මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ
ජනපති දෙවන වරට දිවුරුන් දුන් දා සිට රට දේව ශාපයකට ලක් වේලා -ඒ.ජේ.එම්. මුසම්මිල්
2011 ජනවාරි 17 වෙනි සදුදා, 09:49 Sri Lanka Mirror Editor
ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන වතාවට සිය ධූරයේ දිවුරුම් දුන් දිනයේ පටන් රට දේව ශාපයකට ලක් වී ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. ජේ .එම්. මුසම්මිල් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (16) කොළඹ 07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දීය. එහිදී මුසම්මිල් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
ඕනෑම රටක පාලකයා අධර්මිෂ්ඨ වුනොත් මේ වගේ කරදර උවදුරුවලට මුළු රටටම මුහුණ පාන්න සිදු වෙනවා. ජනාධිපතිතුමා දිවුරුම් දීලා වැඩි දවස් යන්න පෙර පාර්ලිමේන්තුවත් ජලයෙන් යට වුණා. ඒක සිදු වුණේ ලංකාවේ පළමු වතාවටයි. ඒ වගේම ලංකාවේ වෙළඳ අග නගරය වූ කොළඹ ම මුළුමනින්ම ජලයෙන් යට වුණා. එදා බුදුන් වහන්සේ දේශනා කළා රාජා බවතු ධම්මිකෝ කියලා. ඒ කියන්නේ රජතුමා ධර්මිෂ්ඨ වුණොත් විතරයි රටට හරි යන්නේ කියලා. ඒක හැම ආගමකටම පොදු කථාවක්. හැම ආගමේම කියනවා රටේ පාලකායා ධර්මිෂ්ඨ නම් ඒ රටට සහ ඒ රටේ ජනතාවට හොඳ කලක් උදා වෙන බව. නමුත් අද අපිට එහෙම නෑ.
අද ලක්ෂ 10 කට වඩා අනාත වෙලා. මුළු නැගෙනහිර ජනතාවම ඉන්න හිටින්න තැනක් නැතිව අසරණ වෙලයි ඉන්නේ. අද මේ තරම් විනාශයක් වෙලා තියෙනවා හැබැයි රජය කිසිම පියවරක් අරගෙන නැහැ. තාමත් අනාත වූ ජනතාවට ආධාර කරන්නේ ආණ්ඩුව නෙමෙයි. මේ රටේ පෞද්ගලික ආයතනයි, සමාජසේවා ආයතනයයි, දකුණේ ජනතාවයි එකතු කරලා ගිහින් දෙන ආහාර විතරයි ඔවුන්ට ලැබෙන්නේ යැයි පැවසීය.

aththane