මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා -දුමින්ද Š

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා -දුමින්ද Š

    තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස නාමයෝජනා මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදුකළද එය ලබා නොදුන්නේ තමන්ට එරෙහිව මොනයම් හෝ කුමන්ත‍්‍රණයක් තිබෙන නිසා බව සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

    DunindaSilvaWithMahinda.jpg


    එළඹෙන මහ මැතිවරණය සඳහා දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දීම එජනිසය විසින් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව රාවය කරන ලද කරුණු විමසීමකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය. පසුගිය මැතිවරණ තුනක් පුරා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රීලනිපය සඳහා තරග කොට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දුන් තමන්ට එජනිසය කළබලවත් අසාධාරණය වෙනුවෙන් තම ඡන්දදායකයන් එජනිසයට ශ‍්‍රීලනිපයට හෝ කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බවද ඔහු ප‍්‍රකාශකළේය.

    දූෂණ වංචා සිදුකළ බොහෝ අයට නාමයෝජනා ලැබුණු නමුත් තමන්ට මේ වනවිටත් තිබෙන්නේ ඔප්පු කළ නොහැකි චෝදනා පමණක් බවත්, චෝදනා නැති දේශපාලනඥයන් අප රටේ සොයා ගැනීම පහසුවෙන් කළ හැකි දෙයක්ද යන්න තමන් ප‍්‍රශ්න කරන බවත් හිටපු මන්ත‍්‍රීවරයා රාවයට පැවසීය.

    ජූලි 12 දින රාත‍්‍රිය වන තෙක් කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ නිල නිවසේදී සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇතුළු නාමයෝජනා කමිටුව අවසන් නාමයෝජනා පත‍්‍ර සකස් කරමින් සිට ඇති අතර එහිදී බලවත් පුද්ගලයන් විසින් සිය ගෝලබාලයන්ට නාමයෝජනා ලබාදෙන ලෙස බලකිරීම් සිදුකර ඇත.

    එම බලකිරීම් හා තර්ජන හමුවේ අසනීප තත්ත්වයට පත්වී ඇති සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ප‍්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුළත් කෙරී ඇත. වෙබ් මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස එහි පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා කමිටුවට බලකරමින් ආවේගශීලීව හැසිරුණු බවයි.

    දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ශ‍්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටදී මෙන්ම සන්ධානයේ නාමයෝජනා පරීක්ෂණ පැවති කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටදීද උද්ඝෝෂණවල නියැලූණු අතර සන්ධානයෙන් නාමයෝජනා නොලැබුණහොත් දුමින්ද සිල්වා මහතා ස්වාධීනව තරග කරන බවටද ආරංචි පැතිරයමින් පැවතිණ.


    - http://ravaya.lk/?p=7785
     
    Last edited: