from divaina 20110425
බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ
-5
2009 ඔක්‌තෝබර් මාසයේදී යුද්ධයේ අවසන් මාස කීපය තුළ සිවිල් වැසියන්ට හානි කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් පිළියෙල කරන ලදී. මෙකී වාර්තාවේ ආණ්‌ඩුව හා කොටි සංවිධානය විසින් කළා යෑයි කියන සිවිල් වැසියන්ට හානි පැමිණවීම් 217 ක් සඳහන් වී ඇත. මෙයින් 45 ක් කොටි සංවිධානය විසින් සිවිල් වැසියන්ට කරන ලද හානි පිළිබඳ විස්‌තර විය. කොටි පාලන ප්‍රදේශ තුළින් කොටින්ට විරුද්ධව පවා අදහස් ප්‍රකාශ වන්නට ඇතැයි එය කියවන අයකුට සිතිය හැක. නමුත් මේ විස්‌තර සියල්ලම පාහේ ඇමරිකානුවන්ට ලැබී ඇත්තේ කොටි බලප්‍රදේශ වලින් එළියට පැනගත් සිවිල් වැසියන්ගෙනි. කොටි පාලන ප්‍රදේශ තුළ සිටියදීම දුරකතනයෙන් එළියට දෙන ලදැයි සිතිය හැකි තොරතුරු ඇත්තේ එකම එක් අවස්‌ථාවකදී පමණි. කොටි සංවිධානයේ තොරතුරු පාලනය එතරම්ම ප්‍රබල විය. මූන් වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් කොට ඇත්තේ කොටි සංවිධානයේ අනු දැනුම ඇතුව පිටට දෙනු ලැබූ තොරතුරු මතය.
එ.ජා.ප. ය විසින් පිළිගැනීමට සූදානම් මෙම මූන් වාර්තාව සහමුලින්ම පාහේ පදනම් වී ඇත්තේ කොටි සංවිධානය විසින් ඉහත දැක්‌වූ ආකාරයට සපයන ලද තොරතුරු මතය. ජනතා විමුක්‌ති පෙරමුණට විදේශ බලවතුන්ට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට හැකි වන ආකාරයට හැසිරුණා යෑයි කියන්නේද කොටි සංවිධානය විසින් ආණ්‌ඩුවේ හැසිරීම ගැන මූන් කමිටුවට ලබාදී ඇති තොරතුරු අනුවයි. මේ අනුව අපට මේ පක්‍ෂ දෙකම ගැන සිතා ගැනීමට හැකි වන්නේ කුමක්‌ද?
(මූන් වාර්තාව ගැන තවත් විස්‌තර ලබන සතියෙන් බලාපොරොත්තු වන්න)
සී.ඒ. චන්ද්‍රප්‍රේම