මහින්ද_රට_පනියි

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මහින්ද_රට_පනියි

මහින්ද බාලසුරියත් රටින් යයි

50887330165ed489421f0085838f09d5_L.jpg



නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.
රොටානා ගුවන් සේවයට ආර්.ජී 402 දරණ ගුවන් යානයෙන් අද උදෑසන ඔහු පිටත්ව ගොස් ඇත.
ඔහු ප්‍රභූ පර්යන්තයෙන් නොපැමිණ සාමාන්‍ය ගුවන් මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ ගුවන් ගත වී ඇත.
පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා අබුඩාබි සිට දිවයිනට පැමිණි මහින්ද බාලසුරිය මහතා ඔක්තොබර් 21 වෙනිදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ භාර ගත්තේය. මෙම පත්වීම හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරණයට වාසි දායක ලෙස පොලීසිය මෙහෙයවා ගැනීම වෙනුවෙනි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේ දී පිහිටුවීමෙන් පසු එහි ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.
මහින්ද බාලසුරිය මහතා මෙරට පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටිය දී කටුනායක ප්‍රදේශයේ ඇතිවු ගැටුම්කාරී තත්ත්වයෙන් තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමෙන් පසු 2011 වසරේ දී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වුණි.
පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මිනීමරු ගෝටගේ නියෝග ක්‍රියාත්මක කරපු සොන්නයෙක් නේද මු