මහේලගේ සමුගැනීමට අකුල් හෙලන්නේ නිෂාන්තද
මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය කෙසේ සංවිධානය වියයුතුදැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු මහේලගෙන්ම ලිඛිතව අදහස් විමසා සිටීම මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. විශ්ෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා මොහාතේ සමුගැනීමේ සාදය උත්කර්ෂවත් ආකාරයෙන් කලයුතු බව ක‍්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කොට තිබේ. ඒ අනුව එම කටයුතු සංවිධානය කිරීම සඳහා වෙනම කමිටුවක්ද පත්කොට ඇත.
එම කටයුතු එලෙස වෙද්දී එයට වෙනස් මතයක සිටින ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු විසින් මහේල වෙත ඊමේල් එකක් යවමින් විමසා ඇත්තේ සිය සමුගැනීමේ තරගය කෙසේ වර්ණවත්විය යුතු දැයි ලි�ඛිතව දැනුම් දෙන ලෙසය.
තමාගේ සියලූ අවධානය පාකිස්‌තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට් ක‍්‍රිකට් තරගයට යොමුවී තිබෙන බවත් එහිදී තමාට අවශ්‍ය වන්නේ ටෙස්‌ට් තරගය ජයග‍්‍රාහීව අවසන් කිරීම පමණක් බවත් වෙනත් බාහිර උත්සව අනවශ්‍යය බවත් පවසමින් මහේල එම ඊමේල් ලිපියට නිහතමානිව පිළිතුරු යවා තිබේ.
එවැනි ආකාරයේ විමසීමකදී ඕනෑම අයෙකු අපහසුතාවයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බව දැන දැනත් එවැනි පහත් ආකාරයේ විමසීමක් එම ඉහළ පෙළේ නිලධාරියා විසින් සිදු කිරීම පිළිබඳව ක‍්‍රිකට් විධායකය මෙන්ම ජාතික කණ්‌ඩායමේ ක‍්‍රීඩකයන් තුළ දැඩි අප‍්‍රසාදයක් ඇතිවී ඇති බව වාර්තා වේ.
Source :- www.rategossip.com