මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

    ජනපති දෙවන වරට දිවුරුන් දුන් දා සිට රට දේව ශාපයකට ලක් වේලා -ඒ.ජේ.එම්. මුසම්මිල්

    2011 ජනවාරි 17 වෙනි සදුදා, 09:49 Sri Lanka Mirror Editor

    Musammilingreenview.gif

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දෙවන වතාවට සිය ධූරයේ දිවුරුම් දුන් දිනයේ පටන් රට දේව ශාපයකට ලක් වී ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. ජේ .එම්. මුසම්මිල් මහතා පවසයි.

    ඔහු මේ බව පැවසූයේ ඊයේ (16) කොළඹ 07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දීය. එහිදී මුසම්මිල් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    ඕනෑම රටක පාලකයා අධර්මිෂ්ඨ වුනොත් මේ වගේ කරදර උවදුරුවලට මුළු රටටම මුහුණ පාන්න සිදු වෙනවා. ජනාධිපතිතුමා දිවුරුම් දීලා වැඩි දවස් යන්න පෙර පාර්ලිමේන්තුවත් ජලයෙන් යට වුණා. ඒක සිදු වුණේ ලංකාවේ පළමු වතාවටයි. ඒ වගේම ලංකාවේ වෙළඳ අග නගරය වූ කොළඹ ම මුළුමනින්ම ජලයෙන් යට වුණා. එදා බුදුන් වහන්සේ දේශනා කළා රාජා බවතු ධම්මිකෝ කියලා. ඒ කියන්නේ රජතුමා ධර්මිෂ්ඨ වුණොත් විතරයි රටට හරි යන්නේ කියලා. ඒක හැම ආගමකටම පොදු කථාවක්. හැම ආගමේම කියනවා රටේ පාලකායා ධර්මිෂ්ඨ නම් ඒ රටට සහ ඒ රටේ ජනතාවට හොඳ කලක් උදා වෙන බව. නමුත් අද අපිට එහෙම නෑ.

    අද ලක්‍ෂ 10 කට වඩා අනාත වෙලා. මුළු නැගෙනහිර ජනතාවම ඉන්න හිටින්න තැනක් නැතිව අසරණ වෙලයි ඉන්නේ. අද මේ තරම් විනාශයක් වෙලා තියෙනවා හැබැයි රජය කිසිම පියවරක් අරගෙන නැහැ. තාමත් අනාත වූ ජනතාවට ආධාර කරන්නේ ආණ්ඩුව නෙමෙයි. මේ රටේ පෞද්ගලික ආයතනයි, සමාජසේවා ආයතනයයි, දකුණේ ජනතාවයි එකතු කරලා ගිහින් දෙන ආහාර විතරයි ඔවුන්ට ලැබෙන්නේ යැයි පැවසීය.

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0

    දේවෝ වස්සතු කාලේන – රාජා භවතු ධම්මිකෝ

    ඊයේ රෑ ඉදන් හෝ ගාලා වැස්ස
    එලියට බහිනවා, වැඩට යන්න…
    ලස්සන වතුර පාරක් – කානු නෑ, කුණු හිරවෙලා උතුරලා
    සුදු ඇදපු පොඩ්ඩෝ, ලොකු බෑගුත් එක්ක ගහගෙන යයිද?
    වෙල් ගොඩකරලා – රේල් පාර, යට!
    කෝච්චි පැය හතර පහක් මග – බෝට්ටු සේවයක් වත් දානව නම්?
    “ඔන්න මචං ආසියාවේ ආශ්චර්ය”
    කවුද කියනවා ඇහුනා…
    ගිය සතියේ පට්ට අව්ව – දැන් පීනන්න වැස්ස…
    කාලගුනේ කියනවා මේ පටන් ගත්තා විතරලු
    ත්‍රී. විලරයක… වතුර ඇතුලට දාලා යට වේවිද?
    පීනන්න දන්නෙත් නැහැ…
    “දෙයියො සාප කරලා මහත්තයා”
    ඩ්‍රයිවර් කියනවා, මම හූමිටි දෙනවා…
    දේවෝ වස්සතු කාලේන – රාජා භවතු ධම්මිකෝ
    දෙවියනි, කලට වැසි වස්සන්න – නිරිඳු සැම කල් දැහැමි වේවා
     
    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    මහ රජ තුමනි දැහැමි වන්න
    එවිට රටට, වැසියන්ට යහපතක්ම
    වෙනු ඇත......
    කලට වැසී වසී වා
    කෙත් වතු සාර වේ වා
    ලොව සතුටු වේ වා
    නිරිඳු සැම කල් දැහැමි වේ වා”

    සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය. “දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච
    රාජා භවතු ධම්මිකෝ”
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය....!

    මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව..
     
    • Like
    Reactions: chaarr

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය....!

    මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව..

    මචන්, උඹට (සහ තවත් අය‍ට) සිතන්නට යමක්,

    මුලින්ම කියන්න ඕනේ මම නම් පෞද්ගලිකව මේ දේව කෝප කතා විශ්වාස කරන්නේ නෑ. එත් මම කතා කරන්න යන්නේ උඹ කියපු "මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව.." කියන කතාව.

    හැම අතින්ම නෙවයි, නමුත් යම් දුරකට ඒ කතාව ඇත්ත. උ. දා. ප්‍රේමදාස මහත්තය බලය රඳවාගන්න කල දේ අපේ රජාට වඩා නරකයි. නමුත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කල සේවය රජාට වඩා හොඳයි (මගේ මතය). ඔය කතාවේ අමු තේරුම ඕක උනාට උඹ ඕකෙන් අදහස් කරන්නේ "මිට කලින් පාලනය කරේ මහින්දට වඩා නරක අය, ඒ නිසා දැන් මහින්ද කරන දේ ඉවසගෙන ඉන්න කියල" නේද? එක මහින්දට free ticket එකක් දෙන්න හේතුවක් වෙන්නේ අයි කියල මට තේරෙන්න නෑ? මට තේරෙන විදියට ජනතාව ඉල්ලනවානම් රජාට ධාර්මික වෙන්න කියල, එකෙන් කියන්නේ මහින්දව එලවල දාල වෙන එක්කෙනෙක්ට බලය දෙන්න කියන එක නෙමෙයි නේ. ධාර්මික වෙන්න කියල (ධාර්මික වෙන්න කියන්නේ, පෝයට සිල් අරන් tv එකේ දාන එක වගේ දේවල් නෙමේ, ධාර්මිකව රට පාලනය කරන එක). මිනිස්සු එක ඉල්ලනවානම් තමා පාලකයා එක දෙන්නේ, නැත්නම් පරණ පාලකයෝ කොහොමද හිටියේ කියල බලල නෙවේ. මර්වින් සිල්වා බයිලා ගැහුවම උව ගෙදර අරින්න ජනතාවට මොලයක් තියෙනවනම් තමා ඊළඟට එන එකා මර්වින් සිල්වා චරිතය රඟපාන්න කලින් දෙසැරයක් හිතන්නේ. ඉතින් අපි රටේ ජනතාව විදියට ආණ්ඩුව පිල්ලේ තියාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එකා තමා ප්‍රන්සේ වගේ රටක ආණ්ඩුව ජනතාවට පට්ට බය, මොකද පොඩි හරි පිස්සුවක් කෙලියොත් කන පැලෙන්න අනිත් අතට වදින නිසා.

    උඹේ වෙලාව කෑවට sorry
     
    • Like
    Reactions: rauxz

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ratata hena neme ban. uuuuma thama hene! kaala kanniya nisa apita adsl speed ekath nehe. uuuta badu gahanna ape salli huuuragena kanawa!nudakin muuuuta kade giya ponna haththa thaamath uuta puka denawane!:growl::growl::growl::growl::growl:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මචන්, උඹට (සහ තවත් අය‍ට) සිතන්නට යමක්,

    මුලින්ම කියන්න ඕනේ මම නම් පෞද්ගලිකව මේ දේව කෝප කතා විශ්වාස කරන්නේ නෑ. එත් මම කතා කරන්න යන්නේ උඹ කියපු "මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව.." කියන කතාව.

    හැම අතින්ම නෙවයි, නමුත් යම් දුරකට ඒ කතාව ඇත්ත. උ. දා. ප්‍රේමදාස මහත්තය බලය රඳවාගන්න කල දේ අපේ රජාට වඩා නරකයි. නමුත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කල සේවය රජාට වඩා හොඳයි (මගේ මතය). ඔය කතාවේ අමු තේරුම ඕක උනාට උඹ ඕකෙන් අදහස් කරන්නේ "මිට කලින් පාලනය කරේ මහින්දට වඩා නරක අය, ඒ නිසා දැන් මහින්ද කරන දේ ඉවසගෙන ඉන්න කියල" නේද? එක මහින්දට free ticket එකක් දෙන්න හේතුවක් වෙන්නේ අයි කියල මට තේරෙන්න නෑ? මට තේරෙන විදියට ජනතාව ඉල්ලනවානම් රජාට ධාර්මික වෙන්න කියල, එකෙන් කියන්නේ මහින්දව එලවල දාල වෙන එක්කෙනෙක්ට බලය දෙන්න කියන එක නෙමෙයි නේ. ධාර්මික වෙන්න කියල (ධාර්මික වෙන්න කියන්නේ, පෝයට සිල් අරන් tv එකේ දාන එක වගේ දේවල් නෙමේ, ධාර්මිකව රට පාලනය කරන එක). මිනිස්සු එක ඉල්ලනවානම් තමා පාලකයා එක දෙන්නේ, නැත්නම් පරණ පාලකයෝ කොහොමද හිටියේ කියල බලල නෙවේ. මර්වින් සිල්වා බයිලා ගැහුවම උව ගෙදර අරින්න ජනතාවට මොලයක් තියෙනවනම් තමා ඊළඟට එන එකා මර්වින් සිල්වා චරිතය රඟපාන්න කලින් දෙසැරයක් හිතන්නේ. ඉතින් අපි රටේ ජනතාව විදියට ආණ්ඩුව පිල්ලේ තියාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එකා තමා ප්‍රන්සේ වගේ රටක ආණ්ඩුව ජනතාවට පට්ට බය, මොකද පොඩි හරි පිස්සුවක් කෙලියොත් කන පැලෙන්න අනිත් අතට වදින නිසා.

    උඹේ වෙලාව කෑවට sorry

    umbe kathaawa sampuurna aththa! oooka therenne nathi ponnayo thawamath mahindata puka dena eka thama iwasa ganna bari.godak mahondata deepu unta dan therila thiyenne.:growl::growl::growl::growl: