මහින්ද මාමගෙ facebook ලො‌ල්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    images
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,551
    113
    මැද මාවතෙන් ඒකාධිපතිවාදයට යන ශ‍්‍රී.ලං.නි.ප.යේ ගමනක අවසානය

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 63 වන සැමරුම ලබන මස 02 දා බදුල්ලේදී පැවැත්වීමට නියමිතය. වසර 9 ක්ම නොසළකා අතහැර සිටි ශ‍්‍රී.ලං.නි.පාක්ෂිකයින් සොයමින් රට පුරා ආසන මට්ටමින් ”රට රකින්නට” නිල් රැල්ලක් හදමින් සිටින අයුරුද පෙනේ. නිදහසෙන් පසු එ.ජා.ප.ය හා වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගත වූ ශ‍්‍රී.ලං.නි.පය විසින් මාරුවෙන් මාරුවට රට පාලනය කරන ලදි. එදා ධනවාදී දක්ෂිණාංශික පක්ෂයක් ලෙස හැඳින්වූ එ.ජා.ප.ය හා සමාජවාදී මැද මාවතක යන බවට හැඳින්වූ ශ‍්‍රී.ලං.නි.පයත් අද වන විට එකම දේශපාලන ධාරාවක ගමන් කරන අතර ජේ.ආර්. 1977 ජාතක කරන ලද ” ඒකාධිපති” විධායක ජනාධිපති ක‍්‍රමය හා ”බහුබූත ව්‍යවස්ථාව” වඩ වඩාත් ජනතා විරෝධී ආකාරයට භාවිතයට ගැනෙමින් තිබේ. කලෙක ශ‍්‍රී.ලං.නි.පයේ උග‍්‍ර විවේචනයට බඳුන් වූ ජනාධිපති ක‍්‍රමය හා ව්‍යවස්ථාව තව තවත් ශක්තිමත් කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට හා ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට වර්තමාන ශ‍්‍රී.ලං.නි.ප නායකත්වය ක‍්‍රියා කර ඇති බැවින් එදා සහ වත්මන අතර ශ‍්‍රී.ලං.නි.පයේ ගමන්ම`ග ආවර්ජනය කළ යුතුව ඇත.

    යතුරු ඇත්තේ කා ළඟද?

    එදා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක සඟ-වෙද- ගුරු-ගොවි- කම්කරු වශයෙන් වූ පංච මහා බලවේගය ඒකරාශී කරගෙන දුප්පත් මිනිසාගේ පක්ෂය ලෙස හඳුන්වමින් බිහි කළ ශ‍්‍රී.ලං.නි.පය අද ඇත්තේ කා අතේද? මල්වතු මහ නාහිමියන් වරෙක පැවසූ පරිදි අද ”පංච මහා බලවේගය මහ පාරේය.” දීර්ඝ කාලයක් මේ රටේ ජනතා මුදල් සොරකම් කළ විශේෂයෙන් 94 ට පෙර වසර 17 ක් හා 2001 - 2003 යුගයේ මේ රටට විනාශයක් කළ එ.ජා.ප.යේ සිටි ප‍්‍රබලම හොර රැළ දැන් දේශපේ‍්‍රමී සළු පැළඳ ආණ්ඩුවේ වැජඹෙති. කලෙක ශ‍්‍රී.ලං.නි.පාක්ෂිකයන්ගේ නිවෙස් ගිනිබත් කළ - ඔවුන්ට පහර දුන්- මරා දැමූ- රැකියා අහිමි කළ අපරාධකාරයන් පණහකට වැඩි පිරිසක් ආණ්ඩුවේ මැති ඇමතිවරුය. නාලන්ද එල්ලාවල - භාරත ලක්ෂ්මන් වැනි ශ‍්‍රී.ලං.නි.ප නායකයන් මරා දැමූ මිනී මරුවන් අද ආණ්ඩුවේ නායකයන්ය. වසර 30 මේ රට විශාලා පුරයක් කළ - ගම් පිටින් ජනතාව මරා දැමූ කරුණා අම්මාන් වැනි අය ආණ්ඩුවේ මැති ඇමතිකම් දරති. ඔහු අද ශ‍්‍රී.ලං.නි.පයේද තනතුරු දරන්නෙකි. වසර 40 ක් පුරා එ.ජා.ප.යට පක්කලිකම් කළ අස්වර් අද ශ‍්‍රී.ලං.නි.ප. අපේක්ෂකයන් තෝරයි. රටට මත් කුඩු -එතනෝල් ගෙන්වන -බෙදා හරින ප‍්‍රසිද්ධ ජාවාරම්කාරයන් රැසක් ආණ්ඩුවේ තනතුරු දරති. ස්ත‍්‍රී දූෂකයින් -ළමා අපචාරකරුවන් - මිනීමරුවන් - දූෂිත වංචාකරුවන් ආදී සිර ගෙවල්වල සිටිය යුතු අපරාධකාරයින් රැසක් අද ආණ්ඩුවේ හිඳිමින් රටේ සාරය උරා බොති.

    ශ‍්‍රී.ලං.නි.පය හදන්නට උරදුන් දුප්පතුන් නියෝජනය කළ කවි කොළකාරයෙකු වූ ටී.බී.තෙන්නකෝන්ගේ පුත් ඇමති ජනක වේදනාවෙන් කියන්නේ ” වෙන යන්නට තැනක් නැති නිසා මේ පක්ෂයේ ඉන්න” බවයි. ඔහුගේ පුතා පළාත් ඇමති ප‍්‍රමිත කියන්නේ ”ආණ්ඩුව රකින්නේ එතනෝල්වරුද තෙන්නකෝන්වරුද කියා තීරණයක් ගත යුතු” බවයි. මාතලේ දිස්ත‍්‍රික්කයේ කැපී පෙනෙන දේශපාලන චරිතයක් වූ එස්.බී.යාලේගමගේ පුත් පළාත් ඇමති බන්දුල කියන්නේ ” ශ‍්‍රී.ලං.නි.පයට බලයට ආ විට ඇස් නොපෙනෙන” බවයි.

    මේ රටේ ඉතිරි වී සිටිනා සියළුම ශ‍්‍රී.ලං.නි.පක්ෂය නියෝජනය කරන මැති- ඇමතිවරුන් දැඩි කණස්සල්ලකින් සිටින බව නොරහසකි. ආණ්ඩුවේ බහුතරය හදා ගැනීමට එ.ජා.ප.යෙන් අහුළාගත් පිරිසට ඉහළ මට්ටමේ ඇමතිකම් -තනතුරු දුන් මේ ආණ්ඩුව ශ‍්‍රී.ලං.නි.පයේ අයට කළේ කෙණෙහිලිකම්ය. සියළුම ආසනවල ශ‍්‍රී.ලං.නි.පාක්ෂිකයන් ඉන්නේ දැඩි කණගාටුවකිනි. අද ශ‍්‍රී.ලං.නි.ප මහ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේනට කළ හැක්කේ කුමක්ද? එදා නිමල් සිරිපාලලාට තිබූ පිළිගැනීම අද තිබේද? අද ඊයේ දේශපාලනයට ආ සමහරක් රාජපක්ෂවරුන් ඉදිරියේ ඔවුන් නිවටයන් වී නැත්ද? කවදා හෝ ලැබේ යැයි කියන අගමැතිකමක් ගැන හීන මවනවා විනා ඔවුන්ට දේශපාලන අනාගතයක් තිබේද?

    එදා චන්ද්‍රිකා හා ඉන්නට බෑ කියා මහින්දට මෝඩයා -මැට්ටා කියූ ඩලස්ලා අද පක්ෂයේ ප‍්‍රබලයින්ය. හොරකම් කර කෝටිපතියන් වී සිටින මහීපාලලා -සරත් ඒකනායකලා -රෝහිත අබේගුණවර්ධනලා -මහින්දානන්දලා පක්ෂය මෙහෙයවන්නේය. රනිල්ගේ බස් රථය බලා කියාගත් සජින් වාස් අද ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හසුරවයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පැන බඩ වඩා ගන්නා ජී.එල්. -එස්.බී.-බන්දුල- සරත් අමුණුගම - කෙහෙළිය වැන්නන් ප‍්‍රතිපත්ති සම්පාදකයින්ය. රටේ සියළුම ආයතන- සංස්ථා-දෙපාර්තමේන්තු සහ තානාපති සේවාවල සියළුම ඉහළ තනතුරු ලබා දී ඇත්තේ ඒ සඳහා කිසිදු සුදුසුකමක් නැති දේශපාලන පිංපියන්ටය. වවුලන්ටය.

    ශ‍්‍රී.ලං.නි.පය බිමටම සමතලා කර පක්ෂ නායිකාවගේ ප‍්‍රජා අයිතිය පවා උදුරාගත් - දූෂණය -භීෂණය වපුරා මහජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ එ.ජා.පයේ නරකම පිරිස ජනාධිපති හා සිටින විට - ඔවුන්ට වැඩි සැළකිලි ලැබෙන විට හිත අමාරු නොවන ශ‍්‍රී.ලං.නි.ප මන්ත‍්‍රීවරයා කවුද? පාක්ෂිකයා කවුද? ගාමිණී ලොකුගේලා වැන්නන් සිටිනා ශ‍්‍රී.ලං.නි.පයට අනාගතයක් තිබේද?

    අනෙක් අතට යුද්ධයෙන් පසු රටම හමුදාකරණයකට ලක් කරමින් -පාර්ලිමේන්තුවේ නීතියේ අධිකරණ පද්ධතියේ සහ සමස්ත පාලන තන්ත‍්‍රයේ බලය දුර්වල කොට එය තම සාක්කුවේ දමා ගනිමින් ”ජනාධිපති ක‍්‍රමය නැති කළ යුත්තේ එය ඇති කළ අයමයැයි” කීමට තරම් මහින්ද රාජපක්ෂට මුල අමතක වූයේ කෙසේද? ඔහු බලයට ගෙන ඒමට පෙළපාලි යමින් - පෝස්ටර් ගසමින් - පහර කමින් කැපවූ ශ‍්‍රී.ලං.නි.පාක්ෂිකයන් පසෙක සිටියදී තනතුරු - වරප‍්‍රසාද ආදී සියළුම දෑ එ.ජා.පයෙන් හා වෙනත් පක්ෂවලින් පැන ආ අවස්ථාවාදීන්ට ලැබෙන්නේ කාගේ වරදින්ද?

    අපායේ ආඩම්බර තාත්තා.

    රටේ සමස්ත අධ්‍යාපන ක‍්‍රමය විනාශ වී අවසන්ය. පහේ ශිෂ්‍යත්ව විභාගයවත් නිසියාකාරව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්ය. පාසලකට ළමයකු දමා ගැනීම මුදලින් පමණක් නොව ලිංගික අල්ලස් දීම දක්වා දුරදිග ගිය යුද්ධයකි. පාසල් රැසක් වැසී ගොසිනි. ළමයාගේ පාසලේ සියළුම නඩත්තු කටයුතු දෙමාපියන් පිටය. ඒ සියල්ල තිබියදී ප‍්‍රශ්න පත‍්‍රයක්වත් හදා ගත නොහැකිව පාලකයින් අවුලකය. දේශපාලනය රිංගා පරිපාලනය දුර්වල වී තිබේ. වැටුප් විෂමතා -අසාධාරණකම් එමටය. ඇමති බන්දුල මුරුගසං වැස්සට හසු වී පිස්සු කෙළිමින් සිටියි. අමාත්‍යාංශ ලේකම් තරුණ දරුවන් නොමඟ යවන දූෂිතයෙකි. අධ්‍යාපනය පෞද්ගලීකරණය වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන් දවස් 365න් 300 ක්ම මහ පාරේය. මහ පොළ නැත. නේවාසිකාගාර අපායන්ය. ඔවුන්ගේ ප‍්‍රශ්න දෙස ඇමති බලන්නේද නැත. ඔහුගේ වින්දනය සිසුන්ට හරකුන් නරියන් - බූරුවන් යනාදී වචනයෙන් බැණ වැදීමය. පොලිසිය යොදා ඇස් ඉගිල්ලෙන්නට පහර දීමය. ගුරුවරුන් -විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කළකිරීමෙන් සිටියදී රටේම දරුවන්ගේ ”ආඩම්බරකාර තාත්තා” මහින්දෝදය හදමින් සිටියි. දරුවන් විශාල වශයෙන් මන්දපෝෂණයට ගොදුරු වෙද්දී දෙවියන් දුන් කැඳ හෙවත් එනර්ජි ඩි‍්‍රන්ක් පොවමින් සිටියි. ප‍්‍රදර්ශනාත්මක ලෙස උත්සව වලදී දරුවන් උඩදමනා ආඩම්බරකාර තාත්තා ලැම්බෝගිනි බදු අඩු කළත් දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා ගන්නා කිරිපිටි වල මිල අඩු කරන්නේ නම් නැත. අධිවේගී මාර්ග දෙපස මල්වලට බවුසර් පිටින් වතුර දැමුවත් ජනමූල නායකයාණන්ට නියඟයෙන් පීඩා විඳින ජනතාවට වතුර දී ගන්නට බවුසර් නැත.

    මෙරට ජනතාව දිනාගත් නිදහස් සෞඛ්‍ය සේවයද විනාශ වී ගොසිනි. දොස්තරවරු-හෙදියන් -උපස්ථායකයින් හැමදාම වර්ජනවලය. රණ්ඩු සරුවල්ය. රෝහල්වල බෙහෙත් ප‍්‍රමිතියක් නැත. පහසුකම් අවමය. දුප්පතුන්ගේ සෞඛ්‍ය සේවාවට මෙසේ කණකොකා හඬද්දී පුද්ගලික බෙහෙත් කඩ සීඝ‍්‍රයෙන් විවෘත වෙමින් පවතී. ඒවාටද කිසිම ප‍්‍රමිතියක් හෝ නියාමනයක් නැත. පසෙක වකුගඩු රෝගය රජරටම ගිල ගනිද්දී අනෙක් පසින් ඩෙංගු රෝගය රටම ගිලගනිමින් සිටියි. ලක්ෂ ගණන් වැය කර ගෙනා බැක්ටීරියා වලට සිදු වූ දෙයක් නැත. ඒඩ්ස් රෝගය පැතිරෙමින් පවතින බවද ඇසේ. බෙහෙත් පෙත්තෙන් පවා කොමිස් ගනිමින් සමහර නිලධාරීන් ජනතාව කබලෙන් ලිපට දමමින් සිටිති. එහෙත් ආණ්ඩුව නිහඬය. පුහු ප‍්‍රදර්ශන හා හිස් බස් විනා ලෙඩකදී දුකකදී ජනතාවට දෙවියන්ගේ පිහිට පමණි.



    ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි අද මත්කුඩු තොග පිටින් රටට පැමිණෙමින් තිබේ. ජනාධිපති ඇතුළු ආණ්ඩුව පැවසූ පරිදි ලංකාව අධ්‍යාපන හෝ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම වෙනුවට ආසියාවේ මත්කුඩු කේන්ද්‍රයක් බවට පත් වී තිබේ. මේවාට ආණ්ඩුවේ ඇමතිවරුන්ට පවා ප‍්‍රසිද්ධියේ ඇඟිල්ල දිගු වේ. හොර එතනෝල් කන්ටේනර් පිටින් රටට එයි. ගංජා වවන්නේද ප‍්‍රබලයින්ය. මේවාට ඍජුවම ආණ්ඩුවේ ඇමතිවරු සම්බන්ධය.

    වල් වැදුණු නීතිය


    එසේම රටේ නීතිය වල්වැදී අවසානය. අධිකරණවල තීන්දු තීරණ ජනතා විශ්වාසය පලූදු කර ඇත. ආණ්ඩුවට අවැසි ආකාරයේ තීන්දු දෙන බවට මතයක් පැතිර ඇත. පාලක බලවතුන්ගේ හෙංචයියන්ට කවර වරදක් කළත් නීතිය ක‍්‍රියාත්මක නොවන බව පැහැදිලිව පෙනී යන්නකි. බාල අපචාර - ස්ත‍්‍රී දූෂණ කවරදාටත් වඩා ඉහළ ගොස් තිබේ. දිනකට 17 -20 පමණ සිදුවන බව පැවසේ. චීවරධාරීන් - ගුරුවරුන් - සහ දේශපාලකයින් තරඟයට මෙන් බාල අපචාරවල නියැලෙති. රටේ සැම තැනම නිධන් කැඩීම් වාර්තා වේ. මංකොල්ලකෑම්- පැහැර ගැනීම්- හොරකම් - කප්පම් ගැනීම්- බහුලය. පවුල් පිටින් මිනී මරති. සියදිවි නසා ගැනීම් බහුලය. ගණිකා ජාවාරම හා සූදුව නීතිගත වී ඇති අයුරකි. මේ රටේ ආශ්චර්යය පිහිටුවා ඇති ආකාරයයි.

    මහා සංඝරත්නයේද ජනතාවගේද ඇස් වසා ආනුශංගික පහසුකම් සලසනවා යැයි පවසමින් වචන හරඹයෙන් කැසිනෝ හා තවත් සූදු නීතිගත කළේ මේ ආණ්ඩුවයි. වක්කඩෙන් අත හෝදාගෙන පාර්ලිමේන්තු ගියා යැයි කියන රාජපක්ෂවරු යටතේම රටේ කෘෂිකර්මය විනාශ වී තිබේ. රටට බත සැපයූ ගොවියාට පිටරට හාල් කන්නට සිදුව තිබේ. කුරහන් සාටකය දමාගෙන සිටියත් කුරහන් පිටරටින් ගෙන ඒමට සිදුව තිබේ. ආණ්ඩුවේ සංවර්ධන නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන විට ගොවියාට වතුර ටික නැත. වැව් ගොඩ වී තිබේ. අස්වනු විකිණෙන්නේ තුට්ටුවටය. රටේම හාල් ඒකාධිකාරය ආණ්ඩුවේ බලවතුන් තිදෙනෙකු අතය. මහජන මුදල් කෝටි ගණනින් වියදම් කරමින් ඇට බෙදූ දිවි නැගුම හුදු දේශපාලන පම්පෝරියක් පමණකි. තවත් රාජපක්ෂ සංදර්ශනයක් පමණි. ඒ අස්සේ බහුජාතික කොම්පැණි අවශ්‍යතාවය මත බීජ පනත් ගෙන එමින් ගොවියා ආශ්චර්යය කරා ගෙන යාමට සැරසේ.

    තවද සංචාරක ව්‍යාපාරය මුවාවෙන් රට වටා ඉදිකරන දැවැන්ත හෝටල්වල අයිතිකරුවන් මේ මැති ඇමතිවරුන්ය. ත‍්‍රීකුණාමලයේ නිලාවැලිහි සජින් වාස් සතු හෝටලයට ඔහු යන්නේ හෙලිකොප්ටරයකිනි. එසේ සිහිනයක ගැලී සිටියත් සංචාරකයන් ලෙස දැන් දැන් මෙරටට එන්නේ ධනවතුන් නොවේ. කඩවලින් ආප්ප කා ප්ලේන්ටි බොන සුද්දන් පමණක් නොව ජාත්‍යන්තර ගණයේ හොරුන්ද ලංකාවට පැමිණ සිටිති. චීන සමාගම්වලින් කම්කරුවන් ලෙස ගෙන එන චීන්නුද ආණ්ඩුවට නම් සංචාරකයන්ය. මත්පැන්හල් බලපත‍්‍ර - ඉන්ධන හල් බලපත‍්‍ර ලැබෙන්නේ ආණ්ඩුවේ පාදඩ හෙංචයියන්ට පමණි.

    රටේ ප‍්‍රවාහනයද අවුල් ජාලාවකි. ලං.ග.ම සේවකයින්ට පඩි නැත. ඔවුන් වැඩ වර්ජනවලය. දුම්රිය හැමදාම පීලි පනී. හැප්පෙයි. මාර්ග අබලන්ය. ඇමති ස්ත‍්‍රී වර්ණනාවේ යෙදෙමින් නින්දේය.

    ගජ මිතුරු ඥාති සංග‍්‍රහය.


    ඥාති සංග‍්‍රහයේ උච්චස්ථානයකට මේ ආණ්ඩුව පත්ව හමාරය. කවරදාවත් නොවූ තරම් දේශපාලඥයන්ගේ දූ දරුවන්ට හා පරම්පරාවන්ට අනාගතයක් උදාකිරීමට ජනතාව පත් කළ ආණඩුව සැදී පැහැදී සිටී. රාජපක්ෂවරු දහසකට ආසන්න ප‍්‍රමාණයක් හොඳ හොඳ තනතුරු වල සිටින්නේ ජනාධිපතිතුමාගේ ඥාතී සංග‍්‍රහයට පිං සිදු වන්නටය.

    බොහෝ කාලයක් මෙරට රැකගත් ගෞරවණීය විදේශ ප‍්‍රතිපත්තියද - විදේශ තානාපති සේවාවන්ද අවුල් ජාලාවක් වී ඇත. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක හෙළි කළ පරිදි තානාපතිවරු -මහ කොමසාරිස්වරු 35 ක් පමණ තනතුරට නුසුදුසු දේශපාලන හෙංචයියන්ය. ලියුම්කරු 2005 වසරේදී ජනාධිපතිට හඳුන්වා දුන් ඉඩම් ව්‍යාපාරිකයෙකු වූ ඒ.එස්.පී. ලියනගේ අද නයිජීරියාවේ තානාපතිවරයාය. (මේ තානාපතිවරු ගැන පසුව හෙළිදරව්වක් කෙරේ)

    පාලකයන්ගේ අදූරදර්ශී ක‍්‍රියා නිසා රටට එරෙහිව මානව හිමිකම් කඩවීම් චෝදනා එල්ල වී ඇත. මේ විදේශීය පරීක්ෂණ කණ්ඩායම්වලට විරෝධය පළ කරන ආණ්ඩුව විදේශකයන් සිය පරීක්ෂණ මණ්ඩලවල උපදේශකයන් සේ යොදා ගනියි. බොහෝ රටවල් මේ වන විට ශ‍්‍රී ලංකාව දකින්නේ අසමත් - ප‍්‍රජා පීඩක - මානව හිමිකම් නොසළකන - ඒකාධිපති අවිචාරවත් පාලනයක් පවත්නා රටක් වශයෙනි.

    උතුරේ ජනතාව පළාත් ඡන්දයෙන් ලබා දුන් ජයග‍්‍රහණය ආණ්ඩුව මිල්ටරි බලයෙන් යටපත් කොටගෙන සිටියි. අර බලකාය මේ බලකාය යනුවෙන් හඳුන්වන සිවුරු පොරවා ගත් මැරයින්ට බලය දී මුස්ලිම් ජනතාව හා ගැටුම් ඇති කරගෙන රටේ සංහිඳියාව විනාශ කර තිබේ. රටේ ජනාධිපතිටවත් අවනත නැති මේ චීවරධාරී මැර හමුදාවන් ඇමතිවරුන්ට පවා බල්ලන්ට මෙන් කතා කරමින් රටේ නීතිය තුට්ටුවකට නොතකා ජාතීන් අතර සමගිය විනාශ කරමින් සිටී.

    රටේ බිම් අඟලක් නොවිකුණන බව කී දේශපේ‍්‍රමී ආණ්ඩුව දැන් විදේශිකයන්ට දෙන්නේ අක්කර ගණනිනි. කොළඹ පැල්පත් වාසීන් එළවා දමමින් ඉඩම් අත්කරගෙන හෝටල් හදන්නට ඒ ඉඩම් විදේශිකයන්ට ලබා දෙන්නේ මන්ද? රටේ කෙතරම් ඉඩම් ප‍්‍රමාණයක් මේ වන විට විදේශිකයන්ට හා සමාගම්වලට පවරා තිබේද?



    ඉදිකටුවේ සිට සියළු භාණ්ඩවල මිල අහස උසට වැඩි කරමින් මේ ආණ්ඩුව ජනතාවට ළඟා කර දීමට යන්නේ කවර නම් ආශ්චර්යයක්ද? මේ තරම් බදුබරක් ජනතාව මත පැටවූ වෙනත් ආණ්ඩුවක් තිබුණේද? අද ගම්වල -නගරවල දුප්පත් මිනිසුන් කන්නේ එක් වේලකි. ඇති හැකි අය කෑම වේලකට රු.25000 ක් වියදම් කරද්දී රජයේ සේවකයන් අවම වැටුප් ලබමින් පිරිමසා ගනිමින් ජීවත් වෙති. කෝටි ගණන් වැය කර චෝගම් නාඩගම නටා සභාපති වූවත් අද ජනාධිපතිවරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව පවා අහිමිය. චීනයට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුලදට යටවී රට විකිණීමට සිදුව ඇති බව කීවේද ඇමති චම්පික රණවකය. නිදහස ලැබීමෙන් පසු විශාලතම ණය ප‍්‍රමාණයක් ගෙන ඒවා බොරු සෝබන අසාර්ථක ව්‍යාපෘතිවලට යොදවා දැන් රට සීඝ‍්‍රයෙන් සංවර්ධනය වේ යැයි පැවසීම ජනතාවට කරන නිගාවකි. දෙවියන්ගේ නාමයෙන් දැන් මේ සංවර්ධනය නවත්වපල්ලා යැයි කීමට ජනතාවට සිදුව තිබේ.

    පඹ ඇමැති මණ්ඩලය.

    ලෝකයේම වාර්තාගත කැබිනට්ටුවක් පිහිටුවා ඇතත් එම ඇමතිවරුන්ට කළ හැක්කේ කුමක්දැයි පැනයකි. රටේ ජනාධිපති ඍජුවම දිස්ත‍්‍රික්ක මට්ටමින් නිලධාරීන් හමුවෙමින් නියෝග පනවන අතර බොහෝ තීන්දු තීරණ ගනු ලබන්නේ ඔහු හා සහෝදරයින් තිදෙනා විසිනි. රටේම බලය රාජපක්ෂවරුන් කීප දෙනෙකු අත පවතින අතර ඇමතිවරු යනු පඹයන් බව ජනතාවද දනිති. ඒ මදිවාට මැති ඇමතිවරුන් අතරද නොයෙකුත් ගැටුම්ය. එළිපිටම ගහ මරා ගනිති.

    රටම හමුදාකරණයට ලක් කරමින් පවතින අතර බොහෝ ආයතන සඳහා හමුදා නිලධාරීන් පත්කර තිබේ. රටේ මිනිසුන් 86 දෙනෙකුටම එක් හමුදා භටයකු සිටින අතර යුද්ධ කාලයටත් වඩා දැන් ආරක්ෂක වියදම් අධිකය. එහෙත් කොටි ප‍්‍රබලයෝ රාජ්‍ය ආරක්ෂාව යටතේ සුරතල් වෙති.

    මේ යන ආකාරයට යළි කිසි දිනක ශ‍්‍රී.ලං.නි.පය තුළ තේමිස්ලා - තෙන්නකෝන්ලා - නිමල් කරුණාතිලකලා - ඉලංගරත්නලා - කොබ්බෑකඩුවලා- ධර්මසිරිලා - කදිරගාමර්ලා බිහිවන්නේ නැත. බිහිවන්නේ කුඩු ජාවාරම්කාරයින්ය. එතනෝල් කාරයින්ය. දූෂිත ව්‍යාපාර පවත්වන සූදු කෙළවන ගණිකා මඩම් පවත්වන හොරුන්ය. තවත් මේ රටේ කොල්ලකෑමට තරම් දෙයක් ඉතිරි වී තිබේදැයි සැකයකි. අද මේ පවතින ජනතා විරෝධී පාලනයට ජීවත්ව සිටින හා මියගිය සියළුම ශ‍්‍රී.ලං.නි.ප යට ආදරය කරන මිනිසුන්ගේ ශාපය එල්ල වනු ඇත. මීට පෙර සිටි සමහර ශ‍්‍රී.ලං.නි.ප දේශපාලකයන් සිය දේපළ පවා අහිමි කරගෙන දේශපාලනය කළත් අද සිටින්නෝ කෙටි කළකින්ම සුප‍්‍රසිද්ධ කෝටිපතියන් බවට පත් වෙති.

    මේ ලියුම් කරුද වසර 63 ශ‍්‍රී.ලං.නි.ප පාක්ෂිකයෙකි. 1977 අන්ත පරාජයෙන් පසු ඩබ්.කරුණාජීව- මොන්ටි ගොපල්ලව -හෙක්ටර් කොබ්බෑකඩුව -ටී.බී. තෙන්නකෝන් වැනි අය සමඟ එක් වී පක්ෂයේ ප‍්‍රතිසංවිධානයට ඇප කැප වූවෙකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ පසු ඇය හා රට පුරා යමින් ජීවිතය පරදුවට තබා දේශපාලනය කළ අතර පසුගිය යූ.එන්.පී. වසර 17 ක පාලන සමයේ වඩාත්ම තර්ජන එල්ලවූ මාධ්‍යවේදීන් අතර ඉහළින් සිටියෙකි. 2005 දීද මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වූවෙකි. අද 63 වන සැමරුම පවත්වන මේ අවදියේ සියළුම ශ‍්‍රී.ලං.නි.ප පාක්ෂිකයන්ගේ අවධානය අද රට යන අත පිළිබඳව යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් වත්මන් නායකත්වය තරම් කෙළෙහිගුණ නොදන්නා පක්ෂයට හා ජනතාවට හතුරුකම් කළ ආත්මාර්ථකාමී තත්වයක් මින් පෙර නොදුටු බවද ප‍්‍රකාශ කරමි. නිල් බලකායවල් - නිල් පවුරු හදන්නේ රට රැකීමට හෝ පක්ෂය රැකීමට නොව පවුල් බලය රැකීමටය.


    ඩී.බී.ඇල්කඩුව
     
    Last edited: