මහින්ද පිල තුනට කැඩේ ...
පසුගිය පළාත් පාලන මැතිවරණය මහින්ද පිල ජයග්‍රහණය කිරීමෙන් පසුව හා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක සිහිනය මත රාජපක්ෂ පවුල් තුළ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බවක් පෙනෙන්නට තිබේ .මෙහෙදී පවුලතුල පැවති අභ්‍යන්තර ගැටුම් දැන් එළිපිට ගැටුම් බවට පත්ව ඇත. එම නිසාම ඔවුන් එකිනෙකට විවේචන එල්ල එල්ල කර ගනිමින්, පසුගිය ආණ්ඩුවේ වැරදි එකා පිට එකා මත පට්වමින් සිටින ස්වභාවයක් පෙනෙන්නට තිබේ, පොහොට්ටු පෙරමුණේ අභ්‍යන්තරික තොරතුරු අනාවරණය කරමින් සිටින්නේ ඔවුනොවුන්ගේ පුද්ගල ගැටුම් මෙන්ම පුද්ගල ප්රතිරෝධතාද උත්සන්න වෙමින් පවතින බවය .
විශේෂයෙන් ගෝඨාභය, බැසිල් ගැටුම් එළිපිටම පැමිණ ඇත පසුගියදා අම්බලන්ගෛාඩ පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ පසුගිය ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූ ප්රජාතන්ත්ර විරෝධී කටයුතු නිසා පසුගිය ආණ්ඩුවට මේ දේ සිදුවූ බවය,විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ නායකයා වූ බැසිල් රාජපක්ෂට රතුපස්වල සිද්ධිය,කටුනායක සිදුවීම වැනි එම සිදුවීම ගම්පහ දිස්තිකය තුලම සිදුවීම ඔහුට විරුද්ධව එදා පැවති කුමන්ත්රනයක් සේම දැන් පවතින තත්වයම ඔහුට විරුද්ධ කුමන්ත්‍රණයක් සේ පෙනෙන්නට ඇත.
රාජපක්ෂ පාලන සාමය තුළ ජාතික ආරක්ෂාවට මුවාවී අහිංසක වැසියන් ඝාතනය වූ බවට බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ පිළිගැනීම හරහා ඔහු ගොඨාභයට එරෙහි සටන එළපිටම සිදුකිරීමටගත් ආරම්භයක් බව පෙනීයයි.
ගෝඨාභය රාජපක්ෂ මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු සුලු පිරිසක් විශාල උත්සාහයක නියැලෙමින් සිටියද , විශාල පිරිසක් ඊට විරුද්ධව පෙනී සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහයෝගය ඇතිව බව මහින්ද පිලේ ආරංචි මාර්ග ඔස්සේ දිගින් දිගටම අනාවරණය විණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ පවතින බරපතල නොකැමැත්ත එළිපිට ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගබලා ගත්ත ද මේවනවිට එම විරෝදය එලියට පැමිණ තිබේ
කෙසේ වෙතත් මෙහිදී ගෝඨා පාර්ශ්‍යවය ප්‍රකාශ කරනුයේ මහින්ද පිලේ මෙම බෙදීම නිසා ඇතිවන්නට යන තත්වය බැසිල්ගේම නවතම කුමන්ත්‍රණයක් විය හැකි බවයි. ඔහු වැඩි දුරටත්ය සදහන් කර සිටියේ පසුගිය ආණ්ඩුවේ පරාජයට වගකිවයුත්තා බැසිල් රාජපක්ෂ බවය.පරාජය හමුවේ රටින් පැනගිය ඔහු දේශප්‍රේමී බලවේග විසින් ගොඩනැගු යහපාලන ආණ්ඩු විරෝධය තමන් පමණක්ම සන්තකකර ගන්නට උත්සාහයක නිරත වන බවය.
මෙම සියලු ගැටුම් හමුවේ අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂද කියා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව ය . ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු අගවා ඇත .
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී මහින්ද පිලේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඇතිව ඉදිරිපත්වීමට මහත් බලාපොරොත්තු තබා සිටි ගෝඨාභය රාජපක්ෂ, මේ වනවිට එකී සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති බව වාර්තා වේ.