මහින්ද බය වෙලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Exactly :yes:




    - කවුරු ආවත් ඔහොම තමයි
    - උඹටයි මටයි පුළුවන්ද ඕව වෙනස් කරන්න
    - හොරකන් කරනව තමයි, ඉතින් මොකෝ ?
    - ඒ උනත් රට පාවල දෙන්නෙ නෑ නෙ
    - අපිට තාම ටයර් සෑයවල් මතකයි
    - පාරවල්, ගුවන් තොටුපොළවල් ඕනනෙ ඉතින්
    - ණය වෙන්න වෙනව තමයි
    - ඒ කාලෙත් ඔහොම තමයි, අපිට මතක නැද්ද
    - ඒ ළමයි ඉතින් ඇමරිකාවෙ හැදිච්ච අයනෙ (බැසිල්ගෙ දුවව සුද්දෙක් බඳින පුවතක්)
    - හොරකන් කරනව ඔයා දැක්කද ?
    - දැන් අපිට නිදහසෙ පාරෙ බැහැල යන්න පුළුවන්
    - ලයිට් බිල ටිකක් වැඩී තමයි
    - සංවර්ධනයෙ ප්‍රතිලාභ දැන්ම නෙවෙයි දැනෙන්නෙ
    - මීට වඩා මොන සංවර්ධනයක්ද
    - බලන්නකො පාරවල් ටික හැදිල තියෙන හැටි
    - ඇමතිවරුත් ඉතින් කන්න බොන්න ඕනනෙ
    - ඔය කියන දේවල් කිසි රටක කරන්න බෑ
    - අර චීනටත් හැළප කවල තිබ්බලු නේ
    - මොනව උනත් රෙද්දයි බැනියමයි ඇඳල පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු
    - ඉතින් මොකෝ යුද්දෙ දින්නනෙ


    බත් බැලයො ™

    හරියට කරුණු කරනා ඇතිව කතාකාන කොට රිදෙනව තමයි. සමහරු කැමති නැහැ පරණ දේවල් කතා කරනවට. අද වෙන දේවල් ලංකාවේ මිට කලින් කවදාවත් නොවුන වගේ තායි කතා කරන්නේ. ඒවා අමතක වෙන තරමට කැමතියි.

    කවුද කාගේද බත් බැලයෝ කියන එක පැහැදිලියි
    :P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක

    1736106478anura5.jpg



    copyright :lankadeepa

    ‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.”
    අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
    ‘‘මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් වෙලා තියෙනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක්. 18 වැනි සංශෝධනය මඟින්වත් ඔහුට යළි තරඟකරන්න සුදුසුකම ලැබි නෑ. ඒක පොදු වැදගත්කමකින් යුතු කරුණක් නොවෙයි. ඒක නිසා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ.
    පසුගිය කාලය පුරාම රාජපක්ෂ පාලනය ඔවුන්ට අවශ්‍ය විදියට ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කළා.
    ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශාල වගකිමක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නැවතීමට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.
    අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට නීතිඥ සංගමයත් සමග සාකච්ඡා කරනවා රාජපක්ෂ පාලනයේ නීති විරෝධී ක්‍රියාදාම නැවැත්වීමට. මේ රාජපක්ෂ රෙජිමයේ නීති විරෝධී ගමන පරාජය කිරීමට සියලු දෙනාට එකතුවන්න යැයි ආරාධනා කරනවා.”
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එයාම අහනවා මගේ එක වලංගු ද කියලා - මහ මෝඩ වැඩක් නේ!

    තුන්වැනි වරටත් ජනපතිවරණයට තරඟ කළ හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නඩුවක් නොදමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක තීන්දුවක් ඉල්ලා සිටීම “මහ මෝඩ වැඩක්” යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

    ඔහු කියා සිටින්නේ තමන් මහින්ද රාජපක්ෂ නම් තමන් එවැනි ප්‍රශ්නයක් නොඅසන බවයි.

    78 ව්‍යවස්ථාවට එකතු කරන ලද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තෙවන වර ඡන්දයකට ඉදිරිපත් වීමට බාධාවක් ඇත්දැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය එළඹෙන 10 වනදාට පෙර තමාට දන්වන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ඊයේ (05) මාධ්‍ය මගින් වාර්තා කළේය.

    එකී ප්‍රකාශය මත පදනම්ව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) නුගේගොඩදී පැවැති හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද අදහස් පළ කළේය.

    විපක්ෂනායකවරයා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පහත පරිදිය.



    “ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ඉන්න ජනාධිපතිට ආපහු තරඟ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය මතු කරලා තියෙනවා. මම නම් මහින්ද රාජපක්ෂ මම අහන්න යන්නෑ මට තරඟ කරන්න පුළුවන් ද කියලා. මම සරත් සිල්වා, වෙනත් කෙනෙකුට ඉස්සෙල්ලා අවස්ථාවක් දෙනවා මෙයාට තරඟ කරන්න බෑ කියන්න. මොකද මගේ ස්ථාවරය වෙන්න ඕන මට තරඟ කරන්න පුළුවන් එතන ඉන්නවා නම්. ඒ වෙනුවට සරත් සිල්වාට ඔය ප්‍රශ්න අදින්න දෙන්නේ නැතිව එයාම අහනවා මගේ එක වලංගු ද කියලා. මහ මෝඩ වැඩක් නේ ඕක. මේක වලංගු ද කියලා.

    ඉතින් මොකක්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ උපදේශක තීන්දුවක්. ඒ උපදේශක තීන්දුව කියන්නේ මොකක්ද?. ඒ කියන්නේ උපදේශයක්. ඒක බලපාන්නේ නෑ. ඒක දුන්නේම විනිශ්චයකාරවරුන්ට කවුරු හරි නඩුවක් දැම්මා නම් මේක ‍ප්‍රකාශ කළායින් පස්සේ ඔය තීන්දුව අමතක කරලා වෙනස් විදියට දෙන්න පුළුවන්. සාමාන්‍ය නඩු තීන්දුවක් නම් ඒක බැඳී සිටිනවා. ඒක ඉවත් කරන්න පුළුවන් ඊට වඩා සංඛ්‍යාවෙන් විශාල උසාවි නඩුකාරවරුන් ඉන්නවා නම් විතරයි. කිසි‍විටෙක මේ උපදේශක තීන්දු අපිට බලපාන්නේ නෑ.

    ඉතින් මම අහන්නේ මොනාටද ගිහින් මෙච්චර මේ මහන්සි වෙන්නේ. ඇයි ජනාධිපති ප්‍රශ්නේ අහන්නේ ඒ තීන්දුව බලපාන්නේ නැති නම්. නඩුකාරවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවානම්, ව්‍යවස්ථාවේ කියන්නේ නඩුකාරවරු 5 දෙනයි අහන්න ඕන කියලා. එහෙම දැම්මේ මේක ආපහු උසාවියට ගියොත් මේ නඩුව ඇහුව නැති නඩුකාරවරුන්ට ඒ සැරේ තීරණය දෙන්න පුළුවන්. නඩුකාරවරු මෙතන මේ නඩුව අහන අයට ආපහු ගිහින් නොවැම්බර් මාසයේ ඔය නඩුව ආවොත් ඒ නඩුකාරයෝ නඩුව අහන්න එනවානේ, දැන් මේ උපදේශය නිසා. ඇත්ත නඩුවක් අහන්න එනවා නම් මේ උපදේශය දුන්න නඩුකාරවරුන්ට විරුද්ධ වෙන්න පුළුවන්. ඔක්කොම නඩුකාරයෝ දැම්මොත් ඉතින් ඔක්කෝටම විරුද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය විස‍ඳෙන්නේ නෑනේ එතකොට. මහ අර්බුදයකට යන්නේ. එයාට තරඟ කරන්න පුළුවන් ද නැද්ද කියලා.

    ඒ අර්බුදය කවුද ඇති කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජිමයයි. ඒ ගොල්ලොනේ 18 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ගොල්ලොයි මේක ප්‍රකාශ කරායින් පස්සේ නඩුවක් දාලා තීරණයක් ගන්නැතිව මේ උපදේශයක් ගත්තේ. උපදේශයෙන් වටිනාකමක් නෑ. කොච්චර කෑ ගැහුවත් උපදේශනයෙන් ගන්න දෙයක් නෑ. ඉතින් මහ අවුලක් දැන් ඇති කරලා තියෙන්නේ. ඒ අවුල විසඳන්න නම් ආපහු තව ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න තියෙනවා.”
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද කොහොමත් ඉල්ලනවා
    දැන් මහින්දට ඕනි ඕක නිත්‍යානුකුල කරගන්න
    මිනිහට තියන් ජාත්‍යනතර පිළිගැනීමට ඕක බලපානවා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද කොහොමත් ඉල්ලනවා
    දැන් මහින්දට ඕනි ඕක නිත්‍යානුකුල කරගන්න
    මිනිහට තියන් ජාත්‍යනතර පිළිගැනීමට ඕක බලපානවා

    මිනිහට පෙන්නන්න ඕන තමන් හරියට නීතියට අනුව තමයි වැඩ කරන්නෙ කියල ... ඊට පස්සෙ බත් බැලයන්ටත් ඕටෝ චූන් වෙන්න පුළුවන් ... ගමෙ බයියො හැරෙනකොට අපිට කියන්න පුළුවන් :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරියට කරුණු කරනා ඇතිව කතාකාන කොට රිදෙනව තමයි. සමහරු කැමති නැහැ පරණ දේවල් කතා කරනවට. අද වෙන දේවල් ලංකාවේ මිට කලින් කවදාවත් නොවුන වගේ තායි කතා කරන්නේ. ඒවා අමතක වෙන තරමට කැමතියි.

    කවුද කාගේද බත් බැලයෝ කියන එක පැහැදිලියි
    :P

    avatar254425_4.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමදේටම කරුණු කාරනා අතුව කතා කරන ....... නැත්තම් පිළිගන්න බහ කියන අය කියන්න බලන්න ලනකාවේ පැහැදිලි ව කොහෙද දේශපාලන අපරාද ඔප්පු වෙලා තියෙන්නේ......සමුහ මිනීවළවල් හම්බෙලා තියනවා. 88 89 ටයර් උන මිනිස්සු පිච්චිලා තියනවා... ko කිසිම දෙයක් ඔප්පු කරන්න පුලුවන්ද? බලකොට කුරුත් මරලත් නැහැ මැරිලත් නැහැ. ඔන්න් ඔහොමයි ලනකාවේ කරුණු කාරනා ඇතුව ඔප්පු කිරීම...මහින්දගේ දෙවැනි පුතාට tv නාලිකාවක් තියනවා. එට් ඒ ක දාන්න සල්ලි කොහොමද හොරකම් කලද ඔප්පු කරන්නේ..... මිනිසුන්ට හිතට දැනිලා කතාකරන්න පුළුවන්, මොලේ කල්පනා කරලා හිතටගන්න පුළුවන් සමහර සත්‍යයි ඔප්පු කරන්න පුළුවන් සත්‍යයි අතර ලොකු වෙනසක් තියනව
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැමදේටම කරුණු කාරනා අතුව කතා කරන ....... නැත්තම් පිළිගන්න බහ කියන අය කියන්න බලන්න ලනකාවේ පැහැදිලි ව කොහෙද දේශපාලන අපරාද ඔප්පු වෙලා තියෙන්නේ......සමුහ මිනීවළවල් හම්බෙලා තියනවා. 88 89 ටයර් උන මිනිස්සු පිච්චිලා තියනවා... ko කිසිම දෙයක් ඔප්පු කරන්න පුලුවන්ද? බලකොට කුරුත් මරලත් නැහැ මැරිලත් නැහැ. ඔන්න් ඔහොමයි ලනකාවේ කරුණු කාරනා ඇතුව ඔප්පු කිරීම...මහින්දගේ දෙවැනි පුතාට tv නාලිකාවක් තියනවා. එට් ඒ ක දාන්න සල්ලි කොහොමද හොරකම් කලද ඔප්පු කරන්නේ..... මිනිසුන්ට හිතට දැනිලා කතාකරන්න පුළුවන්, මොලේ කල්පනා කරලා හිතටගන්න පුළුවන් සමහර සත්‍යයි ඔප්පු කරන්න පුළුවන් සත්‍යයි අතර ලොකු වෙනසක් තියනව

    හොරා කනවා කියලා 2005 ඉදන් කරන් ආපු වෙනස නතර කරන්න පුලුවන්ද? එහෙම නන් ඒක 2005 කරලා දානවා නෙව. :rolleyes::rolleyes:

    මහින්දයා වැරදි කරනවා හැබැයි එහෙම කියලා අර පොනිලාගෙ සෙට් එක බදාගෙන හරියන්නේ නැහැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හොරා කනවා කියලා 2005 ඉදන් කරන් ආපු වෙනස නතර කරන්න පුලුවන්ද? එහෙම නන් ඒක 2005 කරලා දානවා නෙව. :rolleyes::rolleyes:

    මහින්දයා වැරදි කරනවා හැබැයි එහෙම කියලා අර පොනිලාගෙ සෙට් එක බදාගෙන හරියන්නේ නැහැ.

    උබ හදයි අඩුම ගැනේ මහින්ද වැරදි කරනවා කියල වත් පිලිගන්නවා. සමහර කොල්ලෝ මහින්ද දේවත්වයෙන් සලකනවනේ බන්.. රනිල් කොහොමත් හරියන්න නැහැ බන්... මහින්දයි රනිලුයි දෙන්නම් හරි යන්නේ නැහැ.....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උබ හදයි අඩුම ගැනේ මහින්ද වැරදි කරනවා කියල වත් පිලිගන්නවා. සමහර කොල්ලෝ මහින්ද දේවත්වයෙන් සලකනවනේ බන්.. රනිල් කොහොමත් හරියන්න නැහැ බන්... මහින්දයි රනිලුයි දෙන්නම් හරි යන්නේ නැහැ.....

    Siravata ban oya Ranil hodai hodai kiyanne okage history eka danne nathiva... oka janapathi vuna nam corruption meeta vada vadi venava. :angry::angry::angry:

    Mun dennama eka kasiye depaththa. Ranilage regaining sri lanka kiyopu un dannava :rolleyes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හදයි අඩුම ගැනේ මහින්ද වැරදි කරනවා කියල වත් පිලිගන්නවා. සමහර කොල්ලෝ මහින්ද දේවත්වයෙන් සලකනවනේ බන්.. රනිල් කොහොමත් හරියන්න නැහැ බන්... මහින්දයි රනිලුයි දෙන්නම් හරි යන්නේ නැහැ.....

    එහෙනන් කවුද හරියන්නේ අර JVP සෙට් එකද? :rofl::rofl:

    උන්ටවඩා නන් රනියා හොදා.... :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොදු අපේක්ෂකයෙක්ද, පොදු වැඩපිළිවෙළක්ද!

    දීප්ති අය්යෝ අහසේ විප්ලව කරන්න හදන ට්‍රොස්කිවාදියා.......හැමදාම කතාවෙන් විතරක් දේශපාලනය කරන්න පුලුවන්නම් දීප්ති දිනුම්.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දීප්ති අය්යෝ අහසේ විප්ලව කරන්න හදන ට්‍රොස්කිවාදියා.......හැමදාම කතාවෙන් විතරක් දේශපාලනය කරන්න පුලුවන්නම් දීප්ති දිනුම්.....

    ඒකනම් මම දන්නෑ ... හැබැයි අන්තිමට වෙන්නෙ මිනිහ කියන දේ තමයි (17:00) :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කාලෙකට පස්සේ මල්ලි කොහොමහරි දීප්ති කොලුවාගේ video එකක් අරගෙන අවා. ජයවේව.