සමග කතා කොට ඒ කටයුතු අවසන් කරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දෙන ලද බව එහි සඳහන්ය.

තිබෙන තොරතුරු අනුව මෙම දැවැන්ත වංචාවේදී සියලූම බැංකු කටයුතු සිදුවී තිබෙන්නේ HSBC බැංකුව හරහාය. රන් තොගය ලංකාවෙන් පිටකිරීම සඳහා අවශ්‍ය නිල සහතික ලබාදී තිබෙන්නේද මහ බැංකුව විසිනි. ඒ සඳහා මහ බැංකුව ලබාදී තිබෙන සහතික වන්නේ

1. ප‍්‍රභව සහතිකය (Certificate of Original)
2. ඇසුරුම් විස්තර ඇතුළත් බර පිළිබඳ සහතිකය
3. හිමිකම් සහතිකය
4. තත්ත්වය හා ප‍්‍රමාණය පිළිබඳ සහතිකය
5. රේගු අනුමැති සහතිකය
6. පිටපත් 4කින් යුතු වෙළෙඳ ලදුපත
7. අපනයන බලපත‍්‍ර සහතිකය
8. සියලූ ගෙවීම් කර ඇති බවට සහතිකය
9. රන් තොගය සියලූ බදු හා ගෙවීම්වලින් නිදහස් බව ප‍්‍රකාශ කරන සහතික යන ඒවාය.

මෙම ටොන් 40 රන් තොගය හොරට විකිණීමේ කතාව පළවීමෙන් පසු එම වාර්තාවේ වරදක්, දෝෂයක් හෝ විකෘතියක් ඇත්නම් එම වාර්තාවේ නම් කර සිටි පුද්ගලයන් වන හිටපු ජනාධිපති, හිටපු මහ බැංකු අධිපති, අතරමැදියන් සඳහා ගිවිසුම් සකස් කර සහතික කළ නීතිඥයා හෝ එහි නම් සඳහන් අතරමැදි පුද්ගලයන් කරුණු පැහැදිලි කිරීම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වුවද ඒ කිසිවෙක් කතා නොකළෝය. ඔවුන් දක්වන ලද නිහඬතාවම අපගේ කරුණු සනාථ කරන්නේයැ’යි කිව හැකිය.

ගියවර පළවූ වාර්තාවේ අතරමැදියන් ලෙස ක‍්‍රියා කළ 8 දෙනාගේ නම් හා බැංකු ගිණුම් සඳහන් වුවත්, ලිපිනයන් හෝ හැඳුනුම්පත් අංක පළවූයේ නැත. එම තොරතුරුද අපට ලැබී ඇති අතර ඒවා මෙසේය.

1. ඩබ්ලිව්.කේ.ඞී. ඇන්ස්ලි සොවිස්, ජා.හැ.අ. 642580132V, 77, කනන්නෙරියන්වල, පින්නවල, බලංගොඩ.
2. නෙවිල් යෝගේන්ද්‍රන් ක‍්‍රිස්ටි සුරේෂ් කුමාර, ජා.හැ.අ. 70431738V, 730, නිවාස සංකීර්ණය, කල්අඩිය, පුත්තලම.
3. කුමරන් ජෙයරානි ජා.හැ.අ. 596620663V, 77, කාමල් මාවත, හැඳල. වත්තල.
4. එච්.එම්. ගාමිණී කුමාර සෙනෙවිරත්න, ජා.හැ.අ. 650485068V, 523, ගාලූපාර, ගල්කිස්ස.
5. අයි.පී. උපුල් කරුණාරත්න. ජා.හැ.අ. 652322255V, 99/ත්‍, මුලගන්දුව, ඉඳුරුව.
6. තරංගා මහේෂ් ඉන්දික සමරසිංහ ජා.හැ.අ. 723380154V, නො. 39, ඉසදීන් නගරය, මාතර.
7. යෝගරත්න නිමල්සිරි ඉලංගකෝන්, ගමන් බලපත‍්‍රය භ 1817465, නැඳුන්ගමුව, ගම්පහ.
8. සුප්පයියා සිරිදරන්, ජා.හැ.අ. 680792062V, නො. 27, කදිරානවත්ත, මට්ටක්කුලිය.

මෙම වංචාව සම්බන්ධයෙන් වත්මන් රජය මුල් අවදියේ දී කතා කළත් එම වංචාවට සිදු වුයේ කුමක්ද කියා කිසිවෙක් නොදනී.
---------------------------------------
වර්තමානයේ වෙළෙඳපොලේ බොම්බයි ලූනු මිල ඉහළ ගොස් ඇතැයි මහජන වේදිකාවේ මොර දෙන රාජපක්ෂලාට තමන් පාලනය කළ කාලයේ හොරකම් ගැන මතකයේ නොතිබීම දෛවයේ සරදමකි.

දෑන්... බෝ..ම්...බා....යි.. ලූ...ණු.... කී...ය..ද..? කියා මහජනතාවගෙන් අසන රාජපක්ෂ මහරාළගෙන් ජනතාව විසින් ඇසිය යුත්තේ ඔබේ කාලයේ කරපු හොරකම්වලට සිදු වුයේ කුමක්ද? කියාය.

රාජපක්ෂ කාලයේ සිදු වු දූෂණයන් යට ගැසීම සම්බන්ධව දැන් කෙළින්ම ඇඟිල්ල දිගු වන්නේ දෙදෙනෙකුටය. එකෙක් නම් යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂයි. තමන් රාජපක්ෂලා බේරා ගැනීම සඳහා ඔවුන් එරෙහිව එල්ල කළ චෝදනා සහිත ලිපි ගොනු ඉවත දැමු බව පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහුම පැවසීය.

රාජපක්ෂලාගේ දූෂණ යට ගැසූ අනෙකා නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඔහු තමන්ට හිතවත් විනිසුරුවන් යොදා ගනිමින් හා අධිකරණයට බලපෑම් කරමින් රාජපක්ෂලාට තිබෙන නඩු හැකි තරම් ඈතට කල් දැම්මේය. නිදසුන් ලෙස ගෝඨා තරම් වාසනාවන්ත චූදිතයෙක් ලෝකයේ තවත් නැත. ඔහුට එල්ල කරන චෝදනා සියල්ලම ගඟට කැපූ ඉණි සේ කිසිදු විපාකයක් නොදී ඉවත දමන ආකාරය පෙනේ..

කෙසේ වුවද , මේ සා අති විශාල රත්තරන් තොගයකට සිදුවූ දේ තවම අබිරහසකි. අනෙක් අතට මේ තරම් රත්තරන් තොගයක් ලැබුනේ කොහෙන්ද යන්නයි.

උතුරේ විශේෂයෙන් කිළිනොච්චි, මන්නාරම , වව්නියාව හා මුලතිව් නගරවල පැවැති රන්බඩු සාප්පුවල තිබු රත්තරන් මෙන්ම නිවාසවල විසු දෙමළ ජනතාවාගේ රන් බඩු ද යුද්ධ සමයේ කොල්ල කන ලද බවට දෙමළ ජනතාව විසින් චෝදනා කරනු ලැබීය.

එමෙන්ම සඳහිරු සෑයේ තැම්පත් කිරීමට යැයි රේගුව සතු රත්තරන් කිලෝ අටක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රේගුවේ හිටපු ඉහළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවේ..

ජාතික ධනය කොල්ල කා තම පරපුරේ මඩි තර කර ගත් රාජපක්ෂලා අද බොම්බයි ලූණු මිල ඉහළ යාම ගැන කතා කිරීම තරම් විකට රංගනයක් ලොව තවත් නැත...
 
  • Haha
Reactions: hitter

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එල්ටීටීඊ සංවිධානය සතුව තිබියදි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් ටොන් 350 න් 310 ක් හොර රහසේ ජපන් රජයට විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වැරදිකරු වන ලකුණු පහලව තිබේ.

    මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීකෂණ පවත්වාගෙන යයි. ඊයේ දිනයේදී මෙම ගනුදෙනුවේ අතරමැදියන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබිණි.

    එහිදී ඔවුන් නිශ්චිතවම සඳහන් කර තිබුණේ මෙම දූෂිත ගනු දෙනුව මහින්ද රාජපක්ෂ විසින් සිදු කෙරුණු බවය. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුලදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කේපී හෙවත් කුමාර් පද්මනාදන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.මෙම රත්තරන් තොගය සම්බන්ධ තොරතුරු හෙළි කරගෙන තිබුණේ කේපී ගෙන් ලත් තොරතුරු මතය.

    මේ සම්බන්ධයෙන් පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙළි දරව්වක් කරමින් තමන් විසින් රත්තරන් ටොන් 350ක් ශ්‍රී ලංකා රජයට භාර දුන් බව හෙලිකර සිටියේය. එහෙත් ඉන් මහා භාණ්ඩාගාරයට භාර දි තිබුණේ ටොන් 40 කි.අනෙක් රත්තරන් ටොන් 310 ජපානයට විකුණා තිබුණේ රුපියල් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලකටය.

    කෙසේ නමුත් මෙම වංචා සහගත ගනු දෙනුව සම්බන්ධයෙන් මුල්වරට හෙළි කළ ශ්‍රී ලංකාවේ පිහිටි මාධ්‍ය ආයතනය වූයේ ලංකා ඩේලී වෙබ් අඩවියය. පසුගියදා සුවිශේෂී හෙළිදරව් කිරීමක් සිදු කළේය.

    මේ එම පුවත්

    එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.!

    එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට

    මොන්සන් ඇත්ත අකවුන්ට් එකෙන් වරෙන් බන් :rofl:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    බොම්බයි ලූනු මිල ඉහළයාම හා රාජපක්ෂලා සොරකම් කළ රත්තරන් ටොන් 40

    දිනවල ගෝඨාගේ වේදිකාවේ කතා කරන මහින්ද රාජපක්ෂ මහජනතාවගෙන් නිතරම අහන සුලභ ප්‍රශ්නයක් තිබේ.

    එම ප්‍රශ්නය වන්නේ දැන් බොම්බයි ලූනු මිල කීයද..? දැන් සනීපද..? කියායි.

    බොම්බයි ලූනු හා රත්තරන් යනු එකට ගැළපෙන දෙයක් නොවෙතත්, ඒ දෙකම මහින්දලා දේශපාලනය සමග ගැලපෙන අයුරු මම සිතා බැලුවෙමි.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මෙරට සතුව තිබු රත්තරන් ටොන් 40ක් එතෙරට අලෙවි කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවල, ප්‍රවෘත්ති සාකච්ඡාවල මෙන්ම පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ වුවා ඔබට මතක ඇත.

    මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වී ඇතැයි කියන විශාලම හොරකම ලෙස සැලකෙන රත්තරන් ටොන් 40 ක් එතෙරට අලෙවි කිරීම තුළින් රාජපක්ෂලා උපයා ඇති මුලු මුදල ඩොලර් මිලියන 1824.6 ක් හෙවත් රුපියල් මිලියන 2,32,788 ක් යැයි එවකට වාර්තා වී තිබිනි. රුපියල් කෝටි වලින් කියන්නේ නම් මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 23,788 කි. ....


    හැම තිස්සෙම මතක් කරන්න බෑ බන්, මල වදේ. :angry:
    මේක තොපේ ආණ්ඩුව. ඉතින් අල්ලල හිරේ දාපල්ලා. මේ 2014 නෙවෙයි. :lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    හැම තිස්සෙම මතක් කරන්න බෑ බන්, මල වදේ.
    මේක තොපේ ආණ්ඩුව. ඉතින් අල්ලල හිරේ දාපල්ලා. මේ 2014 නෙවෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැම තිස්සෙම මතක් කරන්න බෑ බන්, මල වදේ.
    මේක තොපේ ආණ්ඩුව. ඉතින් අල්ලල හිරේ දාපල්ලා. මේ 2014 නෙවෙයි.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මොන හුත්තක්ද බං මේ ? ඔච්චර සාක්කි තෝ ගාව තියෙ නම් තෝ පල උසාවි. මේ එලකිරියෙ නඩුකාරයෝ නෑ හිඟන්නෝ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැම තිස්සෙම මතක් කරන්න බෑ බන්, මල වදේ.
    මේක තොපේ ආණ්ඩුව. ඉතින් අල්ලල හිරේ දාපල්ලා. මේ 2014 නෙවෙයි.
     
    • Like
    Reactions: malakadss

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    67.gif


    මෙතනට ඇවිල්ලා නාහෙන් අඬන්නෙ..
    සරල දෙයක්නේ කරන්න තියෙන්නෙ, අල්ලල හිරේ දාන්නකො ආයිබෝං...
    ඔහේලාගෙ ආණ්ඩුවක්නේ තියෙන්නෙ...
    (අකුදි,යකඩයා,දතා එකතුවුනාම ඕක මහ ලොකු දෙයක්ද..?)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    rajapakshalage hama magulama dannawa.punchi ammaa hodata salakanawa ireland gewal aran denawa. demawpiyata salakanne na:D:D;);):yes::yes::D:D 88/89 light off karanna kiyala chit bedapu minissu tama anik unge waradi hoyannae depala winasa karala Gewal wala minissunge tibba gold ton 60k usaala .id ussala, laptop tibbe na nathnam ewath ussanawa thirisan jvp un:D:D:yes:

    rajapakshalage magul hoyanna kalin ara print karapu mg dekakawath ghin denna kiypn lapa kotata ammalata.88/89 mini marala thundu bedala gedara eddi kama hadala tibbata moko wadak kare nane jiwitha kalema:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    නින්දෙන් නැගිටපු පිස්සු හුයන්නක්. 2014 නෙවෙඉ මේ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,532
    113
    රාජපක්ෂලා හිරේ ද දැන්? ඇයි කොටා හොරු අල්ලන්නේ නැත්තේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මොකටද ඕයි මෙවයෙ හැලි ලියන්නෙ කෙලින්ම අනුර කුමාරට විස්තර දුන්න නං රත්තරන් ටික හොයල ලොරියක පටවගෙන භාණ්ඩාගාරෙට ගේයි. මහිදයගෙ සෙට් එක හිරේ දායි.
     
    • Like
    Reactions: Mr Bones