මහින්ද රාජපක්ෂ දූෂිතයෙක්- සංගාක්කාර

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මහින්ද රාජපක්ෂ දූෂිතයෙක්- සංගාක්කාර

ජනාධිපති මහින්ද රාජපක්ෂ දූෂිතයෙක් බව කුමාර සංගක්කාර මෙ වෙනවිට මුලු ලොවටම ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට හෙලි කර අවසානය.රාජපක්ෂ පාලනය යටතේ පවතින ක්‍රිකට් ආයතනය දූෂිත වීමේ පූර්ණ වගකීම රටේ විධායකය වෙත පැවරීම අනිවාර්යය.නායකත්වය යනු දූෂනය නැති කිරීමයි. නමුත් රාජපක්ෂ එය කිරීමට අපොහොසත් බව සංගක්කාර හෙලි කර සිටියේය.එක පැත්තකින් ක්‍රිකට් පාලකයන් හා දේශපාලුවන් දූෂනය වෙයි.අනික් අතින් ක්‍රිකට් ක්‍රීඩකයන් බුකී කරුවන් හරහා මැච් ‍ෆික්ස් කරමින් සිටී. සංගක්කාරට දූෂනය මතක් වුනේ නායකත්වය අහිමි වූ විටය.නායකත්වයේ සිටියනම් ඔය දේශනය අහන්න වෙන්නේ නැත.කෝටි ගනන් ධනය උපයන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟ වලට බාධා කිරීමද හේතුවක් වී ඇත. අනිත් අතට ඉන්දියන් ප්‍රිමියර් ලීග් එකට අපේ ක්‍රීඩකයන් යැවීම තහනම්කල යුතුය. ඕනවට වඩා සල්ලි පස්සේ ගියාම දක්ෂකම් යටපත් වී යනු ඇත.එංගලන්ත සංචාරය ඊට උදාහරනයකි.ලාංකික ක්‍රීඩකයන් ලංකාව වෙනුවෙන් ක්‍රීඩ කරන්න බැරිනම් ඔවුන්ට ඉවත්ව යාමට දොර විවර කර තබමු.ඒ වගේම ක්‍රිකට් දූෂනය සම්පූර්නයෙන්ම මුලිනුපුටා දමමු.


ක්‍රීඩකයන්ගේ මුදල් ගිජු කමත් නවතමු.දේශපාලනය ක්‍රිකට් වලින් ඉවත් කරමු.සංගක්‌කාර කතා කළ යුත්තේ "එල්ලේ" ගැනද?




එංගලන්තයේ ලෝඩ්ස්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන එම්. සී. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කළ කොලින් කවුඩ්රිෆ අනුස්‌මරණ දේශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ හිටපු නායක කුමාර සංගක්‌කාර කළ විවාදාත්මක කතාව මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ ඇඟේ මවිල් කෙළින් සිටවීමට සමත්ව ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවෙන් දේශපාලනය වෙන් කළ යුතු බව, එසේ කීමෙන් බරපතළ අවාසියක්‌ වන බව දැන දැනම සංගක්‌කාර තම දේශනයේදි කීවේය. මේ රටේ විවිධ බෝල සංගම් සහ ගුස්‌ති සංගම්වල ප්‍රධානත්වය හෝ අනුශාසකත්වය දේශපාලනඥයන් අතට ගිය අවස්‌ථා ඇත. එහෙත් ඔවුන් එම සංගම්වල හෝ ක්‍රීඩාවල අභිවෘද්ධිය පිණිස තඹ සතයක්‌වත් සාක්‌කුවෙන් එළියට අදින්නේ නැත. කිසියම් ක්‍රීඩක කණ්‌ඩායමක්‌ පිටරට තරගයකට යන විට ආණ්‌ඩුවේ වියදමින් ඒ පස්‌සේ වැටී යැම පිණිස නිතරම සිය ඇඳුම් බෑග් සූදානමින් තබන නිලධාරි පැලැන්තියක්‌ ද මේ රටේ වෙති. මෙකී දේශපාලනඥයන් සහ නිලධාරීන් එකතු වූ කල ඕනෑම හොඳ දෙයක්‌ පැය 24 ක්‌ තුළ කඩාකප්පල් කළ හැකිය. ඕනෑම ධනස්‌කන්ධයක්‌ සුළු වේලාවක්‌ තුළ වාෂ්ප කළ හැකිය. ඕනෑම ආයතනයක්‌ හිඟමනට පත්කළ හැකිය.

කුමාර සංගක්‌කාරගේ ලන්ඩන් දේශනයෙන් පසු මේ රටේ ප්‍රමුඛ ඇමැතිවරයකු විසින් කියන ලද කතාවක්‌ බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ පළවී තිබිණ. "සංගක්‌කාර යනු කොන්ත්‍රාත් ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ ගිවිසුමකින් බැඳී සිටින අතර එම ආයතනයේ අවසරයකින් තොරව ඔහුට එබඳු ප්‍රකාශ කළ නොහැක. ඔහුට ක්‍රිකට්‌ පරිපාලනය හෝ ක්‍රිකට්‌ ගැන කතා කළ නොහැක. මේ සිද්ධිය ගැන වාර්තාවක්‌ සකස්‌ කරන ලෙස ක්‍රිකට්‌ ආයතනයේ සභාපතිවරයාට මා දන්වා තිබේ....."

ශ්‍රී ලංකාව යනු කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගෙන් පමණක්‌ නොව කොන්ත්‍රාත් මිනීමරුවන්ගෙන් ද පිරුණු රටකි. කොන්ත්‍රාත් ක්‍රීඩකයාට කතා කිරීමට නිදහස නැති අතර කොන්ත්‍රාත් මිනීමරුවන්ට ඕනෑම දේකට නිදහස තිබේ. කුමාර සංගක්‌කාර කොලින් කවුඩ්රි සමරු දේශනයේදී ක්‍රිකට්‌ ගැන හැර ඇටබෝල හෝ එල්ලේ ගැන කතා කරන්නද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව දේශපාලනඥයන්ගේ නීච ඇඟිලි ගැසීම් නිසා පත්ව ඇති කාලකන්නි තත්ත්වය මේ වන විට ක්‍රිකට්‌ ක්‍රීඩාවේම කොටසක්‌ බවට පත්ව තිබේ. ඒ ගැන කතා නොකරන්නේ නම් ඔහුට සිදුවන්නේ තම පවුලේ විස්‌තර, දරුවන්ගේ අධ්‍යාපනය, බිරිඳගේ පාර්ශ්වය වැනි පුද්ගලික කරුණු ගැන කතා කිරීමටය. සංගක්‌කාර ක්‍රිකට්‌ ගැන කතා නොකළ යුතු බව කියන ඇමැතියා ගැන ගරු ජනාධිපතිතුමා දැඩි පියවරක්‌ ගත යුතුය.

කුමාර සංගක්‌කාර සාමාන්‍ය පෙළවත් සමත් නොවී අපරාධ ශාස්‌ත්‍රයෙහි කෙළ පැමිණ දේශපාලනඥයකු බවට පත්වී මිනී මරමින්ද, ඡන්ද දූෂණ කරමින්ද, ගෙවල් ගිනි තබමින්ද, මිනිසුන් ගස්‌ බඳිමින් ද වෙළෙන්දන්ගෙන් කප්පම් එකතු කරමින් ද සාපරාධී ජීවිතයක්‌ ගත කළේ නම් අද කවුරුත් ඔහුට විරුද්ධව වචනයක්‌වත් කතා කරන්නේ නැත. ඔහු ගැන වාර්තාවක්‌ සකස්‌ කරන ලෙසට අණ නොකෙරෙන අතර ඔහු කතා කළ යුත්තේ අසුවල් දේ පමණක්‌ය යනාදී වශයෙන් සීමා පැනවීමට ද සෙසු දේශපාලනඥයන් තැත් කරන්නේ නැත. සංගක්‌කාර කර ඇති එකම වරද උගත් නීතිඥයෙක්‌, (ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි) කීර්තිමත් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ හා දක්‍ෂ කථිකයෙක්‌ වීම පමණි. ඔහු එංගලන්තයේදී කළ කතාවෙන් 99% ක්‌ම කැපවී තිබුණේ මේ කුඩා දිවයින ප්‍රවර්ධනය කිරීම පිණිසය. සංගක්‌කාර කළ කතාව ගැන දේශපාලනඥයන්ගේ අණ පරිදි වාර්තා සකස්‌ කිරීම ක්‍රිකට්‌ ආයතනයේ සභාපතිතුමා කළ යුතු නැත. සංගක්‌කාර කළ කතාව සිංහලට පරිවර්තනය කර අදාළ දේශපාලනඥයා ළඟට පත්කිරීම පමණක්‌ම ප්‍රමාණවත්ය.

ශ්‍රී ලංකාවේ තුන්වන තැනට දූෂිතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බව ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී සී. බී. රත්නායක මහතා කියා තිබිණ. පසුව ඔහුට එම ඇමැතිකම නැති විය. සංගක්‌කාර පලවා හැරීමට දැනට දියත්ව ඇති කුමන්ත්‍රණය සාර්ථක වුවහොත් ඔහු සමඟ ඇති කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කරනවා ඇත. එවිට සංගක්‌කාර පරාජයට පත් වෙතැයි මේ රටේ සිටින තකතීරු දේශපාලනඥයන් සිතන්නේ නම් එය බරපතළ වරදකි. පරදින්නේ සංගක්‌කාර නොව රටය. ජනාධිපතිතුමා මේ රට දිනවා ඇති මොහොතක එය කවර හෝ පැත්තකින් පරාජය කිරීමට සමහර දේශපාලනඥයන් ගන්නා තැත කනගාටුදායකය.

* බැංගලෝරයේ උපන් මයිකල් කොලින් කවුඩ්රි (1932-2000) ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට්‌ පිලේ සහ බ්‍රිතාන්‍ය ක්‍රිකට්‌ පිලේ නායකයා ලෙස කටයුතු කළේය. ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරග 100 ක්‌ ඉක්‌මවා තරග කළ ලොව පළමු ක්‍රීඩකයා ඔහුය.

inner_r6_c1.gif
 
Last edited:
  • Like
Reactions: westpra

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මම කියන්නේ අද ජාත්‍යන්තරව හැම ක්‍රීඩාවක්ම දූෂනයට අහුවෙලා.බුකී කරුවන් හරහා මැච් ‍ෆික්සින් වෙනවා.ඒක නිසා ක්‍රීඩකයන්ගේ වත්කම් සහ බැංකු ගිනුම් පිලිබඳ ජාත්‍යන්තර විනිවිද බාවයක් තියෙන්න ඕනී. මේ අයගේ ධනය පිලිබඳ හෙලි කිරීම බැංකු වලට අනිවාර්ය කරන්නම ඕනී.නැත්නම් බැංකු වලට දඩ ගහන්න ඕනී. මේ නිසා ක්‍රීඩකයන්ට දූෂිත සල්ලි සඟවන්න බැරි වෙනවා.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    .නායකත්වයේ සිටියනම් ඔය දේශනය අහන්න වෙන්නේ නැත.කෝටි ගනන් ධනය උපයන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟ වලට බාධා කිරීමද හේතුවක් වී ඇත

    uba illa aswenawa kiyana eke theruma dannawa da
    :rolleyes:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අර මොබයිල්" එකෙන් මේ "මොබයිල්" එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? "සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? "ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ "තරු" ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක "මැනේජර්ල" ගැන කටක්‌ නොසොල්වා ඒ "මුදලාලි" මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?

    full story

     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    uba illa aswenawa kiyana eke theruma dannawa da:rolleyes:
    සංගාට දේශපාලන බලපෑම් කරලා අස් වෙන්න කීවා.සංගා ඒක මේ දේශනයේ කියනවා.ඔහු කියනවා ඔහුට නායකත්වය අහිමිකලේ ඉහලම දේශපාලන නායක්ත්වය කියලා.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    අර මොබයිල්" එකෙන් මේ "මොබයිල්" එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? "සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? "ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ "තරු" ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක "මැනේජර්ල" ගැන කටක්‌ නොසොල්වා ඒ "මුදලාලි" මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?

    full story
    සංගක්‌කාර නොකළ කතාව
    sanga.jpg
    ඔහු ඔවුන්ගේම කලාවකින් ඔවුන්වම විශ්මයට පත්කොට ඇත. පසුගිය සඳුදා ලන්ඩනයේ ලෝඩ්ස්‌ හිදී පැවැත් වූ කොළින් කවුඩි්‍ර වාර්ෂික දේශනය කළ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර එය ශ්‍රවණය කළ ඉංග්‍රීසි ජාතිකයන්ව පුදුමයට පත්කළ බව කියෑවේ. එයට හේතුව ඔහුගේ චතුර, හරවත් ඉංග්‍රීසි වාග් විලාසය පමණක්‌ නොවේ. පැයකට නොඅඩු සිය දේශනයෙන් ශ්‍රී ලංකා ජනසමාජය තුළට ක්‍රිකට්‌ ක්‍රීඩාව කාවැදී ඇති ආකාරය පිළිබඳව අපූරු, සංවේදී කථාවක්‌ ඔහු විසින් ගෙනහැර පෑවේය. තම රටෙහි ඓතිහාසික අනන්‍යතාව ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මතුවීම හා අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ එය සමස්‌ත ජනතාවගේම හදවතට කි¹බැසගත් ආකාරය, වාණිජකරණය හා වැරැදි පරිපාලනය හේතුවෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව පසුකාලීනව අර්බුදයට ලක්‌වන අයුරු හා තිස්‌ වසරක යුද්ධය හා සුනාමි වැනි ව්‍යසනයන් හමුවේ පීඩිත වූවන් තම පැවැත්ම දෙවැනි කොට ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ආදරය කළ ආකාරය පිළිබඳ සංගක්‌කාර කළ දේශනය අවසානයේ එයට සවන් දුන්නන් සිය අසුන්වලින් නැඟී සිට කළ අත්පොළසන් නාදය විනාඩි ගණනක්‌ දික්‌වූ බව වාර්තා වේ.

    බටහිර මාධ්‍යයන් හුරුකොට ගනිමින් ක්‍රමානුකූලව එය ශ්‍රී ලාංකිකකරණයකට ලක්‌කොට පසුව එම මාධ්‍ය හරහා බටහිරටම පාඩම් ඉගැන්වීමේ සිත්ගන්නා සුළු වටිනා ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇත්තේය. නමුත් එහි යහ පැවැත්ම මෙතරම් තර්ජනයට ලක්‌වූ මොහොතක්‌ ඉතිහාසයේ නැති තරම් යෑයි කීවොත් නිවැරැදි වේ. මෙම වර්තමාන අර්බුදය පසුබිමෙහි සංගක්‌කාරගේ ඓතිහාසික දේශනය හිතාමතා හෝ නොසිතාම "හලා දමා" ඇත්තේ කුමක්‌ද?

    සිය දේශනයේ මැද භාගයේදී ඔහු 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ ආර්ථික බලපෑම ගැන සිය අදහස්‌ දක්‌වයි.

    "රූපවාහිනි සල්ලි ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය වෙත ගලා ඒම ඇරඹිණි. විශාල ජාතික හා බහුජාතික සමාගම් අනුග්‍රාහක අයිතිය සඳහා සටන් කළේය. ක්‍රීඩකයන් සිය නියම මුදල් ඉපැයීම පටන් ගත් අතර.... මුල්වරට ඔවුන් සොසේaජස්‌ සිට ජංගම දුරකථන ජාල දක්‌වා ඕනෑම දෙයක්‌ ප්‍රචාරණය කරමින් දැන්වීම් පුවරුවලත් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලත් පෙනී සිටියේය."

    ඉන්පසු ක්‍රිකට්‌ ඉතා ප්‍රායෝගික රැකියාවක්‌ද, ක්‍රීඩකයා සමාජයීය ලකුණක්‌, ප්‍රතිරූපයක්‌ මෙන්ම පරමාදර්ශයක්‌ ද බවට පත්වූ බව සංගක්‌කාර පවසයි.

    මෙරට ක්‍රිකට්‌ පරිපාලනය දෙසට හැරෙන සංගක්‌කාර 1996 න් පසුව එය "තවමත් පටලැවිලි සහගත" බව කියයි.

    "ඡන්ද මුලට ගැනීම හා හොර ඡන්ද පිළිබඳ චෝදනා, ඒවාට සිදුවන ක්‍රීඩක මැදිහත්වීම, වාර්ෂික සභා රැස්‌වීම්වල සිදුවන අපරාධ, තුවක්‌කු පෙන්නා කරන තර්ජන හා ගහගැනීම් මට මතක කාලෙක ඉඳල ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල නිලවරණයේ අංගයන් බවට පත් වුණා.

    පරිපාලනය වඩා වෘත්තීය මට්‌ටමකට දියුණු නොවුණොත්, එමෙන්ම එය ඉදිරිය ගැන සිතන විනිවිදභාවයෙන් යුතු එකක්‌ද නොවන්නේ නම් ඉතා විශ්වසනීය ක්‍රිකට්‌ රසිකයා ක්‍රීඩාවෙන් ඉවත්වීමත් සමස්‌ත ක්‍රමයම කඩාවැටීමට ලක්‌වීමත් සිදුවිය හැකි බවට ඔහු තවදුරටත් අනතුරු හඟවයි.

    මේ සියල්ල සත්‍යයකි. මෙය ලන්ඩන් නුවර ගෞරවනීය පිරිසක්‌ හමුවේ සිත් කාවදින ලෙස පැවසීමට සංගක්‌කාර නම් ත්‍රිත්ව විද්‍යාල ආදි ශිෂ්‍යයා එඩිතර වී තිබේ. ඔහුගේ සමස්‌ත දේශනය ඇත්තටම ශ්‍රී ලාංකේය ක්‍රිකට්‌ ක්‍රිඩාවේ සාරය, ආත්මය හා එහි හරි - වැරැද්ද ගැන දැනට කෙරී ඇති උත්කෘෂ්ඨතම ප්‍රකාශය යෑයි කිවහොත් ඊට එරෙහි වන්නන් ඉතා විරල වනු ඇත. නමුත් මෙම කථාවේදී සංගක්‌කාර නොපෙන්වන, හෝ සඟවන, තවත් ඇත්තක්‌" තිබේ. අප දැන් ඒ දෙස හැරෙමු.

    අර මොබයිල්" එකෙන් මේ "මොබයිල්" එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? "සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? "ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ "තරු" ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක "මැනේජර්ල" ගැන කටක්‌ නොසොල්වා ඒ "මුදලාලි" මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?

    1996 න් පසුව පරිපාලකයා දූෂිත වුණේ බෝඩ්වලට සල්ලි ආපු නිසා. සල්ලි ආවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයො ජනප්‍රිය වුණු නිසා. ක්‍රීඩකයො ජනප්‍රිය වුණේa "ආත්මාර්ථකාමී" වෙළෙඳ සමාජය වැඩි වැඩියෙන් උඩ දම දමා ඒ ක්‍රීඩකයන්ව "විකුණපු" නිසා. ඉතින් ඒ "උඩ දැමීමට" විචාරයක්‌ නැතිව දායක වුණු කෙනකුට ක්‍රිකට්‌ පරිපාලනය දූෂිතවීම ගැනවත්, ක්‍රීඩාවේ සාරය නායයැම ගැනවත් සෘජුව, අවංකව කතා කරන්න පුළුවන්ද? එහෙම නම් එක්‌කෝ ඔහු ඒ ගැන නොදන්නා කෙනෙක්‌ විය යුතුයි. නැතිනම් ඉතා සූක්‍ෂම දෙබිඩි චරිතයක්‌ විය යුතුයි. කුමාර් සංගක්‌කාර අයිති මින් මොන ගොඩටද යන්න තීරණය කිරීම කියවන ඔබට බාරයි.

    කින්නියා සුනාමි අනාථ කඳවුරේදී තමන්ගේ දුක - සැප විමසූ අසරණ මිනිසුන් ගැන කියෑවෙන විස්‌තරයෙන් පසු සිය දේශනයේදී සංගක්‌කාර මෙසේ කියයි.

    "මම මේ සියල්ල අත්දැක්‌කෙමි. ඉන්පසු එම මිනිසුන් මට දී ඇති වරප්‍රසාදය කිසිවිටෙක වරදෙහි නොයොදන බවට මටම සපථ කර ගතිමි" එය එසේම සිදු වේද?

    ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝක මට්‌ටමෙන් ආගාධයට යන ගමන නැවැත්වීමේ අරගලය මෙරට පරිපාලනය සුද්ද කිරීමට වඩා බරපතළ බව කිව යුතුය. මෙම සමස්‌ත අර්බුදය හමුවේ "විශ්වසනීය ප්‍රේක්‍ෂකයා" ක්‍රිකට්‌වලින් ඉවත්වීම වළකනු ලැබීමට වඩා කැපවූ, වඩා එඩිතර, වඩා දැනුවත් හා අවංක නායකයකු, ගැලවුම්කරුවකු මතුවී ආයුතු පසුබිමක්‌ දැන් නිමවී තිබේ. සංගක්‌කාර නම් ත්‍රිත්ව ආදි සිසුවාට එහිදී රණතුංග නම් ආනන්දීය කැරළිකරුගෙන් උගත යුතු බොහෝ පාඩම් තිබෙන බව නම් පැහැදිලිය. සිය මනරම් දේශනය වෙනුවෙන් කුමාර් සංගක්‌කාර වෙත හිස නමා ආචාර කරන ගමන්ම මෙයද කිව යුතුය. අප ලෝක මට්‌ටමෙන් මුහුණ දී ඇති සැබෑ ක්‍රිකට්‌ අර්බුදයට සාර්ථක ලෙස මුහුණදීමට නම් මෙම "ත්‍රිත්වානන්ද" සීමාවෙන්ද එහාට යන නායකයකු (මඟ පෙන්වන්නකු) අවශ්‍යය යන්නයි. සංගක්‌කාරට එය කළ හැකිද?

    රේවත සිල්වා

    :D:D
     

    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    අර මොබයිල්" එකෙන් මේ "මොබයිල්" එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? "සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? "ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ "තරු" ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක "මැනේජර්ල" ගැන කටක්‌ නොසොල්වා ඒ "මුදලාලි" මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?

    full story


    BALU SANGAKKARA
     
    • Like
    Reactions: kinkon

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මම රාජපක්ෂලාව ආරක්ෂා කරන්න යන්නේ නෑ.ඒක නිසා රින රෙප් දීලා වැඩක් නෑ.රාජපක්ෂලාව ආරක්ෂා කරනවා නම් ඔය හැමෝටමට වඩා දක්ෂ විදිහට නියමෙට මට ඒක කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kaushala1988

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    සංගාට මොනවහරි කලොත් අපි බලාගන්නවා.

    Uploaded by admin feature, Harshi C. Perera, interviews, srilanka, Weeklyc 2:12 PM


    හර්ෂි සි. පෙරේරා


    "හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සර් කව්ඞ්රි අනුස්මරණ දේශණය කරමින් දේශපාලනීකරණය වී ඇති ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනය දැඩි සේ විචේනය කිරීමට එරෙහිව රාජපක්‍ෂ රෙජීමය විසින් සංගක්කාර මහතාට එරෙහිව ක‍්‍රියා මාර්ග ගතහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග අත්සන් කර ඇති ගිවිසුම් වලින් ඉවත්වීමට ක‍්‍රීඩකයන් රැසක් සූදානමින් සිටි. "

    සංගා සම්බන්දයෙන් රාජපක්ස රෙජීමය යම් අනතුරුදායක ක්‍රියාවක් කළහොත් ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් නොව මුළු රටම ඊට විරුද්ද විය යුතුය. සංගක්කාරගේ තොරතුරු හෙළි කිරීම වදයක් වුයේ මෙරට මහජන මුදල් ගසා කන්නන්ටය. මේ දුෂිත බව රටේ සියලුම ආයතන විශේෂයෙන් රාජ්‍ය ආයතන වලට පොදුය.

    සංගක්කාරගේ දේශනය 1996 දී අර්ජුන රැගෙන ආ ලෝක කුසලානයටද වඩා වටී. නමුත් තම බලය දනය තර කර ගනිමින් සිටින රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට මෙය දරා ගත නොහැක. දරුස්මන් වාර්තාව තරමටම එය දරා ගැනීමට අමාරුය.

    මේ අවස්ථාවේ සාමාන්‍ය ජනයා බුද්දිමත් වියයුතුය. ආණ්ඩුවේ හොරනාවන්ට පමණක් ඇහුන්කන් නොදී විචාරසිලි වියයුතුය. පෙනෙන දේ දකින්නටත්, ඇසෙන දේ ඇහුන්කන්දීමටත් පුරුදු විය යුතුය.

     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අර මොබයිල්" එකෙන් මේ "මොබයිල්" එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? "සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? "ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ "තරු" ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක "මැනේජර්ල" ගැන කටක්‌ නොසොල්වා ඒ "මුදලාලි" මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?

    full story


    ayiyo kuma :lol::lol:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    යෙහෙලි කියන්නේ කුමාර් සංගක්කාරගේ වයිෆ්.හුඟක් ධනවත් පවුලක එකම දියනිය.නුවර මේ අය ඉන්නේ. යෙහලිගේ දෙමව්පියන්ට නුවර අක්කර 100ක විතර විශාල තේවතු කීපයක් සහ කර්මාන්ත ශාලා තියෙනවා.ඒ වගේම නුවර නගරයේ තියෙන විශාල වානිජ ඉඩම් අයිති මේ පවුලට. කොලඹ 7 පර්චස් 130ක විශාල ඉඩමක් සහ බිල්ඩින් එකක් මේ අයට තියෙනවා. ඒ වගේම කොලඹ නගරයෙත් සෑහෙන්න දේපල මේ පවුලට තියෙනවා.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    යෙහෙලිත් එක්ක මහමායා එකේ ඉගෙන ගත්ත මගේ යාලුවෙක් ඉන්නවා.ඕනිනම් තව විස්තර හොයලා දාන්නම් වෙලාවක.සිම්පල්
     
    • Like
    Reactions: Nishz

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මම රාජපක්ෂලාව ආරක්ෂා කරන්න යන්නේ නෑ.ඒක නිසා රින රෙප් දීලා වැඩක් නෑ.රාජපක්ෂලාව ආරක්ෂා කරනවා නම් ඔය හැමෝටමට වඩා දක්ෂ විදිහට නියමෙට මට ඒක කරන්න පුලුවන්.

    ei umba sunimalge duplicate ekada :rofl::P
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විසින් ලෝඩ්ස්හීදී කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා විසින් පවසා තිබේ.
    බීබීසී සංදේශයට ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා ඇත. කණ්ඩායම සංචාරයක යෙදී සිටින අතරතුර මේ මොහොතේ සංගක්කාරගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් විපරම් කිරීමට තමාට අවශ්‍යතාවයක් නැති බවද ෂාෆ්ටර් මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
    කෙසේවුවද පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංගක්කාරට එරෙහිව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රිකට් අතුරු කමිටුවට නියෝග කොට තිබිණි.
    එහෙත් ඊයේ (08 සිකුරාදා) සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් ඇමතිවරයාගේ මෙම නියෝගය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබිණි. ක්‍රීඩකයෙකු විසින් තොරතුරු හෙළිදරව් කළ පසු කළ යුත්තේ අදාල තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මිස තොරතුරු අනාවරණය කළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නොවන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
    කෙසේවුවද සංගක්කාර විසින් පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන්ද ක්‍රිකට් අතුරු කමිටුවේ අවධානය යොමුවූ බවක් තවමත් පෙනෙන්නට නැත.
     

    Similar threads