මහා මහ-ඉන්ද රජතුමාණන් රාජ්‍ය විචාරන සමයෙහි මහා භීතියක් හට ගත්තේයැ. එය ශ්වේත රථ භීතිකාව ලෙස හැදින්විණි. මහරජු ගේ පාලනය වෙතින් මිදී දිවයිනෙහි හිස කොටසේ වෙනම ජනපදයක් ඇතිකිරීමට චෞර යුද්ධයක නියැලි පිරපාහරන් නම් දානවයා විසින් බෝම්බ නම් මහා වනසක් සිදුකරන ස්ඵෝඨක රැගත් පුගුලන් අතුරුදන් කරවනු වස් ඇරඹිය ද, අවසන මේ ශ්වේත රථයෝ මහාරජාණන් හට විරිදු මත දරන්නන් ද පිටුපස ඇඹීම ඇරඹීයැ. එපඹනක් නොව මහරජාණන් සිහසුන මත හිද සිටීම වක්‍රාකාරව අරක්ෂා කරවන විරුදු මත දරන්නන් ගේ නායකතුමා වන රණ-නිල් (එනම් යුද්ධය නිල්, එනම් යුධ නොමැති/නොහැකි) තුමානන් තෙල පදවියෙන් නිර්විමුක්ත කරවීමට කැසකවන පුගුලන් පසුපස ද මේ ශ්වේත රථයෝ අඹන්නට වූයෙන්, රට වැස්සෝ බියෙන් ත්‍රස්ත වන්නට වූයේ කලින් කී පිරපාහරන් නම් දානවයා දුටු සේ යැ.
නමුත් කල් යත් මැ යත්මැ, වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන් නියාව දුටු ආ-ආශ්චරියාවේ ජහමනයා, නැවත රජෙකු පත් කර ගැනීමට කල් එළැඹියේ, සිය කතිරය පෙට්ටිය වෙත ඔබන්නාහු කලින් සිටි මහ-ඉන්ද නම් රාජාම පත් කරවූහ.
එකල් හි එම රජා මෙසේ සිතන්නේ “එම්බා මොවුහු නම් මොළ වෙත ඉහද තැබූ ජහමනයින්මයැ. මා වටා සිටිනි ධූම-ඉන්ද්‍ර, දුට්ඨගාමණී මැරවින් ආදී ජන විලෝපක ඇමැත්තන් සිටියදීමැ මා මෙසේ රජ බවට පත් කරනුයේ මහමදිකයන් සේ මුන් ගේ අංගජාත කෙළවර පමණක් නොව මුළු අංගජාතයම නොමැති නියාවෙනි. එසේ හෙයින් කුමන උන්මත්තක රංගයෙහි යෙදුන ද ස්වාප්න මෝචනයෙහි ආනන්දය ම දකින් මුං තව කලක් රජ කල හැකැයි“ සිතා රටෙහි ව්‍යවස්ථාව නම් මූලික නීතිය සංශෝධනය කරනුයේ, රජ බවට පත්කිරීමට හෝ රාජත්වය දැරීමට තරම් වන පුගුලෙක් නොමැති නියාවෙන් තෙමේ ආ-ආශ්චර්යාවේ “යාවජීව මහරජාණෝ මැ“ වූහ.
මේ ප්‍රීතියේ ආනුභාවයෙන් මෙය කියවන තෙපිට ද ස්වප්න මෝචනය ම සිදුවේවා!!!!!!!!!!
supiri bn

