මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    සැප්තැම්බර් මාසයේ දී පවත්වන පක්ෂ මහ සමුළුවේදී මෙම තනතුරු වෙනස් කිරීම සිදුකරන බවද ඔහු පැවසීය.

    පක්ෂය විසින් ගනු ලබන දේශපාලන තීන්දුවට එරෙහිව යමින් කටයුතු කළ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන් එම තනතුරෙන් ඉවත් කිරීමට එහි දී කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

    ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළේය.

    නමුත් පක්‍ෂයේ මතය නොතකා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට තරග වැදුනු අතර පක්‍ෂ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක් ඔහුට සහාය දුන්නේය. හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කියා සිටියේ තමන් සහාය දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතාට බවයි.

    එ් අනුව ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීමේ තත්වයක් පක්‍ෂය තුල මතුව ඇත.