මහේලට

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද ඇරඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී. මහේලට දස දෙසින් සුබ පැතුම් ගලා එද්දී කරුවලගස්වැව පුංචි පවුලක් තමන්ගේ නිවස ඉදිරිපිට මහේලට සමුදෙමින් බැනරයක් ප්‍රදර්ශනය කරන අයුරු අපට දැකගත හැකි වුණා. නියඟය ආදී දහසක් දුක් කම්කටොළුවලට මුහුණදුන්නද තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයාට ගෞරවය පුද කරන්නට ඔවුන් අමතක කළේ නැහැ.

    1908401_853064654726643_3260502897948218003_n.jpg

    මහේලට මෙතරම් මිනිසුන් ආදරය කරන බව ඔහු මේ වනතුරු නොදන්නවා විය හැකිය.

    අද-ඡායාරූපය - ශානක මාලියද්ද
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්‍රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.

    600(9).gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    වටිනා දෙයක්.. මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත්මාගතියෙන්ම සෙල්ලන් කරපු මනුස්සයො දෙන්නෙක්. ලගකදි බිහිවුන රටට ආදරේ කරන්න පුලුවන් අව්යාජ මිනිස්සු..

    Long Live Sri Lanka Cricket
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වටිනා දෙයක්.. මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත්මාගතියෙන්ම සෙල්ලන් කරපු මනුස්සයො දෙන්නෙක්. ලගකදි බිහිවුන රටට ආදරේ කරන්න පුලුවන් අව්යාජ මිනිස්සු..

    Long Live Sri Lanka Cricket

    :yes::yes::yes::yes::yes::yes: