මහින්ද, මෛත්රී සහ රට

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්ද, මෛත්රී සහ රට

    [FONT=&quot]අද වන විට ලංකා දේශපාලනයේ වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත.එක් පසෙකින් දශක කිහිපයක් පැවති යුද්ධය හමාර කල රාජ්‍ය නායකයාය අනෙක් පසින් එම පක්ෂයේම මහලේකම් වරයාය.මේ පිල් දෙකේ ජාතික බලවේග යයි කියනා අයද වෙති.එමෙන්ම තම යටි අරමුණු ඉටු කර ගැනීමට ඉව අල්ලමින් සමීප වූ අයද වෙති.මේ තත්වයට හේතු කවරේද [/FONT]
    [FONT=&quot] [/FONT]


    [FONT=&quot]යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විශාල අභියෝග රැසක් මතුවන්නට විය.ඒ අතර දේශිය මෙන්ම ජාත්‍යාන්තර අභියෝග ද විය.මේ කුමන අභියෝගයක් පසුපස වුවද නූතන යටත් විජිත වාදී බටහිර බලල් අත සැගවි ඇති බව ගැබුරට සොයා බැලීමේදි පැහැදිලි වෙන සත්‍යයකි.මහින්ද ජාත්‍යන්තර වශයෙන් මුලු ගැන්වුයේ චීනය,රුසියාව ප්‍රමුක බලවතුන්ගේ පිලටය.ඇතැමුන් මේ කණ්ඩායම බලවතුන් ලෙස දැක්වීම පිලි නොගන්නට පිලිවන නමුත් නව ලෝක ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා දෙස බලන විට බටහිරට අභියෝග කිරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව පවතී.මෙම කණ්ඩාමට හේත්තුවීම මහින්දට මහත් භාධකයක් විය.එය මෙම දේශපාලන පරිවර්ථනයට ද මහත් සේ බලපා ඇත.ඒ අන් කවරක් නිසා හෝ නොව බටහිර තානාපති කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඍජුවම සහ වක්‍රව මහින්ද පන්නා දැමීමට හැකී සෑම උත්සාහයක් ම දරමින් සිටීන නිසාය.පසුගිය ජනාධිපති වරණයේදී යුධ ජයග්‍රහණයට දායක වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව බල කාමයෙන් මත් කරවන්නට තරම් ඔවුන් සමත් විය.ඒ යුද්දට භාවිතා කල අවසන් උණ්ඩයේ උණුසුම නිවෙන්නටත් මත්තෙනි.එය සාර්ථක නොවූයේ මෙරට ජනතාවගේ මතය ඔහුට පක්ෂ නොවීම නිසාවෙනි. ඔවුන් එයින් නොනැවතිනි.මානව හිමිකම් යයි කියමින් විවිධ තාඩන පීඩන ආණ්ඩුවට එල්ල කරන ලදී.දැන් ඔවුන්ට නව දොරක් විවර විය එනම් ජනාධිපති වරණයක් ප්‍රකාශවීමය. පසුගිය ජනාධිපතිවරණය පරාජය වූවද ඔවුන්ගේ ක්‍රීයාදාමය සුක්ෂම අයුරින් ක්‍රියාත්මක වෙමින් තිබිණ.දිගුකාලීන සැලැස්මක සාර්ථක ප්‍රතිඵල දැන් එලි දැක ඇත.ඒ මහින්දගේම පක්ෂයේ මහලේකම් ව බිලි බාගනිමින්ය.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ජාතික බලවේග[/FONT]
    [FONT=&quot]ජාතික බලවේග වශයෙන් ක්‍රියාත්මක වන සංවිධාන ගණනාවක් අප රටේ ඇත.නමුත් ඔවුන් සැබෑ ජාතික ප්‍රතිපත්තියක සිට ක්‍රියාකරනවාදැයි සැක සහිත තැන් ඇත.බහුතරය සිංහල වන අප රටේ අනෙක් ජාතීන්ටද නිසි තැන ලබා දී කටයුතු කල යුතු බව සැබෑය.නමුත් ඇතැම් දෙමල ජාතිකයින් පමණ ඉක්මවා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ.ඉන්දියාව සහ බටහිර රටවල් සමග රහස් සබදතා පවත්වා ගනිමින් ලාංකීය එක්සත් බාවය බිද හෙලන්නට විවිධ කූඨ උපක්‍රම යොදමින් සිටිති.මේ අතර ඇතැම් මුස්ලිම් ජාතිකයින්ද සිටින වග පෙනෙන්නට ඇත.මානව හිමිකතම් චෝදනා වලදී අපට සහයෝගය දැක්වූ මුස්ලිම් රටවල, ලංකාව කෙරේ ඇති පැහැදීම බිදහෙලන්නට විවිධ ගතු කේලාම් කීම ආදී උපක්‍රම පසුගිය කාලයේදී හෙලි විය.ජාතික හෙල උරුමය ද වර්ථමානයේ වල් මත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.සිංහල බෞද්ධ ජන කොටස නියෝජනය කරනවා යැයි කියමින් අවසානයේ ඔවුන් සිටගත්තේ කා සමගද.., බටහිර ගැති, බටහිර පදේට නටන කලු සුද්දන් සමග නොවේද.හෙල උරුමය කලේ සිංහලයන් රැවටීම දැයි සැක සහිතයි.රථන හිමියන් විශේෂයෙන් සිංහල බෞද්ධයාව ගොනාට අන්දවා ඇත.අතීතයේ සිංහලයින් ප්‍රතික්ෂේප කල පිරිසකට කත් ඇදීම උන්වහන්සේ කරන්නාවූ බරපතල වරදැකියි හැගේ.18 වන සංශෝධනය බරපතල වැරදීමකැයි උන්වහන්සේ පවසති.නමුත් දැන් කරමින් සිටින්නේ ඊටත් වඩා බරපතල වරදකි. මෙම අවස්ථාවේදී අන් කවර අවස්ථාවකටත් වඩා ජාතික හැගීම් මතුවිය යුතුය නැතහොත් සිදු වන්නේ සිංහල ජාතිය පමණක් නොව සිංහලයාට රටත් නැතිවීමයි.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ජනතා විමුක්ති පෙරමුණ සහ හෙල උරුමය[/FONT]
    [FONT=&quot]ජනතා විමුක්ති පෙරමුණ දූෂණය වංචාව දුටු තැන පහර ගසමින් රජය නිසි මගක ගෙනියන්නට දැරූ උත්සාහය ප්‍රශංසනීයයි.සැබැවින්ම එක්සත් ජාතික පක්ෂය කල යුතු වූ මෙහෙවර සම්පූර්ණයෙන්ම කරට ගෙන ඉටුකලේ ජනතා විමුක්ති පෙරමුණයි. ආණ්ඩුවේ දූෂිත මැති ඇමති වරුන්ගේ ගසාකෑම් සහ නීතිවිරෝදී මගෝඩි වැඩ පාර්ලිමේන්තුව තුල පැහැදිලි සාක්ෂි සහිතව ගෙනහැර දක්වමින් රෙදි ගැලවෙන කතා කිවුවේ ජනතා විමුක්ති පෙරමුණයි. රටට ආදරය කරන සැබෑ දේශ ප්‍රේමීන් වශයෙන් මෙම කටයුත්ත අගය කල යුතුය.විවිධ කූඨ උපක්‍රම යොදමින් ජනතා විමුක්ති පෙරමුණ බිද හෙලන්නට ආණ්ඩුව තැත් කලද ඔවුන් ඒ අභියෝගය සාර්ථකව ජය ගත් බවක් පෙනෙන්නට විය.නමුත් දැන් වඩාත් බරපතල තත්වයක් උද්ගතව ඇත.එනම් විජාතික,බෙදුම්වාදී ධනේෂවර බලවේග මුළුගැන්වෙමින් ඉදිරියට පැමිණ ඇත.අපගේ දේශප්‍රේමී නායකයන් බිලි බාමින් ඔවුන්ගේ කර මතින් ගොස් රට බෙදන්නට කැස කවමින් පසුවෙති.ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන්නට තරම් ජනබලයක් තවමත් ගොඩනගාගෙන නැත.නමුත් ජන මතයක් ගොඩනගන්නට ඔවුන්ට හැකියාව ඇත. ජනතා විමුක්ති පෙරමුණ සැමදා විපක්ෂයේ සිටිනවානම් හොදයැයි විටෙක හැගේ.රට කරවන්නට තරම් ඔවුන්ගේ ප්‍රතිපත්ති වත්මනට නොගැලපෙන නමුත් රට කරවන පිරිස් සිදු කරන දූෂණ වංචා ආදිය රටට හෙලි කරන්නට ඔවුන් සතුව මනා සංවිධාන ශක්තියක් පැවතීම එයට හේතුවයි.එවිට පාලනය නිසි මාවතක ගමන් කරනු ඇත.නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ඔවුන් පවසන හතරබීරි කතාව කිසිවෙකුටවත් නොතේරේ.මහින්දට කිසිසේත් ඡන්දය දෙන්න එපාලු ඔහු පැරදිය යුතුමයැයි කියති, ඡන්දය නොදා ඉන්නත් එපාලු.මෛත්‍රීට දෙන්න කියලද කියන්නෙ ඇහුවම අපිට එහෙම කියන්නත් බරිලු.මෙම කතාවේ අර්ථය සැබැවින්ම මෛත්‍රීට ඡන්දය දෙන්න යැයි කීම බව ගැඹුරින් සිතා බැලීමේදී පැහැදිලිය.නමුත් මෙහිදී අපට සැකයක් ඇතිවේ,මහින්ද බලයට ගෙනඒමට ජනතා විමුක්තිපෙරමුණ විශාල කැප කිරීමක් කල පක්ෂයකි.පසු කාලයේදී ඔවුන් අපේක්ෂා කල දිශාවට මහින්ද ගමන් නොකලේය.එබැවින් ආණ්ඩුවෙන් ඉවත් වී මහින්දට දිගට හරහට බැට දෙනු ලැබිණි.මෙවර මෛත්‍රීට සහයෝගය දෙන්නට සාකච්ඡා කල අතරවාරයේදී ඔවුන් එකගතාවයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට ඇත.එනම් රෑ වැටුන වලේ දවල් නොවැටී සිටීමටය.නමුත් මෛත්‍රීට ව්‍යංගයෙන් සහයෝග දීමටය.එවිට ඉදිරියේදී අපේක්ෂා බිද වැටුන හොත් ජනතාව ඉදිරියේ සුදනන් විය හැකිය. අපි කිසිවෙකුට සහයෝගය නොදී සිටියේ මේ නිසාවෙන් යැයි කියා ජනතා අප්‍රසාදයෙන් බේරිය හැක. ජනතා විමුක්තිපෙරමුණේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ගෙන් අප විමසූ විට ඔවුන්ගේ මුවින් පිට වන්නේද නොසතුටකි.එනම් වක්‍රආකාරයකින් රනිල් ඇතුලු බෙදුම්වාදීන් බලයට පත්කරවන ජනතා විමුක්ති පෙරමුණේ මෙම අපැහැදිලි ප්‍රතිපත්තිය ඔවුන්ටද පිලිගත නොහැකි බවකි.බෙදුම් වාදය පැරදවීම මුළික ප්‍රතිපත්තිය කරගත් හෙල උරුමය ද මෙහිදී නිසි මාවතකට පැමිණිය යුතුය. රට බෙදන බලවේග සමග සිට ගන්නට නොයා යුතුය.නමුත් විධායකයේ තටු කැපීමට අරගල කල යුතුය.නැතහොත් බල කාමයෙන් මත් වූවකුගෙන් රටට සිදුවන හානිය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.මෙම ජාති මාමක අරමුණ කරා ජාතිය මෙහෙයවීමේ හැකියාව ජාතික හෙල උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණට ඇති වග ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමේදී පෙනෙයි.[/FONT]


    [FONT=&quot]විධායක ජනාධිපති ක්‍රමය[/FONT]
    [FONT=&quot]විධායක ජනාධිපති බල තල ඇතිකලේ එක්සත් ජාතික පක්ෂයයි.අද ඔවුන්ම එය අහෝසි කරන්නට ජනවරමක් ඉල්ලා සිටිති.මෙය සැබෑ උවමනාවක් ද නැතහොත් බලයට පත්වීමේ උපක්‍රමයක්ද නොහැගේ.කෙසේ වෙතත් විධායක බලතලවලට මේ හැටි බිය ඇයි.එය දරුණු පුද්ගලයෙකු අතට පත් වුවහොත් කුමක් සිදු වෙයිද.එයයි එහි ඇති භයානක තත්වය.වාසනාවකට මේ දක්වා විධායකය දැඩි ලෙස අයුක්තියේ යෙදවූයේ නැත.නමුත් ඒ හරහා අයුක්තියක් සිදු නොවුනාමයැයි වරදවා තේරැම් නොගත යුතුය.විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට ඍජු තීන්දු තීරණ ගෙන යුද්ධය අවසන් කිරීමට නොහැකි වනු ඇත.විධායකයේ බලතල අත්තනෝමතික ලෙස ඇතැම්විට භාවිතාවෙනු දක්නට ලැබිණි.අප රට සංවර්ධනය කිරීමට නම් ධාර්මික විධායකයක් පැවතිය යුතුය.එසේ නොවන්නට කඩාකප්පල් කාරි බලවේග හමුවේ විටින් විට සංවර්ධන ක්‍රියාදාමය කඩා වැටිමට ඇති ඉඩකඩ වැඩිය.අපගේ රාජධානි ඉතිහාසය දෙස බලන විට පෙනීයන්නේ ඇතැම් රජවරු වසර විස්සකට අධික කාලයක් රජකම් කර ඇති බවකි.සැබැවින්ම රටේ පැහැදිලි දියුණුඅවක් ඇති වී ඇත්තේ එම කාලයන්හිදී ය. රටක් සංවර්දනය කිරීමට යම් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කල යුතුය එය සපුරා ගැනීමට කාලය අවශයය.එබැවින් ජනතා වරම ඉල්ලීමේ වාර ගණනට සීමා නොතිබිය යුතුය.ඔහුව තෝරා ගැනීම හෝ නොගැනීම ජනතාවට පැවරිය යුතුය. විධායකයේ බලතල සීමා කිරීමට මගක් ලෙස මෙලෙස දැක්විය හැක.ඒ මට හැගෙන දෑය මෙහි අඩුපාඩු තිබිය හැක.තෝරාගත් වැදගත් විධායක බලතල ක්‍රියාත්මක කිරිමේදී විධායකය සහ පාර්ලිමෙන්තුව අතරට හත්දෙනෙකුට නොවැඩි ගණනක් සිටින විධායක කමිටුවක් පැවතීම මගින් මෙම තත්වය අවම කල හැකි බව අපගේ මතයවේ. මෙම කමිටුව පත්කිරිම පාර්ලිමේන්තුවට පැවරෙන සාධාරණ ක්‍රමවේදයක් සැකසිය යුතුය. යුතුය.විධායකයේ තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්තාව ලැබෙන්නේ විධායක කමිටුවේ නිර්දේශය ලැබුනහොත් පමණි.විධායකයට බලය නොදිය යුතුය.පාර්ලිමේන්තුවට ද ඕනෑවට වඩා බලය නොදිය යුතුය.පාර්ලිමේන්තුවට යන්නේ යම් ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ තබා ඊට බහුතර ජනතාවගේ කැමැත්තක් ලැබුන අයයි.නමුත් පාර්ලිමේන්තුවේදී කලින් කී ප්‍රතිපත්ති අමතක කර ඊට විරැද්ධ වූ ප්‍රතිපත්ති ඇති පිලට එක් වෙති.ඒ ඔවුන්ට වරම් දුන් අයගෙන් විමසීමකින් තොරවය.එය කෙතරම් සදාචාර විරෝධි ක්‍රියාවක් දැයි සිතා බැලිය යුතුය.මෙය සම්පූර්ණයෙන් ම පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් සිදු කරන වැඩකි.පිල් මාරුවකදී කෝටි ගණන් මුදල් සහ ස්ථාවර වත්කම් ඔවුන්ට ලැබෙන බවද නොරහසකි.පාර්ලිමේන්තුවට ද බලය සහ නිදහස ඕනැවට වඩා අවශ්‍ය නැත.මේවා ද සීමා කිරීමට නීති සකස්විය යුතුය.ඒ අන් කිසිවක් නිසා නොව ජනතා කැමැත්ත අභියෝගයට ලක් වීමෙන් වලක්වා සැබෑ ජනතා නියෝජනයක් පාර්ලිමෙන්තුව තුල පැවතිය යුතු නිසාවෙනි.[/FONT]


    [FONT=&quot]මහින්දට වැරදුන තැන්[/FONT]
    [FONT=&quot]මහින්ද ආවේ රටේ ඇවිලුන යුද්ධයක් තිබියදීය.රටේම පැතුම වූයේ යුද්ධය අවසන් කිරීමය.ඔහු එම අභියෝගය මැනවින් ජය ගනු ලැබූහ.ඊලගට පැවරැනේ සංවර්ධන යුද්ධයයි.එය යම් තාක් දුරකට ජය ගනිමින් පැවතිනි.නමුත් එහිදී ඔහු යුධ ජයග්‍රහණයෙන් ඔලුව උදුම්මාගෙන සිටි නිසා දෝ ඒකාධිපති ස්වරූපයකට පරිවර්ථනය විය.පක්ෂය තුලත් ඉන් පිටතත් ඇතැම් කාර්යයන් වලදී නොකල යුතු දෑ ඒක මතිකව කරන ලදී.මෙයින් බොහෝ දෙනාගේ සිත් බිදීම් ඇතිවිය.ඇතැම් ඇමති වරැන් සහ පාක්ෂික මන්ත්‍රීවරැන් විවිධ දූෂණ වංචා සිදු කරන ලදී.මහින්ද ඒවා කිසිත් නෑසූ කන්ව නොදුටු ලෙසින් මග හැරියහ. එයින් ජනතාවද කල කිරිණි පක්ෂයේ හොද නමටද, හොද මිනිසුන්ටද කැලලක් විය.බොහෝ දෙනාට විපක්ෂය අසන දෑ වලට උත්තර නැතිවිය.බොහෝ වෙලාවට මහින්ද වැඩිපුර වැඩ කලේ හම්බන්තොටට යැයි චෝදනාවක් ද වේ.ඇතැම් සංවර්ධන ක්‍රියාදාමයන් අරුත් සුන් නිෂ්ඵල ඒවා විය.මුදල් නාස්තිය පමණක් විය.රට තුල ප්‍රචන්ඩ රැල්ලක් පැන නැගුණද එය මර්ධනය මන්දගාමී විය.ඇතැම් දෑ සදහා නීතිය ක්‍රියාත්මක නොවිනි.කුඩු,එතනෝල් ආදී මත් ද්‍රව්‍ය සදහා ආණ්ඩුවේම මැති ඇමතිවරැන්ට චෝදනා එල්ල වෙද්දී මහින්ද කිසිවක් නොකලේය.රටේ නීතිය පොඩිමිනිහාට පමණක් විය.ලොකු ලොකු තැන්වලට නීතියක් නොවිණි.විපක්ෂය මේවායින් හොදින් ප්‍රෙයෝජන ගත්හ.මේ ආදී තැන් මහින්දට වැරදුන තැන්ය.[/FONT]


    [FONT=&quot]එක්සත් ජාතික පක්ෂය[/FONT]
    [FONT=&quot]එක්සත් ජාතික පක්ෂය රටේ විශාලතම සහ පැරණිම පක්ෂය වේ.කලක සිට යූ.එන්.පී එක නන්නත්තාර වී ඇත.බලය සදහා පක්ෂයේම අය ඇනකොටා ගනිති.නියම නායකත්වයක් නොතිබීම එයට ප්‍රධානතම හේතුවය.රනිල් ඒ සදහා දිගින් දිගටම අසමත් වෙද්දී නායකත්වයට කිසිවෙකුට හෝ ඉඩ නොදීම පුදුම සහගතය.පසුගිය ජනාධිපති වරණයේදී මෙන්ම මෙවරද පාක්ෂිකයින් අනාථ ය. තම පක්ෂයේ නියෝජිතයෙක් නැත.ඒ වෙනුවට පොදු ලේබලය යටතේ සහයෝගය ලබා දීමට තීරණය කර ඇත.ඒ ගිවිසුම් ප්‍රකාරව බලය ලබා ගැනීමටය. එය මහත් ලජ්ජාවට හේතුවකි.අනික් කාරණය නම් මේ සංධානය සදහා චන්ද්‍රිකාද එක් වී සිටීමය.පැහැදිලිවම ලැබෙන ඡන්ද අඩුවන ලකුණක් ලෙස එය දැක්විය හැක.ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද චරිත නැවතත් කිට්ටු කර ගැනීම විනාශයට හේතුවනු ඇත.වාර්තා වන අන්දමට විදේශ කොටි හිතවාදීන් රනිල් දිනනවාට ඉහලින්ම කැමතිය.මෙහෙ පොදු අපේක්ෂකයා ප්‍රකාශවනවාත් සමග විදේශයන්හි සිටින කොටි හිතවාදීන් පාටි දැමු හැටි අපට වාර්තා විය.මෙම පොදු අපේක්ෂක උගුගේ සිංහලයින් හිර කිරිමට චන්ද්‍රිකා සැලසුම් කරන්නේ රටට ආදරේට නම් නොව තම මෛත්‍රියට මුවා වී තම වෛරය පිරිමසා ගන්නටය. යූ.එන්.පී පාක්ෂිකයින් ද මේ උගුලට හසු වීම එම පක්ෂයට මහත් ව්‍යසනයක් ගෙන දෙති.ප්‍රභල යූ.එන්.පී පාක්ෂිකයින් හෝ ප්‍රභල නිදහස් පක්ෂ පාක්ෂිකයින් මෛත්‍රිට චන්දය නොදෙන බව නම් සැබෑය.[/FONT]


    [FONT=&quot]රටේ අනාගතය[/FONT]
    [FONT=&quot]කවුරු කෙසේ කීවත් රටේ සංවර්දනයක් සිදු වෙමින් පවතී.මං මාවත් ගොඩනැගිලි පමණක් නොව ජනතාවගේ විනෝදය සහ නිරෝගී භාවයද ඉලක්ක කරමින් සංවර්ධන සැලසුම් සැකසීම පැසසිය යුතුය.සංවර්ධනය මුවාවෙන් ගසා කෑම් ද සිදු වෙති එය වෙනම කාරණයකි.නමුත් පෙර පැවති ආණ්ඩු වලදී ගසා කෑම් වැඩියෙන් සහ සංවර්ධන කටයුතු අඩුවෙන් සිදු විය. නමුත් දැන් රටත් හදා, හදන උනුත් හැදෙති.කිසිවක් නැතිවාට වඩා මෙය තරමක් හෝ හොද වන්නේ ඒ නිසාය.බෙදුම්වාදය නැවත රට බෙදීමට මාන බලමින් සිටිති.ලොවම ආර්ථික අගාධයක ගිලෙමින් පවතිනවිට අප හිස ඔසවාගෙන සිටිමු.මෙය නැවත හැරවිය යුතු නැත.චීනය පිලිබදව ද යමක් පැවසිය යුතුය.චීනයෙන් ණය ගන්නා බව සැබෑය ණය බර වැඩිවන බවද සැබෑය නමුත් ඒ ණය ලබා ගෙන ඇත්තේ රටේ සංවර්ධනය වැඩියෙන් කරන්නටය.චන්ද්‍රිකා ණය ගත්තේ පාන් 3.50 ට දෙන්නටය එනම් බට පුරවන්නටය.ලබා ගත් ණය වල ප්‍රතිඵල ඇත්තේ වැසිකිලි වලය.නමුත් රටේ පොදු ජනතාවට පරිහරණය කරන්නට යමක් දැන් ඉතිරි වී ඇති බව පෙනෙන්නට ඇත.මහින්ද රට භාර ගන්නා විට මං මාවත් කැඩී මඩ වලවල් වී තිබිණි.දැන් කාපට් දමා රටේම මං මාවත් අපූරැවට ඇත.ඒවාට බනින අය හෙට අනිද්දා ඡන්ද ව්‍යාපාරය මෙහෙය වන්නට ජනතාව අතරට මහින්දට බැණ බැණ එන්නේද එම අපූරු කාපට් එක උඩින්මය.[/FONT]
    [FONT=&quot]පවුල් වාදයක් ගැන බොහෝ දෙනා චෝදනා කරති.සහෝදරයින් කිට්ටු කර නොගන්නට යුද්ධය දිනන්නට ද නොහැකි වනු ඇති බව අපගේ හැගීමයි.පිටස්තරයන් කිට්ටු වූවා නම් කීයක් නම් ගසා කනවාද[/FONT][FONT=&quot][FONT=&quot].විශ්වාසයෙන් යුතුව වැඩක් කරන්නට සහෝදර බැම්මෙන් ශක්තිමත් ව එකමුතු වූ පවුලකට හැක[/FONT].මහින්ද ද සිදු කලේ එයයැයි හැගේ. එසේ නොවන්නට මහින්ද ගෙදර ගොස් බොහෝ කල්ය.රටේ මේ දක්වා සිදු වූ සංවර්දන කටයුතු සිදු වන්නේ ද නැත.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අවසානයේ කියන්නට ඇත්තේ අපට දැන් එක්සත් රටක් ඇත.බෝම්බ බියෙන් තොරව පාරෙ බැස යා හැකිය.එමන්ම අඩුපාඩු කප්පරක් ඇත.ඒවා හදා ගත යුතුව ඇත.බුද්ධිමත්ව නිවැරදිව අනාගතය දෙස බලා ඔබේ වගකීම ඉටු කරන්නට සිතා ගත යුතුව ඇත.[/FONT]
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ජනාධිපතිවරණයට පෙර මෛත්‍රී UNP එකේ නායකයා කරමු................
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    [FONT=&quot]
    [FONT=&quot][FONT=&quot]චීනයෙන් ණය ගන්නා බව සැබෑය ණය බර වැඩිවන බවද සැබෑය
    [/FONT]


    [FONT=&quot]wesiye.. naya aragena diyunu unu rata[FONT=&quot]k thiyenawanam kiyapiya.. naya gewanne thoge ata 2ka vikuna[FONT=&quot]nalada..?[/FONT] [/FONT][/FONT]
    [/FONT]
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙමදේශපාලන උණුසුම ඇතිවුයේ බලලොබිකම නිසාය, මහින්දට තව අවරුදු 2 තිබියදී හුදෙක් තව තවත් බලය වැඩි කර ගැනීමට ගොස් ඇතිවූ හුට පටයක් නම් පැහැදිලී.තණ්හාව තමන් විනශයට පත් කරයි.මෙයින් ගැලවීම සදහා නොයෙකුත් දේ දොඩවයි,බටහිර බලවේග,දෙමල ඩයස් පෝරාව,කොටී සම්බන්දතා,දේශප්‍රේමිත්වය,යුද්දය ජයග්‍රහණය, විරුද්දවදීන්ගේ පයිල් අදින bawada,මේවා ඔක්කොම මිනිසුන් රවටා බලය ලබාගැනීමට ප්‍රයත්න දැරීමයි,
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1455191_803542583017095_7262747577820264885_n.jpg