කැනඩාවෙ ඉදන් සුද්දන්ගේ ගූ හෝද හෝද ඉන්න උඹලා දන්න ලංකාවෙ දේශපාලනේ"මේකෙන්ම තේරෙනවා නේද මේ මිනිස්සුන්ට ප්‍රජාතත්‍රවාදය ගැනවත්,වංචා දූෂණ-පවුල් දේශපාලනය ඒකාධිපතිවාදය ගැනවත් , මේ විධායක බලතල කතන්දර ගැනවත් කිසිම දැනුමක් නෑ කියන එක."
අන්තරජාලයේ දේශපාලනය සහ යථාර්තය - පොඩි කොල්ලන්ට අවබෝද නොවන යථාර්තය
ප්‍රජාතත්‍රවාදය- JR,චන්ද්‍රිකා,මහින්ද හැමෝම බලයට ආවේ ප්‍රජාතත්‍රවාදය ආරක්ෂා කර ගන්න තමයි. අනාගතේ පත්වෙන අයත් ප්‍රජාතත්‍රවාදය ආරක්ෂා කර රක ගන්න තමයි බලන්නේ.එත් බලය හම්බුනාම ප්‍රජාතත්‍රවාදයට වෙන දේ මිනිස්සුට මතකයි. JR පොලිසිවලට නිවාඩු දීපු හැටි, 77 නිදහස් පාක්ෂිකයන්ට කරපු දරුනු හිංසා (ගෙවල් ගිනි තැබීම් ...), කළු ජුලිය, 88-89 සිද්දි, මහාචාර්ය සරත්චන්ද්රට කණුවක ගෙන ගහපු හැටි, රූකාන්ත, presidential security දස්කම්, කළු ජුලිය, ලක්ෂ ගන්නන් කම්කරුවන් එලියට දාපු හැටි (ජුලි වර්ජකයන්) දහසකුත් දේ මිනිස්සුන්ට මතකයි.
වංචා දූෂණ-පවුල් දේශපාලනය- unp 17 අවුරුදු පාලනය තුල ආණ්ඩුවේ දේපල පුද්ගලික අංශයට විකුණලා දහස් ගණන් සේවකයන් අයින් කරලා, ගසා කපු යුගයක්. 94 චන්ද්‍රික බලයට අවේ එක නැති කරන්න. මිනිස්සු ගොඩක් බලාපොරුත්තු උන ඒ ගැන. unp දුෂණය කරපු කට්ටියට, ගෝල් ෆසේ එකට ගෙනහිල්ල දඩුවන් දීපු හැටි මිනිස්සුන්ට මතකයි. චන්දිකගේ කලෙත් ඇතිවෙන්න ගසා කෑවා. අනාගතේ එන අයත් ඔහොම තමයි. මොකද එහෙම නැතිව දේශපාලකයන්ට පැවැත්මක් නැහැ.
ඒකාධිපතිවාදය- JR ගේ එකදිපති නිසා ස්ත්‍රී දුෂක ගෝනවල සුනිල්ට, හිර දවුවමින් අයින් කරලා දිවයින පුර බලපැවැත්වෙන පරිදි සාම විනිසුරු පදවියක් දුන්න. හැමෝම බලේට අවහම ඒකාධිපතිවාදය තමයි. මහින්දත් එහෙම තමයි. චන්ද්‍රික විදායක ජනදිපතික්‍රමය අහෝසි කලානේ ඒකාධිපතිවාදය නැති කරන්න![]()
විධායක බලතල -මේක JR ඇති කලේ රටේ ස්ථාවර බවක් ඇති කරන්න. මේක වෙනස් කරනවානම එක දීර්ග වශයෙන් සාකච්චා කරලා, මැතිවරණ ක්‍රමය වෙනස් කරලා කලයුතු දෙයක්. (කවුද කියන්නේ unp එක විධායක බලතල අහෝසි කරනවා කියල?. රනිල් කැමතිද? කොහොමද අහෝසි කරන්නේ? විහිළුවක්නේ ). ඕක අහෝසි කරන්නේ මහින්දට කෙලවන්නද? නැතිනම් සැබෑවට රටේ ප්‍රජතන්තරවාදය ආරක්ෂා කරන්න විපක්ෂයේ අවංක උවමනාවටද ?
මෙව්වා මිනිස්සු දන්නවා. මිනිස්සු ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න තමයි කියල දන්නවා. අන්ඩුවෙත් විපක්ෂයේත් අඩුපාඩු හොදට තේරෙනවා. හොදට කිරල බලල හරි වෙලාවට හරි පිළිතුරු දෙවි (77,94,2001,2010) කලා වගේ
අවසාන වශයෙන් ජනතවගේ දේශපාලන තීන්දුවක් කියන්නේ "ප්‍රජාතත්‍රවාදය,වංචා දූෂණ-පවුල් දේශපාලනය ඒකාධිපතිවාදය, මේ විධායක බලතල" වගේ සරල දේවල් පමණක් නෙවි, අතීතයෙන් ඉගනගත්තු අවබෝදය, රටේ ආරක්ෂාව, ආණ්ඩුවේ- විපක්ෂයේ ශක්තිය සහ පුද්ගලයන්, ඔවුන්ගේ විෂවසනියත්වය්ට, ප්‍රයෝගික දේශපාලනය, ආර්ථිකය වගේ දේවල් වල එකතුවක්. එක සංකීර්ණ තීන්දුවක්.






