මහින්ද මෙදා පොටෙත් පරාදයි

tharanga1234

Banned
Sep 25, 2017
129
23
0
මහින්ද මෙදා පොටෙත් පරාදයි

27752448_377948819333918_2008187128724438986_n.jpg

2015 තිබ්බ ජන වරමවත් නෑ...මේන් අගමැතිකන් ගන්ඩ එනව..මරු ...
 
  • Like
Reactions: nmps

tharanga1234

Banned
Sep 25, 2017
129
23
0
45%ක් ගත්ත පොහොට්ටුව පරාදයි.. 55%ක් ගත්ත අපි දිනුම්.. 2020දී මෛත‍්‍රී ජනපති කරනවා..- රාජිත
February 11, 2018 at 10:59 pm | lanka C news
45%ක් ගත්ත පොහොට්ටුව පරාදයි.. 55%ක් ගත්ත අපි දිනුම්.. 2020දී මෛත‍්‍රී ජනපති කරනවා..- රාජිත පොහොට්ටු ජනවරම ඔළුවෙන් හිටුවයි..
යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ජන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කරයි. එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව සෙඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා –

“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.

පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ.

2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. බේරුවල ආසනයේ පරාජයත් සමග මම සොයාගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා. ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම 2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”

– ප්‍රසන්න අධිකාරි
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    CWC එකත් SLPP එකට හේත්තුව දාලා නෙහ්?
    ජනාධිපතිවරනේදී වගේ උතුරෙන් තරඟ කළෙත් නෑ.
    නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච ආයතනවලට පොහොට්ටුවෙන් දාපු ස්වාධීන කණ්ඩායම් වලට හම්බෙච්ච චන්ද එකතු කරලත් නෑ.

    2020 බලහංකො මෙහෙමම ගියොත් වෙන හරිය :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    CWC එකත් SLPP එකට හේත්තුව දාලා නෙහ්?
    ජනාධිපතිවරනේදී වගේ උතුරෙන් තරඟ කළෙත් නෑ.
    නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච ආයතනවලට පොහොට්ටුවෙන් දාපු ස්වාධීන කණ්ඩායම් වලට හම්බෙච්ච චන්ද එකතු කරලත් නෑ.

    2020 බලහංකො මෙහෙමම ගියොත් වෙන හරිය :yes:

    My3 th heththuwa dawi :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිතට කියපන් තියෙන එකවත් රැකගන්න කියල