මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවතට

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවතට

    මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට.. අන්තිම තීන්දුව ජනපති අතේ…
    December 27, 2017 at 11:20 am | lanka C news
    මහින්ද ශ‍්‍රීලනිපයෙන් හා මන්ත‍්‍රි ධුරයෙන් ඉවතට.. අන්තිම තීන්දුව ජනපති අතේ…
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සදහා සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පවරා ඇත.

    ඒ අනුව ශ‍්‍රීලනිප ව්‍යවස්ථාව කඩ කරමින් අන් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය කරන මන්ත‍්‍රීනට විනය පරීක්ෂණයක් පවත්වා ඉන් වැරැදිකරුවන් වුවහොත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද මාධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

    මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ජනවාරි 02 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ කටයුත්තට සම්බන්ධ වීමට නියමිතය.

    එදිනට ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

    ඒ අනුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරයෙකුද වන මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වනු ඇති අතර අවසානයේ මන්ත‍්‍රි ධුරයද අහෝසි කිරිමේ තීන්දුය ගනු ඇත.