බ්‍රහස්පතින්දා උදෑසන වන විටත් රටේ ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කොට නැත. එහෙත් ආණ්ඩුව මුළුමනින් ම ජනාධිපතිවරණ සටනක යෙදී සිටියි.
කොළඹ හා අනෙකුත් නගරවල ප‍්‍රධාන හා අතුරු මාර්ගවල ලයිට් කණුවක් කණුවක් පාසා ජනාධිපතිවරයාගේ කටවුට් ය. තාප්පයක්, බිත්තියක්, දැන්වීම් පුවරුවක්, ලංගම බස්රථයක් පාසා ජනාධිපතිවරයාගේ පෝස්ටර ය. හැම රජයේ මාධ්‍යයකත්, ආණ්ඩු හිතැ’ති පෞද්ගලික මාධ්‍යවලත් තුන්තිස්පැයේ ජනාධිපතිවරයාගේ ගුණ ගායනා ය. අරලියගහ මන්දිරයේ ද, රටේ අනෙකුත් ප‍්‍රදේශවල ඇති ජනාධිපති නිලනිවෙස්වල ද උදේ සිට ? වන තුරු විවිධ පුද්ගලයන් දහස් ගණනින් ගෙන්වා මහජන මුදලින් පවත්වන දන්සැල් පන්නයේ ජනහමු ය. ජනතාවගේ බදු මුදලෙන් ගෙන්වන ලද මෝටර් සයිකල් උත්සවාකාරයෙන් බෙදා දීම් ය. මේ සියල්ල සිදුවන්නේ රටේ ජනාධිපතිවරණයක් නැති තත්ත්වයක් මතය.
ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කොට නැති තත්ත්වයක් යටතේ එක් පුද්ගලයකු පමණක් වේගවත් ගමනක යෙදී සිටියි. භෞතික සම්පත් හා පුද්ගලයන් ද ඇතුළත් මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයමත්, රටේ සමස්ත බදු ගෙවන ජනතාවගේ බදු මුදලූත් නිර්ලෝභී ව ඒ පුද්ගලයාගේ වාසිය, යහපත සඳහා යොදා ගෙන තිබේ. ඔහුගේ යහපත ඇති වන පරිද්දෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කවරදාදැ’යි දැක්වෙන යෝජිත දින සටහන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇතැ’යි ඊට අමතර ව දැනගන්නට ලැබෙයි.
මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් යෙදී සිටින්නේ අසාධාරණ, අයුක්ති සහගත, නීති විරෝධී ක‍්‍රීඩාවක බව ය. ඒ ක‍්‍රීඩාවේදී ප‍්‍රතිවාදීන්ට කිසිසේත් සාධාරණ තරග අවස්ථාවක් ලැබෙන්නේ නැත. සමතල නො වන ක‍්‍රීඩාපිටියේ වාසි පැත්ත ජනාධිපතිවරයා සිය බලය යොදා දැනටමත් අත්පත් කර ගෙන සිටියි. ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, යුක්තිය සාධාරණය ගැන හඬ නගන ලිබරල් බුද්ධිමතුන් කිසිවකු ඒ ගැන විරුද්ධත්වය නො පෑවාට, එය ජනතා පරමාධිපත්‍යයට කරන බලවත් අපරාධයක්, ගැරහීමක් බව නො වළහා කිව යුතු ය.
මේ ජේආර් ජයවර්ධන මහතාගේ තුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ දහඅටවැනි සංශෝධනයේත් විනාශකාරී ප‍්‍රතිඵල ය. ජයවර්ධන මහතා තුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිය පළමු ධුර කාලයේ වසර හතරක් ගෙවී ගිය පසු ඕනෑ ම මොහොතක යළි මහජන වරමක් සඳහා ජනාධිපතිවරයාට අභිලාෂය ප‍්‍රකාශ කළ හැකි තත්ත්වයක් ඇති කළේ ය. ඉන් සිදුවූයේ පළමු ධුර කාලය ගත කරන ජනාධිපතිවරයාට තමාට ඉතාමත් ම වාසිදායක හා ප‍්‍රතිවාදීන්ට තරගයට සූදානම් වන්නට නොහැකි අවස්ථාවක ජනාධිපතිධුරය සඳහා යළි තරග කොට දෙවැනි වරට ජය ගන්නට අවස්ථාව සැලසීම ය. එය මුළුමනින් ම සදාචාර විරෝධී, බලකාමී ප‍්‍රතිපාදනයක් බවට සැකයක් නැත. එහෙත් එම සදාචාරමය නො වන තත්ත්වයට නීතිමය බාධාවක් ද ඔහු විසින් එක් කරනු ලැබ තිබිණ. එනම්, ධුර කාල දෙකකට වැඩියෙන් ධුරයේ සිටින්නට නො හැකි වන බවට ව්‍යවස්ථාවට එක් කර තිබූ නියමය යි.
මහින්ද රාජපක්‍ෂ මහතා දහඅටවැනි සංශෝධනයෙන් ධුරකාල දෙකේ සීමාව ඉවත් කළා පමණක් නො ව, ඒ සෑම ධුරකාලයක දී ම පළමු සිව්වසර ගෙවී ගිය තැන ඊළඟ ජනවරමක් සඳහා සිය කැමැත්ත ප‍්‍රකාශ කොට ජනාධිපතිවරණයකට යෑමට අවස්ථාව ද සලසා ගත්තේ ය. ඉන් සිදු වී ඇත්තේ, බලයේ සිටින ජනාධිපතිවරයාට, අනෙකුත් සියලූම ප‍්‍රතිවාදීන්ට නැති අවනීතික, අසාධාරණ, ගර්හිත වාසියක් ලැබීම ය.
මේ දිනවල රට දිහා බැලීමෙන් පැහැදිලි වන සත්‍යය එයයි. ජනාධිපතිවරයා තමාට අවශ්‍ය දිනයක ජනාධිපතිවරණයක් පැවැත්වීම එල්ලය කොට ගෙන අන් සියල්ලට ම පෙර ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය මුදුනෙන් ම පටන් ගෙන පවත්වා ගෙන යමින් සිටියි. ඉතින් මෙවැනි තත්ත්වයක දී ප‍්‍රතිවාදීන්ට සාධාරණ තරගයක් හිමිවන්නේ කෙසේද?
විහිළුව නම්, රටේ සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින බව පාලකයන් විසින් වේදිකාවලදී ඒ අතර ම කියා පෑමය. ඡන්ද තැබීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොපවතින බව මේ සිදුවීම්වලින් ඕනෑවටත් වඩා පැහැදිලි වෙයි. සරල ව කිවහොත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මං පැහැරීමකි.
අවදානම එය නො වේ. මේ බලලෝභී ක‍්‍රියාන්විතය විසින් රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වැනි වැදගත් ආයතන ගැන මහජනතාවගේ ඇති ගෞරවය, විශ්වාසය සෝදාපාලූවට ලක්කරනු ලැබීම යි. මේ චින්තන ක‍්‍රමය ම පහළට ගලා යෑමෙන් තමන්ට ඇති ශක්තියෙන්, බලයෙන් ඕනෑ ම අසාධාරණ දෙයක් කර ගත හැකියැ’යි සිතන සමාජයක් බිහිවනු ඇත. එවැනි සමාජයක් විසින් රටේ ඇතිකරනු ඇත්තේ අරාජකභාවයත් විනාශයත් පමණකි.
මහින්ද රාජපක්‍ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් දැනුවත් ව ම රට ගෙන යන්නේ එවැනි විනාශයකට ය.