මහින්ද මහතා බලන්න යන අය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේශ හිතෛෂී විනෝද චාරිකා ..

    පෙරවදන : අනුන්ගේ කතාබහට කන යෙවිම මගේ එක නරක පුරුද්දකි . පෙර දිනයක තේ කඩයකදී , යාබද මේසයේ කතාබහක් මා කණ වැකුණි .


    ආ කොහොමද කාලෙකට පස්සේ

    කොහොමද කොහොමද

    මොකද කරන්නේ දැන් , තාම අර උපාසකම්මලා දඹදිව පටවන බිස්නස් එකද ?

    ඒ ලයින් එකේම තමා හැබැයි , දඹදිව නෙමෙයි .. මෙන්න මගේ බිස්නස් කාඩ් එක

    දේශ හිතයිශී චාරිකා ...! ඒ කිව්වේ මුලින් ආගම වික්කා , දැන් ජාතිය විකුනනවා ?

    ඔන්න ඔන්න උඹත් රෝන් ට්‍රැක් ..

    හරි හරි එහෙනම් කියපන්කෝ ..මොකක්ද ඔය කන්සෙප්ට් එක

    මෙහෙමයි , ඉස්සර අපි කලේ කට්ටියගේ බුද්දාලම්බන ප්‍රීතිය වැඩි කරන ට්‍රිප් නේ , දැන් අපි බැහැලා ඉන්නේ ජාතියාලබ්බන එක වැඩි කරන ට්‍රිප් වලට

    මොකක්ද බන් ඒ කුනුහරුපේ...ජාතියා ලබ්බේ එක ? ඒ කියන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ සීගිරි දඹුළු එහෙමද ?

    පිස්සුද , මුලින්ම අපි පටන් ගත්තේ ගිහින් යුද්දෙන් පස්සේ උතුරේ ගෙනිහින් ,.. යාපනේ , කලටි කැඩිච්ච තල් ගස්, ප්‍රභාකරන්ගේ බංකරේ , නන්දිකුදාල් පෙන්නුවා , ගාන කඩා ගත්තා

    ඔව් ඔව් ඇයි අපිත් ගියේ ...කට්ටිය වෑන් එහෙක දා ගෙන , "රණ බිම මැරුණේ සිංහලයෙකුනම් .... අපිට එපා බිම් අඟලක්වත් ...රත්න දීප ජන්ම භුමි ..." වගේ සිංදු තියෙන කැසට් එකක් පුල් බ්ලාස්ට් දාලා කන පැලෙන්න..ගිහින් අපි ආමි කඩේකින් ජැප්නා ක්‍රැබ් කරී කාලා ...රියෝ අයිස් ක්‍රීමුත් කාලා ආවේ....තාම ඒවා බලන්න මිනිස්සු යනවද ?

    නෑ මචන් දැන් එහෙ මිනිස්සු වැඩිය යන්නේ නෑ ... ජාතී ආලේ දැන් මෙහෙන් ගන්න පුළුවන්නේ ...දැන් රියෝ අයිස් ක්‍රීම් තියෙනවා වැල්ලවත්තේ ..

    ඉතින් දැන් මොකද කරන්නේ

    අපි අලුත් වැඩක් පටන් ගත්තා ... දැන් ගෙනියනවා මැදමූලන

    ට හි ....( වාරණය කරන ලදී )...මොකක් කිව්වා ?

    වන්දනාවේ යමු ප්‍රේමි ....ලා ...නන නන නන නා
    වැඩෙන් ටා වැඩෙන් ටා හිතේ ජාත්‍යාලේ ඒ ඒ

    මැද මුලන ගෙනියනවා //
    නන නන නන පෙන්වනවා //

    ඔව් ඔව් ...අර පරණ වෑන් කට්ටේම කට්ටිය දාගෙන , අර සින්දුම කියාගෙන .. ...... ගිය සුමානේ ගියා මම කට්ටියක් එක්ක ...තව "ආයුබෝවන් මහා රජාණෙනි " කැසට් පීස් එකත් ගෙනිච්චා , හැබැයි ඒක පහු ගිය දොහේ ප්ලේ කරලා කරලාම සවුත්තු වෙලා......


    මොනවද එහෙ තියෙන්නේ ?

    අයියෝ , උඹ ලංකාවේද ඉන්නේ ...දැන් හැමෝම ට්‍රිප් යන්නේ එහෙනේ ...අර වීරවංස මහත්තයා පාර්ලිමේන්තුවේත් කිව්වේ ....නිකං ආයේ පරණ රජ කාලේ ට ගියා වගේ ..හන්දියේ පොල් කොටං වලින් ඉස්ටේජ් එකක් ගහලා රජ කතා පෙන්නවා ....ගොඩක් වෙලාවට ඔක්කොම චරිත කරන්නේ මහින්ද මහත්තයම තමා ...එය හොඳ ඇට්ටර්නේ කොහොමත්.. ඇවිල්ලා ඉස්ටේජ් එකේ රවුමක් දෙකක් කැරකිලා ...තනියම කඩු පයිට් එකක් කරලා .... විරහ ගීයක් කියනවා , කදුළු ඇස් වලින් පනින්න ....ඇඬේනවා ..

    නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ .....

    මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින් මහින්ද මහත්තයා බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා .... අපි කළගුණ සළකන මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක් කයියක් ගහ ගෙන ඉඳලා ...

    සිරන්ති නෝනා හිටියේ නැද්ද ?

    හිටියා හිටියා ...එදා එයාගේ උපන්දිනේ ...ඉතින් කුස්සියේ කේක් එකක් හදනවා , කෑල්ලක් කාලා යන්න ඉන්න කිව්වා ..අපිට පරක්කු වෙන නිසා අපි බෑ කිව්වා....එන ගමන් ඕන් තංගල්ලේ ජනමුල තේ කඩේ ගාව නැවැත්තුවා ...මේන් නාමල් ළමයත් බංකුවක ඉඳ ගෙන කහට කෝප්පයක බිබී දාන් අදිනවා ...එතනින් තේ බීලා ..අපි එන්න ආවා ....

    සෙනග හිටියද සූ ගාලා ?

    ඒ ගැන නම් මොකට කියනවද ...සූ ගාලා තමා

    ඇයි හිටියේ නැද්ද ,

    සූ ගාලා ...

    හ්ම්ම් ... වෙන මොනවද ඉතින් බලන්න තියෙන්නේ

    තැන තැන අර පොඩි කඩ දාගෙන පෙරහැර කාලෙට වගේ මිනිස්සු සෙල්ලම් බඩු , පිඟන් කෝප්ප , එහෙම ලාබෙට විකුනවා .... මමත් ගත්තා පොඩි එකාට ලම්බෝගිනියකුයි හෙලිකොප්පරෙකුයි ...

    දැන් ඉතින් ඔය ගමනෙන් අන්තිමේදී කට්ටියගේ ජාති ආලේ වැඩුනද

    ඒක නම් මම දන්නේ නෑ ....අඩුම ගානේ ලීස් එකේ ගාන , ඩ්‍රයිවර්ගේ පඩියවත් කවර් කර ගන්න ඕනෙනේ

    ඒකත් ඇත්ත ...හැබැයි පුතෝ ...මේ යහ පාලන කාලේ ...පරිස්සමෙන් රාලේ ...

    හරි හරි ...ඒ වුනාට ...කොන්සේප්ට් එකක් හැටියට නම් මේක තව විකුණ ගන්න පුළුවන්..... ගන්න මිනිස්සු තව ඉන්නවා ... ට්‍රිප් යන්න අලුත් අලුත් ලොකේෂන් හොයා ගන්න විතරයි තියෙන්නේ

    .හ්ම්ම් ....අපිත් යන්න ඕනේ නිවාඩුවක් අල්ලලා මැදමුලන

    --http://pinchpoints.blogspot.co.uk/2015/01/blog-post_31.html

    කැත කට් එක බන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදා කළේ කවුදැයි... මිනිස්සුන්ට මතකයි
    මරණ බියෙන් තැති ගැනුණ අතීතය නිමා කළේ කවුදැයි... මිනිස්සුන්ට මතකයි.
     
    • Like
    Reactions: Dilwaale

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රිදුන අයගේ අලුත්ම කලාව වල්-පල් දෙඩවීම හෙවත් දොර වසාගෙන ඉකිබිදීම.
    ත්‍රෙඩ් වල මාතෘකාවට අදාල නැති දේ කියවන්නේ බොක්කටම වැදිලා හොදටම රිදුන අය බව සැලකුවමනාය.

    අපි ඔවුන්ට අනුකම්පා කරමු.

     
    • Like
    Reactions: creed1

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    oka dinuwanam me wenakota MY3, Fonseka, Ranil athulu set ekama gal gahala, set dammala hu kiyala, hire dala...
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83


    ශිරන්ති ගේ කුක්කුව පොඩ්ඩක් එලියට පැන ඇති නිසා ,
    එක දැක ෆෝරම් වෙලා අපේ රජතුමා
    ටොපා ටියුන් කරන කොට
    නාමල් එදෙස බලා සිටි
    :lol::lol: