මහින්ද රාජපක්ෂ දූෂිතයෙක්- සංගාක්කාර
ජනාධිපති මහින්ද රාජපක්ෂ දූෂිතයෙක් බව කුමාර සංගක්කාර මෙ වෙනවිට මුලු ලොවටම ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට හෙලි කර අවසානය.රාජපක්ෂ පාලනය යටතේ පවතින ක්‍රිකට් ආයතනය දූෂිත වීමේ පූර්ණ වගකීම රටේ විධායකය වෙත පැවරීම අනිවාර්යය.නායකත්වය යනු දූෂනය නැති කිරීමයි. නමුත් රාජපක්ෂ එය කිරීමට අපොහොසත් බව සංගක්කාර හෙලි කර සිටියේය.එක පැත්තකින් ක්‍රිකට් පාලකයන් හා දේශපාලුවන් දූෂනය වෙයි.අනික් අතින් ක්‍රිකට් ක්‍රීඩකයන් බුකී කරුවන් හරහා මැච් ෆික්ස් කරමින් සිටී. සංගක්කාරට දූෂනය මතක් වුනේ නායකත්වය අහිමි වූ විටය.නායකත්වයේ සිටියනම් ඔය දේශනය අහන්න වෙන්නේ නැත.කෝටි ගනන් ධනය උපයන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟ වලට බාධා කිරීමද හේතුවක් වී ඇත. අනිත් අතට ඉන්දියන් ප්‍රිමියර් ලීග් එකට අපේ ක්‍රීඩකයන් යැවීම තහනම්කල යුතුය. ඕනවට වඩා සල්ලි පස්සේ ගියාම දක්ෂකම් යටපත් වී යනු ඇත.එංගලන්ත සංචාරය ඊට උදාහරනයකි.ලාංකික ක්‍රීඩකයන් ලංකාව වෙනුවෙන් ක්‍රීඩ කරන්න බැරිනම් ඔවුන්ට ඉවත්ව යාමට දොර විවර කර තබමු.ඒ වගේම ක්‍රිකට් දූෂනය සම්පූර්නයෙන්ම මුලිනුපුටා දමමු.
ක්‍රීඩකයන්ගේ මුදල් ගිජු කමත් නවතමු.දේශපාලනය ක්‍රිකට් වලින් ඉවත් කරමු.සංගක්කාර කතා කළ යුත්තේ "එල්ලේ" ගැනද?
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන එම්. සී. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කළ කොලින් කවුඩ්රිෆ අනුස්මරණ දේශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර සංගක්කාර කළ විවාදාත්මක කතාව මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ ඇඟේ මවිල් කෙළින් සිටවීමට සමත්ව ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවෙන් දේශපාලනය වෙන් කළ යුතු බව, එසේ කීමෙන් බරපතළ අවාසියක් වන බව දැන දැනම සංගක්කාර තම දේශනයේදි කීවේය. මේ රටේ විවිධ බෝල සංගම් සහ ගුස්ති සංගම්වල ප්‍රධානත්වය හෝ අනුශාසකත්වය දේශපාලනඥයන් අතට ගිය අවස්ථා ඇත. එහෙත් ඔවුන් එම සංගම්වල හෝ ක්‍රීඩාවල අභිවෘද්ධිය පිණිස තඹ සතයක්වත් සාක්කුවෙන් එළියට අදින්නේ නැත. කිසියම් ක්‍රීඩක කණ්ඩායමක් පිටරට තරගයකට යන විට ආණ්ඩුවේ වියදමින් ඒ පස්සේ වැටී යැම පිණිස නිතරම සිය ඇඳුම් බෑග් සූදානමින් තබන නිලධාරි පැලැන්තියක් ද මේ රටේ වෙති. මෙකී දේශපාලනඥයන් සහ නිලධාරීන් එකතු වූ කල ඕනෑම හොඳ දෙයක් පැය 24 ක් තුළ කඩාකප්පල් කළ හැකිය. ඕනෑම ධනස්කන්ධයක් සුළු වේලාවක් තුළ වාෂ්ප කළ හැකිය. ඕනෑම ආයතනයක් හිඟමනට පත්කළ හැකිය.
කුමාර සංගක්කාරගේ ලන්ඩන් දේශනයෙන් පසු මේ රටේ ප්රමුඛ ඇමැතිවරයකු විසින් කියන ලද කතාවක් බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ පළවී තිබිණ. "සංගක්කාර යනු කොන්ත්‍රාත් ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමකින් බැඳී සිටින අතර එම ආයතනයේ අවසරයකින් තොරව ඔහුට එබඳු ප්‍රකාශ කළ නොහැක. ඔහුට ක්‍රිකට් පරිපාලනය හෝ ක්‍රිකට් ගැන කතා කළ නොහැක. මේ සිද්ධිය ගැන වාර්තාවක් සකස් කරන ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට මා දන්වා තිබේ....."
ශ්‍රී ලංකාව යනු කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගෙන් පමණක් නොව කොන්ත්‍රාත් මිනීමරුවන්ගෙන් ද පිරුණු රටකි. කොන්ත්‍රාත් ක්‍රීඩකයාට කතා කිරීමට නිදහස නැති අතර කොන්ත්‍රාත් මිනීමරුවන්ට ඕනෑම දේකට නිදහස තිබේ. කුමාර සංගක්කාර කොලින් කවුඩ්රි සමරු දේශනයේදී ක්‍රිකට් ගැන හැර ඇටබෝල හෝ එල්ලේ ගැන කතා කරන්නද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනඥයන්ගේ නීච ඇඟිලි ගැසීම් නිසා පත්ව ඇති කාලකන්නි තත්ත්වය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේම කොටසක් බවට පත්ව තිබේ. ඒ ගැන කතා නොකරන්නේ නම් ඔහුට සිදුවන්නේ තම පවුලේ විස්තර, දරුවන්ගේ අධ්‍යාපනය, බිරිඳගේ පාර්ශ්වය වැනි පුද්ගලික කරුණු ගැන කතා කිරීමටය. සංගක්කාර ක්‍රිකට් ගැන කතා නොකළ යුතු බව කියන ඇමැතියා ගැන ගරු ජනාධිපතිතුමා දැඩි පියවරක් ගත යුතුය.
කුමාර සංගක්කාර සාමාන්‍ය පෙළවත් සමත් නොවී අපරාධ ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ දේශපාලනඥයකු බවට පත්වී මිනී මරමින්ද, ඡන්ද දූෂණ කරමින්ද, ගෙවල් ගිනි තබමින්ද, මිනිසුන් ගස් බඳිමින් ද වෙළෙන්දන්ගෙන් කප්පම් එකතු කරමින් ද සාපරාධී ජීවිතයක් ගත කළේ නම් අද කවුරුත් ඔහුට විරුද්ධව වචනයක්වත් කතා කරන්නේ නැත. ඔහු ගැන වාර්තාවක් සකස් කරන ලෙසට අණ නොකෙරෙන අතර ඔහු කතා කළ යුත්තේ අසුවල් දේ පමණක්ය යනාදී වශයෙන් සීමා පැනවීමට ද සෙසු දේශපාලනඥයන් තැත් කරන්නේ නැත. සංගක්කාර කර ඇති එකම වරද උගත් නීතිඥයෙක්, (ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි) කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා දක්ෂ කථිකයෙක් වීම පමණි. ඔහු එංගලන්තයේදී කළ කතාවෙන් 99% ක්ම කැපවී තිබුණේ මේ කුඩා දිවයින ප්‍රවර්ධනය කිරීම පිණිසය. සංගක්කාර කළ කතාව ගැන දේශපාලනඥයන්ගේ අණ පරිදි වාර්තා සකස් කිරීම ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා කළ යුතු නැත. සංගක්කාර කළ කතාව සිංහලට පරිවර්තනය කර අදාළ දේශපාලනඥයා ළඟට පත්කිරීම පමණක්ම ප්රමාණවත්ය.
ශ්‍රී ලංකාවේ තුන්වන තැනට දූෂිතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී සී. බී. රත්නායක මහතා කියා තිබිණ. පසුව ඔහුට එම ඇමැතිකම නැති විය. සංගක්කාර පලවා හැරීමට දැනට දියත්ව ඇති කුමන්ත්‍රණය සාර්ථක වුවහොත් ඔහු සමඟ ඇති කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා ඇත. එවිට සංගක්කාර පරාජයට පත් වෙතැයි මේ රටේ සිටින තකතීරු දේශපාලනඥයන් සිතන්නේ නම් එය බරපතළ වරදකි. පරදින්නේ සංගක්කාර නොව රටය. ජනාධිපතිතුමා මේ රට දිනවා ඇති මොහොතක එය කවර හෝ පැත්තකින් පරාජය කිරීමට සමහර දේශපාලනඥයන් ගන්නා තැත කනගාටුදායකය.
* බැංගලෝරයේ උපන් මයිකල් කොලින් කවුඩ්රි (1932-2000) ඔක්ස්µර්ඩ් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිලේ සහ බ්‍රිතාන්‍ය ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කළේය. ටෙස්ට් ක්‍රිකට් තරග 100 ක් ඉක්මවා තරග කළ ලොව පළමු ක්‍රීඩකයා ඔහුය.

Last edited: